‘හදවත් ලෙඩ අයින් කරන්න වයින් බොන්න’

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ‘හදවත් ලෙඩ අයින් කරන්න වයින් බොන්න’

    දිනකට වයින් වීදුරු 2 ක් පානය කරන්නේනම් හෘද රෝග වැළදීමේ අවදානම අඩු කර ගත හැකි යැයි බි‍්‍රතාන්‍යය වෛද්‍යවරයෙක් පවසයි.
    බි‍්‍රතාන්‍යයේ ස්වින්ඩන්හි ගේ‍්‍රට් වෙස්ටරන් රෝහලේ හෘද රෝග අංශය භාරව කටයුතු කරන වෛද්‍ය විලියම් මැකී‍්‍රට අනුව මද පමණට මධ්‍යසාර පානය කිරීමෙන් සෞඛ්‍යයට අත්වන ප‍්‍රතිලාභයන් බොහෝය.
    මෙනිසාම හෙතෙම තම වාට්ටුවේ රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට යන කල්හි වයින් බෝතල පිරවූ ට්‍රොලියක්ද රැගෙන යන්නේය.රෝගීන්ගේ සුවදුක් විචාරා හෙතෙම ඔවුන්ට වයින් වීදුරුවකිනුත් සංග‍්‍රහ කරන්නේය.
    ‘‘වයින්‘‘ ප‍්‍රතිකාරය ලබා දීමෙන් තම රෝගීන් බොහෝමයකගේ හෘද රෝග තත්ත්වයන් සැළකිය යුතු මට්ටමකින් සුව වුනු බව ඔහු කියයි.
    සෞඛ්‍යය හා මධ්‍යසාර අතර ඇති සම්බන්ධය පෙන්වීමට ඔහු ගෙන හැර දක්වන්නේ ප‍්‍රංශ ජාතිකයින්ගේ ආහාර පුරුදුය.ඔවුන් මේදය ඉතා අධික ආහාර ගත්තද,ව්‍යායාම ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වුවද, ඔවුන්ට හෘද රෝග අවදානමක් නැති තරම් යැයි ඔහු පෙන්වා දේ.ඔවුන්ගේ රහස ඇත්තේ මධ්‍යසාර,විශේෂයෙන් වයින් පානය කිරීමේ බව වෛද්‍ය මැකී‍්‍රගේ අදහසයි.
    නමුත් මධ්‍යසාර පානය කරනවායැයි කියා එය පමණ එක්මවා සිදුකිරීමෙන් සිදුවන්නේ අවැඩක්ම යැයි පවසන ඔහු එය සිදුකළ යුත්තේද මද පමණින් යැයි උපදෙස් දේ.
    වෛද්‍ය මැකී‍්‍රගේ මේ අපූරු උපදෙස නළල රැළි ගැන්වීමේ සමත්වූවත් විශේෂඥයින් සොයාගෙන ඇති ආකාරයට වයින් නිපදවීමේ කි‍්‍රයාවලියේදී ඊට එකතු වන ඔක්සිහාරක වලට සිරුරේ ධමනි වල රුධිර කැටි ඇතිවීම වළක්වාලීමේ හැකියාවක් පවතී.ධමනි වල රුධිර කැටි ඇතිවීම යනු හෘද රෝග ඇතිවීමට ප‍්‍රධානතම හේතුවකි.
    මෙනිසාම වෛද්‍ය මැකී‍්‍රගේ අපූරු ප‍්‍රතිකාර ක‍්‍රමයද වැඩකට නැතැයි එක්වනම බැහැර කළ යුතු නැත.




    08%28454%29.jpg

    උපුටා ගැනීම- ලංකාදීප ඔබෙත් මගෙත් දැනුම සදහා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සැ,යු ;;;
    මධ්‍යසාර පානය කරනවායැයි කියා එය පමණ එක්මවා සිදුකිරීමෙන් සිදුවන්නේ අවැඩක්ම යැයි පවසන ඔහු එය සිදුකළ යුත්තේද මද පමණින් යැයි උපදෙස් දේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සැ,යු ;;;
    මධ්‍යසාර පානය කරනවායැයි කියා එය පමණ එක්මවා සිදුකිරීමෙන් සිදුවන්නේ අවැඩක්ම යැයි පවසන ඔහු එය සිදුකළ යුත්තේද මද පමණින් යැයි උපදෙස් දේ.

    ඔව් ඔව් ඕක ලොකුවට දාපු එක හොදයි .නැත්නම් ඉතින් දන්නවනේ අපේ අයියල :lol::lol::lol:

    මමනම් ඔය දහජරාව කටේ තියන්නේ නැ :D:yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16815254 said:
    ඔව් ඔව් ඕක ලොකුවට දාපු එක හොදයි .නැත්නම් ඉතින් දන්නවනේ අපේ අයියල :lol::lol::lol:

    මමනම් ඔය දහජරාව කටේ තියන්නේ නැ :D:yes:
    ඔව් නැත්තම් මචන් නැත්තම් හෙට සිට වයින් හිගයක් එන්න පුලුවන්නේ ;):D
    අන්න හොදයි මචන් එහෙම ටමා ඉන්න ඕනි :cool: අපි වගේ ;)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සැ,යු ;;;
    මධ්‍යසාර පානය කරනවායැයි කියා එය පමණ එක්මවා සිදුකිරීමෙන් සිදුවන්නේ අවැඩක්ම යැයි පවසන ඔහු එය සිදුකළ යුත්තේද මද පමණින් යැයි උපදෙස් දේ.

    :yes::yes::yes: meka hondi meheme dapu eka.