කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍ර

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍ර

හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළඳාමක් හෝ බාල ලෙස වුණොත් ඒ පිළිබඳ වන විශ්වාසය බිඳ වැටේ. විශ්වාසය රැකගෙන වෙදකම් කරන පිරිසද අතලොස්සකි. වැඩිදෙනා


වෙදකම ජීවත්වීම පිණිස පෙරළාගෙන තිබේ. තෙලක් හින්ද ද ගුලි කල්ක හැදුවද අවශ්‍ය ඖෂධ වට්ටෝරු දුර්වල කර සකස්වේ නම් වෙදකම බාලවෙයි.
අද බොහෝ තැන්වල මේ තත්්ත්වය දැකිය හැකිය. ලෙඩකට ප‍්‍රතිකාර සොයන රෝගියෙකුට බොරුවක් කර බලාපොරොත්තු වන ”කාසි” වලින් වටිනාකමක් නැත. පළමුව ලෙඩාගේ නිරෝගීභාවය ගැන සිතිය යුතුය. දෙවැන්න වෙදදුරු විශ්වාසවන්තයෙක් විය යුතුය.

නමට පෝලිමේ යනවාට වඩා සැබෑ වෙදකම සොයා යාමට කවුරු කවුරුත් උනන්දු විය යුතුය. වෙදකමේ අක්මුල් සොයා යන චාරිකාවක සුවිශේෂී තැනෙක අපි නතර වෙමු. ඒ රටක් ලොවක් හඳුනන කුස්වල වෙදහාමුදුරුවෝය. ඇතැම් විට මීට පෙර ඔබ කුස්වල හාමුදුරුවන් ගැන අසා ඇත. නමුත් දන්නා තොරතුරුවලට වඩා නොදන්නා තොරතුරු බොහෝය. කුස්වල වෙද හාමුදුරුවන්ගේ අපූරු වෙදහාස්කම් අද පටන් කියවමු.

කවුද මේ කුස්වල වෙද හාමුදුරුවෝ...

උන්වහන්සේගේ පැවිදි ජීවිතය දශක පහක් එහාට දිවේ. දඹුල්ල ඇලගමුව දෙහිප්පා රජමහා විහාරයේදී කුස්වල හාමුදුරුවෝ පැවිද්ද ලබා ඇත. මහඇලගමුවේ ලංකානන්ද නමින් පැවිද්ද ලැබූ උන්වහන්සේ දෙහිප්පාවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙකි.

මහඇලගමුවේ ධම්ම සිද්ධි උතුරු මධ්‍යම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් සහ ආඬියාගල ධම්මරක්ඛිත නුවර කලාගම් දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් කුස්වල හාමුදුරුවන්ගේ පැවිදි ආචාර්යවරු වෙති. ඒ දෙනමම උන්වහන්සේගේ ගිහි ඥාතිහු වෙති.

ධම්මසිද්ධි නාහිමියන් සහ ධම්මරක්ඛිත නාහිමියන් දෙපළම පරම්පරා වෙදකමට දක්ෂයෝය. උන්වහන්සේලාට පෙර භික්ෂු පරම්පරාවද වෙදකමෙහි හසල දැනුමැත්තෝ වූහ. ඇලගමුව වෙදකම නූතනය දක්වා ගලා එන්නේ මෙපරිදිය. ඇලගමුවේ පාරම්පරික වෙද ඉතිහාසය සොයා බැලූවොත් අවුරුදු හත් අටසීයකට එහා රජ කාලය දක්වා ඉතිහාසයක් පවතී.

කුස්වල වෙද හාමුදුරුවන්ගේ මවුපියන්ද පාරම්පරික වෙදුන්ය. උන්වහන්සේගේ මව ඇස් වෙදකමට දස්කම් පෑ බව අපට ආරංචි විය. හාමුදුරුවන්ගේ පියා ගමේ වෙදමහතා විය. ඔහු ගමේ උදවියට වෙදකම් කළ අතර ඒ සඳහා මුදල් අපේක්ෂා කර නැත. එබැවින් ගම්මු එකතු වී වෙදමහතාගේ කුඹුර අස්වද්දා දුන් බව වෙද හාමුදුරුවෝ අතීතය සිහි නංවති. එදා සුවහසක් වන්නියේ ජනයාට සුවය සැදු ඇලගමුවේ වෙදකම අද රට ලොවකට සුවය සැදීමට මාවත හදා තිබේ. ඒ සඳහා කුස්වල වෙද හාමුදුරුවෝ පසුබිම නිර්මාණය කොට තිබේ.

සර්ප විෂ, ඇස් රෝග, පිළිකා, කැඩුම් බිඳුම්, ආමාශ ගත රෝග, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, හිසේ රෝග, ක්ෂය රෝග, පෙනහළු, වකුගඩු රෝග, ආබාධිත අය, හදවත් සැත්කම් අසාර්ථක වූවන්, නිදන්ගත රෝගීන් ආදී සර්වාංග රෝග රැුසකට කුස්වල හාමුදුරුවෝ දක්ෂය. විශේෂයෙන් රෝහල්වලින් හා වෛද්‍යවරුන් සුව නොකළ හැකි යැයි අතහැර දැමූවන් බොහෝදෙනෙක් අද යළි ජීවිතය ලබා සිටිති. සතුටින් රැුකියාවන්හි යෙදෙති.
‘‘අද ගොඩක් මිනිස්සු පරම්පරා වෙදකම ගැන විශ්වාසයක් නැතුව නෙමෙයි. නමුත් කාලය ඉතිරිකර ගන්නත්, පහසුවත්, හොයාගෙන බටහිර බේත් පෙත්තක් ගිලදාල නිකන් ඉන්නවා. පැරණි දේශීය වෛද්‍යවරයා ළඟට එනවා අඩුයි. බටහිර ප‍්‍රතිකාර පිළිබඳව මගේ අදහස නම් තවත් අතුරු ආබාධ රැුසකට මග පෑදීමක්. මම උදාහරණයක් කියන්නම්. ක්ෂය රෝගයට දේශීය ප‍්‍රතිකාර තියෙනවා. නමුත් වැඩිදෙනා දුවන්නෙ බටහිර බේත් කරන්න. ක්ෂය රෝගයට ඉංග‍්‍රීසි බේත් බිව්ව ගමන් බොහෝවිට බඬේ තුවාල ඇතිවෙනවා. නැත්නම් වෙනත් ආබාධයක් ඇතිවෙනවා. බටහිර ප‍්‍රතිකාර ක‍්‍රමයේ තත්ත්වය ඕකයි.

දැන් බලන්න, අපේ සිංහල වෙදකමේ ඉතිහාසය කල්පනා කරලා. ඉංග‍්‍රීසි වෛද්‍ය ක‍්‍රමය එන්න කලින් අප කළේ අපේ පරම්පරා වෙදකම. අනුරාධපුර, පොලොන්නරු යුගවල පැරණි ආරෝග්‍ය ශාලා නටබුන් හමුවෙනවා. බේත් ඔරු, බේත් කොටපු වංගෙඩි, ඔය හැම තැනම තියනවා. මේ දේ කියන්නෙ අපේ පරම්පරා වෙදකම ගැනයි.

ඉතිහාසයේ දරුණු යුද ගැටුම් තිබුණා. එළාර - දුටුගැමුණු යුද්ධය වගේ සටන් වාර්තා වෙනවා. ඒවයින් තුවාල ලැබූ අයට ශල්‍යකර්ම කළේ බෙහෙත් කළේ පිටරට ගෙනිහින් නොවෙයි. අපේ වෙදකමින්.

එදා විතරක් නෙවෙයි, අදත් අපේ පරම්පරා වෙදකම මහා බලසම්පන්නයි. තිරසාරයි. සෞඛ්‍ය සම්පන්නයි. ඇලගමුව වෙදකමින් මා මේ බව ඔප්පු කරල තියනවා. ඕනෑම දරුණු ලෙඩෙක් හොඳ කරලා ඔප්පු කරලත් පෙන්වන්නම්. එකම දේ මිනිස්සු වෙදකම ගැන තියන පසුගාමී හැඟීම. නිසි තැන වෙදකමට ලැබිලා නෑ. හැබැයි හරියට වෙදකම ලබලා හොඳ වුණ අය කියයි හරි දේ කොතනද කියලා. මේ රටේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයක් තියනවා. හොර බොරු නැතුව හරියට වෙදකම කරන වෙද පරම්පරා සහ වෙද මහත්වරුන් 50 x 60 ක් ලංකාවෙ ඉන්නවා. ඒ මුවාවෙන් අමාත්‍යංශය ගෙනියනවා. තේ, කෝපි, ගම්මිරිස්, වගාවට රජය මිනිස්සු පොළඹවනවා. ඒත් බේත් පැළෑටියක් වවන දේකට මිනිස්සු පොළඹවන්නෙ නෑ. සහනාධාරයක් දෙන්නෙ නෑ.



දේශීය ඔසු උයනක් කරන්න ගියොත් ඒකට පුළුවන් තරම් අකුල් හෙළනවා. ඉතින් දැන් අපට ඉන්දියාවෙන් බෙහෙත් නිෂ්පාදන ගෙන්නන්න වෙලා තියනවා. මේකෙන් කියන්නෙ ලංකාවෙ තෙල්, බේත් හදන්නෙ නෑ කියන එක නොවෙයි. නියම විදිහට ඖෂධ වට්ටෝරු අනුව සකස් කරපු බේත් ඉන්දියාවෙන් ගේන්න වෙලා. ඉතින් වියදම වැඩියි. ඖෂධ පැළෑටි වගාවට දැන් රජය අනුග‍්‍රහය දෙන්න කාලෙ ඇවිත්.

කුස්වල වෙද හිමියන්ගෙන් ප‍්‍රතිකාර ගන්නට සිය ගණනක් පිරිස සීදුව, රද්දොළුගම, කුස්වල පන්සලේ ධර්මශාලාවේ පෝලිමේ සිටිති. ඒ සියලූදෙනාට පරම්පරා වෙදකම ගැනත්, ඇලගමුවේ වෙදකම ගැනත් විශ්වාසය ඇති බව පෙනේ.

දැන් කොහොමද පිළිකාවෙ තත්ත්වෙ
හොඳයි.. අත පොඞ්ඩක් උස්සන්න අමාරුයි ආ... ඒක පොඩි දෙයක්. මම බේත් ටික ලියනවා. ඒකෙන් තවා ගන්නවා හොඳයි.
දරුණු පිළිකාවකින් පෙළුණු අවුරුදු 55 ක පමණ වයසේ කාන්තාවකට උන්වහන්සේ උපදෙස් දෙයි. ඇගේ පිළිකාව වෙදකම් වලින් සුවය ලබා ඇති බව අපට හැෙඟ්. ඇවිද යන්නට බැරි රෝගීන්, දරුණු පිළිකා රෝගීන්, මානසික ආබාධ රෝගීන්, ආදී විවිධාකාරයේ රෝගීන්ට උන්වහන්සේ ලියන්නේ එක්කෝ තෙල් වර්ගයකි. නැත්නම් ගුලි වර්ගයකි. කල්කයකි, කසායකි. ඕනෑම දරුණු ලෙඩක් කොහෙන් ගියාදෝ නැති තරමට හොඳ අතට හැරෙයි. රජ පරම්පරාවේ ඇලගමුවේ වෙද රහස්වල විශ්මය කුස්වල වෙද හාමුදුරුවන්ගෙන් ඔබට උගත හැකිය.

දරුණුයි කියන හැම රෝගයම සීයට සීයක් සනීප කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කියනවා නම් ඒක විහිළුවක්. බටහිර වෙදකමේ පාලනය කරගෙන දිගටම බේත් විඳිමින්, නොයෙක් දුක් දෙමින් පාලනය කරවන රෝග අපි හරිම සරලව ඊට වඩා හොඳට පාලනය කරවනවා. දරුණුම පිළිකා රෝග තියන අය පිළිකාවක් නැතිවා වාගේ පාලනය කරනවා. බටහිර වෙදකමේ පාලනයක් කළ යුතුයි කියන සමහර රෝග මම සීයට 100 ක් හොඳ කරනවා. බටහිර වෛද්‍යවරු කළ නොහැකියි අතහැර දාපු රෝගීන් ඕනෑ තරම් මා නිරෝගීව ජීවත් කරවල තියනවා. බටහිර වෙදකමේ තියන එම්.ආර්.අයි.සීටී ස්කෑන්, ලේ, මුත‍්‍රා පරීක්ෂණ මාත් බලනවා. මුලදී ඒවයේ ප‍්‍රතිඵල හා වෙදකමින් පසුව ප‍්‍රතිඵල රෝගියාටම බලාගන්න පුළුවන්. සැකේට වෙදකම කරල දෙන්නම ඕනැ නෑනෙ යැයි කුස්වල නායක හාමුදුරුවෝ පවසති.




උන්වහන්සේ හමුවිය හැකි තැන් - රද්දොළුගම මුතුවාඩිය කුස්වල පන්සල හා පේරාදෙණිය පරණ පාර, මුල්ගම්පල කුස්වල බෙහෙත් ශාලාව ලිපිනයෙන් විමසීම් කළ හැකිය.
http://www.lankadeepa.lk/index.php/articles/220556
 
  • Like
Reactions: Shadow.Walker

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    තැන්ක්ස්.මම මේක පලකලේ අද කාලයේ සබැ වෙදකම සොයා ගැනීම දුෂ්කර නිසයි.

    Hapo Ape aunty wa kawaaaaaaaaaaaaaa not much good as i think doing for money :(
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    Hapo Ape aunty wa kawaaaaaaaaaaaaaa not much good as i think doing for money :(
    මා නම් ප්‍රතිකාර ලබාගෙන නැ.බොහෝ රෝග සදහා හොදයි කියල ලැබුණු තොරතුර හා ප්‍රසිද්ද ජාතික පුවත් පතක පළවූ ලිපියක් කියවීමෙන් ලැබුණු තොරතුර මත කාට හෝ ප්‍රයෝජනයක් වෙයි කියා පලකලා,ප්‍රතිකාර සදහා මුදල් ලබාගැනීම කොයි වේදකමේත් දකින්ට ලැබනවා,