දේශීය කැඳ සංස්කෘතිය පෝෂණ ගැටලුවට විසඳුමකි
++++++++++++
මන්දපෝෂණයට කැඳ ප්‍රතිකාරය පර්යේෂණාත්මකව දියුණු කරමු
===========
බටහිර ගායට සුද්දන්ගේ සුප් වෙනුවට කොළ කැඳ පොවමු
******************
මන්දපෝෂණය ඇති ළමුන් හට කැඳ දීම නුසුදුසු යැයි බටහිර වෛද්‍යවරුන් ගේ මතයක් පළවීම ගැන සංවාදයක් ඇතිවී තිබේ. අපේ රටේ කැඳ සංස්කෘතියක් තිබුණු රටකි. ආයුර්වේදය යනු කැඳ වල ගුණ විවරණය කරන වෛද්‍ය ක්‍රමයකි. අපේ දේශීය වෙදකම කැඳ වලින් රෝගීන් සුවපත් කරන වෛද්‍ය ක්‍රමයකි. එබැව්න් කැඳ යනු නොයෙක් ආකාරයෙන් සකසා ගත හැකි පෝෂණීය මෙන්ම දිරවීමේ පහසු ආහාරයක් බව පළමුව කිව යුතුය. කැඳ යනු නිරෝගී පුද්ගලයින් හට ආහාරයක් මෙන්ම රෝගීන් හට ඖෂධීය ගුණ සහිත චිකිත්සීය පෝෂකයක් මෙන්ම සමහර විටෙක ප්‍රතිකාරයේ කොටසක් වන ඖෂධයක් හෝ පථ්‍ය ආහාරයක් ලෙස ද භාවිතා වේ. චිකිත්සීය පෝෂණය (therapeutic nutrition) යනු අපේ වෙදකමේ කොටසක් විය. කැඳ යනු එක්තරා ආකාරයකින් සෞඛ්‍ය අතිරේකයක් (health supplement) ලෙස ද භාවිත විය. එය නවීන දෘෂ්ටිකෝණයෙන් බලන විට කෘත්‍යාත්මක ආහාර (functional food) ගණයට වැටේ.
මන්දපෝෂණය යනු ආයුර්වේදය නොදැන සිටි රෝග තත්වයක් නොවේ. එය රෝග තත්වයකට වඩා රෝග වලට හේතු වන පෝෂණ ප්‍රශ්නයකි. මන්දපෝෂණ තත්වය නිසා හටගන්නා රෝග දේශීය වෛද්‍ය ක්‍රමයේ දී මාන්දම නමින් හැඳින්වූ රෝග කොටසට අයත් වේ. ප්‍රධාන වශයෙන් මාන්දම් ප්‍රභේද 18 ක් දේශීය මාන්දම් වෙදකමේ දී විස්තර කෙරේ. වාත මාන්දම, කාලි මාන්දම, පිත් මාන්දම, කිරි මාන්දම, සෙම් මාන්දම, කොට්ටුපේරු මාන්දම, කෝලසන්නි මාන්දම, තිදොස් මාන්දම, නීල ගලපටලමාන්දම, අජීර්ණ මාන්දම, සීතල සන්නි මාන්දම, යක්ෂාති මාන්දම, උදරවායු මාන්දම, වාලි මාන්දම, ඌදු මාන්දම, ගුණතුංග මාන්දම, ශෝථ මාන්දම, කණ්ඩමාල මාන්දම, පණු මාන්දම, කුරුමිණි මාන්දම, අහිරි මාන්දම, ජ්වර මාන්දම ආදී නම් ඒවාට යෙදේ. මේවායේ ලක්ෂණ මෙන්ම ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පොත පතේ සඳහන් වේ. එම ප්‍රතිකර්ම අතරට කෂාය, බස්න වර්ග මෙන්ම කැඳ වර්ග ද ඇතුළත් වේ.
මාන්දම් රෝගයේ දී දෙන බස්න වර්ග වල අඩංගු වන්නේ මාංශ හෝ මාළු වැනි සත්ව ආහාර ප්‍රභවයන් වේ. ඒවා අතර තෝර බස්නය, කෙලවලු බස්නය, කලුකුකුළු බස්නය, සස බස්නය, පීකුදු බස්නය, වැනි සංස්කරණ ඇතුළත් වේ. දේශීය වෛද්‍ය ක්‍රමය නිර්මාංශ බවට සමහර අය ගෙන යන ප්‍රචාරය ද මෙහිදී විශාල වශයෙන් හානිකරය. ඔවුන් ඒ මතය ඉදිරිපත් කරනුයේ වෛද්‍ය ක්‍රමය ගැන අවබෝධයකින් තොරවය. ප්‍රෝටීන් හෝ කැලරි ඌනතා නිසා ඇතිවන මන්දපෝෂණය සඳහා දේශීය මාන්දම් වෙදකම වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් එය ඉතා විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගී ඇති බවත් අවධාරණය කළ යුතුය. එනිසා කැඳ හෝ කොළ කැඳ යනු එවැනි අවස්ථා වලදී අංග සම්පූර්ණ ආහාරයක් නොවන බව සැලකිය යුතුය.
පෝෂණ ඌනතාව මෙන්ම ආහාර දිරවීමේ සහ අවශෝෂණයේ දුර්වලතා නිසාද මන්දපෝෂණය ඇති විය හැකිය. ආහාර හිඟයක් නොමැතිව වුවත් මන්දපෝෂණය ඇතිවන්නේ පරිවෘත්තීය ආබාධ නිසාය. ඒ අනුව කැඳ වලින් මේ වැරදි නිවැරැදි කොට පෝෂණය ද ලබා දෙන බව අත්දැකීමෙන් දනිමු. බත් වලින් සකස් කරනු ලබන කැඳ හා සමාන ආහාරවර්ග කිහිපයක් ආයුර්වේදයේ සඳහන් වේ. මණ්ඩ, පේයා, යවාගු, විලේපී, ඕදන යනුවෙන් ඒවා නම් කොට තිබේ. මෙහිදී ඒවා පිළිවෙළින් එකිනෙක අනිකට වඩා ඝනකමින් (thicker) යුක්තය. ඒවා සකසනු ලබනුයේ ඒ ඒ පුද්ගලයා ගේ දිරවීමේ හැකියාව අනුවය. ඒවා සඳහා යොදා ගනු ලබනුයේ ද ආයුර්වේදයේ සඳහන් ඖෂධීය සහල් වර්ග වේ. ඒවා විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත්ය. අපේ රටේ ද තිබෙන දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් මේ පෝෂණ ගුණ සහිතය. මෙවැනි කැඳ වර්ග වලට පොදුවේ හීනැටි හෝ කළු හීනැටි හාල් යොදා ගනී.
අලුත්ම ප්‍රශ්නය වී තිබෙනුයේ කොළ කැඳ හෝ කැඳ වර්ග වල ජල ප්‍රතිශතය වැඩි නිසා මන්දපෝෂණය ඇති දරුවන් හට ඒවා නුසුදුසු බවය. ඒවායින් පෝෂණය හෝ ශක්තිය නොලැබෙන බවය. කොළ කැඳ වල ප්‍රධාන සංඝටක 4 ක් තිබේ. ඒවා නම් කොළ ඉස්ම, පොල්කිරි, සහල් සහ කුළුබඩු (ඉඟුරු, සුදුළූණු) යන ඒවාය. මෙය බැලු බැල්මට ප්‍රධාන පෝෂණ සංඝටක සහ අනෙකුත් පෝෂක සහිත ආහාරයකි. එහෙත් මෙය ප්‍රෝටීන ඌනතාවය සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. එසේ වුවත් මේ සඳහා මුං, කඩල, කව්පි, උඳු වැනි රනිල ඇට වර්ග වල පිටි එකතු කළ හැකිය. විශේෂයෙන්ම ඒවා දිරවීමට පහසු පරිදි රැයක් දියේ පොඟවා ඇට වශයෙන් ද එකතු කරගැනීම සුදුසුය. එහෙත් කොළ කැඳ යනු අතිරේක ආහාරයක් ලෙස මන්දපෝෂණය ඇති දරුවන්ට දීම වරදක් නොවේ. ඒ සඳහා කොක්මොට වැනි කොළ වර්ග තෝරා ගැනීම ද සුදුසුය. මුරුංගා වල පෝෂක අගය ගැන සලකා බලන විට එය ඉතාම වටිනා පෝෂකයකි.
පසුගිය වර්ෂයේ පළ වූ Moringa Oleifera in Malnutrition: A Comprehensive Review යන පත්‍රිකාව මුරුංගා කොළ මන්දපෝෂණය සඳහා යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණ ප්‍රභවයක් ලෙස පෙන්වා දී තිබේ (Curr Drug Discov Technol. 2021;18(2):235-243). ඒ වසරේ දීම පළ වූ Nutritional significance and therapeutic potential of Moringa oleifera: The wonder plantයන පත්‍රිකාව අනුව මුරුංගා කොළ මන්දපෝෂණයට එරෙහිව යොදා ගත හැකි බහුපෝෂක ප්‍රභවයකි (J Food Biochem . 2021 Oct;45(10):e13933). මුරුංගා පෝෂක ප්‍රභවයක් ලෙස ඉතා පහසුවෙන් යොදා ගැනීමට හැකියාව ඇති බව Moringa oleifera is a Prominent Source of Nutrients with Potential Health Benefits යන සමාලෝචනය අනුව පෙනේ (Int J Food Sci . 2021 Aug 10;2021:6627265). මුරුංගා මෙන්ම අනෙකුත් කොළ වර්ග සම්බන්ධයෙන් ද මෙවැනි පර්යේෂණ වාර්තා එමටය. එහෙත් ඒවා නොකියවා කොළ කැඳ ගැන අදහස් පළ කිරීම වෘත්තීය සදාචාරයට පටහැනි නොහොබිනා ක්‍රියාවකි. අඩු වශයෙන් කොළ කැඳක් සකසන ආකාරය ගැන මූලික දැනුම හෝ නොමැතිව එය වතුර විතරක් ඇති ආහාරයක් ලෙස සලකා මත පළ කිරීම දියාරු වැඩකි.
කැඳ සැකසීමේ ප්‍රධාන සංඝටකය සහල් වුවත් ඒ සමඟ වෙනත් ධාන්‍ය වර්ග, අල වර්ග, කොළ වර්ග හෝ ගෙඩි වර්ග ද යොදා ගැනීමට හැකියාවක් තිබේ. අපේ රටේ පොල් කිරි යනු කැඳ වර්ග වලදී යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණීය සංඝටකයක් වේ. වෙනත් ප්‍රෝටීන ප්‍රභවයන් ද යෙදිය හැකිය. අප්‍රිකානු රටවල කෘමීන් හා පණුවන් යොදා ගෙන කැඳ වර්ග සකසයි. ඒ ඔවුන්ගේ ආහාර සංස්කෘතියට අනුව සිදු කරන්නකි. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ළමා මන්දපෝෂණය සඳහා කැඳ වල තිබෙන උපයෝගීතාව සහ විභවතාව අධ්‍යයනය කරමින් සිටියි. බොහෝ සම්ප්‍රදායික ආහාර සංස්කෘතීන් ඇති රටවල පෝෂණ ගැටළු තිබෙන ළමයින්ට කැඳ දීමේ සිරිත පවතී. ආහාර අහේනිය ඇති කාලයේ දී කැඳ යනු ඉතා පහසුවෙන් සකස් කළ හැකි වටිනා ආහාරයකි. 2016 දී ලයිබීරියානු පෝෂණ ව්‍යාපෘතියක් නිකුත් කළ The Power of Porridge: Fighting Malnutrition With Local Ingredients වාර්තාවේ එක් සොයාගැනීමක් පහත දැක්වේ.
“An analysis of the porridge has shown that it is highly nutritious. A half cup of the ‘plantain and peanut’ variety of porridge, for example, provides between 82% and 225% of average daily complimentary calories (depending on the child’s age between 6-23 months), well over 100% of average daily protein needs, and 21% of average daily fat needs for children under two years of age. In terms of micronutrients, again depending on the age of the child, a half cup of the porridge provides between 64% and 73% of vitamin A needs, and between 12% and 19% of daily iron needs”.
උගන්ඩාවේ මන්දපෝෂණය සහිත ළමයින් හට කැඳ වර්ගයක් නවීන ආකාරයෙන් සකසා දීම ශක්තිවර්ධිත කිරීම (fortification) හරහා ලබා ගත් සාර්ථක ප්‍රතිඵල Effect of a novel supplementary porridge on the nutritional status of infants and young children diagnosed with moderate acute malnutrition in Uganda: a cluster randomised control trial යන වාර්තාවේ දක්වා තිබේ (J Hum Nutr Diet. 2019 Jun;32(3):295-302). උගන්ඩාවේ සිදු කළ මෙම අධ්‍යයනය අනුව නව නිෂ්පාදනයක් ද අත්හදා බලා තිබේ (Formulation, Sensory Attributes and Nutrient Content of a Malted Sorghum-based Porridge: Potential for the Management of Moderate Acute Malnutrition among Infants and Young Children. Curr. Nutri. Food Sci. 2021; 17(5): 483-9). එහිදී ශක්තිවර්ධිත ක්‍රියාවලියසඳහා සම්ප්‍රදායික සංඝටක යොදා ගත හැකිය.
ප්‍රෝටීන් ඌණතාව කෙසේ වෙතත් ප්‍රධාන පෝෂණ ගැටලුවක් වන A විටමින් ඌනතාව සඳහා කොළ කැඳ වල සාර්ථක උපයෝගීතාව ගැන සොයා බලන්නට හෝ ඉස්පාසුවක් නැති බටහිර ගැති මානසිකත්වය ගැන ඇත්තේ කළකිරීමකි. බීටා කැරොටීන් වලින් අනූන කොළ වර්ග වලින් ඉතා පහසුවෙන් පොල්කිරි වැනි තෛල මාධ්‍යයක් හරහා A විටමින සංශ්ලේෂණය සිදුවන බව ඔප්පු කළ හැකිව තිබියදී තවමත් දුවන්නේ බහුජාතික සමාගම් වල විටමින් අතිරේක සොයාගෙනය. කැරොටීන් බහුලව තිබෙන්නේ කැරට් වල පමණක් යැයි සිතා සිටින සමහර දොස්තර මහතුන් වට්ටක්කා සුප් බොන්නේ තරු පහේ හෝටල් වලදී පමණි. වට්ටක්කා කැඳ හෝ අපේ දේශීය අල වර්ග වලින් සකසන කැඳ වල පෝෂණ ගුණය නොදැන සිටීමට වඩා ඒවා නොඉවසන උඩඟුකමක් ඔවුන් තුළ තිබේ. එහෙත් වෙනත් රටවල් වල විද්වතුන් සිය දේශීය සම්පත් යොදා ගෙන නව නිපැයුම් සිදු කරයි.
කොළ කැඳ සැකසීමේදී අනිවාර්යෙන්ම සුදුළූණු සහ ඉඟුරු එකතු කිරීම සිදු කරයි. ඒ මගින් අග්නිය වර්ධනය වීමත් ඉතා හොඳින් අවශ්‍ය පෝෂණ සංඝටක සිරුරට උරා ගැනීමත් වැඩි දියුණු කරයි. එනිසා මන්දපෝෂණය සහිත දරුවන්ට කොළ කැඳ ලබා දීමේදී ඔවුන් ගේ ආහාර දිරවීමේ හැකියාව මෙන්ම රුචිය ද වර්ධනය වේ. එහි අන්තර්ගත ජලය හුදු ජලය පමණක් නොව යම් ආකාරයක පෝෂණ සංඝටක දියවු ශක්තිකෘත තරලයක් බව අමතක නොකළ යුතුය. සාමාන්‍ය දැනුම තිබෙන ඕනෑම ගැමි මවක් මේ කාරණය ගැන දැනුවත්ය. ඒ සඳහා අමුතු විද්‍යාවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවේ. පිටරටින් එන කෘත්‍යාත්මක ආහාර (functional foods) හෝ පෝෂකෞෂධ (nutriceuticals) වලට වැය කරන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අපේ සාම්ප්‍රදායික ආහාර ගැන සමාජය දැනුවත් කිරීම සෑම වෛද්‍යවරයෙකු ගේම වගකීම සහ යුතුකම විය යුතුය. එසේ නොමැති නම් අපේ කොළ කැඳ වල පෝෂණ අගය ගැන පර්යේෂණ සිදු කොට ඒවා ප්‍රසිද්ධ කළ යුතුය. ඒවා වඩා හොඳින් භාවිතයට ගත හැකි ආකාරයෙන් වැඩි දියුණු කළ යුතුය.
ඒ අනුව අපේ රටේ බටහිර වෛද්‍යවරුන් මෙන්ම පෝෂණවේදීන් කළ යුත්තේ කැඳ වලට දෙස් දෙවොල් තබමින් ඩොලර් කීයක් හෝ වැයවන මිළ අධික ආහාර අතිරේක නිර්දේශ කරනවාට වඩා පහසුවෙන් සකසා ගත හැකි දේශීය ආහාර වල ගුණාත්මකභාවය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දීමය. එසේ නොවුවහොත් ඊළඟ නිමේෂයේ දී බහුජාතික සමාගම් වලින් නිපදවූ පිටි කැඳ (powdered porrigde) පැකට් පිටරටින් ගෙන්වීමට සිදුවේ. දැනටමත් නෙස්ලේ සමාගම ඒ සඳහා සූදානම් වෙමින් තිබේ. Nestlé tackles malnutrition with sorghum-based porridge using valorized ingredients යනු 2022 වර්ෂයේ ඔවුන්ගේ ව්‍යාපෘතිය වේ. ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන කරුණු අනුව ධාන්‍ය වර්ග වලින් කැඳ පිස ආහාරයට ගැනීම මන්දපෝෂණය සඳහා ඉතාම යෝග්‍ය විසඳුමකි. අපේ රටේ තිබෙන තණහාල්, මෙනේරි, කිතුල්පිටි වැනි දේ වලින් ඉතා වටිනා නව නිපැයුම් සිදු කළ හැකිව තිබියදී කොළ කැඳ වල ඇද හොයමින් සිටින විද්‍යාඥයින් රටට සාපයකි.
(කොළ කැඳ ප්‍රෝටීන් හෝ කැලරි ඌනතා මත ඇතිවන වන මන්දපොෂණයේ දී අංග සම්පූර්ණ ආහාරයක් නොවන බව සලකන්න.)
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා