මගේබලය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම ඊයේ මගේ අදිමානසික බලෙන් හොද වැඩක් කරා ,

    මම ඊයේ ගෙදර එනකොට පාර අයිනේ තිබුණ බස් එකක මිනිස්සු ටිකක් හිරවෙලා හිටියා මං ඉක්මනට ඒ බස් එක ගාවට ගියා කවුරුත් ලගක හිටියේ නෑ අර මිනිස්සු ටික බස් එක ඇතුලේ හිර වෙලා එලියට එන්න බෑ දොරට ගෙම්බෙක් දාලා! නෑ නෑ ඉබ්බෙක්! ජනෙල් වලටත් ‍යකඩ පටි ගහලා! පව් ඒ අහිංසකයෝ! මම හිතන්නේ ඒ මිනිස් ජාවාරම් කාරයොන්ගේ වැඩක්! මම ගෙම්බව ගලවන්න හැදුවා! නෑ නෑ ඉබ්බව! ගලවන්න බෑ ඌ ලොකු ගෙම්බෙක්! අයියෝ නෑ ඉබ්බෙක්! මම වට පිට බැලුවා කවුරුත් හිටියේ නෑ කරන්න තිබුනේ එක දෙයයි! මම මගේ අදිමානසික බලය පාවිච්චි කරලා ගෙම්බව ගලවලා දැම්මා නෑ ඉබ්බව! ඒකරලා මිනිස්සු ඔක්කොම එලියට ගත්තා! ඒ මිනිස්සු හැමෝටම එක විදිහට සුදුපාට ඇදුම් අන්දලා තිබ්බා! මම ඒ මිනිස්සුන්ව එලියට ඇරන් පණ බේරගන්න කියලා යැව්වා! එයාලත් පුලුවන් තරම් වේගෙන් හැම පැත්තටම දිව්වා ඒත් එක්කම ඊට ටිකක් එහාට වෙන්න තිබුනු තේ කඩේ පැත්තෙන් එකම විදිහේ දුඹුරු පාට ඇදුම් ඇදගත්ත මිනිස්සු හතර පස් දෙනෙක් මගේ පැත්තට දුවගෙන ආවා ඒ හැමෝගෙම අතේ පිස්තෝල තිබුනා මම මගේ අදිමානසික බලෙන් අත්දෙක මේම මේම කරලා ඒ කට්ටිය රෝහණය කරලා හැමෝටම ටොක්ක ගානේ ඇනලා අර බස් එකටම දාලා ගෙම්බා දැම්මා! නෑ නකෝ ඉබ්බා! ඊට පස්සේ මම ගෙදර ආවා! ඒක නිල් පාට බස් එකක් සුදුපාටින් 'බන්ධනාගාර' කියලාද කොහෙදෝ ගහලා තිබ්බා! මං හිතන්නේ ඒක උන්ගේ රහස් වචනයක් වෙන්න ඇති! ඔව්!
     
    • Like
    Reactions: Santa DX

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මල්ලි දන්සල් වදින්න ගියෙ නැද්ද ඉට පස්සෙ :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Ube oluwa kohe hari wedunada?
    Booruwa.....!!!!!!!
    5.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    බලපිටිය උසාවිය ගාව පිස්සු නටපු පිස්සෙක් ඊයේ පොලිසියෙන් අල්ලලා අංගොඩ ගෙනත් දාල - පුවතක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔය අධිමානසික බලෙ පාවිච්චි කරලා නාකියෙක්ට කුනුහර්පෙන් බනින්න එහෙම බැරිද?