සිoහලයන් සියළු දෙනා අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියකි. සම්පූර්ණයෙන් කියවන්නේ නැතුව කොමෙන්ට් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ලoකාවේ පිරිහීමට හේතුවක් වුනු රටේ පාලකයන් රටට අහිමි කිරීමේ සැලස්ම අදටත් ක්‍රියාත්මකයි. එය පැරදවීම ලාoකික අපේ වගකීමකි.
ගෝඨා බල සේනා
ගෝඨා බල සේනා
ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් වූ ස්ටැන්ලි තිලකරත්න රටම නොදැන සිටි රහසක් හෙළි කරන්නට කටයුතු කළේය. ඒ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වෙලා හරියටම දවස් තුනක් ගිය තැන ප්‍රේමදාස තමන්ට කතා කරලා අහපු කතාවක් පිළිබඳවය. එදා ලලිත් ඝාතන උණුසුම අස්සේ ස්ටැන්ලිගේ කනට ඇසුණේ වෙනදා කතා කරන ප්‍රේමදාසගේ හඬ නොවේ. ශෝකබරිතව, කැඩුණු ස්වරයකින් ගොතගහ ගහ කතා කරන ප්‍රේමදාස කෙනකුගේ හඬකි.
"ස්ටැන්ලි ඔයා ලලිත්ගෙ ඝාතනය ගැන මොකද හිතන්නෙ..."
ප්‍රේමදාස ස්ටැන්ලිගෙන් ඇසුවේය.
"මට සමාවෙන්න සර්...රටම හිතන්නෙ ඔයා ඒක කෙරුවා කියල සර්..."
ස්ටැන්ලි ප්‍රේමදාසට උත්තර දුන්නේ එහෙමය.
"අපි දෙන්නා පක්ෂ දෙකකින් දේශපාලනය කළත් මම ඔයාව අවුරුදු ගාණක ඉඳන් දන්නවා. ඔයා විශ්වාස කරනවද මම ඒක කළා කියලා..."
ප්‍රේමදාස පෙරළා ස්ටැන්ලිගෙන් යළි විමසා සිටියේය.
"මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නෑ. නමුත් මෙතැන මගේ විශ්වාසයෙන් වැඩක් නෑ. රට විශ්වාස කරන දෙයයි වැදගත්..."
ස්ටැන්ලි ප්‍රේමදාසට උත්තර දුන්නේ එහෙමය.
මේ විදියට ප්‍රේමදාස ලලිත් ඝාතනය ගැන ස්ටැන්ලිගෙන් අහන්න හේතු වුණේ මාධ්‍යවලින් ඒ වන විටත් ලලිත් ඝාතනය ප්‍රේමදාසගේ ගිණුමට බැර කර ප්‍රේමදාසට වැටෙන්න ගහන්න පටන්ගෙන තිබූ නිසාය. ප්‍රේමදාස ස්ටැන්ලිට කතා කළේ ඒ ගැන රටේ ජනතාව හිතන විදිය ගැන හරියටම දැනගන්න ඕනෑකම තිබුණු නිසාය. ආණ්ඩු පක්ෂයෙයි විපක්ෂයෙයි හිටියත් සිය අතිජාත මිත්‍රයා වූ ස්ටැන්ලි කී දෙයින් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණි.
"මාව ඝාතනය කළාට කමක් නෑ. මම අමාරුවෙන් ගොඩනඟා ගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා..."
ප්‍රේමදාස කුරුණෑගලදී මෙහෙම කිව්වේ ස්ටැන්ලි එක්ක කළ සාකච්ඡාවෙන් පසුවය.
ඇත්තටම ප්‍රේමදාස කී කතාව හරියටම හරිය. මොකද මිනිහෙක්ට වෙඩි තිබ්බාම මැරෙන්නේ එක පාරය. ඒ මැරෙද්දි වේදනාවක් දැනෙන්නේද නැත. හැබැයි මිනිහෙක්ට පෑන් තුඩුවලින් ගහලා මරන්න ගියාම ඒ මිනිහා එක පාර මැරෙන්නේ නැත. මොකද ඒ මිනිහට සිද්ධ වෙන්නේ මැරි මැරී ජීවත්වන්නටය.
ප්‍රේමදාස කියන්නෙත් ඒ විදියට පෑන් තුඩු දහසකින් විතර එකවර මරපු නායකයෙකි. ඒ දවස්වල වාතය, සුළඟ, රාවය, ත්‍රිෂූලය, උකුස්සා වගේ විකල්ප පත්තර තිස් ගණනක් ප්‍රේමදාස නොමරා මැරුවේ නැති ටික විතරය.
91 ප්‍රේමදාසගේ රාජ්‍ය ආරක්ෂක ඇමැති වෙලා හිටිය රන්ජන් විජේරත්න ඝාතනය වූ විට මේ විකල්ප පත්තර ඔක්කොම කිව්වේ ප්‍රේමදාස රන්ජන්ව මැරුවා කියාය.
එල්.ටී.ටී.ඊ. එක අරියාලේහිදී ජෙනරාල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් ගමන් කළ ජීප් රථයකට බිම්බෝම්බ තබා ඒ සියලුදෙනා ඝාතනය කළ විට මේ විකල්ප මාධ්‍ය කිව්වේ ප්‍රේමදාස මේ ඝාතන සිදුකළා කියාය. ඒක කොච්චර තදට ගියාද කියනවා නම් කොබ්බෑකඩුවගේ අවමඟුලවත් රාජකීය විදියට රාජ්‍ය ගෞරව සහිතව තියන්න මිනිස්සු ඉඩදුන්නේ නැත. අවමඟුලට ආපු ඇමැතිවරුන්ට පහරදී මිනිස්සු කනත්තේ ලොකු විප්ලවයක් කළහ. ඒකට හේතු වුණේ මාධ්‍ය මේ ඝාතනය ප්‍රේමදාස කර පිට තබා කපා තිබූ නිසාය.
ඊට පස්සේ නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනය වූ විටදීත් මාධ්‍ය ඒක යැව්වේ ප්‍රේමදාස කරපිටින්ය. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වූ විටදී මාධ්‍ය ඒකත් ප්‍රේමදාසගේ කරපිටින් යැව්වේය. ඒ මදිවාට ලලිත් ඝාතනය වී සතියකට පසු ප්‍රේමදාස ඝාතනය වුණාම මාධ්‍ය වෙනදා පුරුද්දට ඒකත් යැව්වේ ප්‍රේමදාසගේ කරපිටින්ය. එතැනදී කිව්වේ ප්‍රේමදාස ප්‍රේමදාසටම බෝම්බ තියාගත්තා යැයි කියාය. ඒක තහවුරු කරන්න මැයි පළමුවැනිදාට පෙර දින සුචරිතයේ ඉන්න මොහිදීන් පත්තරවලට කතා කරලා හෙට මේ වගේ දෙයක් වෙයි කියලා කියපු බවක් කීවේය. පත්තර මෙහෙම කිව්වේ ප්‍රේමදාස මරපු බාබුගේ අම්මාට එල්.ටී.ටී.ඊ. එක උතුරේ පුද පූජා පවත්වද්දීය.
කොහොමහරි 94 ගාමිණී මැරුවාම අල්ලගන්න ප්‍රේමදාස කෙනෙක් හිටපු නැති නිසා ඒ වෙලාවේ මාධ්‍ය ඒක යැව්වේ ප්‍රේමදාසගේ දේශපාලන සගයා වෙච්ච සිරිසේන කුරේගේ පිටින්ය.
මේ විදියට දකුණේ පත්තර ඕන දේටයි, එපා දේටයි දෙකටම මාට්ටු කරලා ප්‍රේමදාසව නොමරා මරන කොන්ත්‍රාත්තුව භාර අරගෙන තිබුණා වගේම හැම ඝාතනයකටම ප්‍රේමදාස සම්බන්ධ කරලා ඔහුව දේශපාලන වශයෙන් විනාශ කරන කොන්ත්‍රාත්තුව භාර අරගෙන තිබුණේ ප්රභාකරන්ය. ප්රභාකරන්ගේ මේ සෙල්ලම ලලිත් හොඳ හැටි දැනගෙන සිටියේය. මොකද ලලිත් විදේශ රහස් ඔත්තු සේවා එක්ක සමීප සම්බන්ධකමක් පවත්වාගෙන ගිය නිසා ප්රභාකරන් ලලිත්ව ඉස්සෙල්ලාම ඝාතනය කොට ඒ ඝාතන චෝදනාව ප්‍රේමදාසගේ පිට දමා ඉන්පසු ප්‍රේමදාසව මරන්න සැලැසුම් කර තිබෙන බව ඒ රහස් ඔත්තු සේවා ලලිත්ට දැනුම් දී තිබිණි. එල්.ටී.ටී.ඊ.ය එහෙම සැලැසුම් කළේ නිකමට හරි ප්‍රේමදාසව ඉස්සෙල්ලාම මැරුවානම් ලලිත් ජනාධිපති වී තමන්ට ලොකු තර්ජනයක් වන බව දැනගෙනය. ඒ නිසා ප්රභාකරන්ට ඕනෑ වුණේ මුලින් ලලිත්ව මරලා ඒ චෝදනාව ප්‍රේමදාස පිටින් දමා පක්ෂය ඇතුළේ අර්බුද හදා පසුව ප්‍රේමදාසව ඝාතනය කොට දැන් අපි ශක්තිමත් කියලා ලෝකෙට පෙන්වන්නටය.
කොහොම හරි මේ පණිවුඩය ආ විගස ලලිත් එය ප්‍රේමදාසට දැනුම් දීමට කටයුතු කළේය. ලලිත් ඒ පණිවුඩය වත්මන් නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් අතේ ප්‍රේමදාසට යවමින් තමන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලා සිටියේය. තමන් ජීවත් වන තුරු ප්‍රේමදාසගේ ජීවිතයට ප්‍රභාකරන්ගෙන් තර්ජනයක් නොමැති බව ප්‍රේමදාසට දැනුම් දී සිටියේය.
හැබැයි ප්‍රේමදාස ලලිත්ගේ මේ කතාව විශ්වාස කළේ නැත. ලලිත් තමන්ට බොරුවක් කරන්න හදනවා කියා සිතූ ප්‍රේමදාස ලලිත්ට ආරක්ෂාව දෙන්න කටයුතු කළේ නැත. ප්‍රේමදාස වරද්දා ගත් තැන එතැනය.
මේ විදියට ප්‍රේමදාසට පෑන්තුඩුවලින් ගහන්න දකුණට ඉඩ සලස්සලා නොමරා මරපු ප්රභාකරන් ප්‍රේමදාස හරියටම මරන්න තීන්දු කළේ ප්රභාකරන්ගේ දකුණු අතයි, වම් අතයි වගේ හිටපු මහත්තයාවත්, කිට්ටුවත් කඩලා දෙපැත්තට කරපු දවසේය. ප්‍රේමදාස කොටි සංවිධානයේ නියෝජ්‍ය නායක වූ මහත්තයාව ප්‍රභාකරන්ගෙන් කැඩුවේ සාම සාකච්ඡා යන අතරවාරයේය.
ඊගාවට ප්රභාකරන්ගේ අනෙක් අත වූ කිට්ටුව විනාශ කළේ ලන්ඩන්වල ඉඳන් කොටි සංවිධානයට රැගෙන ආ අවි නැවක් ඉන්දියාවත් එක්ක එකතු වෙලා විනාශ කරලාය. මේ අවි නැවේ කිට්ටුත් සිටි අතර මුලින්ම ප්‍රේමදාස කිට්ටුට ඒ අවි නැවත් එක්ක එන ලෙසටත්, එහිදී ගැටලුවක් ඇති නොවන බවටත් පණිවුඩය තිබ්බේය. නමුත් අවි නැව කිට්ටුත් එක්ක ලංකාවට කිට්ටු වෙද්දී ප්‍රේමදාස මුහුද මැද්දේදීම ප්‍රහාර එල්ල කොට අවි නැවත් සමඟ කිට්ටුවත් විනාශ කර දැම්මේය. ප්රභාකරන් ප්‍රේමදාසත් එක්ක නයි වෛර බැඳගත්තේ ඒ සිද්ධියෙන්ය. මෙතෙක් කල් පෑනෙන් ප්‍රේමදාසව මරන්න තීන්දු කළ ප්රභාකරන් බෝම්බෙන් ප්‍රේමදාසව මරන්න තීන්දු කළේ එදාය. මොකද උදේ 4 ඉඳන් නැඟිට ගෙන රෑ ෙදාළහ වෙනකන් එක දිගට වෙහෙස මහන්සිය නොබලා මිනිසුන් වෙනුවෙන් සේවය කළ ප්‍රේමදාස වගේ මනුස්සයෙක්ව බෝම්බයකින් විනාශ කළොත් මිසක් දේශපාලන වශයෙන් මරනවා තියා හිතන්නවත් බැරි බව ප්රභාකරන් දැන සිටියේය.
හැබැයි එදා ඒ විදියට ලංකාවේ දේශපාලනය යායුතු මඟ තීන්දු කළ ප්රභාකරන් අද ජීවතුන් අතර නැත. ප්රභාකරන් තියා ප්රභාකරන්ගේ කොටි සංවිධානයවත් ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වන්නේ නැත. ඒ වෙනුවට අද ක්‍රියාත්මක වන්නේ ලංකාවට පිටින් ඉඳන් ලංකාවට හතුරුකම් කරන ශක්තිමත් කොටි ඩයස්පෝරාවකි. මේ කොටි ඩයස්පෝරාවට ආරක්ෂාව දෙන්නේ වෙන කවුරුවත් නොව ලංකාවට හතුරුකම් කරන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල්ය. මේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල එකම සැලැසුම වී ඇත්තේ වෙන මොකක්වත් නොව තමන්ගේ වචනෙට අඩංගු නැති මහින්දව විනාශ කරලා තමන්ගේ පදයට නටන රූකඩ ආණ්ඩුවක් ලංකාවේ ඇති කරන එකය. ඒකට ඔවුන්ට තියෙන ලොකුම සහ එකම බාධාව ගෝඨාභයය. ඒ නිසා පසුගිය කාලය පුරාම බටහිර රටවල් මහින්ද කොටු කරන එක අතෑරලා මුලින්ම කොටු කරන්න සැලැසුම් හැදුවේ ගෝඨාභයවය. ඒකට ඕනෑම මිලක් ගෙවීමටද පසුගිය කාලයේ බටහිර රටවල් සූදානම් වූවේය. ඒකට විවිධ පුද්ගලයන් හරහා විවිධ උපාය උපක්‍රම ද පාවිච්චි කළේය.
පළමුව මේ අය ගෝඨාභයට ගැහුවේ ආණ්ඩුවේ ඉන්න කුඩුවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන සමහර මන්ත්‍රිවරුන්ට ගෝඨාභය උදව් කරනවා කියාය. ඒක හරියට කරගන්න බැරි වුණු තැන මේ අය ගෝඨාභයට ගහන්න හැදුවේ මාතලේ මිනී වළ අල්ලාගෙනය. 88 / 89 කාලේ මාතලේ දිසාව භාරව ගෝඨාභය රාජකාරී කළ බවත්, එම සමූහ මිනී වළේ සිටින්නේ ඒ කාලයේ ඝාතනයට ලක් වූ සිය සාමාජිකයන් බවත් කියමින් ජවිපෙ පසුගිය කාලයේ මේ කතාව ජාත්‍යන්තරයටත් අරගෙන යන්න කටයුතු කළේය. ගෝඨාභයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් කියා සිටියේය.
හැබැයි මේ කිසිම දෙයකින් ගෝඨාභයව වට්ටන්න මේ අයට හැකියාව ලැබුණේ නැත. ඒ නිසා දැන් මේ අය ගෝඨාභයට එරෙහිව අලුත් මඩක් පටන් අරන් තිබේ.
"බේරුවල මුස්ලිම් - සිංහල කෝලාහලය පිටි පස්සේ හිටියේ බොදුබල සේනාව. මේ බොදුබල සේනාව මෙහෙය වන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ගෝඨාභයයි. ගෝඨාභයගේ හයිය අරගෙන තමයි බොදුබල සේනාව මේ ඔක්කොම නාඩගම් නටන්නේ..."
මේ දවස්වල කට්ටිය එකතු වෙලා ගෝඨාභයට ගහන්නේ මේ වගේ මඩක්ය.
කට්ටිය මේ මඩ ගහන්නේ වෙන මොකවත් නිසා නොව ගෝඨාභයයි - මහින්දයි මුස්ලිම් රටවලුයි අතර තියෙන අතිසමීප සම්බන්ධය ඉවසගෙන ඉන්න බැරිවය. මොකද පසුගිය කාලයේ යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආ හැම වෙලාවකම මහින්දට කොන්ද කෙළින් තියාගෙන ඉන්න ලොකුම හයිය දුන්නේ ගෝඨාභයය. ගෝඨාභය මහින්දට ඒ හයිය දුන්නේ තනිවම නොව බටහිර රටවලට එරෙහි රටවල් ටික මහින්දගේ පිටි පස්සේ තියාගෙනය. ඒ රටවල් අතර ඉහළින්ම සිටියේ මුස්ලිම් රටවල්ය. නැතහොත් අරාබි රටවල්ය. ඇමෙරිකාව පුමුඛ බටහිර රටවල් ලංකාවට එරෙහිව යෝජනා තුනක් රැගෙන ආ අතර, ඒ යෝජනා තුනේදීම අරාබි රටවල් මහින්දත් එක්ක එක පෙළට හිට ගත්තේය. ඉතින් බටහිරට වුවමනාව තිබුණේ මේ ලංකාවයි - මුස්ලිම් අරාබි රටවලුයි අතර තියෙන සමීප බැඳීම බිඳ දාලා ඒ යාළුකම බිඳින්නටය.
එතැනදී ඇමෙරිකාව මුලින්ම කළේ ලංකාවේ ඉස්ලාම් ත්රස්තවාදයක් තියෙනවා කියලා චෝදනා කරපු එකය. ඒ චෝදනාවට 2009 අග භාගයේදී ඉන්දියාවත් පෝර දැම්මේය.
ඇමෙරිකාව මේ චෝදනාව ගේන්න මුල් වූයේ ගෝඨාභයයි - පාකිස්තානයයි එක්ක තියෙන මිතුරුකමය.
හැබැයි පාකිස්තානය ලංකාව එක්ක මිතුරුකම් පටන් ගත්තේ ජේ. ආර්. ගේ කාලයේ ඉඳන්ය. එදා ඉඳන් ලංකාවේ යුද්ධය ඉවර කරන්න පාකිස්තානය ලංකාවට ආධාර දුන්නේය. 87දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා යාපනයට පරිප්පු දාද්දී ලංකාව වෙනුවෙන් කතා කළ එක රටක් වූයේ පාකිස්තානයය. අනෙක් රට චීනයය.
අනෙක් අතට යුද්දෙ හොඳම හරිය යද්දී කොන්ක්‍රීට් බන්කර් විනාශ කළ හැකි "බන්කර් බ්ලාස්ටර්" බෝම්බ ලංකාවට දුන්නේ පාකිස්තානයය. එතකොට කොටින්ට උඩින් ගහන්න පාකිස්තානය කුලියට ගුවන් යානා පවා දුන්නේය.
මේ යාළුකම දඩමීමා කරගෙන බටහිරයි - ඉන්දියාවයි චෝදනා කළේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් ලංකාව ඇතුළේ මුස්ලිම් ත්රස්තවාදීන් පුහුණු කරනවා යැයි කියාය. මේ චෝදනාව හරහා බටහිරට වුවමනා වී තිබුණේ ගෝඨාභය ලව්වා පාකිස්තානයට ගස්සා ගන්නටය. හැබැයි ගෝඨාභය ඒ උගුලට වැටුණේ නැත.
"මේ රටේ මුස්ලිම් ත්රස්තවාදයක් නෑ. මුස්ලිම් ජනතාව සාමකාමීව ඉන්නවා. ඒ අය ත්‍රස්තවාදීයෝ නෙවෙයි..."
ගෝඨාභය කිව්වේ එහෙමය.
ගෝඨාභය බොදු බලසේනාව එක්ක පටලවා අරාබි රටවල් එක්ක තියෙන සම්බන්ධකම කඩන්න බටහිර රටවල් මේ විදියට ප්ලෑන් කළේ පාකිස්තානය එක්ක තියෙන ගෝඨාභයගේ බැඳීම කඩන්න බැරි වෙච්ච තැනය.
බටහිර රටවල් මේ විදියට ගෝඨාභය බොදුබල සේනාවට පටලවන්න හදන්නේ බොදුබල සේනාවේ සභාපති වෙච්ච කිරම විමලජෝති හිමියන්ගේ පන්සලක් විවෘත කරන්න ගිය කතාවක් දඩමීමා කරගෙනය. හැබැයි ගෝඨාභය ඒ ගියේ කිරම හිමියන්ගේ ඉල්ලීමකටවත්, බොදුබල සේනාවේ ඉල්ලීමකටවත් අනුව නොව මිලින්ද මොරගොඩගේ ඉල්ලීමකට අනුවය. මොකද ඒ උත්සවයට එන්න කියන ආරාධනා පත්‍රය ගෝඨාභය ළඟට අරගෙන ගියේ මිලින්දය. ගෝඨාභය කිරම හිමියන්ගේ පන්සලට ගිය කතාවේ ඇත්ත තත්ත්වය ඒකය.
අනෙක් අතට අද කිරම හිමියනුත් බොදුබල සේනාවේ නැත. උන්වහන්සේ පවා කියන්නේ තමන් බොදුබලසේනාවෙන් ඉවත් වී ඇති බවත්, බොදුබල සේනාවේ වැඩ තමන් අනුමත නොකරන බවත්ය. ඉතින් ලොකුම විහිළුව කිරම හිමියනුත් බොදුබල සේනාව එක්ක නැති එකේ ගෝඨාභය බොදුබල සේනාව එක්ක ඉන්නවා කියන එකය.
අනෙක් අතට ගෝඨාභය බොදුබල සේනාවට පටලවන්න හදන අයට අමතක වෙච්ච තවත් කාරණයක් තිබේ. ඒ බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනුත්, එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේත් 2010දී රනිල් එක්ක පයුරුපාසානම් පැවැත්වූවා කියන එකය. මොකද 2005දී හෙළ උරුමය මහින්දව දිනවන්න ඕන කියන තැන ඉඳන් තීන්දු තීරණ ගනිද්දී ඒ වන විට හෙළ උරුමය එක්ක සිටි ඥානසාර හිමියන් එළියට බහින්නේ මහින්ද දිනවන්න වැඩකරන්න බෑ කියාය. ඒ අනුව ඥානසාර හිමියන් තවත් කණ්ඩායමක් එක්ක ඇවිත් හොර රහසේම රනිල් වික්රමසිංහව ඔහුගේ බාල සහෝදරයා වූ චන්න වික්‍රමසිංහගේ නිවෙසේදී හමුවිය. ඒ හමුවට කපුකම කළේ අද මහින්දගේ ආණ්ඩුවේ සීනි ඇමැතිවරයා වෙච්ච ලක්ෂ්මන් සෙනෙවිරත්නය. ඥානසාර හිමියන් චන්නගේ ගෙදරදී රනිල්ව හමුවී තමන් මහින්ද - ගෝඨාභය දිනවීමට සූදානම් නැති බවටත්, රනිල්ව දිනවන්න කටයුතු කරන බවටත් පොරොන්දුවක් දුන්නේය. ඒ වගේම 2010 ජනාධිපතිවරණයේදී ඥානසාර හිමියන් හිටියේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව ජනාධිපති කරවන වේදිකාවේය. එතකොට රනිල්ගේ මල්ලි මෙහෙයවපු, ෆොන්සේකාගේ වේදිකාවට ගොඩවුණු ඥානසාර හිමියන් ළංකර ගැනීමට ගෝඨාභය කටයුතු කරනු ඇතැයි හිතන්න පුළුවන් කාටද?
අනෙක් අතට ඩිලන්ත විතානගේ කියන්නේ රනිල්ගේ දකුණු අත වගේ කටයුතු කරපු තැතැත්තෙකි. රනිල් ඒ කාලේ බියගමින් ඡන්දය ඉල්ලද්දී රනිල්ගේ උපදේශකයකු ලෙස මේ කියන ඩිලන්ත කටයුතු කළේය. ඒ වගේම රනිල් අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන කාලයේ ඔහුගේ ළඟම නිලධාරියකු ලෙසද ඩිලන්ත කටයුතු කළේය. ඒ වගේම 2001 - 2002 රනිල්ගේ ආණ්ඩු කාලයේදී ඇමැතිවරයකු ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩගේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකයකු ලෙස කටයුතු කළේද මේ කියන ඩිලන්තමය. ඉතින් එහෙව් අය ළඟට ගන්න ගෝඨාභයට පිස්සුවක් නැත.
ඒ නිසා මෙතැන තියෙන්නේ වෙන ගැහිල්ලකි. මොකද ලංකා දේශපාලනයේදී විපක්ෂයයි ආණ්ඩු විරෝධී මාධ්‍යයයි, ජාත්‍යන්තර මාධ්‍යයයි දිගටම ටාගට් කරන්නේ ආණ්ඩුවේ ශක්තිමත්ම තැනය. මැතිනිගෙ කාලෙ ඒ විදියට ටාගට් වුණේ මැතිනිගෙ ශක්තිමත්ම සගයා අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඒ කාලේ මාධ්‍ය ෆීලික්ස්ට ගැහුවේ 'සාතන්' කියාය. ජේ.ආර්.ගෙ කාලේ විපක්ෂය ටාගට් කළේ ජේ.ආර්.ගේ ශක්තිමත්ම ඇමැතිවරයා වූ ප්‍රේමදාසය. ප්‍රේමදාසගේ කාලේ ටාගට් වුණේ සිරිසේන කුරේය. චන්ද්‍රිකාගේ කාලේ එස්.බී. හා මංගලය. මහින්දගේ කාලේ ගෝඨාභයය. අද ගෝඨාභයට දිගට හරහට පහර වදින්න පටන්ගෙන ඇත්තේ මේ ආණ්ඩුවේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා ගෝඨාභය වී සිටින නිසාය.
ඒ නිසා අද ඊයේ සිට නොව ගෝඨාභයට එදා සිටම විපක්ෂයෙන් චෝදනා පිට චෝදනා ආවේය. හැබැයි ඒ හැම චෝදනාවක් චෝදනාවලට සීමා වුණා මිස ඒ එකක්වත් ඔප්පු කරගන්නට විපක්ෂයට පුළුවන්කමක් ලැබුණේ නැත. වරක් මේ බව මේ රටේ සිටින ප්‍රවීණ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් අපූරුවට විග්රහ කළේය. 2010දී වික්ටර් ලියූ එම ලිපියෙන් කීවේ මේ ආණ්ඩුව හොරකම් කරනවා යැයි කිය කියා බොරුවට කියන්නේ නැතිව විපක්ෂය එය ඔප්පු කර පෙන්විය යුතු යැයි කියාය.
අර ඉඩම මේ ඉඩම රාජපක්ෂවරුන් සල්ලි වලට ගත්තා කියා බොරුවට කියන්නේ නැතුව ඒ බව ඔප්පු කර පෙන්විය යුතු යයි කියාය.
2010 දී වික්ටර් අයිවන් ගෝඨාභය ගැන ගෙනා මෙම තර්කය අදටත් වලංගුය.
කීර්ති රාජසිංහ.
කියවලා බම්පියක් දෙමු.
------------------------------------------------------------------------------------
පසුවදනක්:
මචන් කාට වත් සුදු හුනු ගානව නෙවෙයි. අපේ රට මෑත කාලෙදි ස්ටේබල් විදිහට තිබුනු දශකයක් කියපල්ලා බලන්න. මොකක් හරි මගුලක් කඩා වැටෙනවා. පාලයකන් මරවනවා. රාජාවලිය අරන් බලපන්. කොච්චර ශක්තිමක් රජෙක් වුනත් රජකම් කරලා තියෙන්නෙ බොහොම ටික කාලයයි. කවුරු හරි එකෙක් ඇවිත් නූල් සූත්තරයක් දාලා රජ්ජුරුවන්ව මරලා, රට අන්ස්ටේබල් කරනව. ඒ රජතුමා කරගෙන ගිය වැඩපිළිවෙල එතනින් ඉවරයි. ඊලඟට එන කෙනා ආයෙත් එයාගෙ විදිහට පටන් ගන්නවා. රට ඉස්සරහට යන්නෙ ඉබි ගමනින්.
වෙන රටවල් වල, රටේ ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක අනුව රට ගෙනියන්නෙ. පාලකයා මාරු වුනා කියලා ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ. වෙනසක් වෙන්නෙ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන විදිහ විතරයි. නමුත් අපෙ රටේ එහෙම රට ගෙනයන ප්‍රතිපත්ති මාලාවක් නෑ. එන, එක එක පාලකයා තමන්ගෙ ක්‍රමේකට රට ගෙනියනව. එයා ගියහම ආයෙත් වෙන කෙනෙක් ඇවිල්ලා ඒ විදිහ වෙනස් කරලා අළුත් විදිහක් (නව නැම්මක් කියලා ආපු ගමන් නවන්නෙ ඕක තමා). අපේ රටෙ ඉදිරි ගමන හැම වෙලාවකම පාලකයා සමඟ බැඳිලා තියෙන්නෙ. ඒක නිසා අපිට ස්ටේබල් රටක් තියෙන්න නම්, ස්ටේබල් පාලකයෙක් ඕන. පවතවගෙන යන වැඩපිළිවෙල මගදි වෙනස් කරනවා කියන්නෙ අපේ ටැක්ස් සල්ලි, ව්‍යාප්ති වලට ගිය ණය, ආධාර වලින් කොටසක් අපතේ ගියා කියන එක. ඉන්න පාලකයන් ලවා රට වෙනුවෙන් වැඩකරව ගන්න අපි මහජනයා විදිහට එකමුතු වෙන්න ඕන. පාලකයන් වැරද්දක් කරනවා නම් අපි ඒක පෙන්නලා දෙන්න ඕන. ඒ වැරදි හදාගෙන ඉස්සරහර යනවා මිසක් මිනිස්සු මාරු කරන එක විසඳුමක් නෙවෙයි. කී දෙනක් මාරු කරලද යුද්දෙ නවත්ත ගත්තෙ?
පක්ශ අල්ලගෙන ඉන්නෙ නැතුව රට ගැන හිතපල්ලා. මනුස්සයා කොයි පක්ශෙ වුනත් කමක් නෑ රටට වැඩක් කරනවා නම් එයාට සහය දෙන එක නේද අපි කරන්න ඕන? යූ එන් පී, පොදු පෙරමුනු, ජ වි පෙ, මුන් ඔක්කොමලට කියන්න ඕන එකමුතු වෙලා රටට වැඩ කරපල්ල ඊලඟ සැරේ චන්දේ ඕනනම් කියලා. ඊලඟ චන්දෙදි රට වෙනුවෙන් වැඩක් කරපු, ඒ වැඩ වලට පක්ශ බේදයක් නැතුව සහය දීපු අයව පත් කරවන්නත් අපි ජාතියක්, එක රටක මිනිස්සු විදිහට එකමුතු වෙන්න ඕන.
Last edited:



උබ වගෙ ගොනෙක් එක්ක මොන තර්කද..