මෙහෙමයි, උඹේ කතාවේ තර්කයක් තියනවා. මම නැහැ කියන්නේ නැහැ. මම අර මුලිනුත් කිවුව වගේ මගෙන් ඕකට "ok" උත්තරය ලැබෙන්නේ නැහැ. කිසි වෙලාවක නැහැ. ඒ නිසා අපි නිකන් අදහස් හුවමාරු කර ගමු.
1යි 3යි ගැන කියනවනම්,
දැන් අපි ගත්තොත් ඕක නීතිගත කල රටවල් වල අනියම් පෙම නිසා පවුල් කඩා කප්පල් වෙන්නේ නැද්ද? වෙනවනේ. කොච්චර නං වෙනවද? මිනිස්සු අනියම් ඇසුරකට පෙළඹෙන්නේ ලිංගික අසහනය නිසාම නෙවේ නේ. තමන්ගේ ගෑනි එක්ක යහතින් ඉන්න බැරි මිනිසුත් අනියම් ඇසුරක් පතනවා. වටේ යන බිරිඳක් ඉන්න මිනිස්සුත් අනියම් ඇසුරක් පතනවා. අදහස් ගැලපෙන්නේ නැතිව නිතර වලි යන ගෑනු ඉන්න මිනිස්සුත් අනියම් ඇසුරක් පතනවා. එතකොට? ගණිකාවෝ නීතිගත කළා කියලා ඒවා නැති වෙනවද?
නීතිගත කල රටවල් වල ස්ත්රී දුෂණ, ළමා අපචාර, ලිංගික හිංසා වෙන්නේ නැද්ද? වෙනවනේ. ඉතින් ගණිකාවෝ නීති ගත කළා කියලා විශේෂයක් තියනවද? ඒවා නැත්තටම නැති වෙලා ගිහින් තියනවද? කොච්චර වෙනවද?
2යි 4යි ගැන කියනවනම්, නීති විරෝධී ගණිකාවෝ ඇමරිකාවෙත් ඉන්නවා. ඔච්චර නීති/පහසුකම් තියන රටේ. හොයලා බලපන් බොරුද කියල. හොර NIC හදන ලංකාවේ, ලයිසන් නැතුව වාහන එලවන ලංකාවේ, දහසක් නීතිමය දුර්වලතා තියන ලංකාවේ, ඕක විතරක් නීතියටම අනුවම සිද්ද වෙයි ද? එකයි මම කලිනුත් ඇහුවේ...
එතකොට නීතිගත කළා කියලා අපරාධ වල අඩුවක්, පවුල් සංස්කෘතියේ වර්ධනයක් තියෙයි ද? ඒවා නැති වෙලා යයි ද? වැඩිය ඕනේ නැහැ ඉන්දියාව ම ගනින් උදාහරනෙට. මොකද හිතන්නේ?
නීතිමය දුර්වලතා වලක්ව ගන්න රජයක් දැන ගන්න ඕනෙ..ඒක නිදහසට කාරනයක් කර ගන්න බෑ...
අනිත් එක තව එකක් ඉන්දියාවෙ සන්ක්යාත්මක අගයෙන් අපිට වඩා වැඩිපුර ස්ත්රී දූශන වෙනව තමයි.නමුත් ජන අනුපාතයත් එක්ක බැලුවම ලන්කාවෙ ස්ත්රී දූශන ප්රමානය වැඩියි..පොඩ්ඩක් හොයල බලපන්කො මම බොරු කියනව කියල හිතනව නම්..
සෑහෙන්න පවුල් කඩා කප්පල් වෙන්න හේතුවක් තමා මචෝ ලින්ගික අසහනය කියන එක..ලම්යෙක් දෙන්නෙක් හම්බුනාම ලමයි ටිකක් ලොකු වුනාම ගෑනි මිනිහත් එක්ක එකතු වෙනවා අඩුයි...ඔය හේතුව නිසාම ලන්කාවෙ මිනිස්සු කොච්චර පිට යනවද කියල දන්නවද?
හොදයි අයියෙ
නැත්තං ඉතින්..... .අනේ මන්ද.. එහෙමද දන්නෙත් නෑ! 
..(ආ තව එකක් මම මේ ගෑනිට කඩේ යනව නෙවෙයි.මම මේ ගෑනිව දැක්කෙත් අද.
..මොකද ඕක නීතිගත කලා කියලා සමාජය ගනිකාවක් දිහා බලන විදිහ වෙනස් වෙන්නෙ නෑ
...ඕක නීතිගත කරොත් ඔය ලින්ගාශ්රිත රෝග ගොඩක් වලක්වා ගත්තැකි..(උදාහරනයක් විදිහට මාසයකට සැරයක් ගනිකාවක් වයිද්ය පරීක්ශනයකට යොමු වෙන්න ඕනෙ කියල නීතියක් දැම්ම නම් හරි...එතකොට ඒ ගෑනිට ලෙඩක් එකක් තිබ්බොත් ලයිසන් එක කැන්සල් කල හැකි..
)




