ලක්ෂ 26570

Jul 18, 2014
155
31
0
සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ සමඟ බදුල්ල සංවර්ධනයට ලක්ෂ 26570ක් රජය තීරණය කරයි
දොරින් දොරට ගමින් ගමට වැඩසටහනින් දිස්ත්‍රික්කයේම ප්‍රදේශ නංවන්න මුදල්
ගම්මාන 1991කට සෙත ‍සැලසෙන පියවර ග්‍රාමීය පාලම් 10ක ඉදිකිරීම් දැනටමත් අවසන්


n1407211.jpg


සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සියලු පාර්ශ්වයන් වෙත ලබාදෙමින් සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීමේ අරමුණින් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,657ක (ලක්ෂ 26570) මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.

‘දොරින් දොරට ගමින් ගමට’ ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එම මුදල ලබාදීමට ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව-පරණගම, වැලිමඩ, මහියංගනය, පස්සර, බදුල්ල, හාලිඇල, වියළුව යන මැතිවරණ කොට්ඨාශ නවයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ග්‍රාමසේවා වසම් 567 ක සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක කරන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 239,463කට ජනගහනය 811,758 ක් බවද ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 59,273 ක් බවද ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මඟින් ගම්මාන 1,991කට සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මෙම සංවර්ධන වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශ‍ෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්‍ ගේ මඟ පෙන්වීම යටතේය.

මේ අනුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසැල්වල සනීපාරක්‍ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 54ක්ද ගම නැගුම වැඩසහන යටතේ රුපියල් මිලියන 840ක්ද වනජීවී සංරක්‍ෂණය සඳහා රුපියල් මිලියන 70ක්ද පුබුදුමු වෙල්ලස්ස වැඩසටහන් සඳහා රුපියල් මිලියන 824ක්ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හදුනා ගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 175ක්ද විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 40ක්ද ලැබී තිබේ.

ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහ‍න යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 10ක් දැනටමත් ඉදිකිරීම් අවසන්කර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු ආරම්භකර ඇත.
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ දෙවියනේ මේ ලක්ශ ගානෙන් කොමිස් ප්‍රතිශතය අඩු කර දෙනු මැනවි....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔකෙන් ඉතින් ලක්ශ 6570ක් විතර ඔය කියන දෙවල් වලට යොදවයි.... ඉතුරු ගාන ගැන ඉතින් අනිත් අය බලා ගනි
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පලයන් පො@#න හුට්ටෝ.බදුල්ල ගැන මට කියන්න එන්න එපා.මම ගිය සතියෙත් ගියා ඇතුලේ පාරවල් වල වෙලාවට යන්න බස් නැහැ.පාරක් හදල නැහැ සුද්දෝ හැදුවට පස්සේ.මිනිස්සු බස්වල යනවට වඩා යන්නේ පයින්.දන්න විදියට ගොඩක් ඉස්කෝලවල ගුරවරුත් නැහැ.

    මොනවා නැතත් බදුල්ල ටව්න් එකම වැහෙන්න ලොකු කටවුට් ගොඩක් නම් දාල තියෙනනවා පොන්න වේසිගෙ පුටලගේ.ඔවා ඔක්කොම චන්ද ගන්න දාන ජිල්මාට්
     
    • Like
    Reactions: wdk

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    බදුල්ලේ දෑන් තියන දියුණුව අපි දන්නවා...එක දවසක් බලලා භදුල්ල දියුණු නැහැ කියන්න එපා මචෝ....:yes:ඉස්සර අපි ඉස්කොලෙට යන්න වින්ද දුක අපිට තාම මතකයි...පාරවල්වල යන්න බෑ ඒ කාලේ පයින්වත්...:sorry: වැඩි කාලයකට කලින් නෙවෙයි.... අවුරුදු 5කට කලින් වගේ...එත් දැන් බදුල්ල කොච්චර දියුණුද අප්පා... :D රාජපක්ෂ ලොක්කලා පාරවල් ටික,ඉස්කෝල බිල්ඩින් ටික,රජයේ ගොඩනැගිලි ටික නම් දෙයියනේ කියලා හැදුවා ඉස්සරට වඩා ලක්ෂ ගුනයක් හොදට..... :D

    (ගහගත්ත කොමිස් නම්, ගසාකාපු සල්ලි නම් අනන්තයි හැබැයි... ) :angry::angry:

    ඒ උනාට බදුල්ල ඇත්තටම දියුනුයි ගොඩක් ඉස්සරට වඩානම්... :yes:

    රාජපක්ෂ ලා තරම් මේ රටේ සල්ලි ගසාකාපු තව එවුන් නැතුව ඇති... :angry::angry::angry::angry:
    එත් මේ ආණ්ඩුව රට ගොඩක් දියුනු කලා...නෑ කියන්න බැනේ..ඒත් දියුණු කලේ භෞතික සම්පත් විතරයි...
    අපේ රටේ බහුතරයක් දෙනා සමාජීය ,ආර්ථික , චින්තනය අතින් නම් ගල් යුගයටත් වඩා ප්‍රාථමිකයි නේ...:P:P

    කොටින්ම රට දියුනු උනාට මිනිස්සු නොදියුනුයි...මට දැනෙන හැටියටනම් මේ සංවර්ධනය ඇත්තටම අසාර්ථකයි...:D

    මට හිතෙන දේ කිව්වේ ඉතින් හොදේද...
    :yes::yes::D:D
     
    පලයන් පො@#න හුට්ටෝ.බදුල්ල ගැන මට කියන්න එන්න එපා.මම ගිය සතියෙත් ගියා ඇතුලේ පාරවල් වල වෙලාවට යන්න බස් නැහැ.පාරක් හදල නැහැ සුද්දෝ හැදුවට පස්සේ.මිනිස්සු බස්වල යනවට වඩා යන්නේ පයින්.දන්න විදියට ගොඩක් ඉස්කෝලවල ගුරවරුත් නැහැ.

    මොනවා නැතත් බදුල්ල ටව්න් එකම වැහෙන්න ලොකු කටවුට් ගොඩක් නම් දාල තියෙනනවා පොන්න වේසිගෙ පුටලගේ.ඔවා ඔක්කොම චන්ද ගන්න දාන ජිල්මාට්

    uba badulleda bn???
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    uba badulleda bn???

    ඔව් ඉස්කෝලේ ගියේ.ඔක්කොම කලේ එහේ.ඒ විඳපු දුක අනාගතයේ උපදින්න ඉන්න උන්ටත් දෙන්න බැරි නිසා ඔක්කොම අත් හැරලා දාල පාදුක්කට ආවා බන්.තාම නැදැයෝ එහෙ ඉන්නේ.ගිය සතියේ මල ගෙදරක ගිය මුන් මෙතැන රෙද්දවල් කතා කලාට එදා වගේම තමා බන් අදත්.වෙනසකට කොළඹ බදුල්ල පාරනම් හදල තියෙනවා බන්
     
    ඔව් ඉස්කෝලේ ගියේ.ඔක්කොම කලේ එහේ.ඒ විඳපු දුක අනාගතයේ උපදින්න ඉන්න උන්ටත් දෙන්න බැරි නිසා ඔක්කොම අත් හැරලා දාල පාදුක්කට ආවා බන්.තාම නැදැයෝ එහෙ ඉන්නේ.ගිය සතියේ මල ගෙදරක ගිය මුන් මෙතැන රෙද්දවල් කතා කලාට එදා වගේම තමා බන් අදත්.වෙනසකට කොළඹ බදුල්ල පාරනම් හදල තියෙනවා බන්

    බදුල්ලේ කොහෙද බන් ??. ඉස්කෝලේ ගියේ කොහේ..:D මොන අව්රුද්දෙ batch එක.. මාත් බදුල්ලේ.. :yes::yes::yes:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බදුල්ලේ කොහෙද බන් ??. ඉස්කෝලේ ගියේ කොහේ..:D මොන අව්රුද්දෙ batch එක.. මාත් බදුල්ලේ.. :yes::yes::yes:

    මම මඩොල්සිමේ බන්.ඉස්කෝලේ පස්සර ගැමුණු මහා විද්‍යාලය බන්.O/L විතරය් එහේ කලේ දැනට 15 years වගේ වෙනවා කොළඹට ඇවිත් අපි.ඉඳල හිටලා දැනටත් යනවා උඹ කොහෙද.
     
    Last edited:

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ගොටුකොළ නමනම් හරියටම දාගෙන තියෙනව .
    මාර ගොට්ට ඇල්ලිල්ලක්නේ අල්ලන්නේ .
     
    මම මඩොල්සිමේ බන්.ඉස්කෝලේ පස්සර ගැමුණු මහා විද්‍යාලය බන්.O/L විතරය් එහේ කලේ දැනට 15 years වගේ වෙනවා කොළඹට ඇවිත් අපි.ඉඳල හිටලා දැනටත් යනවා උඹ කොහෙද.
    ..මන් uva campas හරියේ බන්..