සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ සමඟ බදුල්ල සංවර්ධනයට ලක්ෂ 26570ක් රජය තීරණය කරයි
දොරින් දොරට ගමින් ගමට වැඩසටහනින් දිස්ත්‍රික්කයේම ප්‍රදේශ නංවන්න මුදල්
ගම්මාන 1991කට සෙත සැලසෙන පියවර ග්‍රාමීය පාලම් 10ක ඉදිකිරීම් දැනටමත් අවසන්
සංවර්ධනයේ ප්රතිලාභ රටේ සියලු පාර්ශ්වයන් වෙත ලබාදෙමින් සෑම ප්රදේශයක්ම සංවර්ධනය කිරීමේ අරමුණින් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,657ක (ලක්ෂ 26570) මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.
‘දොරින් දොරට ගමින් ගමට’ ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එම මුදල ලබාදීමට ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව-පරණගම, වැලිමඩ, මහියංගනය, පස්සර, බදුල්ල, හාලිඇල, වියළුව යන මැතිවරණ කොට්ඨාශ නවයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ග්‍රාමසේවා වසම් 567 ක සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක කරන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 239,463කට ජනගහනය 811,758 ක් බවද ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 59,273 ක් බවද ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මඟින් ගම්මාන 1,991කට සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි.
මෙම සංවර්ධන වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් ගේ මඟ පෙන්වීම යටතේය.
මේ අනුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 54ක්ද ගම නැගුම වැඩසහන යටතේ රුපියල් මිලියන 840ක්ද වනජීවී සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 70ක්ද පුබුදුමු වෙල්ලස්ස වැඩසටහන් සඳහා රුපියල් මිලියන 824ක්ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හදුනා ගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 175ක්ද විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 40ක්ද ලැබී තිබේ.
ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 10ක් දැනටමත් ඉදිකිරීම් අවසන්කර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු ආරම්භකර ඇත.

ඉස්සර අපි ඉස්කොලෙට යන්න වින්ද දුක අපිට තාම මතකයි...පාරවල්වල යන්න බෑ ඒ කාලේ පයින්වත්...
වැඩි කාලයකට කලින් නෙවෙයි.... අවුරුදු 5කට කලින් වගේ...එත් දැන් බදුල්ල කොච්චර දියුණුද අප්පා...
රාජපක්ෂ ලොක්කලා පාරවල් ටික,ඉස්කෝල බිල්ඩින් ටික,රජයේ ගොඩනැගිලි ටික නම් දෙයියනේ කියලා හැදුවා ඉස්සරට වඩා ලක්ෂ ගුනයක් හොදට..... 