ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්

    Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
    අපි පුංචි සෙල්ලමක් කරමු.
    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි
    2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

    :yes::yes::yes::yes::yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි රටවල් බෙදාගෙන මරාගන්න ඕනේ නෑ ඕනෙම කෙනෙක් හිටපු දෙන් නමුත් රටේ ප්‍රාධාන ආගම බෞද්ධාගම වශයෙන් තිබිය යුතුයි ඒ වගේම අනෙක් ජාතින් ඒකට ගරු කරලා ඉන්න දැනගන්න ඕනේ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ කතාව තව තවත් ශෙයාර් කරපන් මචන්. මේක තමයි ඇත්ත. මහ උන්ට පේන්නෙ නැති උනාට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    දමිල කතෝලිකයාට තේරෙන දේ අපේ පාලක සිංහල බෞද්ධ සොන්නයින්ට තේරෙන්නේ නැති එක තමයි කරුමේ.

    රෙස්පෙක්ට් ටු හිම්
     
    • Like
    Reactions: jsandun

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    අපි රටවල් බෙදාගෙන මරාගන්න ඕනේ නෑ ඕනෙම කෙනෙක් හිටපු දෙන් නමුත් රටේ ප්‍රාධාන ආගම බෞද්ධාගම වශයෙන් තිබිය යුතුයි ඒ වගේම අනෙක් ජාතින් ඒකට ගරු කරලා ඉන්න දැනගන්න ඕනේ.

    :yes::yes:
     
    Dec 14, 2012
    215
    17
    0
    දමිල කතෝලිකයාට තේරෙන දේ අපේ පාලක සිංහල බෞද්ධ සොන්නයින්ට තේරෙන්නේ නැති එක තමයි කරුමේ.

    රෙස්පෙක්ට් ටු හිම්

    තේරෙන්නෙ නැතුව නෙමෙයි බන්. උන්ගෙ වාසියට තේරෙන්නෙ නැතුව වගේ් ඉන්නව.