ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ

    ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ

    පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ජනාධිපතිතුමාගේ මුහුණටම කියලා...

    456.jpg

    [FONT=&quot]විශිෂ්ට කලාකරුවෙක් වූ පේ‍්‍රමකීර්ති අල්විස් මහතා ඝාතනය කර ජූලි 31වන දිනට වසර 25ක් සම්පූර්ණ වේ. එම මහතාගේ ගුණ සමරු උත්සවයක් එදින ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේදී සංවිධානය කර තිබුණි. වික්ටර් රත්නායක ප‍්‍රමුඛ කලාරුවන් රැසක් ඒ සඳහා දායකත්වය සැපයීය. ජනාධිපතිවරයා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා විය. උත්සවයට ආරාධනා ලැබ පැමිණි සිටි පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය [/FONT][FONT=&quot]‘‘[/FONT][FONT=&quot]ජනාධිපති තුමනි[/FONT][FONT=&quot], පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] යනුවෙන් ජනාධිපති වරයාගේ මූහුණටම පවසා තිබේ. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.[/FONT]
    [FONT=&quot]මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ අල්විස් මහත්මිය මෙසේද පවසා සිටී.[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]‘‘[/FONT][FONT=&quot]පේ‍්‍රමකීර්ති වෙනුවෙන් විවිධ උපහාර කරනවා. පිංකම් කරනවා. නමුත් පේ‍්‍රමකීර්තිගේ ඝාතනය ගැන කතා කරන්න හිටියේ බොහෝම ස්වල්පයයි. මම අවුරුදු විසි පහක් තිස්සේ මේ ගැන හොයලා අවසානයේ සිද්ධ වෙච්ච දේ ගැන නිගමනයකට ඇවිල්ලා හිටියේ. මම ජනාධිපති තුමාට යම් යම් පණිවිඩ මඟින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම වෙනත් අයටත් කිව්වා පේ‍්‍රමකීර්තිව මැතිවරණ හමුවේ විකුණාගෙන කන්න එපා. මේක කළේ ජේ.වී.පී.එකෙන් නෙමෙයි කියලා. මේක ගැන නඩුවක් ගියා. ඒත් අල්ලපු සැකකාරයෝ පිළිබඳව පෙරඩ් එකක්වත් නැතුව එය හරිම විහිළු ආකාරයට අවසන් වුනා.[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප‍්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප‍්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම් කරන්නේ කියලා. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති මැරුවා කියලා කියන්න හදනවා කියලා. මම උත්සවයට ගියා. ජනාධිපතිතුමා උත්සව සභාවේ ඉඳගන්නත් කලින් අර ප‍්‍රදර්ශනය බලන්න ගියා. මට කල්පනා වුනා මේක වෙන්නේ ඉතාමත් උපක‍්‍රමශීලීව කියලා. මම අවරුදු විසිපහක් ලෙඩ රෝග සහ දුක් කන්දරාවලට ගොදුරු වෙවී මේක කළේ පුද්ගලික පළිගැනීමකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජේ.වී.පී. එකෙන් නෙමෙයි කියලා කියපු ඒවා වතුරේ යනවා කියලා දැන ගත්තා. මම හොඳ වෙලාවට ඔය කාරණාව ගැන ලියපු [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පේ‍්‍රමකීර්තිනී[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොත අරගෙන තමයි ආවේ. මට වේදනාව දරා ගන්න බැරුව පොතේ වාක්‍ය දෙකක් ලිව්වා. ජනාධිපති තුමනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය කියලා ලිව්වා. ජනාධිපතිතුමා මාව පසු කරලා යන්න යනකොටම මම ජනාධිපති තුමනි කියලා කතා කරාම එතුමා නැවතුණා. මම පොත දෙමින් ගමන කිව්වා ජනාධිපති තුමනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මං මේ ලෝකේ කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පේ‍්‍රමකීර්ති වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකට හේතුව මිනීමරුවා ඔබතුමා හෙවනේ ඉන්නේ කියලා කිව්වා. ලෝකයා ඉදිරිපිට මේ ඉල්ලීම කළේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ වෙනුවෙන් සාධාරණය ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා අඩ අඩා පොත දුන්නා[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]source : http://www.lankatruth.com
    [/FONT]
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අති උත්කෘෂ්ටයි ප්‍රේමකීර්ති මැතිනියනි,

    බලමු සංවේදී නායක තුමා හද්ඩට පෑමක් උගන්වන හැටි :yes::yes::yes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,286
    27,731
    113
    ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ මඩ ගොඩක්

    කොළඹ 07 ටොරින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර ඇති මාර්ගය ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ නමින් නම්කර විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) සිදු කෙරේ.

    මෙහි විශේෂත්වය වන්නේ ප්‍රේම කීර්තිගේ ඝාතනයට වගකිව යුත්තා මේ මාවතටම යාබද වැටේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිකමක් කිරීමය. ප්‍රේමකීර්ති ඝාතනයට සෘජුව වගකිව යුත්තේ ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපත් හඩ්සන් සමරසිංහ බව ප්‍රේමකිර්තිගේ බිරිඳ පවසනවා පමණක් නොව ඒ හෙළි කරමින් පොතක්ද ලිව්වාය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂද මේ කතාව නොදන්නවා නොවේ. එහෙත් ඒ නොදන්නවා ලෙස හිඳිමින් මෙම මාවත විවෘත කරන්නේ මේ ඝාතනයට වගකිවයුතු නැති ජනතා විමුක්ති පෙරමුණට මඩ ගසමිනි.

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ විසිපස් වැනි ගුණ සමරුවට සමඟාමීව කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනයට ලක් වූ කාල සමයේ දී ඝාතනයට ලක්වූ කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි කීර්තිමත් පුද්ගලයන්ගේ ඡායාරූප එම ප්‍රදර්ශනයට එක්කර ඇත.

    1967 වසරේ දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා 1971 වසරේ ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර 1989 වසරේ ජුලි 31 දා සාහසික ලෙස ඝාතනය කරන ලදී. ඒ වනවිට ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සේවය කළේය.

    කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මඩ ගැසීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවට රෙජිමය තීන්දු කළේ පසුගිය බස්න්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිපල වලින් පසුව බුද්ධි අංශ විසින් ඉදිරිපත් කෙරුණු වර්තා අනුවය. එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා තෙවන බලවේගය වනු ඇතැයි බියෙන් ඔහු හා ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහිව දැඩි අවලාද ව්‍යාපාරයක් හා එම පක්ෂයේ අපේක්ෂකයන් මිළදි ගැනීමට කටයුතු කළද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවීම රෙජීමය නොසලකා හැරියේ ඒ වන විටත් එම පක්ෂය අතිශය දුර්වලව පැවැතීම හේතුවෙනි. ජවිපෙ එම මැතිවරණයේදී නව නායකත්වය සමඟින් යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියට පැමිණියද සරත් ෆොන්සේකා තෙවන බලවේගය බවට පත් විය.

    මේ තත්වය මත බුද්ධි අංශ විසින් ඉදිරිපත් කෙරුණු වර්තා අනුව ඌව මැතිවරණයේදී ජවිපෙට එරෙහිවද මඩ අවලාද සහිත ව්‍යාපාරයක් ගෙන යාමට රෙජිමය තීන්දු කොට ඇත. අද සිදුවන්නේ එහි එක් පියවරකි.

    :rofl:
     
    • Like
    Reactions: dhanuka1990

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැත් ශක්තිමත් කරනකම් මොනවාත් කරන එකක් නැහැ
    මරන්න ඔන උල තියලා
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ඉතාමත් හොදයි මැතිනියනි.. නිර්භිතව කතා කරලා තියෙනවා.. හඩ්සන් කියන්නේ රටට පිළිලයක්, තනිකරම හොරෙක්.. පු** දෙන්න උපන් හැකියාවක් තියෙන පුද්ගලයෙක්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Akalaye ratata ahimi wechcha eatuna minihek premakirthi,ara ponna wesa hadu balla thamai oya manussayawa marewwe,balamu lokka moko karanne kiyala,me wage seen walata prasiddiya denna ona ban redi galawena unge redda galawila bimata watennama
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    එතුමිය කියන කතාව හොයල බලල, ඒ ගැන වැරදිකරුවන්ට විරුද්දව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආණ්ඩුව නම් ඇහැ කන පියාගෙන ඉදිවී. උන්ට ඕනේ බලය රැකගන්න. අඩුමගානේ ස්වාදීන කොමිසන් විත් තිබ්බ නම් එතුමියට ඒවායේ පිළිසරණ පතන්න තිබ්බ.

    දැන් අවුරුදු 25ක් විතර වෙන නිසා සාක්කි ඉතිරිවෙලා තියෙනවද කියල සැකයි. කොහොම උනත් මේ ගැන උසාවියේ නඩුවක් ගිහිල්ල වැරදිකරුවන්ට දඩුවම් පවා දීල තියෙනවා.

    http://www.lankanews.org/2014/05/blog-post_8709.html

    ඒ කලේ වෙච්ච එක මනුෂගතනයක වගකීම ඔය විප්ලවවාදී දේශපාලන පක්ෂය බාර අරගෙන තියෙනවද? unp ආණ්ඩුව බාර අරන් තියෙනවද? නිකම් කියනවා අපි ඒ ගැන කණගාටු වෙනවා කියල. ලැජ්ජාවක් නැතිව දැන් ඒවා ගැන කතා කරනවා.

    ආණ්ඩුවේ 88-89 ශිෂ්‍ය ඝාතනවලට සම්බන්ද (ත්‍රීමවිතන) හිටපු unp එවුනුත් හොදට ඉන්නේ. හැබැයි උන් උසාවියෙන් නිදහස් උන.

    විජේ කුමාරතුංග, නන්දන මාරසිංහ, සාගරිකා ගෝමස් ............කලාකරුවොත් මතක් වෙනවා. මේවා කතාකරන්න ගියොත් කෙළවරක් නැහැ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේ ගාතනය ගැන අපි කවුරුත් දන්නා තව මතයක් තියෙනව. කවුරු හරිද වැරදිද මන්ද.

    copyright
    http://www.lankanews.org/2014/05/blog-post_8709.html

    ප්‍රේමකීර්තිගෙ අත්දෙක පුරාම තුවාල -වික්ටර්

    දවසක් මහ රූ අපේ පොඩි රැස්වීමක් තිබුණ. ඒ රැස්වීමට ප්‍රේමකීර්ති එනව කිව්ව වෙලාවට එන්නැතුව රෑ එකොළහත් පහුවෙලා ටැක්සියක ආවා. ටැක්සියේ රියදුරු තමයි අපිට කිව්වෙ, "ප්‍රේමකීර්ති මහත්තය ඇවිත් ඉන්නව" කියල. ප්‍රේමකීර්ති අපි ඉන්න තැනට ආවෙ නෑ. ගිහින් බලපුවාම මූණෙත් තුවාල. අත්දෙකෙත් තුවාල. ශරීරය පුරා තුවාල තිබුණ. ගෙදර ගැටුමක් වෙලා තමයි ඇවිත් තියෙන්නෙ. ඊට දවස් තුනකට හතරකට පස්සෙ මම කිව්ව "ප්‍රේම් මගේ වැඩසටහන තියෙනව. ගීතයක් ලියන ඕනෙ" කියල.ඔහු මට ගීතයක් ලියල දෙනවා,

    හිම සෙල මෙන් සිසිල හෙලූ

    ගිනි සිල මෙන් කිපෙන සුලු

    පැවතුම් ගැන ඔබට පොදූ

    මම තවමත් සිතමි සුදූ

    මොනතරම් උපේක්ෂා සහගත සංවේදී කලාකරැවෙක්ද ඔහු. එවැනි ගැටුමක් ඇති වෙලා දෙන්නා නොහොඳ නෝක්කාඩු වෙලා එදා රූ තුවාල ඇතුව ඇවිල්ල ඉන්නවා දැකපු මටම ඔහු ලියල දෙනව ප්‍රේමවන්තිය ගැන. එයින්ම අපට දැනෙනව ඔහුගේ පෑන් තුඩට කොයිතරම් සංවේදී අදහස් ගලාගෙන එනවද කියල.

    .....................................................................................
    තුවක්කුකරුවනට බිළිවූ පේ‍්‍රමකීර්ති
    කට ගීත රචකයකු කවියකු මෙන්ම ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ හෝමාගම කටුවානේදී සාහසිකයන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.
    ඒ මහතා එම රුදුරු ප්‍රහාරයට ලක්ව සදහටම ජීවිතයෙන් සමුගෙන ලබන ජුලි 31 වැනි දිනට වසර 21 කි.
    එවකට පැවැති භීෂණය හමුවේ ප්‍රේමකීර්තිට මරු කැඳවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කීප දෙනකු විසින් යැයි චෝදනා කෙරිණි. එහෙත් අධිකරණය ඉදිරියේ නඩුව විභාග වූයේ සමන් ප්‍රියංකර ගමගේ නමැති තරුණයා පිළිබඳව පමණි.

    ඔහු 1989 ජුලි 31 වැනිදා මිලින්ද, ලක්ෂ්මන්, වික්‍රම සහ පැමිණිල්ල නම නොදත් අන් අය සමග එක්ව ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කරන ලදැයි යනුවෙන් හදිසි නීති රෙගුලාසි යටතේ චෝදනා ලැබ සිටි්යහ.
    1994 මාර්තු 18 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධර්මදාස ජයවික්‍රම මහතා විත්තිකරු වරදකරු යැයි තීරණය කරමින් ඔහුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
    ‘ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ
    ඔබ මතු බුදු වන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවණ පතා අද මෙන්
    පැමිණෙන්නෙමි
    සුළැඟිල්ලේ එල්ලී . . . .
    මෙවන් ගී රචනා කරමින් සුවහසක් ශ්‍රාවක හදවත් අමන්දානන්දයට පත් කළ ප්‍රේමකීර්ති අකාලයේ මිය නොගියා නම් අදටත් මේ දේශයට කලා ලොවට ඔහුගෙන් සිදු වන්නා වූ මෙහෙය මිල කළ නොහැකි වනු ඇත.
    එහෙත් අවිගත් කුරිරු මිනිසුන්ට එම කලාකරුවාගේ වටිනාකම තේරුම් ගියේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ කිසිදු පදනමක් නොමැති චෝදනාවක් මත එම උතුම් මිනිස් ජීවිතය විනාශ කර දැමීම පමණි.

    1989 කාල පරිච්ඡේදය මේ රටේ සිය දහස් ගණනින් මිනිස් ජීවිත විනාශයට පත්වූ කාලයකි.පැවැති රජයත් ප්‍රචණ්ඩකාරී පිරිස් අතරත් පැවැතියේ දැඩි වෛරයකි. පවතින ආණ්ඩුව බිඳ දමා වෙනත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රචණ්ඩකාරී තරුණයෝ සටන්කළහ.
    මේ සටනේ ප්‍රතිඵලය වූයේ අහිංසක තරුණ ජීවිත තැන් තැන්වල මරා දමා ටයර් සෑ වල ගිනි ගැනීමයි. ප්‍රභූවරු මැති ඇමැතිවරු කලාකරුවෝ ඇතුළු පිරිස් මෙන්ම තරුණ ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව කතා කරන වැඩි දෙනෙක් වෙඩි උණ්ඩයට බිලි වූහ.
    පේ‍්‍රමකීර්ති ද අල්විස් නමැති උතුම් ගත්කරු කලාකරුවාට ද මෙලෙස වෙඩි උණ්ඩයකට බිලිවීමට සිදුවූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
    1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා තම බිරිය නිර්මලා සහ පුංචි පුතු සමග හෝමාගම පිහිටි නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියහ.
    ඒ අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මරණීය තර්ජන එල්ල කර නිවසේ සිටි සෙසු පිරිස කාමරයකට දමා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා නිවසින් පිටතට කැඳවාගෙන ගිය බව පැවසේ.
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඔවුන් සමග නිවසින් පිටතට ගියේ කිසිදු කතා බහක් නොමැතිවය. ඇතැම් විට ඔවුන් තමාට යම් අපරාධයක් සිදු නොකරනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
    ගන අඳුරේ හෝමාගම කටුවාන හන්දිය ආසන්නයට ගිය අවිගත් කණ්ඩායම එතැන නැවතී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට චෝදනාවක් එල්ල කළේය. එය ඔවුන්ගේ පෙරමුණ විසින්ම සාදා ගනු ලැබූ චෝදනාවකි.
    එම පෙරමුණට එරෙහිව කතා කිරීම ඔවුන්ගේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම පවතින ආණ්ඩුවට සහාය දැක්වීම ඇතුළු බොහෝ චෝදනා ඔවුහු එල්ල කළහ. ප්‍රේමකීර්ති අල්විස් මහතාගෙන් එම චෝදනාවට වැරදිකරු බව පිළිගන්නේ දැයි ද ඔවුහු විමසා සිටියහ.
    එහෙත් ප්‍රේම කීර්ති මහතා නිහඬව අඳුරේ බලා සිටියා මිස පිළිතුරු දුන්නේ නැත. තවත් මොහොතක් හෝ බලා නොසිට සිත් පිත් නැති අවි ගත්තෝ පේ‍්‍රමකීර්ති අල්විස් නමැති ඒ උතුම් මිනිසාගේ ළය පසාරු කරගෙන යන පරිදි වෙඩි පහර කීපයක් එල්ල කර එතැනම මරා දමා පලා ගියහ.
    ප්‍රේමකීර්ති අල්විස් මහතා මරා දමා ගිය ආරංචිය පසු දින රට පුරා පැතිර ගියේ මුළු රටක්ම කම්පාවට පත් කරවමිනි. රටක ජනතාවගේ සිත් සතන් නිවා සනසාලන්නට ගී පදවැල් ලියූ ඒ කලාකරුවාට මරණීය දණ්ඩනය නියම කිරීමට ඔහු කළ අපරාධය කුමක්දැයි අද වන තෙක්ම මේ රටේ ජනතාවට ගැටලුවකි.
    ඒ 1994 ජූලි මස 31 වැනිදා ය. වේලාව රාත්‍රී අට පසුවී ඇත. අඳුරු සේයා අතරින් මතු වූ සිව්දෙනෙක් පිටුපස දොරින් නිවෙසට ඇතුළු වූහ. කළු මුහුණු ආවරණ සහිතව සිටි ඔවුන් අත වූයේ ගිනි අවිය.
    ‘කෝ...ප්‍රේමකීර්ති..”
    ඔවුහු සාලයට ආහ.
    ‘ඇයි මල්ලියේ..”
    ‘අපි යන්න එපා කියද්දිත් මෙයා දවස් තුනක් වැඩට ගිහින් තියෙනවා... අපි නොකා නොබී රට වෙනුවෙන් වැඩ කරනවා... මේ අය ආණ්ඩුවට කත් අදිනවා...” එතැන සිටි එකෙක් කීය.
    ‘අපි මෙයාට සුළු දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙන්නේ...”
    ‘ඔයා මරන්න තරම් වරදක් කරල නැහැ. හැබැයි අපට ඔයා එක උදව්වක් කරන්න ඕනෑ... රැකියාවට ගියාට දඬුවම කියලා බෝඩ් එකක් තියාගෙන හෝමාගම හන්දියේ පැය විසිහතරක් ඉන්න ඕනෑ..” මරණය හමුවේ මෙය විහිළුවක්දැයි ප්‍රේමකීර්ති ට සිතෙන්නට ඇත.
    ‘දැන් දොරවල් වහලා ඉක්මනට යමු..”
    ප්‍රේමකීර්ති නිවෙසින් එළියට බැස්සේ සියල්ලන්ගේම මුහුණු බලාය. ඒ ඔහුගේ අවසන් බැල්ම යැයි කිසිවෙක් නොසිතූහ.
    ඝාතකයන් සමඟ ප්‍රේමකීර්ති පිටත්වූයේ රාත්‍රී 8.40 ටය.
    ‘මාව මරන්න එපා. ඕන දඬුවමක් දෙන්න පැය 24ක් නෙමේ මුළු මාසයක් පුරාම මම බෝඩ් ලෑල්ල අල්ල ගෙන ඉන්නම්...”
    මරණය පිළිබඳ සැකයේ අන්තිම ඉඟිය දැනුණු ප්‍රේමකීර්ති වෙඩි උණ්ඩයට කලින් කීවේ ය. ඒ සමඟම ප්‍රේමකීර්ති ගේ ගමන ඉක්මන් විය.
    හරියටම රාත්‍රී 9.21 ට ඈත රබර් මණ්ඩියෙන් නැඟුණු වෙඩි හඬ තුනක් ගුවන සිසාරා ගියේ ය.
    ප්‍රේමකීර්ති ද අලිවිස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ එවකට හෝමාගම ප්‍රදේශයේ එක්තරා දේශපාලන පක්ෂයක සන්නද්ධ අංශ නායකයා ඇතුළු පිරිසකටය. එම නායකයා ගෙන්වා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දී තිබුණි.
    එම ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා ඝාතන කල්ලිය දින කීපයක් පුරා සැලසුම් සකස් කර තිබිණි. මුලින්ම යතුරු පැදියක ගමන් කළ ඔවුන් ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ නිවසට යන පාර අසා දැනගෙන තිබුණේ මහලු කාන්තාවකගෙනි.
    ඒ අනුව සැලසුම දියත් කළේ 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේදීය. එදින ඔවුන් රාත්‍රී දහයට පමණ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නිවසට ඇතුළු වූයේ නිවස ඉදිරිපිටින් වැටී ඇති නීත්‍යානුකූල පාරෙන් නොව නිවසට පිටුපසින් ඇති කැලෑ පාරක් හරහා යමිනි.
    ඔවුන් ගේ පිටුපස සිට බලන විට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා බිරිය පුතු ඇතුළු පිරිස රූපවාහිනිය බලමින් සිටියහ.
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කළ ද එම ඝාතනය සිදු කළ අපරාධකරුවන් සොයා ගැනීම එතරම් පහසු නොවීය.

    ප්‍රේම් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව පුතු සහ නිර්මලා සමඟ
    එහෙත් ඔත්තුකරුවකු දුන් තොරතුරු මත එවකට හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රේමකීර්ති ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගත්තේය. එම සැකකරු අනතුරුව ඝාතනය සම්බන්ධ බොහෝ තොරතුරු පාපොච්ඡාරණය කර තිබිණි.
    එවකට එම ප්‍රදේශය බාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා ඝාතනයට සම්බන්ධ සියලු තොරතුරු අගමුල ඇතිව සොයා ගත්තේය.
    සැකකරු එම පාපොච්ඡාරණය කර තිබුණේ සිය කැමැත්තෙන් බව පසුව මහාධිකරණය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හෙළිදරව් විය.
    එවකට කොළඹ මහාධිකරණ විනිසකරු ඩී. ජයවික්‍රම මහතා ඉදිරියේ නඩුව විභාග විය.
    හෝමාගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියේය. මාස ගණනාවක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කෙරිණි. එම තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.
    නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපොච්ඡාරණයේ සඳහන්ව ඇති කරුණුවලින්ම

    ප්‍රේමකීර්ති ද අල්විස් තම පුතු පූර්ණ සමඟ
    මර්සලින් ජයකොඩි පියතුමා හමු වූ මොහොතක්
    තහවුරු වී ඇති බව තීරණය කරයි යනුවෙනි.
    තවද විත්තිිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කරයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චයකාරවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි.
    අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු මෙසේ ද පැවසීය.
    ‘විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වූවත් මෙම අධිකරණයට නීතිය අනුව නියම කිරීමට ඇති දඬුවම් ඇත්තේ 2 ක් පමණි.
    එනම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමයි.
    එයින් මරණ දඬුවම නියම කළා වූවත් එය ද දැනට ක්‍රියාත්මක නොවන දඬුවමකි. එබැවින් හදිසි නීති රෙගුලාසි යටතේ 24 (1) ‘අ’ වගන්තියේ නියමිත පරිදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමි’ යනුවෙනි.
    මෙසේ දඬුවම් ලැබූ සමන් ප්‍රියංකර ගමගේ තමා කළ වරදට වැලිකඩ සිර ගෙදර දඬුවම් විඳිමින් සිටියි.
    ප්‍රේමකීර්ති එදා කළ කීදෑ මෙලෙස පොලීසිය හමුවේ කී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගයෙන් පසු ජීවිතාන්තය දක්වා සිපිරිගෙයට නියමවිය.
    විජයානි එදිරිසිංහ
     
    premakeerthige wife kiyanawa hadda maruwe kiyala. uba dan mokadda meken kiyanna adahas karanne ? :dull::dull::dull: niyama mineemaruwa thama eliye. :sorry::sorry:
    Tarawatthe Ajith kiyana underworld leader ta kiyala thamai marawala thiyenne..
    http://lankanstuff.blogspot.com/2011/08/who-killed-premakeerthi-de-alwis.html
     
    Last edited: