හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරය.

ඕනන කිව්වා වගේ හක්ගල හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරයේ පින්තුර ටිකක් අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් අතර බෙදා ගන්න හිතුව .
විශේෂයෙන් කියන්නේ ඕනේ මේක තමයි මගේ එළකිරියේ 1000 පොස්ටුව
. මම 2011 නොවැම්බර් වල තමයි සාමාජිකයෙක් ලෙස එලකිරියට බැදුණේ .
ඉතින් මගේ එළකිරි ජිවිතේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් නිසා තමයි මේවගේ පොස්ට් එකකින් එන්න හිතුවේ .

එහෙනම් මෙන්න මෙහෙමයි අපේ ගමන අපි ආරම්හ කරේ . උදේ 10 ට විතර තමයි නුවර එළියෙන් පිටත් උනේ.
නුවරඑළියෙන් පිටත් උන අපේ මග වැටි තිබුනේ මෙහෙමයි .
නුවරඑලිය නගරයෙන් පිටත් වෙද්දී තිබුන පැහැපත් කාලගුණය සම්පුර්ණයෙන්ම වෙනස් උනා . මිදුම ඉතා ඝනව පැවතුනා .
පරිසරය මේ අයුරෙන් සුන්දරව පැවතුන
මාර්ගයේ ඇතැම් ස්ථාන මේ අයුරින් නාය ගොස් තිබුන .
ඕනන අපි හක්ගල උද්භිද උද්‍යානයට ආව .
මේ ස්ථානය ගැන කෙටි හැදින්වීමක් අපට ලබා දුන් අත්පත්‍රිකාවේ මෙසේ සටහන් වී තිබුන .
ශ්‍රී ලංකාවේ සිංකෝනා වගාව පිළිබදව අත්හදා බැලීමේ සහ එම වගාව ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව 1861 දී හක්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කරන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ජනප්‍රිය නිවාඩු නිකේතනය වන නුවරඑළිය නගරයට කි.මි. 9.5 ක් ගිනිකොන දෙසට වන්නට කදුකරයේ පිහිටි ශ්‍රී ලංකාවේ තේ වතු මධ්‍යයේ බදුල්ල මාර්ගයට මායිම් ව හක්ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 1745 ක් පමණ උසින් පිහිටි, හෙක්ටයාර් 28 ක පමණ වපසරියකින් යුත් හක්ගල උද්භිද උද්‍යානය (අලියාගේ හකුගල) යන අරුත ඇති හක්ගල පරිවතයේ සෙවනේ වැතිර හුදෙකලාව සිටින යෝධයෙකු ලෙස මෙම මහා පර්වතය, උද්‍යානය හා අවට පිහිටි වන රක්ෂිතයට පිටුපසින් මීටර් 2200 ක් පමණ උසට විහිදී යයි.
පර්වතයේ පහළ බෑවුමට වන්නට උද්‍යානය හෙල්මළු කීපයක හැඩය ගන්නා අතර ඌව මිටියාවතකට මුහුණලා සිටී. මිටියාවත හරහා වැටී ඇති මඩුල්සිම සහ නමුණුකුල කදු වැටිවල මනස්කාන්ත දර්ශනයක් ඈත දර්ශනතලයෙන් දිස්වේ. උද්‍යානයෙහි දේශගුණය උපනිවර්තන කලාපීය ගී, නැවුම් දේශගුණයක් පවතින අතර තරමක් දුරට ඇල්පයින් වාතාවරණයට සමානකමක් දක්වයි. උෂ්ණත්වය සෙ.ග්‍රේ. 3 සිට සෙ.ග්‍රේ. 15 දක්වා පරාසයක විහිදේ. වාර්තාගත වී ඇති අඩුම උෂ්ණත්වය සෙ.ග්‍රේ 3 වේ. උද්‍යානයට මෝසම් දෙකකින් වර්ෂාව ලැබේ. මැයි මස සිට අගෝස්තු දක්වා නිරිත දිගින් ද ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ඊසාන දිගින් ද වැසි ලැබෙන අතර සාමාන්‍ය වර්ෂාපතනය මි.මී. 2300 ක් පමණ වේ. නිරිතදිග මෝසම් සුළං කාලය තුළ ඝන මීදුම උද්‍යානය වසා ගත් විට, වැඩි වශයෙන් අපරභාගයේ සහ සන්ධ්‍යා කාලයේ තද වර්ෂාපතනයක් කඩා වැටේ. උද්‍යානය නැරඹීමට වඩාත්ම සුදුසු කාලය වන්නේ නුවරඑළිය නිවාඩු සමය වශයෙන් වඩාත් ප්‍රචලිත මාර්තු මස මැද සිට අප්‍රේල් මස අවසානය දක්වා වූ කාලයයි. සෞම්‍ය දේශගුණය හා සුපිරි රෝස ඕකිඩ් ආදී හේතුවෙන් උද්‍යානය වඩාත්ම දර්ශනීය ස්වභාවයක් උසුලන්නේ මේ කාලයට ය.
උද්‍යානයේ ඇති වෘක්ෂලතා පැහැදිලි ලෙසම උපනිවර්තන කලාපයට අයත් වන අතර ඒවායේ දේශිය කදුකර විශේෂ වලින් හා වෙනත් උපනිවර්තන රටවලින් හදුන්වා දෙන ලද ශාකවල සම්මිශ්‍රණයක්ද ඒ සමග දක්නට ලැබේ. මේවා උද්‍යානයේ විවිධ අංශවල ඉතා ක්‍රමානුකූලව රෝපණය කර ඇත.
එහෙනම් වැඩි කතාවක් නැතුව ෆොටෝ ටික බලමු .
රෝසමල් වගාව .
හක්ගල උද්භිද උද්‍යානයේ සුන්දරත්වයත් සමග .....
උද්‍යානයට පැමිණෙන වාහන නවත්වා තබන ස්ථානය උද්‍යානය මුදුනට පෙනෙන අයුරු .
ඔන්න ඔහොම තමයි හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරයේ ජයාරූප මතකයන් අවසන් උනේ .
මගේ සංචාරයේ මතකසටහන් ඔයගොල්ලොන්ටත් වැදගත් උනා නම් සලකල යන්න (දන්නවනේ
) අමතක කරන්න එපා . 

අයෙත් මේවගේ ලස්සන සංචාරයකින් හමුවෙමු .
හැමෝටම ජය වේවා !

හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරය.

ඕනන කිව්වා වගේ හක්ගල හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරයේ පින්තුර ටිකක් අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් අතර බෙදා ගන්න හිතුව .
විශේෂයෙන් කියන්නේ ඕනේ මේක තමයි මගේ එළකිරියේ 1000 පොස්ටුව
. මම 2011 නොවැම්බර් වල තමයි සාමාජිකයෙක් ලෙස එලකිරියට බැදුණේ . ඉතින් මගේ එළකිරි ජිවිතේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් නිසා තමයි මේවගේ පොස්ට් එකකින් එන්න හිතුවේ .

එහෙනම් මෙන්න මෙහෙමයි අපේ ගමන අපි ආරම්හ කරේ . උදේ 10 ට විතර තමයි නුවර එළියෙන් පිටත් උනේ.
නුවරඑළියෙන් පිටත් උන අපේ මග වැටි තිබුනේ මෙහෙමයි .
නුවරඑලිය නගරයෙන් පිටත් වෙද්දී තිබුන පැහැපත් කාලගුණය සම්පුර්ණයෙන්ම වෙනස් උනා . මිදුම ඉතා ඝනව පැවතුනා .
පරිසරය මේ අයුරෙන් සුන්දරව පැවතුන
මාර්ගයේ ඇතැම් ස්ථාන මේ අයුරින් නාය ගොස් තිබුන .
ඕනන අපි හක්ගල උද්භිද උද්‍යානයට ආව .
මේ ස්ථානය ගැන කෙටි හැදින්වීමක් අපට ලබා දුන් අත්පත්‍රිකාවේ මෙසේ සටහන් වී තිබුන .
ශ්‍රී ලංකාවේ සිංකෝනා වගාව පිළිබදව අත්හදා බැලීමේ සහ එම වගාව ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව 1861 දී හක්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කරන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ජනප්‍රිය නිවාඩු නිකේතනය වන නුවරඑළිය නගරයට කි.මි. 9.5 ක් ගිනිකොන දෙසට වන්නට කදුකරයේ පිහිටි ශ්‍රී ලංකාවේ තේ වතු මධ්‍යයේ බදුල්ල මාර්ගයට මායිම් ව හක්ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 1745 ක් පමණ උසින් පිහිටි, හෙක්ටයාර් 28 ක පමණ වපසරියකින් යුත් හක්ගල උද්භිද උද්‍යානය (අලියාගේ හකුගල) යන අරුත ඇති හක්ගල පරිවතයේ සෙවනේ වැතිර හුදෙකලාව සිටින යෝධයෙකු ලෙස මෙම මහා පර්වතය, උද්‍යානය හා අවට පිහිටි වන රක්ෂිතයට පිටුපසින් මීටර් 2200 ක් පමණ උසට විහිදී යයි.
පර්වතයේ පහළ බෑවුමට වන්නට උද්‍යානය හෙල්මළු කීපයක හැඩය ගන්නා අතර ඌව මිටියාවතකට මුහුණලා සිටී. මිටියාවත හරහා වැටී ඇති මඩුල්සිම සහ නමුණුකුල කදු වැටිවල මනස්කාන්ත දර්ශනයක් ඈත දර්ශනතලයෙන් දිස්වේ. උද්‍යානයෙහි දේශගුණය උපනිවර්තන කලාපීය ගී, නැවුම් දේශගුණයක් පවතින අතර තරමක් දුරට ඇල්පයින් වාතාවරණයට සමානකමක් දක්වයි. උෂ්ණත්වය සෙ.ග්‍රේ. 3 සිට සෙ.ග්‍රේ. 15 දක්වා පරාසයක විහිදේ. වාර්තාගත වී ඇති අඩුම උෂ්ණත්වය සෙ.ග්‍රේ 3 වේ. උද්‍යානයට මෝසම් දෙකකින් වර්ෂාව ලැබේ. මැයි මස සිට අගෝස්තු දක්වා නිරිත දිගින් ද ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ඊසාන දිගින් ද වැසි ලැබෙන අතර සාමාන්‍ය වර්ෂාපතනය මි.මී. 2300 ක් පමණ වේ. නිරිතදිග මෝසම් සුළං කාලය තුළ ඝන මීදුම උද්‍යානය වසා ගත් විට, වැඩි වශයෙන් අපරභාගයේ සහ සන්ධ්‍යා කාලයේ තද වර්ෂාපතනයක් කඩා වැටේ. උද්‍යානය නැරඹීමට වඩාත්ම සුදුසු කාලය වන්නේ නුවරඑළිය නිවාඩු සමය වශයෙන් වඩාත් ප්‍රචලිත මාර්තු මස මැද සිට අප්‍රේල් මස අවසානය දක්වා වූ කාලයයි. සෞම්‍ය දේශගුණය හා සුපිරි රෝස ඕකිඩ් ආදී හේතුවෙන් උද්‍යානය වඩාත්ම දර්ශනීය ස්වභාවයක් උසුලන්නේ මේ කාලයට ය.
උද්‍යානයේ ඇති වෘක්ෂලතා පැහැදිලි ලෙසම උපනිවර්තන කලාපයට අයත් වන අතර ඒවායේ දේශිය කදුකර විශේෂ වලින් හා වෙනත් උපනිවර්තන රටවලින් හදුන්වා දෙන ලද ශාකවල සම්මිශ්‍රණයක්ද ඒ සමග දක්නට ලැබේ. මේවා උද්‍යානයේ විවිධ අංශවල ඉතා ක්‍රමානුකූලව රෝපණය කර ඇත.
එහෙනම් වැඩි කතාවක් නැතුව ෆොටෝ ටික බලමු .

රෝසමල් වගාව .
හක්ගල උද්භිද උද්‍යානයේ සුන්දරත්වයත් සමග .....
උද්‍යානයට පැමිණෙන වාහන නවත්වා තබන ස්ථානය උද්‍යානය මුදුනට පෙනෙන අයුරු .
ඔන්න ඔහොම තමයි හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරයේ ජයාරූප මතකයන් අවසන් උනේ .
මගේ සංචාරයේ මතකසටහන් ඔයගොල්ලොන්ටත් වැදගත් උනා නම් සලකල යන්න (දන්නවනේ
) අමතක කරන්න එපා . 

අයෙත් මේවගේ ලස්සන සංචාරයකින් හමුවෙමු .

හැමෝටම ජය වේවා !

Last edited:

සංචාරයට ගැලපෙන කාලගුණයක් තියනවා මචන් .