සීතාවක උද්භිද උද්‍යානය. | 2025-08-27 බදාදා
අද ඔෆිස් නිවාඩු දාලා තිබ්බේ දකුනු පැත්තෙ දුර සංචාරයක් යන්න. ඒත් අද ඒ ගමන යන්න බැරි උනා. ඉතින් මට ගෙදර ඉදල පැය 2 කින් විතර යන්න පුලුවන් මේ සීතාවක මල්වත්තට යන්න හිතුවා. මම ආස තැනක්.. මීට කලිනුත් මම එහෙට ගිහින් තියනවා. යාලුවෝ එක්කත්. ඉතින් අද උදේ 7 ට විතර ගෙදරින් ඇවිත්,බියගම පාරට බස් එකේ ගිහින්, අවිස්සාවේල්ල පාරට ඇවිත්, උදේ 7.15 ට විතර අවිස්සාවේල්ල බස් එකක නැගලා වාඩි උනා. රු.140 ටිකට් ගත්තා. බස් එක කඩුවෙල , බෝමිරිය, නවගමුව, රණාල, හංවැල්ල, කලුඅග්ගල, සලාව, කොස්ගම පහු කරලා 8.20 ට පුවක්පිටිය රේල්වේ ස්ටෙශන් ලග තුම්මෝදර හංදියට ආවා. බැහැලා පාර පැනලා, තුම්මෝදර පාරෙ බස් හෝල්ට් එකේ හොඩක් වෙලා වාඩි වෙලා හිටියා. පැයකින් පස්සෙ 9.20 ට ආව 939/1 අවිස්සාවේල්ල පාදුක්ක බස් එකේ නැගලා, රු.60 ටිකට් ගත්තා. බස් එක 9.35 ට මල්වත්ත ඉස්සරහට ආවා. බැහැලා පාර පැනලා. මල්වත්තට ඇතුල් වුනා. ලොකු වාහන පාක් එකත් පහු කරලා. ටිකට් කවුන්ටරේට ගිහින් රු.240 ටිකට් එකක් ගත්තා. කුඩා වැව, ගස් මල් පහු කරමින් දිගටම ගියා. කැලැ පැත්තෙත් ගිහින් නැරඹුම් ස්ථානයෙ View Point ටික වේලාවක් ඉදලා ගිහින්. මුලු උයන පුරාම ඇවිද්දා. කැන්ටිමෙන් කෙටි කෑම කැවා. සීතාවක උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති උද්භිද උද්‍යාන 5 අතුරින් අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය. 2014 වසරේ අගභාගයේදී විවෘත කරලා තියෙන්නෙ.. අක්කර 105 ක් විතර විශාලයි. දිනපතාම පෙ.ව.7.30 සිට ප.ව.5.00 දක්වා විවෘතයි. කුඩා වැව්වල හංස බෝට්ටු සවාරියේ යන්නත් පුලුවන්. මීවන උයන, තර්ජිත ශාක එකතුව, මධ්‍යම තෘණ පිටිය, තේ වගාව රුක් උයන, මුදුන් උයන, ඖෂධ උයන, රෝස උයන ආදී ස්ථාන බලන්න තියනවා. පවුලේ සැමට දවසක් ගත කරන්න ඉතාමත් ලස්සන තැනක්. සතිඅග හා නිවාඩු දවස්වල නම් ගොඩක් සෙනග ඉන්නවා.... මම මෙහෙට මුලින්ම ගිය 2016 වසරට වඩා නම් ලස්සන අඩු බවක් දැක්කා. මල් එහෙම අඩුයි... ෆිල්ම්, ටෙලිනාට්ය, මියුසික් වීඩියෝ හා වෙඩින් පොටෝ ගන්න ප්‍රසිද්ධ තැනක් මේ මල් වත්ත... ඉතින් පැය 3 ක් විතර මෙහි ගත කරලා... එලියට ඇවිත් බස් හෝල්ට් එකේ හිටියා. අවිස්සාවේල්ලෙ ඉදලා ආව ආව බස් එකේ නැගලා වාඩි උනා. රු.60 ටිකට් ගත්තා. පුවක්පිටිය , අවිස්සාවේල්ල පාරෙන් බැහැලා හෝල්ට් එකේ හිටියා. අවිස්සාවෙල්ලෙන් ආව බස් එකේ නැගලා වාඩි උනා. කඩුවෙලින් බැහැලා. බියගම පාරට පයින් ඇවිත්, මාබිම ඇවිත්. බස් එකේ ගෙදර ආවා. පහල කෙටි වීඩියෝවත් බලන්න...
.
* කෙටි වීඩියෝව.. :
.
* කඩුවෙල -> පුවක්පිටිය රේල්වේ ස්ටෙශන් ලගට : පැය 1 යි | ටිකට් රු.140/-
* පුවක්පිටිය -> සීතාවක උද්භිද උද්‍යානය : විනාඩි 15 | ටිකට් රු.60/-
* පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>>