ප්‍රථමාදාර ගැන කතා කරමු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රථමාදාර ගැන කතා කරමු

    අපි පාරේ තොටේ යද්දී එහෙම දැන් නිතරම වගේ අනතුරු දකින්න ලැබෙනවා. ඒ වගේම ගෙදර දොරේ එදිනෙදා වැඩවලදීත් නිතරම සුළු සුළු අනතුරුවත් වෙනවා. ඒත් ඒ වගේ සුළු හෝ විශාල අනතුරක් වෙලාවට කල යුත්තේ මොකක්ද කියන එක ගැන අපිට හරි අවබෝධයක් නෑ. එක එක අය එක එක ඒවා කරනවා කලබලෙන්. ඒකෙන් ඒ රෝගියාගේ බරපතල කම වැඩිවෙන්නත් පුළුවන්.

    ඉතින් මේ වගේ අවස්ථාවකට අපි ඕනෙම කෙනෙක්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නිවැරදි දැනුමක් තියෙන එක ඒ පුද්ගලයාගේ ජීවිතේ බේරගන්න තියෙන එකම අවස්තාව වෙන්නත් පුළුවන්. ඉතින් අපිට සුළු හෝ ප්‍රථමාදාර පිලිබඳ දැනුමක් තියෙනවා නම් ඒ වගේ අවස්තාවක කල යුතු දේවල් ගැන මිනිස් ජීවිතයක් බේරා ගන්න අවස්තාව අපිට ලැබෙන්න ඉඩ තියෙනවා.

    ඒ නිසා අපි මේ thread එකේ ප්‍රථමාදාර ගැන සියලු දේ කතා කරමු. මේක කියවන, අදහස් දක්වන සියලු දෙනාටම තමන්ගේ ජීවිත කාලේ කවදා හරි ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා අඩු තරමින් BUMP එකක් හරි දාගෙන යන්න. මේකේ ඉන්න වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද අයටත් ආරාධනා කරනවා විශේෂයෙන් ඔබගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න කියලා.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     
    • Like
    Reactions: ela

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විවෘත තුවාල - බාහිර ලේ ගැලීම්
    බොහෝ විවෘත තුවාල සෑම දිනක ම සිදුවන කැපීම් හා ගැටීම් විය හැකි වුව ද ඇතැම් තුවාල භයානක සහ දරුණු ලේ ගැලීම් සිදුවන තුවාල විය හැකි ය.

    සංවෘත තුවාල - අභ්‍යන්තර ලේ ගැලීම
    ප්‍රථමාධාර දැනුම ඇති තැනැත්තෙකු විසින් ක්‍රියාකරනු ලබන සංවෘත තුවාලයක් සාමාන්‍ය තැලීමක් විය හැකි ය. අස්ථී බිඳීමක් වැනි අභ්‍යන්තර තුවාලයක් ඇති විට තැලීම් ඉතා අනතුරුදායක විය හැකි අතර, බාහිර ස්ථරයට යටින් වූ අවයවයන් වටා එම තැලීම් බලපා ඇති විටද, තැලීම් ඉතා අනතුරුදායක විය හැකි ය. තුවාලයක් හේතුවෙන් ශරීරයෙන් රුධිරය සහ වෙනත් ශ්‍රාවයන් පිටවිය හැකි අතර, තුවාලය විවෘත විට විෂබීජ ඇතුළු විය හැකි ය. මෙයින් විවිධ රෝග බෝවීමට හැකිය. නිතර ම ප්‍රථමාධාර කරු තමාගේ ආරක‍ෂාව ගැන සැලකිලිමත් විය යුතුය. රුධිරය සහ සිරුරේ වෙනත් ශ්‍රාවයන් මගින් AIDS සහ හෙපටයිටීස් බී වැනි වෛරසයන් ගෙනයා හැකි ය.හැකිනම් ප්‍රථමාධාර ලබා දීමට පෙර ඔබ විසින් අත් වැසුම් දමා ගැනීම හෝ ඔබගේ අත් ෂෝපිං බෑග් තුළට දමා ගැනීම සිදුකරන්න. රෝගියාගේ ජීවිතය අවදානමක ඇති අවස්ථාවක දී සහ ඔබට අත් වැසුම් නොමැති අවස්ථාවක දී සැබෑ අනතුරක් ඇති විට මෙවැනි අත් වැසුම් හෝ ෂෝපිං බෑග් නොමැති වීම ඔබගේ ප්‍රථමාධාර සේවය වැළැක්වීමට හේතුවක් නොවිය යුතු ය. නොකැඩුණු සම වෛරස් සඳහා ඉතා අනර්ඝ
    බාධකයක් වන අතර තුවාලය සේ විවෘත ප්‍රදේශය ජලය උරා නොගන්නා රෙදි කැබැල්ලකින් එතීමට ඔබ පුහුණු වී සිටී නම් එය විෂබීජ ඇතුළුවීම වැළැක්වීමට ප්‍රමාණවත් ආරක‍ෂිත පියවරකි. ඔබගේ සමට රෝගියාගේ රුධිරය විශාල ලෙස ගෑවුනේ නම් හෝ රෝගියාගේ රුධිරය ඔබේ සිරුර පුරා ඉහිරුනේ නම් එවිට වෛද්‍යවරයෙකුගෙන් වහාම උපදෙස් ගන්න. අපි සෑම ආකාරයක ම තුවාල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමසා බලමු. සෑම සිදුවිමක් සම්බන්ධයෙන් ම ඔබගේ DRABC‍ ආරම්භක තක්සේරුව මතකයට ගෙන එක් එක් ප්‍රමුඛත්වය විය යුතු ක්‍රියාව සම්බන්ධව පිළිවෙළින් කටයුතු කරන්න.


    ඉලක්කය
    රුධිරය ගැලීම පාලනය කිරිම
    කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම
    රෝග බෝවීම වැලැක්වීම
    උචිත අවස්ථාවල දී ආසන්නම සෞඛ්‍යය පහසුකම ලබාගැනීමට සූදානම් වීම
    පිටගැස්ම සහ ජලභීතිකා රෝගය ගැන සැලකිලිමත් වීම

    ප්‍රතිකාර
    රෝගියාගේ තුවාලය කුඩා කැපීමක් පමණක් නම් ටික වේලාවක් තුවාලයෙන් ලේ ගැලීමට ඉඩ හරින්න (එමගින් තුවාලය පිරිසිදු වීම සිදු වේ.) ඉන්පසු ලේ ගැලීමනැවතීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ඍජු පීඩනයක් ලබා දෙන්න. තුවාලය වටා ඇති ප්‍රදේශය අපිරිසුදු නම් පිරිසුදු ජලයෙන් සෝදා තුවාලය අවට හොඳීන් වේලෙන්නට ඉඩ හරින්න. ඉන්පසු තුවාලය ප්ලාස්ටරයක් වැනි සිනිඳු වෙළුම් පටියකින් ඔතන්න. වැලි කැට හෝ රොඩු වැනි දේ තුවාලයෙහි ඇලී ඇත් නම් එවැනි ද්‍රව්‍ය සාමාන්‍ය සේදීමකින් ඉවත් නොවනු ඇත. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

    අධික ලේ ගැලීම
    ප්‍රතිකාර
    තුවාලය නිරාවරණය කරන්න.

    තුවාලය ඇතුළට කිසිවක් (හෝ ඇට කැබලි) කාවැදී ඇත්දැ යි පරීක‍ෂා කර බලන්න.

    තුවාලය තුළ දෘශ්‍යමාන කිසිදු ද්‍රව්‍යයක් නැත් නම් ඔබගේ අතේ ඇඟිලිවලින් සහ අත්ල උපයෝගි කර ගෙන තුවාලයට ඍජු පීඩනයක් ලබා දෙන්න.

    විෂබීජ නැති රෙදි කැබැල්ලක් හෝ පිරිසිදු ඝන වෙළුමක් පාවිච්චි කර තුවාලය පිරිසිදු කිරීමෙන් පසු ව රෝගියාගේ එම තුවාලය සහිත අවයවය ඔසවන්න.

    රෝගියාගේ තුවාලය සහිත අවයවය ඉහළට ඔසවා රෝගියාව දිගා කරන්න.

    රෝගියාගේ කම්පනය සඳහා ප්‍රතිකාර කරන්න.

    විනාඩි 10ක් තිස්සේ තුවාලය මතට පීඩනය ලබා දෙන්න.

    ලේ ගමනාගමනය පාලනය වී ඇති විටෙක පළමුවෙන් වෙළන ලද ඝන වෙළුම එසේ තිබීමට හැර විෂබීජ නොමැති රෙදි පටියකින් සහ තුවාල වෙළුම් පටියකින් වෙළන්න. තුවාලයෙන් පහත කොටසට රුධිරය සංසරණය වීම වැළැක්වෙන බැවින්තුවාල වෙළුම් පටිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තදින් ගැට නොගසන්න.

    වෙළුම් පටිය හරහා රුධිරය ඉවතට එරීම ආරම්භ වේ නම් වෙළුම් පටිය ඉවත් නොකරන්න. වෙළුම් පටියට උඩින් තවත් වෙළුම් පටියක් ඔතමින් තුවාල ආරක‍ෂා කරන්න.

    මෙම වෙළුම් පටි 02ම හරහා රුධිරය ගලා ඒනම් එම වෙළුම්පටි 02ම ඉවත් කර වෙනත් පිරිසිදු වෙළුම් පටියක් / වෙළුම්පටි තුවාල වටා ඔතන්න.
     

    waligamaya

    Well-known member
  • උබ දාන නුල් ගොඩක් වැදගත් එවා. නියමයි. මමත් දන්න එව මෙකට දන්නම්. මෙකට ප්‍රතමදර ඇතුලුව කර්මන්ත ජිවිත අරක්ෂක ක්‍රමත් එකතු කරමු.
    bump
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුළු පිලිස්සීම් වලදී

    - සම ගැලවී ගොස් නැත්නම්, සාමාන්‍ය සිසිල් ජලයෙන් එම ස්ථානය සෝදා හරින්න. එහිදී වතුර වත්කීරීම පමණක් කරන්න. ඇතිල්ලීමෙන් වලකින්න.
    - වතුරේ අදාල ස්ථානය ගිල්වා තිබීමෙන් කැක්කුම යම් දුරකට මගහැරීයයි. එසේ නැත්නම් වතුර පෙගවූ පිරිසිදු රෙදි කැබැල්ලක් තබන්න.
    - හොදින් සෝදා හැරීමෙන් පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් අදාල ස්ථානය වසන්න.
    - ආදාල ස්ථානයෙහි තෙතමනය වියලී ගිය පසු සම වියලීම වැලැක්වීමට භාවිතාකරන ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න. (Moisturizing Cream)
    - සාමාන්‍යයෙන් මෙම ප‍්‍රථිකාරවලින් ආදාල ස්ථානය සුවවීම සිදුවේ.

    විශාල ප‍්‍රමාණයේ පිලිස්සීම්වලදී

    - පුද්ගලයාව පිලිස්සීමට තුඩුදෙන ස්ථානයෙන් ඉවත්කර ගැනීම හා සිසිල් ජලය ශරීරයට වත් කිරීම.
    - පිලිස්සී උණුවීම නිසා ඇඟට ඇලී ඇති දේවල් ඉවත් කිරීමට උත්සහ නොකල යුතුය.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සරපයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දේ
    1. කලබල නොවී සිටීම ඉතාම වැදගත්වේ

    2. සරපයා දෂ්ට කරන ලද අත, කකුල හෝ ශරීරයේ අදාල කොටස පුලුවන්තරම් නොසොල්වා තැබීමට උත්සාහකරන්න. එසේ කිරීමෙන් විෂ ශරීරය පුරා පැතිරීම අවම කල හැක.

    3. මුදු ,වලලු වැනි ආභරණ පැලද ඇත්නම් ඒවා ඉවත් කරන්න. ඊට හේතුව වන්නේ දෂ්ට කරන ලද ස්ථානය ඉක්මනින් ඉදිමීමයි.එවිට ඒවා ගැලවීම අපහසු වීම හෝ නොහැකි වේ.
    4. දෂ්ට කරන ලද ස්ථානය හෘදය වස්තුවේ පිහිටීමට වඩා පහල තලයක තැබීමෙන්ද විෂ ශරීරය පුරා පැතිරීම අවම කල හැක.

    5. දෂ්ට කරන ලද ස්ථානය වතුරෙන් පිරිසිදු කරන්න. නමුත් තදින් ඇතිල්ලීමෙන් හා තද වතුර පහරකට ඇල්ලීමෙන් වලකින්න. ඉන්පසු පිරිසිදු රෙදිකැබැල්ලකින් ආවරනය කරන්න.

    6. රෙදිපටිවලින් ගැට ගැසීම හා අයිස් තැබීම නොකල යුතුය.

    7. විස ඉරීම ,එම ස්ථානය කපා ලේ ඉවත්කිරීම වැනි දේ කිරීමට උත්සාහ නොකල යුතුය.

    8. තේ ,කෝපි, මධ්‍යසාර වැනි දේ පානය නොකල යුතුය.

    9. දෂ්ටකරන ලද සරපයා ඇල්ලීමට නොව එම සරපයාගේ හැඩහුරුකම මතක තබාගත යුතුය.
    (දැන් හැමෝම ළඟ camera phone තියෙන නිසා photo එකක් ගහ ගත්ත නම් හරි :) )

    10.හැකි ඉක්මනින් ලගම රෝහලට යන්න
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හදිස්සියේ ඇතිවන පපුවේ කැක්කුමකදී දිය යුතු ප‍්‍රථමාධාර (හෘදය හා සම්භන්ධව) (Heart attack)

    - මෙහි ස්වාභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
    - එය ඉතාමත් සුළු කැක්කුමක සිට දරාගත නොහැකි තරමේ වේදනවක් දක්වා වූ පරාසයක විය හැක.
    - වයසක හා දියවැඞ්යාව සහිත අයගේ පපුවේ කැක්කුමක් ඇති නොවීමට පවාද පුළුවන.

    මෙහිදී වැඞ්පුර දැකියහැකි ලක්ෂණ වනුයේ

    1- පපුව මත පීඩනයක් හෝ පපුව ප‍්‍රදේශයේ ම්රිකීමක් වැනි හැගීම.
    2- මෙය ප‍්‍රධාන වශයෙන් පපුව මැද ප‍්‍රදේශයේ ඇතිවේ.
    3- මෙය උරහිස් ප‍්‍රදේශයට, මුඛයේ හකු ප‍්‍රදේශයට, පිට කොන්ද දෙසට පැතිරෙන්නක් සේ දැනිය හැක.
    4- මෙය විනාඞ් කිහිපයක් හෝ නැවත නැවත ඇතිවීම වියහැක.

    මීට අමතරව
    ඇඟ සීතල කර දාඞ්ය දැමීම, හිසේ කැක්කුම, වමනය හුස්ම ගැනීමේ අපහසු ගතිය හෝ ඇග පණ නැතිවයාම මේ හා ඇතිවීමට පුළුවන.


    මෙහිදී දියයුතු මූලික ප‍්‍රථමාධාර මොනවාද ?


    1- රොගියාව වාඞ්කරවා ඔහුව සන්සුන් කරන්න.
    2- හිරට ඇදුම් ඇද ඇත්නම් ඒවා බුරුල් කරන්න.
    3- හෘද රොගියෙක් නම්, බොහෝ විට මෙවවැනි අවස්ථාවලදී දිව යට තබාගැනීමට බෙහෙත් ලබාදී තිබිය හැක (GNT) එය එසේ දිව යට තබා ගැනීමට ඔහුට සහය වන්න.
    4- කැක්කුම විනාඞ් කිහිපයකදී පහ නොවේ නම් වහාම රොහලකට රැගෙන යා යුතුය.


    මෙහිදී නොකලයුතු දේවල් වනුයේ

    1- රෝගියාව තනි නොකරන්න.
    2- පපුවේ කැක්කුම දැන් නැතිවයැයි සිතා කාලය ගතවීමට ඉඩ නොහරින්න.
    3- මේ වෙලාවේදී රොගියාට ආහාර පාන දීමෙන් වලකින්න.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    හොඳ වැඩක්. :yes:
    සමහර ඒවට පිංතූරත් තිබ්බොත් අංගසම්පූර්ණයි කොල්ලෝ
    11.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොඳ වැඩක්. :yes:
    සමහර ඒවට පිංතූරත් තිබ්බොත් අංගසම්පූර්ණයි කොල්ලෝ
    11.gif

    එල එල. පින්තුරත් එක්කම දාන්නම්කො එහෙනම්. උඹ දන්නා දේවලුත් දාපන් මචන්.
    11.gif


    මමත් මේ internet එකෙන්ම ගෙඩි පිටින් උස්සලා දාන්නේ බන් මෙතන. මොකද තොපි ඒවා තිබ්බ කියල හොයන් ගිහින් බලන එකක්යැ..
    :angry::angry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    එල එල. පින්තුරත් එක්කම දාන්නම්කො එහෙනම්. උඹ දන්නා දේවලුත් දාපන් මචන්.
    11.gif


    මමත් මේ internet එකෙන්ම ගෙඩි පිටින් උස්සලා දාන්නේ බන් මෙතන. මොකද තොපි ඒවා තිබ්බ කියල හොයන් ගිහින් බලන එකක්යැ..
    :angry::angry:

    එල.:) ඒකනම් ඇත්ත තමා බං.:yes: හොයන් ගිහින් බලන්න මෙහෙම දෙයක් ජීවිතේට මතක් වෙන්නෑ:sorry:
     
    • Like
    Reactions: JesonRulez

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශරීරය දුවවන මූලික පද්ධති 4ක් දැකිවිය හැකිය
    1. හෘදය සහ රුධිර ගමනාගමනය
    2. පෙනහළු
    3. මධ්‍ය සහ ප්‍රස්ත්‍යස්ථ ස්නායු පද්ධතිය
    4. වකුගඩු සහ අක්මාව
    මෙම අවයව වලට හාණි පැමිනීම ක්ෂණික හෝ කල්ගතවන මරණයක් අත්කර දේ. ප්‍රථමාධාර වලදී මූලිකව ම සලකා බැනේනේ මෙම මූලික පද්ධති වලට ක්‍රියාකාරීත්වය නියම වෙද්‍යාධාර ලැබෙන තෙක් පවත්වා ගෙන යාමය.

    සිහිසුන් වීම ශරීරයේ මෙම පද්ධති 4න් දෙකක් වසා දමන ක්‍රියාවකි. සිහිසුන් වීමක දී
    1-රෝගියා ගේ පෙනහළුවලින් ඔක්සිජන් ශරීරයට පරිවහනය වීම නවතී.
    2-හෘදය අක්‍රියවීම නිසා රුධිර ගමනාගමනය නවතී.
    මෙහි දී බරපතල ලෙස සිහිතබා ගත යුතු කරුණක් වන්නේ මොළයේ සෛල වලට විනාඩි 3කට වඩා ඔක්සිජන් ලැබීම නතර වුවහොත් මොළයේ සෛල මිය ගොස් රෝගියා ස්ථාවර මස්තිෂ්ක අකර්මන්‍යතාවයකට පත් වන බවය.

    සිහිසුන් වූ රෝගියෙක් වේ නම් ඔහු ගේ හුස්ම වැටේ ද යන්න නාසයට අත තබා පරි්ෂා කල හැකිය. එසේ ම නාඩි වැටීම නැවතී ඇත්නම් පහත ඇති වීඩියෝ වේ ඇති ආකාරයට කෘතිම ශ්වසනය සහ හෘද සම්බාහනය මගින් නැවත රෝගියා ගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය සහ හුස්ම ගැනීම කෘතිමව ඇරඹිය යුතුය.

    සිහි තබා ගන්න. ඔබට ඇත්තේ විනාඩි 3ක් පමණකි. එනිසා, වහා ක්‍රියාකාරි වන්න. ඔබේ ක්‍රියාකාරීත්වය මත, ඔහු හෝ ඇය මෙලොව ආලොකය තව දුරටත් දකිනවා ද නැද්ද යන්න තීරණය වේ.............



    කැපුම් තුවාල සහ බැලස්ටික් ඉන්ජරීස් වලට ප්‍රථමාධාර ඉදිරියේදී ඉදිරිපත් කරමි. මා බොහෝ හදාරා ඇත්තේ බැලස්ටික් සහ මිසයිල් ඉන්ජරීස් නමන් හැදින්වෙන, වෙඩි තැබීම් සහ පිපිරිම් වලදී ඇතිවන තත්ත්වයන් පිළබදව වන ප්‍රථමාධාරය.