.: Hemin Sare Piyaa Widhaa :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ ගීතය අහල නැති කෙනෙක් නැතුව ඇති...ගොඩක්ම දැනෙන ගීතයක්, මේකේ මං ගොඩක්ම කැමති ෆීමෙල් වොයිස් එකෙන් කියන කොටස් ටිකට:love: දන්නවා ඇති නේ මේකේ මියුසික් කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස ශූරින් :cool:

    මේ ගීතය ගැන අපේ දත් කිඹුලා සහෝදරයා "සුන්දර ගීයක ඇරඹුම" ත්‍රෙඩ් එකේ ලියපු විචාරයත් මේ එක්කම දාන්න හිතුන...:yes:
    හෙමින් සැරේ පියා විදා //
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    අසම්මත ප්‍රෙමයක අලහාදය මොනවට පෙන්වන ගිත රචනයකි. සුමුසු සයනයක සිනිදු ඇතිරිල්ලෙන් පලා එන මේ සිතුම් කුරුල්ලන් පෙන්වන්නේ රාගයෙන් ලබන, ලැබෙන අලහාදයේ සීමා මායිම් නොපෙනෙන බවය.

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර......දියෙන් උපදින

    කාන්තාවක ගේ සුකුමාර සිරුරේ ඇති ලාලිත්‍ය ඉතාමත් රාග නිශ්‍රිත වර්ණනාවක් සේ ගෙන එන මේ පද පෙළ බලන්න. ගැහැණිය මලකි. එය මලක් ම විය යුතුය. සිනිදු විය යුතුය. රැවෙන් සපිරුනු එකක් විය යුතුය. ගැහැණිය විලකි. නීල දියෙන් උපදින, නෙලුම් මල් පිපිණු, දුටුවන් මන බදින එකකි. මලකින් සුවද ලබනවා සේ මැ, විලක ජලයෙන් සිසිල ලබනවා සේම පුරුෂයා මේ ගැහැනිය ගේ ලාලිතයවත් සිරුරේ ආශ්වාදය විද ගනී.

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිනු හඩකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ

    ගැහැනියක ගේ සිරුරින් හමන වත්සුනු සුවද සමහර පිරිමින් ගේ රාගාන්විත හැගිම් උද්දිපනය කරන්නකි. එම වත්සුනු සුවදම ඔහු ගේ සිහිනය අවදි කරයි. ඒ සිහිනය නම් ඇය හා යහන්ගත විමය. එම වත්සුනු සුවද ම ඔහුට සිනු හඩකින් අමතයි.ඒ ආමන්ත්‍රනය අතිශය ප්‍රේමාන්විත, රාගික එකකි. ඒ හඩ ඔහුට අමතන්නේ ඔහු පතන දේ සමගය, ඇගේ සිරි යහනේ කවුලු හැරපියමිනි.

    භාෂාව කෙතරම් මටසිලිටි ලෙස රාගාන්විත ප්‍රේමයක මහිමය සේම, ලිංගික එක්විමක ඇති අලහාදය පෙන්විමට යොදා ගත හැකිද යන්නට හොදම උදාහරණයක් ලෙස මේ ගිතය හුවා දක්වනු රිසියෙමි. දැන් රචකයෝ මෙතරම් බුහුටි ලෙස බස හැසිරනොවීම, අහෝ අපේ සවන් කල කවර කර්මයක් පඩිසන් දීමක් දැයි වරක පශ්චත්තාපයක් ද මෙම ගිතය අසන ම සිත තුල ජනිත වේ. ආචාරිය ප්‍රේමසිරි කේමදාසයන් මේ ගිතයට යොදන සංගීතය සහ ආචාර්ය සුනිලා අබේසේකර ගේ උච්ච හඩ මේ ගීයට ගෙන එන ආලෝකය මෙය හෙල ගීත සාහිත්‍ය තුළ සදා දිලෙන එකක් බවට පත්කරයි

     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    මේකේ මං ගොඩක්ම කැමති ෆීමෙල් වොයිස් එකෙන් කියන කොටස් ටිකට:love:



    b7a884dc-7173-4ab5-8ded-8c9b0d8187a2.jpg


    Sunila Abeysekera (1952-2013)

    මෙයා සිංදු කිය කියම හිටියා නම් කොච්චර එකක්ද,වැඩේ කියන්නෙ රටට ද්‍රොහි උන එක තමා අවුල.නිවන් සුව !!!
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    url


    Sunila Abeysekera (1952-2013)

    මෙයා සිංදු කිය කියම හිටියා නම් කොච්චර එකක්ද,වැඩේ කියන්නෙ රටට ද්‍රොහි උන එක තමා අවුල.නිවන් සුව !!!

    Lokka pic eke code eka waradila, penne na PIC eka full view ekata gihin right click karala copy image URL kiyana eken ena code eka IMG eka athulta paste karanna.....:yes:

    Ratata drohi una kiyapu kathaawa mokakda saho?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙමින් සැරේ පියාවිදා…
    සුමුදු සයනේ සිනිඳු
    ඇතිරිල්ලේ…

    ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ චිත‍්‍රපටයේ එන එම ගීතයේ දෙවැනි පද පෙළත් සමග සවනත මුසුවන ඒ ලයාන්විත හඬම ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයට අපූර්වතම සංවේදිතාවක් මුසු කෙළේය. ඒ හඬම ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා..’ ගීතයේ දෙවැනි කොටසෙහි වදන් පෙළ ඔස්සේ යළි ප‍්‍රතිරාව නැගුණේය.

    ආදරයේ… ඔබ ඔබමයි…
    මා ඔබ නොව… ඔබ මා නොව…
    දවසක්දා…
    හඳුනාගත්තොත් ඔබ මා…

    කෙතරම් අපූර්ව හඬක්ද? ඒ හඬට සමාන වූ හඬක් එදා මෙදා තුර සිංහල ගීයකින් අප සවනත වැකුණේ නැත. ඒ හඬ අප රැුගෙන යන්නේ අනන්ත වූ හැඟුම් දහරාවකටය. ඒ හැඟුම් කෙසේ නම් වචනයට නඟන්නද? සුනිලා අබේසේකර නම් වූ ඒ අපූර්ව ගැහැනියගේ ඒ ලයාන්විත හඬෙහි වර්ණ සහ හැඩ තල මංජුල වෙඩිවර්ධන කවියා හඳුනා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ මෙසේය.

    කැවුඩියන් කරව් නගනා, පිළිරාව …
    යුග සවන් පෙළයි, පවසන්නද කාට ….
    ඔය හ`ඩින් ගලන් එතකොට අනුරාග ….
    ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව…

    ඇගේ ඒ හඬ සහ ගායනා ශෛලියේ අපූර්වත්වය හඳුනා ගත් සහෘදයන් ඒ හඬට අසීමිත ලෙස පෙම් බැන්දාහ. එහෙත් ඒ බවක් ඇය හඳුනා නොගත්තාද? හඳුනා ගත්තාට සැකයක් නැත. එහෙත් ඇය ඒ ගායන පෞරුෂය වර්ධනය කරගන්නට නොවෙහෙසුණාය. එය වර්ධනය කරගනිමින් ගීත කෝකිලාවක වන්නට නොපැතුවාය.

    ගායනය පමණක්ද? ඇය රංගනයට අත්පොත් තබන්නට වූයේ ඇගේ මල්වර වියේදීය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ මේනකාගේ කටකාර නැඟණිය ලෙසද, ‘දෙලොවක් අතර’ චිත‍්‍රපටයේ දඟකාර දැරියක ලෙසද, ඇය කළ රංගනය සුවිශේෂී විය. හෙන්රි ජයසේනගේ ‘මකරා’ නාට්‍යයේ ‘මකරා’ට බිලිවන්නට ගිය එලීසාගේ රංගනය එදා නාට්‍ය ලෝලීන්ට රසඳුනක්ම විය. ධර්මසේන පතිරාජගේ ‘පාරදිගේ’ චිත‍්‍රපටයේ ස්වර්ණාගේ යෙහෙළියක ලෙස ඇය කළ රංගනයද මතකයෙන් ඈත් නොවනසුලූය. එහෙත් මේ අසාමාන්‍ය ගැහැනියට ගීත කෝකිලාවක වන්නට වුවමනාවක් නොවූවා සේම රංගන ශිල්පිනියක වන්නට වුවමනාවක් තිබුණේද නැත.

    චාල්ස් අබේසේකර නමැති නිදහස් මතධාරියාගේ, බුද්ධිමතාගේ දයාබර දියණිය වූ සුනිලා කුඩා කල සිටම ජීවිතය දෙසත් සමාජය දෙසත් වෙනස්වත් විවෘතවත් බලන්නට තරම් මනසක් අවදි කරන්නට පියාගේ ඇසුර ඉවහල් වූවාට සැකයක් නැත.

    සුනිලා ලාංකේය සමාජ දේහය කුණු වී සැරව ගලන සැටි දුටුවේ සිය භද්‍ර යෞවනය නොඉක්ම වූ වයසේ සිටය. එවක් පටන් ඇය මේ මජර සමාජ ක‍්‍රමය වෙනස් කරන විකල්ප සමාජ ව්‍යාපාර සහ දේශපාලන ව්යාපාර සමග අත්වැල් බැඳගත්තාය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සම්ප‍්‍රාප්තියත් සමග සුනිලා සිය හඬ මුසු කරන්නේ ‘විමුක්ති ගී’ වෙනුවෙනි. අනතුරුව ‘කාලයේ රාවය’ ප‍්‍රසංගය උදෙසාද ස්වකීය හඬ මුසු කළාය.

    ‘විමුක්ති ගී’ ගැයීමෙන් පමණක් ජනතා විමුක්තිය උදා නොවන බව සුනිලා වටහා ගත්තේ වයසින් මුහුකුරා යෑමත් සමගය. එතැන් පටන් ඇය ස්වකීය අවධානය යොමු කරන්නේ ස්ත‍්‍රිය වෙතය. මේ ධනේශ්වර ක‍්‍රමය තුළ ස්ත‍්‍රීන් කොටු කර තබන සංස්කෘතික බැඳීම් පිළිබඳ මෙන්ම ස්ත‍්‍රිය හුදෙක් වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදා ගැනීම වෙනුවට ඇය සමාජ සංවර්ධන කාර්යයෙහි ලා, අර්ථවත් ලෙස යොදා ගැනීම පිළිබඳව කල්පනා කළාය. ලොව පුරා ස්ත‍්‍රී විමුක්ති සංවිධාන සමග අත්වැල් බැඳ ගන්නා ඇය ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැප කළාය.

    ලාංකේය සමාජය තුළ හුදෙක් කුටුම්බයට කොටු කළ ස්ත‍්‍රියට ඔවුන්ගේ ශක්තීන් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නටත් ඔවුන් සමාජ ක‍්‍රියාකාරිනියන් ලෙස ඔසවා තබන්නටත් ඇය කළ කැපවීම අසීමාන්තිකය.

    ලාංකේය සමාජ දේහය තුළ වර්ගවාදී උවදුර පැතිර යෑමත් සමග සුනිලා තම සමාජ භාවිතයේ ධාරිතාව තවත් පුළුල් කරමින් වර්ගවාදයට එරෙහිව යමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද ජීවිතය කැප කරන්නට වූවාය. ස්ත‍්‍රී අයිතීන් සහ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇය කළ අසීමිත කැපවීම වෙනුවෙන් ඇය අන්තර්ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

    යථෝක්ත සමාජ මෙහෙවර හමුවේ සුනිලා අබේසේකර සතු වූ අපූර්ව හඬද රංගන හැකියාවද යටපත් වූයේය. එහෙත් සුනිලා ඒ පිළිබඳ තැකීමක් නොකළාය. ඇගේ සමස්ත සමාජ භාවිතයම අසම්මතයකි. ලිංගික නිදහස සහ කුටුම්බ ගත ස්ත‍්‍රීන් පිළිබඳ කතිකාව තුළ ඇය ස්වකීය භාවිතාවෙන්ම සිය අනන්‍යතාව සනිටුහන් කළාය. සම්මත විවාහය වෙනුවට ස්ත‍්‍රියක ලෙස අනන්‍යතාවද රැුකගනිමින් සමාජ ක‍්‍රියාකාරිනියකට මවකගේ භූමිකාවද නොඅඩුව ඉටු කළ හැකි බව සිය භාවිතයෙන්ම සනාථ කළාය.

    රතු කුර්තාවක් හැඳ, ඊටම ගැළපෙන මල් වැටුණු ලූංගියක්ද හැඳ සුනිලා අබේසේකර නම් වූ ඒ සුන්දර ගැහැනිය අපෙන් සමුගත්තේද සම්මතයට පයින් ගසමිනි. ඇයගේ අත් පාවල සුදු මේස් නොතිබිණි. පෙට්ටිය මත බහා සිටියේ ජීවමාන සුනිලාමය. ඇගේ සිරුරේ පැහැය මඳකුදු වෙනස් වී නොතිබිණි. ගිටාර් වැයුමත් සමග ගැයුණු ගීතිකා මැද ඇගේ අවසන් සමුගැනීම ඇයට ආදරය කළ සියල්ලන්ටම ඉකි ගැසුණු අතිශය හැඟුම්බර මොහොතක් විය.
    Source: http://www.sunilaabeysekera.com/
     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    Lokka pic eke code eka waradila, penne na PIC eka full view ekata gihin right click karala copy image URL kiyana eken ena code eka IMG eka athulta paste karanna.....:yes:

    Ratata drohi una kiyapu kathaawa mokakda saho?


    ehema thama kale saho,mata nam penawa pic eka,anyway Sunila kiyanne thawath NGO kariyak thama,inna kan kale ada Nimalka Fernando la karana de ma thama,pitaratata gathu kiyapu eka thama ...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩෝ මෙච්චර වයසට ගිහිල්ලත් වොයිස් එක ලෙසටම තියෙනවනේ බන්.....සුපිරි!
    වැඩක් ගත්තෙ නැති සුපිරි හැකියාවක්
    :cool:

    Ow lokka aparade lassana nirmaana thawa bihiwenna thibba me voice eken...web eke daala thibbe geetha gaayanaya paththen yanna unanduwak thibbe na kiyala meyage....:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සදාකාලික ගීතයක් බන් .ලොකු පොඩි බේදයකින් තොරව අහන්න විදින්න පුළුවන් .මේවගේ ගීත දැන් අඩුයි .සමස්තයක් වශයෙන් ටි අම ජයරත්න යන්ගේ ගොඩක් ගීත ලයාන්විත සහ අමරණීය ගීත .

    රේප් +5
     

    ArtemiZa

    Member
    Oct 8, 2014
    6
    0
    0
    Land of The Vampires
    //දැන් රචකයෝ මෙතරම් බුහුටි ලෙස බස හැසිරනොවීම, අහෝ අපේ සවන් කල කවර කර්මයක් පඩිසන් දීමක් දැයි වරක පශ්චත්තාපයක් ද මෙම ගිතය අසන ම සිත තුල ජනිත වේ.//[/COLOR]

    ඒ කතාව නම් ඇත්ත :)