ගෙදර ළිඳෙන් ජල විදුලිය

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    ගෙදර ළිඳෙන් ජල විදුලිය

    ගෙදර ළිඳෙන් ජල විදුලිය
    ලයිට් බි‍ලේ කරදරයෙන් මිදෙන්න අපූරු නිපැයුමක්
    ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.
    මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.
    කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
    රූපසිංහ මල්ලවගේ ජල විදුලි බලාගාරය ගැන ලියනකොට අපට මතක් වන්නේ ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි මහා ජල විදුලි බලාගාරය. ඒ ලංකාවේ විදුලිබල නිෂ්පාදනයේ වැඩි බරක් තබා ඇත්තේ ජල විදුලියට බැවිනි.
    කෙසේ නමුදු ලංකාවේ තවදුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නට ඉඩක් නැති බැවින් බලශක්ති ක්‍ෂේත්‍රය දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු දහනය කර විදුලිය නිපදවා ගැනීමටය. එනමුත් නොරොච්චෝ‍ලේ වැනි ගල් අඟුරු බලාගාර හැමදාමත් කොට උඩය. එසේ නැතිම් ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩිවන විට අපේ විදුලි බිලට ද ඉන්ධන ගැළපුම් ගාස්තුව යනුවෙන් දඩ මුදලක් ගසන්නේය. කෙසේ හෝ අවසානයේදී තට්ටු වන්නේ රට්ටුන්ගේ ‍පොකැට්ටුවටය.
    මේ පිළිබඳ අවධානය යොමු කළ එම්.පී. රූපසිංහ මල්ලව ද්‍රව තෙරපුම් විදුලි ජනකයක් නිර්මාණය කරන්නේ ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ජල බලයෙන්ම සපුරාගත හැකි බවට විශ්වාසය පළ කරමිනි.
    සාමාන්‍යයෙන් ජලය මගින් විදුලිය ජනනය කිරීම්දී උස හා ජල ධාරාවේ ප්‍රමාණය සැලකිල්ලට ගනී. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවා ගැනීම සඳහා අඩි 100ක් උසක සිට ඝන කියුබික් මීටර් 01ක ජල ධාරාවක් ලබාගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කර මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකර තිබුණත් ජලය අඩුවන විට ඒවා තාවකාලිකව වසා දැමීමට සිදුවේ. ඒ සියලු ජල විදුලි බලාගාර සඳහා ‘ජල පරිමාණය’ යන සාධකය මූලික වන බැවිනි.
    රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
    ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
    දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
    මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ. මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි.
    මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.
    රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
    එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.
    ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
    එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
    නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
    මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
    අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
    ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි යන්න මෙන්ම අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොවනොනගීයන්නමෙහිදීප්‍රකාශකළයුතුය. බන්දුල ධර්මතිලක
    තිබුනේ ලක්බිම පත්තරේ .pic කීපයකුත් තිබුන .
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ;lol: boru katha noda idapan bn :lol: paththara kaarayonta podi deyak athi loku karala pennana .ooka kaalekata kalin sawrnawahiniye pennuwa ochchara deyak karanna ba ooken :lol: yako ooke thiyana widiyata unge lide wathura thiyanakal unta current eka free ganna puluwan :lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ;lol: boru katha noda idapan bn :lol: paththara kaarayonta podi deyak athi loku karala pennana .ooka kaalekata kalin sawrnawahiniye pennuwa ochchara deyak karanna ba ooken :lol: yako ooke thiyana widiyata unge lide wathura thiyanakal unta current eka free ganna puluwan :lol:

    mamanam danne natho...danuwath kireemak pamanai....:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ කියන දේ ටිකක් පිළිගන්න අමාරුයි. මූලික භෞතක විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට වුනත් මෙතන තියෙන ප්‍රශ්ණෙ තේරුම්ගන්න පුලුවන්. කියන විදිහට ජල ටැoකියට ජලය පුරවනවා. ඒකත් කරන්න වෙන්නෙ මෝටරයකින්. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කවුද ලබාදෙන්නෙ? කොහොම හරි ටැoකියට වතුර පුරෝගත්ත කියමු. ඊට පස්සෙ ඔය කියන විදිහෙ ජල තෙරපුමක් ඇතිකරලා නැවත ඒ මෝටරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නත් ගෘහ උපකරණ ක්‍රියාත්මක කරවන්න තරම් අතිරේක විද්‍යුත් ශක්තියක් නිපදවන්න ඔය කියන තෙරපුම් ක්‍රමය 100%කට වඩා කාර්යක්ශමතාවයෙන් යුක්ත වෙන්න ඕන. දන්න තරමින් නම් එහෙම යන්ත්‍ර නැහැ. අඩුම තරමේ ඝර්ශණයට වත් ශක්ති හානියක් වෙනව. ඒ කියන්නෙ 100%ක් ආපසු ශක්තිය ලබාගන්න බෑ. මේ කියන දේ ඇත්ත නම් මේ පුද්ගලයා ඝර්ශණය පාලනය කරන්න පුලුවන් විදිහක් වත් හොයාගෙන තියෙන්න ඕන. ඝර්ශනය පාලනය කරන්න පුළුවන් නම් ඒක තමා ලෝකෙ තියෙන භයානකම හැකියාව. මම හිතන්නෙ ඒක පරමාණු බෝම්බෙට වඩා බලවත් වෙයි.
     
    • Like
    Reactions: chalirox

    Anna sira kathawa machan :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ කියන්නෙ නම් 1+1=3 වගෙ,:confused::confused: මට තේරෙන විදිහට නම් ඔක කොරන්ඩ බැ, ඔක තියෙන්නෙ රවුමක් විදිහට බලය ගමන් කිරිමක් ,එහෙම රවුමක් විදිහට බලය ගමන් කරන්නෙ නැ, මම අහල තියෙන විදිහට.:dull: ඒකයි අපිට එක මොටරේක කරන්ට් එකෙන් තවත් මොටරයක් කරකවන්ඩ බැරි ,බාහිර විදුලියක් අදාරයක් නැතුව.
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මේ කියන දේ ටිකක් පිළිගන්න අමාරුයි. මූලික භෞතක විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට වුනත් මෙතන තියෙන ප්‍රශ්ණෙ තේරුම්ගන්න පුලුවන්. කියන විදිහට ජල ටැoකියට ජලය පුරවනවා. ඒකත් කරන්න වෙන්නෙ මෝටරයකින්. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කවුද ලබාදෙන්නෙ? කොහොම හරි ටැoකියට වතුර පුරෝගත්ත කියමු. ඊට පස්සෙ ඔය කියන විදිහෙ ජල තෙරපුමක් ඇතිකරලා නැවත ඒ මෝටරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නත් ගෘහ උපකරණ ක්‍රියාත්මක කරවන්න තරම් අතිරේක විද්‍යුත් ශක්තියක් නිපදවන්න ඔය කියන තෙරපුම් ක්‍රමය 100%කට වඩා කාර්යක්ශමතාවයෙන් යුක්ත වෙන්න ඕන. දන්න තරමින් නම් එහෙම යන්ත්‍ර නැහැ. අඩුම තරමේ ඝර්ශණයට වත් ශක්ති හානියක් වෙනව. ඒ කියන්නෙ 100%ක් ආපසු ශක්තිය ලබාගන්න බෑ. මේ කියන දේ ඇත්ත නම් මේ පුද්ගලයා ඝර්ශණය පාලනය කරන්න පුලුවන් විදිහක් වත් හොයාගෙන තියෙන්න ඕන. ඝර්ශනය පාලනය කරන්න පුළුවන් නම් ඒක තමා ලෝකෙ තියෙන භයානකම හැකියාව. මම හිතන්නෙ ඒක පරමාණු බෝම්බෙට වඩා බලවත් වෙයි.

    සහො කරුමෙ කියන්නෙ ලන්කාවෙ පත්‍තරකාරයන් ටත් රටෙ බහුතරයක්ටත් උබ කියන දෙ තෙරුම් ගන්න බැරි එකයි....
    ඇත්ත කියල දුන්නට රෙප් දුන්නො....
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    hybrid vehicle eke kriyakarithwayata podi samanakamak pennanawa neda?
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    Conservation laws kiyana dewal matha thamai physics kiyana de develop wela tiyenne.
    Ewagen 1k thamai Energy conservation kiyala kiyanne.
    Eken kiyawenne energy eka convert karanna puluwan kiyala witharai. Me kiyana widiyata energy ekak create wenna one. Mokada danata tiyena conversion techniques waladi aniwa energy loss wenawa friction ekata. Danata tiyena machines wala best efficiency ekath tiyenne 90% range eke. Motors wala nam efficiency eka thawa tikak wadi wena welawal tiyenawa.
    Nuclear technology eka natnam me kiyana de sampurnayenma boruwak.;)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සහො කරුමෙ කියන්නෙ ලන්කාවෙ පත්‍තරකාරයන් ටත් රටෙ බහුතරයක්ටත් උබ කියන දෙ තෙරුම් ගන්න බැරි එකයි....
    ඇත්ත කියල දුන්නට රෙප් දුන්නො....

    ඇත්තටම වෙන්නෙ මචන් උන්ට තෙරුම ගන්න ඕනෙකමක් නැති එක. ඔය මොකක් හරි නිවුස් වල දාලා කීයක් හරි හම්බකරගන්න එක තමා උන්ගේ හැටි. ලoකාවෙ මාධ්‍යකරණය පිරිහුනු ලකුණු.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ලිදෙන් විදුලිය , ගෑනිගෙන් ගෑස් , එල එල , ආශ්චර්ය ලමයා...
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මේ කියන දේ ටිකක් පිළිගන්න අමාරුයි. මූලික භෞතක විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට වුනත් මෙතන තියෙන ප්‍රශ්ණෙ තේරුම්ගන්න පුලුවන්. කියන විදිහට ජල ටැoකියට ජලය පුරවනවා. ඒකත් කරන්න වෙන්නෙ මෝටරයකින්. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කවුද ලබාදෙන්නෙ? කොහොම හරි ටැoකියට වතුර පුරෝගත්ත කියමු. ඊට පස්සෙ ඔය කියන විදිහෙ ජල තෙරපුමක් ඇතිකරලා නැවත ඒ මෝටරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නත් ගෘහ උපකරණ ක්‍රියාත්මක කරවන්න තරම් අතිරේක විද්‍යුත් ශක්තියක් නිපදවන්න ඔය කියන තෙරපුම් ක්‍රමය 100%කට වඩා කාර්යක්ශමතාවයෙන් යුක්ත වෙන්න ඕන. දන්න තරමින් නම් එහෙම යන්ත්‍ර නැහැ. අඩුම තරමේ ඝර්ශණයට වත් ශක්ති හානියක් වෙනව. ඒ කියන්නෙ 100%ක් ආපසු ශක්තිය ලබාගන්න බෑ. මේ කියන දේ ඇත්ත නම් මේ පුද්ගලයා ඝර්ශණය පාලනය කරන්න පුලුවන් විදිහක් වත් හොයාගෙන තියෙන්න ඕන. ඝර්ශනය පාලනය කරන්න පුළුවන් නම් ඒක තමා ලෝකෙ තියෙන භයානකම හැකියාව. මම හිතන්නෙ ඒක පරමාණු බෝම්බෙට වඩා බලවත් වෙයි.
    true should learn some bASIC physics
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කියන කතාව භෞතික විද්‍යා මුලධර්ම වලට විරුද්ධයි. මේ වැඩේ මේ කියන විදිහට සිද්ද වෙනවනම් මීට හුඟ කාලෙකට කලින් එන්ජිම නැතුව දුවන්න පුළුවන් වාහන නිපදවෙලා තියෙන්න ඕන. මේක මෙහෙම වෙනවනම් ඔරලෝසුවේ බට්ට ලෝක විනාසය දක්වාම ඉහල පහල දුවන්න ඕන වයින් කරන්නේ නැතුව.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ කියන දේ ටිකක් පිළිගන්න අමාරුයි. මූලික භෞතක විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට වුනත් මෙතන තියෙන ප්‍රශ්ණෙ තේරුම්ගන්න පුලුවන්. කියන විදිහට ජල ටැoකියට ජලය පුරවනවා. ඒකත් කරන්න වෙන්නෙ මෝටරයකින්. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කවුද ලබාදෙන්නෙ? කොහොම හරි ටැoකියට වතුර පුරෝගත්ත කියමු. ඊට පස්සෙ ඔය කියන විදිහෙ ජල තෙරපුමක් ඇතිකරලා නැවත ඒ මෝටරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නත් ගෘහ උපකරණ ක්‍රියාත්මක කරවන්න තරම් අතිරේක විද්‍යුත් ශක්තියක් නිපදවන්න ඔය කියන තෙරපුම් ක්‍රමය 100%කට වඩා කාර්යක්ශමතාවයෙන් යුක්ත වෙන්න ඕන. දන්න තරමින් නම් එහෙම යන්ත්‍ර නැහැ. අඩුම තරමේ ඝර්ශණයට වත් ශක්ති හානියක් වෙනව. ඒ කියන්නෙ 100%ක් ආපසු ශක්තිය ලබාගන්න බෑ. මේ කියන දේ ඇත්ත නම් මේ පුද්ගලයා ඝර්ශණය පාලනය කරන්න පුලුවන් විදිහක් වත් හොයාගෙන තියෙන්න ඕන. ඝර්ශනය පාලනය කරන්න පුළුවන් නම් ඒක තමා ලෝකෙ තියෙන භයානකම හැකියාව. මම හිතන්නෙ ඒක පරමාණු බෝම්බෙට වඩා බලවත් වෙයි.

    හරියට හරි....
    අපි හිතමු වතුර ටැන්කියේ වතුර වල විභව ශක්තිය h කියල ඔය කියන පිස්ටන් එකේදි චාලකශක්තිය නේ ඔය කියන විදුලි උත්පාදක ජෙනරෙටරයට පාවිච්චි කරල තියෙන්නේ එතකොට චාලක ශක්තියත් h ව්ලට සමාන වෙන්න ඕන විදුලියට මාරු වෙද්දි අනිවා ලොස් තියෙනවා ඉතින් කොහොමද ආයෙ h ම දීල උඩට පොම්ප කරන්නේ ශක්ති සන්ස්තිති නියමය උල්ලගනය වෙලා...
    මම මෙයා ගැන කියන්න දන්නේ නෑ..අපේ electricians ල interview කරද්දි ඔය වගේ නිව්ටන් නියම බොරු කියාගෙන එන වැඩර්ල අමුතු නියම හදපු අය ගොඩක් හම්බෙලා තියෙනවා.
     
    Last edited: