Power Supply එකක් ගන්න කලින් කියවලා බලන්න

Buuruwa

Member
Power Supply එකක් ගන්න කලින් කියවලා බලන්න

ගොඩක් කට්ටිය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද?

පලවෙනි දේ තමයි තමන්ගේ PC එකට කොච්චර power ඕනෙද කියල බලන එක. ඒක ලේසියෙන් බලාගන්න පුළුවන් මේ website එකෙන්.
http://outervision.com/power-supply-calculator

අවුරුදු ගානක් මේක පාවිච්චි කරලා තියෙනවා, අද වෙනකල් වැරදි ගානක් දීල නැහැ. :nerd:

CPU Socket තෝරන්නේ මෙහෙමයි.
Old dual core/Core 2 series - LGA775
1st Gen i7 X58 - LGA1366
1st Gen - LGA1156
2nd Gen/3rd Gen - LGA1155
2nd Gen/3rd Gen i7 X79 - LGA2011
4th Gen/5th Gen - LGA1150
4th Gen/5th Gen i7 X99 - LGA2011-3
6th Gen - LGA1151

Watt ගාන ගැන කිවයුත්තක්. watt වැඩිවුණා කියල performance වැඩි වෙන්නේ නැ. ඉතින් ලොකු power supply එකක් ගන්න එක සල්ලි අපරාදයක්. වැදගත්ම දේ තමයි watt ගාන මදි නොවෙන එක. ගොඩක් අය හිතන්නේ watt මදි වුනාම performance අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි. හොඳ power supply එකක්නම් watt මදි වුනාම off වෙනවා. චාටර් එකක් නම් ඉතින් watt මදි වුනාම ගහල යනවා. ඒත් එක්කම VGA, motherboard, hard disk ඔක්කොම යන්න පුළුවන්. :shocked:

PC එකට ඕනේ කරන watt ප්‍රමාණය හොයාගත්තා කියමු. Power supply එකේ ඇත්ත watt ප්‍රමාණය හොයාගන්නේ කොහොමද?

හැම power supply එකේම පැත්තක ගහල තියෙනවා මේ වගේ sticker එකක්.
psu_011.jpg


ඔය sticker එකේ තියෙනවා නේද 12v maximum load value එකක්. ඒකෙන් තමයි power supply එකේ ඇත්ත usable watt ප්‍රමාණය පෙන්නනේ. අපි කලින් හොයාගත්ත ප්‍රමාණය ගැලපෙන්න ඕනේ ඔය value එකට, පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයට නෙමෙයි. මේකේ නම් 528W.

watt ප්‍රමාණය ගහල නැත්තන් grade 10 science ටිකක් භාවිතා කරලා 12V amp ප්‍රමානය 12න් වැඩි කලාම watt ප්‍රමානය ලබාගන්න පුළුවන්. මෙහෙම කලොත් මතක තියාගන්න, සමහර power supply වල 12V1, 12V2 වගේ 12V rails ගොඩක් තියෙනවා. ඒවාගේ එකතුවෙන් 80% විතර ගත්තා නම් ඇත්ත amp ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.

Eg: 12v1 - 20A, 12V2 - 18A
total wattage would roughly be 20A + 18A = 38A x 80% x 12V = 364.8W
(this is not an exact figure, but just a rule of thumb)


ඒත් ඇයි පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයයි ඇත්ත ප්‍රමාණයයි දෙකක්?

ඇත්ත්තම කියනවනම් marketing. 528W, 432W, 384W වගේ දාලා තියෙන power supply එකකට වඩා 550W, 450W, 400W branding තිබුනාම market කරන්න ලේසි.හොඳ brands වල සාමාන්යෙන් ඇත්ත ප්‍රමානය ගහල තියෙනවා. ගොඩක් දුරට බාල brands වල තමයි ඇත්ත ප්‍රමාණයයි advertise කරන ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියෙන්නේ. නොදන්නා කමින් ගන්න කට්ටිය රවට්‌ටන්න.

Ex:
Corsair RM450 450W
RM450-4.jpg



Cooler Master Extreme Power 500W
specs.jpg



එතකොට සමහර power supply වල real watt, maximum watt දෙකක් තියෙන්නේ මොනවද?

ඒ අර කියපු බොරුවේ ඊළඟ අවස්ථාව. Power supply එකක තියෙන්නේ එක watt ප්‍රමාණයයි. අනිත් ඔක්කොම වංචාව. සාමාන්යෙන් ඕක කරන්නේ ගොඩක්ම බාල brands . එහෙම ගහල තියෙන brands නොගන්න තරමට හොඳයි.

අනිත් දේ තමයි ඉතින් පෙට්ටියේ හරි watt ප්‍රමාණය නොගහපු company එකක් label එකේ හරි ampere ප්‍රමානය ගහයිද කියන එකත් පොඩ්ඩක් හිතන්න වෙනවා. .


Gaming power supply, normal power supply කියන්නේ මොනවාද?

ඇත්තම කියනවනම් gaming power supply කියල දෙයක් නැහැ. ඒක අපේ කට්ටිය PCI -express connectors තියෙන power supply වලට දාගත්ත නමක්. ඕනෑම හොඳ 350W වලට වැඩි power supply වල PCI -express connectors තියෙනවා. ගොඩක් අය normal power supply කියන්නේ බොරුවට 450W කියල ගහපු බාල power supply වලට. ගොඩක් වෙලාවට මේවයින් 250W වත් අදින්න කලින් පිච්චෙනවා.


ඔක්කොම හරි, එතකොට හොඳ power supply එකක් බලන්නේ කොහොමද?

හොඳ power supply එකක අනිවාර්යෙන් efficiency rating එකක් දාලා තියෙනවා. ECOS ආයතනයෙන් certify කරපු එකක්නම් අනිවාර්යෙන් 80+ rating එකක් thiyenawa.

80plus.jpg


සරලව කියනවනම් rating එක වැඩි වෙන තරමට efficiency එක වැඩි, efficiency වැඩි වෙන තරමට quality වැඩි වෙනවා. ඉතින් පුළුවන් හැම අවස්ථාවේම rating වැඩි එකක් ගන්න.

මේ rating එක ගන්නත් වියදමක් යන නිසා සමහර හොඳ brands වලත් ගණන් අඩු power supply වලට official rating දාලා නැහැ . හොඳම brands වලින් ගන්නවානම් ඒ ගැන එච්චරම බලන්න අවශ්‍ය නෑ.

හොඳ power supply brands මොනවද?

දැනට අපේ market එකේ තියෙන brands වලින් හොඳම ඒවා වශයෙන් සලකන්න පුළුවන් මේ ටික. මේ brands වලින් එන power supply ඔක්කොම හොඳ quality කියන්න පුළුවන්. බය නැතුව ගන්න.

Corsair, Seasonic, FSP, Antec, Silverstone

logo-corsair.jpg
logo-seasonic.jpg
FSP-ggf-300x200.png
logo-silverstone.jpg
logo-antec_09012C000001334812.jpg



මීට අමතරව market එකේ මේ brands තියෙනවා. කලින් කියපු ඒවා තරම් හොඳ නැති වුනත් සාමාන්‍ය machine එකකට shape එකේ පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ brands වල high end power supply හොඳ ඒවා තියෙනවා (Eg: Cooler Master V series). 80+ Gold, Platinum වගේ rate කරපු ඒවා අවුලක් නෑ.

wCooler-Master-Logo-black.jpg
raidmax-logo-ru.png
thermaltake_logo1.jpg
xigmatek-logo.jpg
inwin_logo.jpg



මීට අමතරව market එකේ තියෙන Armaggeddon, Powerlogic, Delux, CCIVO සහ නානාප්‍රකාර chinese power supply නම් ගන්න එක නුවනට හුරු නැහැ.

නරක power supply එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ?

ගොඩක් කට්ටිය හිතන්නේ බාල PSU එකක් දැම්මොත් performance අඩු වෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ. Machine එකේ hard drive, motherboard, VGA හැම දේටම power දෙන්නේ PSU එකෙන්. ඉතින් ඔය parts වලට දෙන power අවුල් වුනොත් parts fail වෙන්න තියෙන හැකියාව වැඩි. ඕක machine එකට ගහපු ගමන් ඩෝo ගාල යන්නේ නැ. මාස 4-5 පාවිච්චි කරද්දි පොඩි පොඩි ලෙඩ දෙන්න අරන් කාලයක් යද්දි fail වෙනවා. ගොඩක් අය ඉතිං ඊටපස්සේ shop එකටයි, parts හදපු උන්ටයි බැන බැන warranty වලට උස්සන් දුවනවා. power supply එකේ පේන්න ලෙඩක් නැති නිසා ඒ ගැන බලන්නේවත් නැහැ. :baffled:

මෙහෙම වෙන්නේ මේවගේ අදාළ power filters නැති නිසා. අපේ power grid එකත් අන්තිම චාටර් නිසා ඉතිං power fluctuations ඔක්කොම කෙලින්ම PC එකට වදිනවා. සාමාන්‍ය line-interactive UPS වලත් stabilizer දාලා නැති නිසා UPS එකක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. :no:

Other resources.
Eggxpert Tiered Power Supply List
Jhonnyguru Database
Tom's Hardware PSU OEM Database
RealHardTechX PSU Database

ලිව්වේ අවුරුදු 15ක් field එකෙන් ලබාගත්ත experience සහ අන්තර්ජාලය ඇසුරෙන්. උදව්වක් වේවි කියල හිතනවා. අලුත් පොස්ට් එකක් දැම්මේ කට්ටිය අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර එක්ක. මේක සර්ව සම්පුර්ණ නැහැ, තව ගොඩක් දේවල් simplify කරලා තියෙන්නේ . ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. උදව්වක් වුනානම් bump එකක් දාගෙන යන්න :)
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කියලා දුන්නට ගොඩක් ස්තූතියි +++
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අවුරුදු 15k ලබාගත්තු එක්ස්පීරියන්ස් සහ නෙට් එකෙන් :O
    යකෝ අවුරුදු 15k එක්ස්පීරියන්ස් ලබාගන්නවනං දැන් උඹේ වයස කීයද ? :O
    මං හිතං හිටියෙ මිනිහෙක්ට වැඩිම ජීවත් වෙන්න පුළුවන් 120ක් විතරයි කියල..
    යකෝ ගිනස් කමිටුවට දන්වපං උඹෙ වයස ගැන..
    අම්ම මුත්ත කාලෙවත් අවුරුදු 15k තියා මාස 15k ජීවත් වෙච්චි මනුස්සයෙක් ගැනවත් අහල නෑ :O
     

    Buuruwa

    Member

    අවුරුදු 15k ලබාගත්තු එක්ස්පීරියන්ස් සහ නෙට් එකෙන් :O
    යකෝ අවුරුදු 15k එක්ස්පීරියන්ස් ලබාගන්නවනං දැන් උඹේ වයස කීයද ? :O
    මං හිතං හිටියෙ මිනිහෙක්ට වැඩිම ජීවත් වෙන්න පුළුවන් 120ක් විතරයි කියල..
    යකෝ ගිනස් කමිටුවට දන්වපං උඹෙ වයස ගැන..
    අම්ම මුත්ත කාලෙවත් අවුරුදු 15k තියා මාස 15k ජීවත් වෙච්චි මනුස්සයෙක් ගැනවත් අහල නෑ :O

    yako 15. 15000 nemei. :rofl:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    patta machan...
    samahara power supply wala eka eka lines(+5, +12...) ganna puluwan maximum current eka witharai gahala thiyenne. watt gana gahala na.. ethakota +12V eke maximum power eka kiyanne 12 x maximum current eka kiyalath thread eke dammoth hodai nodanna aya athine.

    Thawa deyak thiyenawa.. mun karana boru wala hatiyata maximum current ekath sure karanna ba neda? mata nikan hithune