ගෙදර ළිඳෙන් ලයිට් ගන්න රාවණා පරපුරේ පුරු&#3482

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    ගෙදර ළිඳෙන් ලයිට් ගන්න රාවණා පරපුරේ පුරු&#3482

    වික්ටෝරියා ජලාශයෙන් පමණක් රටටම ලයිට් දෙන්න පුළුවන්ලු

    රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි.

    එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.

    ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.

    දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
    Rupasingha-mallawa.jpg

    Rupasingha-mallawa
    "මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ.

    මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි."

    මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.

    රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.

    Rupasingha-mallawa1එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.

    ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.

    එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.

    නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.

    මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.

    අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.

    ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.

    බන්දුල ධර්මතිලක
    (උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)
    - See more at: http://offair.nethfm.com/article/3171#sthash.yotPyUJx.dpuf

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: Robin*Hood

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.

    අප දන්නා බල/ශක්ති නියමයන්ට අනුව ජලය පහලට ගමන් කරද්දී ලැබෙන ශක්තියට සමාන ශක්තියක් එම ජල ප්‍රමාණයම ආපසු ඒ තිබ්බ තැනට යැවීමට වැයවේ. මේ හානි නැතුව වේ. කිසිදු යන්ත්‍රයක් 100% කාර්යක්ෂම නොවේ. එසේ නම් නිපදවෙන විදුලියට වඩා ප්‍රමාණයක් වතුර ආපසු පොම්ප කිරීමට වැයවේ. මෙහෙම වෙන්නේ කොහොමද ?

    රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.

    කිලෝ වොට් 2 කක ජෙනරෙටරයකින් වතුර පොම්පයක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද බැරිද යන්න වෙනම කතාවකි. ඔහු නොවේ ඕනෑම කෙනෙක් නිපදවන කිලෝ වොට් 1 කිං වොට් 100 බල්බ් 10ක් දැල්විය හැක.

    ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.

    න්‍යත්මකව මෙය සත්‍යකි. කරන්න පුළුවන් දෙයකි. එහෙත් ඔය කියන තරම් බලයක් නිපදවන්නේ කෙසේද ?

    නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.

    මෙය ලංකාවේ 90% නව නිර්මාණ කරුවන්ට පොදු වූ දෙයකි. එකෙන්ම ඇමරිකාව, ජපානය, ජර්මනිය මෙවැනි නව නිර්මාණ ගැන මාරම උනන්දුවක් දක්වයි. ඇතැමුන්ට අනුව ඔව්න්ට බැරක් ඔබාම, ප්‍රධාන පෙලේ විද්‍යාඥයන්, වියාපරිකයන් වැනි පුද්ගලයින් කතා කර කියන ගානකට ඉල්ලා තිබේ.
     
    • Like
    Reactions: supun44

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉස්සර A/L යන දවස්වල කීර්ති ධර්මසේන sir ගේ class ගියපු අයනම් අහල ඇති මේ වගේ කතා ගොඩක්. ලංකාවේ ඉන්නේ අරුම පුදුම මිනිස්සු.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    yako shakthi sansthithiya kiayana eka gana me article eka liyapu eka danne nadda
    ----Machan mama oyage idea ekata respect karanava. Ath api meya gana poddak hithamu. Dan machan mechanical break system ekata vada Hydraulic break system eka easy venne, liquid vala thiyena special quality ekak vana liquid quantity ekaka volume eka venas kala nohaki nisa nedha ?? Flow tube ekak thin vena kota , pressure force eka vadi venava nedha ? Ema theory eka mea inventor use kaladha ??
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේකත් හරියට රුපවාහිනියේ පෙන්නපු වතුරෙන් දුවන කාර් එක වගේ වැඩක්. තව මම දැක්කා කාර් එක දුවද්දී වදින සුළඟින් විදුලිය නිපදවා දුවන්න පුළුවන් කියන කාර් එකකුත්(බාහිර සුලන් ඇති විට වෙනම කතාවක්.) තව magnet වලින් වාහන දුවන්න පුළුවන් කියල කතාවකුත්. මේ හැම සිද්දියකම නිර්මාපකයා කියන්නේ කතාවෙන් බාගයයි. අපේ මිනිස්සුත් හුරේ ගෙන මේ කථා විස්වාස කරනවා මොකද ලිපිය යන්නේ ජාතික පුවත්පතක නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,280
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලෙකට සැරයක් මේ වගේ ගොන්නාම්බෙක් ලංකාවෙ පහල වෙනවා. උන් වතුරෙන් දුවන වාහන, වතුරෙන් පෙට්‍රල්, ඉබේ ක්‍රියාකරන යන්ත්‍ර වගේ දේවල් හදනවා.
    මෑතකදිම වෙච්ච සිද්ධිය තමයි එකෙක් ගෙ නමින් නාසා ආයතනය තරුවක් නම් කලා කියල පත්තරවල ගිය එක.
    :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,046
    5,801
    113
    canada
    මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.

    අප දන්නා බල/ශක්ති නියමයන්ට අනුව ජලය පහලට ගමන් කරද්දී ලැබෙන ශක්තියට සමාන ශක්තියක් එම ජල ප්‍රමාණයම ආපසු ඒ තිබ්බ තැනට යැවීමට වැයවේ. මේ හානි නැතුව වේ. කිසිදු යන්ත්‍රයක් 100% කාර්යක්ෂම නොවේ. එසේ නම් නිපදවෙන විදුලියට වඩා ප්‍රමාණයක් වතුර ආපසු පොම්ප කිරීමට වැයවේ. මෙහෙම වෙන්නේ කොහොමද ?

    රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.

    කිලෝ වොට් 2 කක ජෙනරෙටරයකින් වතුර පොම්පයක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද බැරිද යන්න වෙනම කතාවකි. ඔහු නොවේ ඕනෑම කෙනෙක් නිපදවන කිලෝ වොට් 1 කිං වොට් 100 බල්බ් 10ක් දැල්විය හැක.

    ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.

    න්‍යත්මකව මෙය සත්‍යකි. කරන්න පුළුවන් දෙයකි. එහෙත් ඔය කියන තරම් බලයක් නිපදවන්නේ කෙසේද ?

    නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.

    මෙය ලංකාවේ 90% නව නිර්මාණ කරුවන්ට පොදු වූ දෙයකි. එකෙන්ම ඇමරිකාව, ජපානය, ජර්මනිය මෙවැනි නව නිර්මාණ ගැන මාරම උනන්දුවක් දක්වයි. ඇතැමුන්ට අනුව ඔව්න්ට බැරක් ඔබාම, ප්‍රධාන පෙලේ විද්‍යාඥයන්, වියාපරිකයන් වැනි පුද්ගලයින් කතා කර කියන ගානකට ඉල්ලා තිබේ.

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,046
    5,801
    113
    canada
    මේකත් හරියට රුපවාහිනියේ පෙන්නපු වතුරෙන් දුවන කාර් එක වගේ වැඩක්. තව මම දැක්කා කාර් එක දුවද්දී වදින සුළඟින් විදුලිය නිපදවා දුවන්න පුළුවන් කියන කාර් එකකුත්(බාහිර සුලන් ඇති විට වෙනම කතාවක්.) තව magnet වලින් වාහන දුවන්න පුළුවන් කියල කතාවකුත්. මේ හැම සිද්දියකම නිර්මාපකයා කියන්නේ කතාවෙන් බාගයයි. අපේ මිනිස්සුත් හුරේ ගෙන මේ කථා විස්වාස කරනවා මොකද ලිපිය යන්නේ ජාතික පුවත්පතක නේ.

    :rofl::rofl::rofl::rofl::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් හරියට රුපවාහිනියේ පෙන්නපු වතුරෙන් දුවන කාර් එක වගේ වැඩක්. තව මම දැක්කා කාර් එක දුවද්දී වදින සුළඟින් විදුලිය නිපදවා දුවන්න පුළුවන් කියන කාර් එකකුත්(බාහිර සුලන් ඇති විට වෙනම කතාවක්.) තව magnet වලින් වාහන දුවන්න පුළුවන් කියල කතාවකුත්. මේ හැම සිද්දියකම නිර්මාපකයා කියන්නේ කතාවෙන් බාගයයි. අපේ මිනිස්සුත් හුරේ ගෙන මේ කථා විස්වාස කරනවා මොකද ලිපිය යන්නේ ජාතික පුවත්පතක නේ.
    :yes::yes::yes: ඔය ගොඩක් නව නිර්මාන කරන එවුන් physics a/l වලටවත් කරපු එවුන් නෙමේ, ඒකයි ඔය වගෙ ටොක් දෙන්නෙ. ඒ වගේම රටෙන් 100:1 වත් physics අඩුම ගානෙ a/l වලට වත් කරල නැ ඒක හින්ඩ මේ වගෙ ටොක් වලට අහුවෙනව.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මෙවැනි නිර්මාණ කළා යැයි පවසන අයට පොදු වූ ලක්ෂණ

    1. නිර්මාණය මිට පෙර ලෝකේ කිසිම කෙනෙක් සිදු කර නැත
    2. සම්මත/පිළිගත් විද්‍යා නියමයන්ට අනුකූල නොවේ
    3. නිර්මාණය වෙළඳ පොලට ඉතා අඩු මිලට නිකුත් කල හැක එහෙත් එවැන්නක් වෙළඳපොලේ නැත
    4. නිර්මාණය ගැන ආණ්ඩුවේ බලදාරින්ගේ කිසිම සැලකිල්ලක් නෑ
    5. නිර්මාණය කෝටි ගානකට ඉල්ලා ඇමරිකාව, ජර්මනිය, ජපානෙන් අරාධනා
    6. අපේ ජනපති මහින්ද මේ ගැන කිසි සැලකිල්ලක් නෑ එත් ඔබාම පවා නිර්මාණකරුට කතා කර තිබේ
    7. කිසිදු නිර්මාණයක් වෙළඳ පොලේ නැත. ප්‍රායෝගික බාවිතයක් නැත.

    මෙය ඇත්ත නිර්මාණ කරුවන් අපහසුවට පත් කිරීමට නොව.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි හිතමු වතුර ටැන්කියේ වතුර වල විභව ශක්තිය h කියල ඔය කියන පිස්ටන් එකේදි චාලකශක්තිය නේ ඔය කියන විදුලි උත්පාදක ජෙනරෙටරයට පාවිච්චි කරල තියෙන්නේ එතකොට චාලක ශක්තියත් h ව්ලට සමාන වෙන්න ඕන විදුලියට මාරු වෙද්දි අනිවා ලොස් තියෙනවා ඉතින් කොහොමද ආයෙ h ම දීල උඩට පොම්ප කරන්නේ ශක්ති සන්ස්තිති නියමය උල්ලගනය වෙලා...
    මම මෙයා ගැන කියන්න දන්නේ නෑ..අපේ electricians ල interview කරද්දි ඔය වගේ නිව්ටන් නියම බොරු කියාගෙන එන වැඩර්ල අමුතු නියම හදපු අය ගොඩක් හම්බෙලා තියෙනවා.:yes::yes: