ජපනගේ එකේ දිග....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හරි හරි දැන් ආවනේ ඉතින් කියවලම යන්න..

    අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග?

    මේක ප්‍රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග නිසා විතරක්ම නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ තියන ගැබුරුම දුම්රිය බින්ගෙය, හරි දැන් ඔයාල බලනවා ඇති කොහොමද මේක ගැබුරුම එක වෙන්නේ කියල. හරි ඒක වෙන්නේ මෙහෙමයි මේකේ මුළු දුරෙන් කිලෝමීටර් 23.3 ක්ම වැටිලා තියෙන්නේ මුහුද යටින් ඒ කියන්නේ මුහුදු පතුලේ ඉදන් මීටර් 100 (අඩි 330) යටින් තමයි මෙම උමගේ දුමරිය මාර්ග පිහිටලා තියෙන්නේ.

    මෙම උමග හදන්න හේතුවෙලා තියෙන්නේ Honshu සහ Hokkaido කියන නගර දෙක යාකරලා දුම්රිය සේවයක් ආරම්බ කරන්න ඕනේ වුන නිසයි. 1988 මාර්තු මස 13 වන දින තමයි මේක විවුර්ත කරලා තියෙන්නේ, ඒවගේම එම උමගේ ඇතුලේ දුම්රිය මාර්ග දෙකක් පිහිටලා තියනවා සහ එම දුම්රිය මාර්ගයක උපරිමය පැයට කිලෝමීටර 140(140 km/h) ක වේගයකින් දුම්රිය දාවනය කිරීමේ හැකියාව පවතිනවා.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    අපි දැන් පින්තුර ටිකක් බලමු....

    Seikantunnel_-_Tsugaru_street_detail.PNG


    fig1004.jpg


    kyotosapporo082.JPG


    69_big.jpg


    Seikan-Tunnel.jpg


    140630125104-tunnels-seikan-horizontal-gallery.jpg



    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....