ඌව වෙල්ලස්සේ අපේ ඉංග්‍රීසි විප්ලවය

alex007

Well-known member
  • May 17, 2007
    814
    1,673
    93
    ඌව වෙල්ලස්සේ අපේ ඉංග්‍රීසි විප්ලවය

    මීට මාස දහයකට විතර කලින් ඌව කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා පොඩියට පටන් ගත්ත "එල" අද වෙනකොට ලංකාව පුරා ඉංග්‍රීසි හැකි නොහැකි බොහෝ පිරිසකට නොමිලේ දැනුම බෙදා දෙමින් වැඩෙන දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙලා.

    picture.php


    එල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ දැනුම බෙදා ගැනීමේ පදනම මත. ගුරුවරයාගෙන් ගෝලයාට දැනුම ගලා යන සිරස් ක්‍රමයෙන් ඔබ්බට ගිය, එකිනෙකා සමග දැනුම හුවමාරු කරගන්නා තිරස් ක්‍රමයක් තමයි එල එකේ ක්‍රියත්මක වෙන්නේ. විභාගයක් ලංවෙලා දාන කුප්පියක සිදුවෙන ක්‍රියාවලියට යම් සමානතාවයක් දක්වනව එල. ඒ නිසාම හොද කුප්පියක තියෙන ඵලදායී බව ඒ හා සමානවම එල එකේ දකින්න පුලුවන්. අවුරුදු 14ක් 15ක් පාසලේ, ටියුෂන් පංතියේ ඉංග්‍රීසි ඉගෙනගත්ත ක්‍රමයට වඩා මේ ක්‍රමය ඵලදායී සහ විශේෂ වන්නේ ඒ නිසයි.

    picture.php


    picture.php


    මේ ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට සිසුන් යොමු කරන "එල" දැනට ක්‍රියාත්මක වෙන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ විතරයි. ඉදිරි අනාගතයේ අනෙක් සරසවි වලටත් "එල" ව්‍යාප්ත කිරීමට ඌවෙ අපි සූදානම්.

    picture.php


    ඊට අමතරව එල එකෙන් නොමිලේ ලබා දෙන "එල එන්ග්ලිෂ් ටිප්ස්" සේවාවට සම්බන්ධ වීමෙන් ඔබටත් පුලුවන් දිනපතා එස්.එම්.එස් මගින් ඉංග්‍රීසි ඉගෙන ගන්න.

    එල!!!


    picture.php


    picture.php


    ඔබගේ ජංගම දුරකතනයෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙනීමට FOLLOW<space>ELAUWU ලෙස ටයිප් කර 40404ට send කරන්න.
    මෙය ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි.

    Ex:
    FOLLOW ELAUWU

    Send to 40404

    සේවය අත්හිටුවීම සදහා STOP<space>ELAUWU ලෙස ටයිප් කර 40404ට send කරන්න.

    Ex:
    STOP ELAUWU

    Send to 40404


    www.facebook.com/ela.uwu
    www.twitter.com/elauwu
    #ela
     
    Aug 28, 2014
    53
    6
    0
    සහෝ,ඌව වෙල්ලස්ස කැම්පස් එකේ සංචාරක කලමනාකරණය ඩ්ග්‍රීය හොදයිද..මට ඒ ගැන විස්තර පොඩ්ඩක් කියනවද?
     

    alex007

    Well-known member
  • May 17, 2007
    814
    1,673
    93
    ගයියා;17083343 said:
    සහෝ,ඌව වෙල්ලස්ස කැම්පස් එකේ සංචාරක කලමනාකරණය ඩ්ග්‍රීය හොදයිද..මට ඒ ගැන විස්තර පොඩ්ඩක් කියනවද?

    Aniwa. Hospitality , Tourism and Events Management degree eka karanawa mage rooma. BBM (Bachelor of Business Management) degree ekak hambenne. Rajarata university eke hospitality & tourism degree ekata sahenna samaanai. Please contact Charith on https://www.facebook.com/charith.harsha.142