KPZ ගැන කතාවක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Ara KM ge yalu nangi umbava hoya ganna bari velaane Eka thamay mula Nathnam KM ubata kamatten inda athi masekata kalin passe umbenuth response ekak nathi hinda eki ube yaluvata kamathi venda athi Velaava thamay puthe :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මෙන්න මේ ලින්ක් එකට ගිහින්


    මේකේ තියෙන පොත් සෙට් එකේ "බෝධි පාක්ෂික ධර්ම විස්තරය" කියන පොත බා ගන්න. මෙන්න මේ ලින්ක් එක ලික් කරහන් කෙලින්ම ඩවුන් වේවි


    මේකේ පි‍ටුව 174(PDF නිසා හරියට එක පාර 188 පි‍ටුවට යමන්) එතන ඉඳන් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය ගැන පොඩි විස්තරයක් තියෙනවා. ;):D:D


    පලි: මෙයත් ප්‍රමාණවත් නැතිනම් තව හොයලා දෙන්න උත්සාහයක් ගන්නම්.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    maru machan..kathawe wena dewal neme uba liyana hatinam supiri... :yes: :D machan ilaga sare daaddi kotasa ankayak ekka danawada ethakota kiyawanna lesiy :)
    ela machan ehema dannam. ඊළඟ කෑල්ල තවත් රසවත්... :rolleyes:;)
    ela...ela...


    මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...

    පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.

    මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.

    (පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .

    උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....
    ඔහොම කිව්වම බය හිතෙනවනෙ :baffled::baffled:
    මගේ හිත ආදරේ හොයනවා කිව්ව එකනම් ඇත්ත. :sorry::sorry:
    bump
    ithuru tikath dapan bn
    ලියනවා මචන්.. :yes:
    වැඩ කරනගමන් ලියන්නේ. ඒ අස්සේ සිංහලෙන් කොටන්න ගියාම ඉතින් :baffled:
    :)
    patta thawa daapan,thawama 10wasarane lol
    අන්තිම ටික වෙනකොට 11 වසරේ :rolleyes:
    මගේ බඩේ සමනල්ලු පියබයි. sira katawa :D
    katawe ituu tikat danna
    :D:D
    daapan ithuru tikath ikmanata sudu.. :D
    :yes: දාන්නම් අද.

    දිගටම කථාව බැලුවා. උඹ පව් බං :( ඒත් ජීවිතේ ඔහොම තමයි. හැබැයි මම උඹේ යාලුවෙක් වෙලා හිටිය නම් මම උඹව ගොඩ දාලා මචං. මම කොල්ලංගේ ලව් ඉලව් වෙන්න ගිහින් ගොඩක් බේරලා තියනවා. ඒ වගේම උඹ වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේ නැති ගොඩක් කොල්ලංට කෙල්ලෝ සෙට් කරලා දීලා තියනවා. ඒ නිසා උඹ ගැන දුකයි. මොනව උනත් ඹය උබගේ වෙලාව මචං. ලැබෙන්න තියන කෙනා කොයි වෙලාවෙ හරි ලැබෙනවා. එතකන් ඔක්කොම වරදී. ඒකයි ලෝකයේ හැටි. පතාගෙන ආ හැටියටලුනේ ඔතාගෙන යන්නේ.
    පතාගෙන ආ හැටියටලුනේ ඔතාගෙන යන්නේ
    ඒ කතාව ඇත්ත මචන් :dull::nerd:
    oh hooooo!!!!!!!!
    KPZ චරිතාපදානය..... දිගටම ලියන්න.....මන් කමෙන්ටුවක් දානවා....මන් ඉන්නවා දැක්කේ නැත්නම් මට pm පාරක් දාන්න ලින්ක් ඒක..මොකද අසයි මේක දිගටම කියවන්න....

    ගැටලුවට සාර්ථක පිළිතුරක් ලැබේවි...එළකිරි එකේ ඕකට ගැලපෙන ගොඩක් අය ඉන්නවා

    ජයවේවා!!!!!
    එළ මන් දැන්නම් pm එකක්.
    11.gif

    pm එකක් දාන්න අමතක උනොත් මට pm එකක් දාල මතක් කරන්න හොදේ :sorry::sorry:
    යාළුවා;17144335 said:
    මේක කියවනකොට කොර වෙනවා වගේ :dull:
    :sorry::sorry:
    ඔය කාලේ ලව් ඔහොම තමයි බන් දකින්න එකත් ඇතිනේ
    දැක්කත් නෙවේ සාගරේ සේ ආදරේ කතාවේ රසාන්ගා ගේ කටහඬ ඇහුනත් ඇති මට... :love::love:
    ආයෙත් අහලා...මට නිකන් කැරකෙනවා වගේ:dull::dull:
    :sorry::sorry:
    :):)
    අපි හැමෝඅගෙම කතාව ඔහොම තමයි මචෝ.. වෙනසකට තියෙන්නෙ අඩු වැඩි බව විතරයි.. උබ දිගටම ලියපන්..
    :yes::yes: එළ මචන් ලියනවා දිගටම. ඉතුරු කොටස අද දාන්නම්.
    එල දිගටම ලියන්න අපි බලන් ඉන්නවා .:yes::yes::yes:
    :) එල මචන්.
    කෙල්ලෙක් ඉන්නවා මචං ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියපන්කො. දෙපාරක් ඇහෙවුවා . මෙකි කැමති නැ කියනවා බන්.:P:P:P
    :baffled::sorry::sorry:
    ඔව් ඕක කාටවත් විශේෂ දෙයක් නෙවෙයි කොල්ලංට පෙදු උරුමයක්
    :(:(
    patta..liyapan.. matath oya wage scene wuna..lol
    :sorry:
    Ara KM ge yalu nangi umbava hoya ganna bari velaane Eka thamay mula Nathnam KM ubata kamatten inda athi masekata kalin passe umbenuth response ekak nathi hinda eki ube yaluvata kamathi venda athi Velaava thamay puthe :baffled:
    වැඩේ උනේ මේකයි මචන්. ඒ නංගිගේ අක්කත් මට කැමැත්තෙන් ඉඳලා. ඒ කෙල්ලත් අපේ වයසේ. ඒ කෙල්ල ඉස්කෝලේ හැමෝටම කියල මාත් එක්ක යාලුයි කියල. ඒක දැනගත්තේ අපේ යාලුවන්ගෙන්. ඊට පස්සේ අහන හැමෝටම කිව්වේ මන් ඒකිට කැමති නැහැ කියල. ඊට පස්සේ තමයි නංගි මට KM ගැන කිව්වේ. නංගි දහම් පාසල් ආවට ඒ කෙල්ල දහම් පාසල් ආවේ නැහැ වෙලාවට.
    :baffled:
    එල මචන්. ඉතුරු ටික දාපන් ඉක්මනට
    දාන්නම් මචන්.. :)
    අන්තිම කෑල්ල කියවලා ඇඩෙන්න ආවා.. ආයාසයෙන් ඉවසං හිටියා :(
    :(:sorry::sorry:
    දිගටම කියපං බං. පට්ට කතාව.
    එල මචන්.. දාන්නම් :)
    aka aththa macho... keep it up
    :)
    යාළුවා;17145190 said:
    :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං මෙන්න මේ ලින්ක් එකට ගිහින්



    මේකේ තියෙන පොත් සෙට් එකේ "බෝධි පාක්ෂික ධර්ම විස්තරය" කියන පොත බා ගන්න. මෙන්න මේ ලින්ක් එක ලික් කරහන් කෙලින්ම ඩවුන් වේවි



    මේකේ පි‍ටුව 174(PDF නිසා හරියට එක පාර 188 පි‍ටුවට යමන්) එතන ඉඳන් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය ගැන පොඩි විස්තරයක් තියෙනවා. ;):D:D


    පලි: මෙයත් ප්‍රමාණවත් නැතිනම් තව හොයලා දෙන්න උත්සාහයක් ගන්නම්.

    ගොඩක් පින් මචන්.. :)
    තව යාලුවෙකුත් මට දේශනාවක් දුන්න. මන් මේකත් බලන්නම්. :)
     
  • Aug 8, 2014
    277
    12
    18
    මචං මට මේක කියපං උඹ පස්සෙන් මෙච්චර ගෑනු එන්ඩ උඹ මාර කඩවසම්, පසනැලිටි එකක් එහෙම තියෙන එකෙක්ද ඉස්සර ඉඳන් ? නෑ බං සිරා අහන්නෙ මොකද මේ කාලෙ ඕකෙ අනිත් පැත්ත නෙ වෙන්නෙ පිරිමිනෙ ගෑනු පස්සෙ යන්නෙ ලස්සන දැකල :baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳ ළමයෙක්;17146404 said:
    මචං මට මේක කියපං උඹ පස්සෙන් මෙච්චර ගෑනු එන්ඩ උඹ මාර කඩවසම්, පසනැලිටි එකක් එහෙම තියෙන එකෙක්ද ඉස්සර ඉඳන් ? නෑ බං සිරා අහන්නෙ මොකද මේ කාලෙ ඕකෙ අනිත් පැත්ත නෙ වෙන්නෙ පිරිමිනෙ ගෑනු පස්සෙ යන්නෙ ලස්සන දැකල :baffled:

    kotinma kiwwoth naha machan :no:
    man ehema mara porak newe.
    eth uba danne nadda ban kello love karanne rallatane
    prasidda ekata set wenawa. :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳ ළමයෙක්;17146404 said:
    මචං මට මේක කියපං උඹ පස්සෙන් මෙච්චර ගෑනු එන්ඩ උඹ මාර කඩවසම්, පසනැලිටි එකක් එහෙම තියෙන එකෙක්ද ඉස්සර ඉඳන් ? නෑ බං සිරා අහන්නෙ මොකද මේ කාලෙ ඕකෙ අනිත් පැත්ත නෙ වෙන්නෙ පිරිමිනෙ ගෑනු පස්සෙ යන්නෙ ලස්සන දැකල :baffled:

    අඩෝ උඹ ඕක ඇහැව්වමයි මතක් උනේ. අපේ class එකේ එවුන් කිව්වෙත් ඕකමයි බන්.
    උන්ට හෙන ඉරිසියයි ඔය case එකට. සමහරු මට ගහන්නත් ඇවිත් තියෙනවා. :baffled::baffled:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචං මෙන්න මේ ලින්ක් එකට ගිහින්



    මේකේ තියෙන පොත් සෙට් එකේ "බෝධි පාක්ෂික ධර්ම විස්තරය" කියන පොත බා ගන්න. මෙන්න මේ ලින්ක් එක ලික් කරහන් කෙලින්ම ඩවුන් වේවි



    මේකේ පි‍ටුව 174(PDF නිසා හරියට එක පාර 188 පි‍ටුවට යමන්) එතන ඉඳන් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය ගැන පොඩි විස්තරයක් තියෙනවා. ;):D:D


    පලි: මෙයත් ප්‍රමාණවත් නැතිනම් තව හොයලා දෙන්න උත්සාහයක් ගන්නම්.

    උබ නම් දෙයක් නෙමෙයි දේවාලයක් බන්. පින් සිද්දවේවා !!!
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ela...ela...


    මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...

    පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.

    මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.

    (පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .

    උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....
    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    4 වෙනි කොටස.

    KM සහ C දැන් පෙම්වතුන්ය. මට ඉතුරු වී ඇත්තේ සාගරේ සේ ආදරේ පමණි. ඇත්තටම මගේ ආදරේ සාගරේ සේය. අයට පෙම්වතෙක් සිටිද්දී පවා ඇයව අමතක කිරීමට හෝ අඩුම තරමින් ආදරේ නොකර සිටීමට මට නොහැක. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. ඇයව බලෙන් ලබාගැනීමට මට අවශ්‍ය නැත. අර නංගි පැවසු දෙය මගේ ඔලුවෙන් යන්නේද නැත. ඇය ගැන සිතමින් මා තනියම හැඩු වාර අනන්තය.. ඔය අතරතුරම මට සින්දුවක් අසුනේය. ඒ Centigradz ලගේ පාට දේදුනු කෝ කියලා.. සින්දුවයි. එය මට නියමෙට ගැලපෙන්නේය.

    පාට දේදුනු කෝ කියාලා.....
    අහස ගිගුරුම් දේ...
    දී හැඩුවත් අහස කළුවර ඇයි...
    කෙදිනදෝ... දේදුනු.... ඇසුවේ......

    පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා...
    දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා...
    පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ එන තුරා..
    මට දකින්නට.. මට දකින්නට..
    ඔබ එනතුරා...........................................

    පුංචි සමනලුන් රහස් කිව්වත්
    ඈත මලකට ඒ..
    සේවිද.. ඔබ මාගේ..
    මහිත කිව්වට ඔබ හිතාවිද..
    මා ඔබේ...?

    පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා...
    දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා...
    පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එන තුරා..
    මට දකින්නට.. මට දකින්නට ..
    ඔබ එනතුරා....

    නිදා නොනිදා.. පහන් වූ රෑ
    හඬයි ඔබ හා එක හිනයකට...
    ඒ හීනේ.. ඔබේ තුරුලේ.....
    රැදෙන්නම් මා මියෙනා මොහොතේ......................



    මම දවස තිස්සෙම කරන්නේ මේ සින්දුව අහන එකයි. ඇස් පියාගෙන මේ සින්දුව අහල ඉවර වෙද්දී ඇස් අරින්න බැරි තරමට කඳුළු පිරිලා... එත් මම කිසිම තේරුමක් නැතුව උදේ හවා මේ සින්දුව ඇහුවා.. ඒකෙ එකම තේරුම KM මතක් කරගැනීමයි. මන් පාඩම් කලෙත් මේ සින්දුව දාගෙනමයි.

    කාලය හිමිට ගෙවිල ගියා. මම වෙනද වගේම පන්ති ගියා. පන්ති ඇරිලා වාහන වලට මුවා වෙලා KM ගේ හැඩ බලන එක තමයි කලේ. එතන පස් කන්දට කකුල තියාගෙන KM දිහා බලන් ඉදල එයාල ගියාම ගණේමුල්ල බස් එකේ නැගල ගෙදර යනවා. ඒ දවස් වල teen book කියල පිස්සුවක් තිබ්බ. ඒක එක විදිහක සමරු පොතක්. C ටත් එහෙම පොතක් තිබ්බා. මන් අනිවාර්යෙන්ම දැනගත්තා C ඒක KM ට දීල සමරුවක් අරන් ඇති කියලා. ඉතින් මන් උගෙන් පොත ඉල්ලගත්තා බලන්න කියල. ඌත් ඉතින් මට පොත දුන්නා. මට ඕන වුනේ වෙන දෙයක්. මට ඕන උනේ KM ගේ phone number එක අරගන්නයි. මන් ඒක අරගත්තා. එත් ඒ කාලේ මට phone එකක් තිබ්බේ නැහැ. අපේ තාත්තා ළඟ නැති නිසා අපේ අම්මා ගොඩක් මන් ගැන හොයනවා. අඩුම ගානේ මට ඕන විදිහට කොන්ඩේ කපන්නවත් බැහැ. එත් මන් ගෙදරින් එලියට ඇවිත් ළඟ තියෙන communication එකෙන් gell packet අරන් කොන්ඩේ ගාගෙන හදාගෙන යන්නේ. මගේ හොඳම යාළුවා එළකිරි එකේ නැහැ වෙලාවට. නැත්තම් මිනිහා සාක්ෂි දරයි මේ හැම දෙකටම. මගේ පලවෙනි love එකේ ඉඳන් අද වෙනකන් වෙච්ච හැම දේම මිනිහා දන්නවා. මන් හැම දේම කලේ.. හැම දේටම ගියේ මිනිහත් එක්ක.

    කොහොම හරි ටික කලක් යද්දී KM සහ C අතර සම්බන්දෙ case වෙන බව තේරුණා, ඒ වෙන මොකක්වත් නිසා නෙවේ, C තව කෙල්ලෙක්ගෙ පස්සෙන් යන්න පටන් අරන්. ඒ කෙල්ල ටිකක් posh කෙල්ලක්. සල්ලි බාගේ එහෙම තියෙන පවුලක්. ඒ නිසා ටික ටික C හා KM ඈත් වෙන්න පටන් ගත්තා. මන් මෙච්චර කාලයක් KM එක්ක කතා නොකළේ මගේ යාලුවා නිසා. ඌ මට කොච්චර බලු වැඩේ කලත් මන් ඌ වගේ නෙවෙයි. එත් දැන් ඌ යන්නේ ලොකු අතු අල්ලන්න. ඒ නිසා මන් class ඇරිලා එලියට ඇවිත් KM එනකන් බලන් හිටියා. එයා එනකොටම මන් මගේ මිත්‍රයාගේ phone එක ඉල්ලන් KM ට call කළා. KM answer කළා. එවෙලේ ඇති වෙච්ච දෙබස මේකයි.

    KM: Hello
    මම: Hello
    KM: කවුද මේ..
    මම: අඳුරන්න පුලුවන්ද?
    KM: බැහැනේ.. කවුද....?
    මම: මං "_ _ _ _"
    ( ඒක කිව්ව ගමන් එයා මන් දිහා බැලුවා. බලලා අත වැනුවා. හම්මේ... මට එවෙලේ පියබන්නමයි හිතුනේ... )
    KM: මේ ඔයාගේ number එකද?
    මම: නැහැ යාළුවගේ.
    KM: ඇයි කතා කලේ ඉතින්?
    මම: ඔයාගේ නොම්බරේ හම්බුනා. ඒක හරිද බලන්න ගත්තේ.
    KM: එහෙමද? හි හි.. එහෙනම් මන් යන්නම් කිව්වා.

    මම එයා දිහා බලල අතින් ඇත වැනුවා මිසක් Bye කියලවත් කිව්වේ නැහැ. ( නොදකින් මන් වගේ හරකෙක්. )
    එදා මට මාර සතුටක් සැහැල්ලුවක් දැනුනේ. මන් ගෙදර ගියේ කොහොමද කියලවත් මට මතක නැහැ. මන් ඇත්තටම KM ට ආදරෙයි. මුළු හදවතින්ම. ඒත් ඒක කියන්න උවමනාවක් තිබ්බේ නැහැ. මට ඕන උනේ එයා එක්ක කතා කරන්න. එයාගෙ කටහඬ අහන්න. එයාව දකින්න. මන් බය වුනා එයාගෙන් කැමැත්ත අහන්න ගිහින් ආයි එයාගෙ මුනවත් බලන්න බැරිවෙයි කියලා. ඒ නිසා මන් පාඩුවේ හිටියා..
    මේ අතරතුරත් මන් අර සින්දුව ඇහැව්වා. එත් KM ට දැන් පෙම්වතෙක් නැති නිසා මට අඩන්න උවමනා නැහැ. එත් හිතේ දුකක් තිබ්බේ නැතුව නෙවේ.

    ඔය අතරතුර අපේ පුංචි කෙනෙක් අපේ ගෙදර නවතින්න අවා. පුංචි බැඳලා නැහැ. පුංචි ගව තිබ්බා phone එකක්. ඒ කාලේ තමා hand phone ප්‍රසිද්ද වෙන්න ගත්තේ. nokia එකේ නයා game එක පට්ට ගහපු කාලයක් ඒක.මන් game ගහන්න කියල පුංචිගේ ෆොනේ එක ඉල්ලගත්තා. ඒක samsung phone එකක්. black & white. මන් ඒකෙ game ගගහ ඉන්න ගමන් මට දෙයක් මතක් උනා. ඒ KM ට sms එකක් යවලා බලන්න. මට sms එක යවන්න බයයි. reply නැති වෙයි කියල. එත් මන් sms එකක් යැව්වා. මන් යැව්වේ "හලෝ කොහොමද? මන් _ _ _ _" කියල. ඒක යවල මන් දැන් සැරින් සැරේ phone එක බලනවා. මට මෙලෝ සිහියක් නෑ. තප්පර 2න් 2ට මන් ෆොනේ එක බලනවා. කොහොම හරි විනාඩි 10ක් විතර යද්දී මට reply එකක් ආව. එවෙලේ මගේ හිතට දැනුන සතුට මට මෙච්චරයි කියලා වචනෙන් කියන්න බැහැ. මට එක කියන්න තේරෙන්නෙත් නැහැ. සතුට කොච්චරද කියනවනම් මන් එදා දවසටම කෑවේ නැහැ. එදා දවසෙම මන් එයා එක්ක message කළා. එක එක දේවල් කතා කළා. class ගැන. පාඩම් වැඩ ගැන. සර්ලා ගැන. එනම් මනං ගොඩයි. ඒත් මන් love seen මුකුත්ම දැම්මේ නැහැ. මට ඒවා කරන්න ගිහින් මේ කිසි දෙයක් නැති කරගන්න ඕන උනේ නැහැ.

    මම අයෙත් C ත් එක්ක bus නැවතුමට යන්න පටන් ගත්ත. දැන් C සහ KM යන්නේ එකම bus එකේ නෙවේ. C දැන් try එක ලොකු අත්තක් අල්ලන්නය. මට ඒ ගැන සත පහක වැඩක් නැත. ඌ ඕන බම්බුවක් ගහගත්තදෙන්. මට ඕනේ KM බලන්නටය. මම පන්තියේදී වැඩිය KM සමඟ කතා කරන්නේ නැත. මගේ කතාව sms වලිනි. සමහර දාට KM bus එකට නැග්ගට පසු bus රථය යන්න පටන් ගන්නා තුරුම සැරින් සැරේ මගේ දිහා බලයි. හිනා වෙයි. මට මේ කෙල්ලව තේරුම් ගත නොහැක. නමුත් මන් යට අසීමිත ලෙස ආදරය කරයි. ඒ ඇයිදැයි මා තවමත් දන්නේ නැත.

    මේ අතර තුර C උගේ අලුත් try එකට teen book එක දුන්නාය. ඒ කෙල්ල සිටින්නේ තවත් යහළුවන් දෙදෙනෙක් සමගය. ඒ කෙල්ල PM කියන්නම්. යාලුවෝ දෙන්නා JM සහ MS කියන්නම්. PM ද ලස්සන කෙල්ලකි. ඒ කෙල්ල පෙනුමෙන්ම posh පාටය.නමුත් තුන් හතර දෙනෙක් PM ගෙන් යාලු වෙන්නට අසා හොදින් අසා ගත්තාය. නමුත් මම කැමති KM ටය. KM හුරතල්ය, අහිංසක පාටය. KM ගේ තැන ගන්න කිසිම කෙල්ලකුට බැරිය. PM ද එදා C ටද ඇයගේ teen book එක දී තිබිණ. C ඇවිත් හෙන ආඩම්බරයෙන් ඒ ගැන කියෙව්වාය. මටනම් ඒක මහා ලොකු දෙයක් නොවිය. ඒ ගෝතයා ලැජ්ජ නහරේ කපාගෙන PM ලඟට ගොස් teen book එක දුන්නාය. ඉතින් PM ඇගේ book එක දුන්නාය. එය සාමාන්‍ය දෙයකි. මට මහා ලොකු දේ ඉක්මනට ගෙදර ගිහින් KM ට sms කිරීමය.

    මේ අතරතුර වුවද මා මගේ ඉගනීම අතපසු නොකලාය. තවමත් පන්තියේ අංක එක මමය. ගණන් පන්තියේ දෙන tute එක ඊළඟ සතිය වෙද්දී මමයි මගේ යාළුවයි ඉවර කරගෙන එන්නේය. පන්තියේදී යාළුවයි මමයි කරන්නේ හරි වැරදි බලන එකය. ඒ අතරේ අපි දෙන්නා කයිය ගහයි. සුමේධ සර්ට අපිට බනින්නත් බැරිය. අප සියලු වැඩ කරගෙන ඒම නිසා පන්තියෙන් එලවන්නත් බැරිය. නැතිනම් සර් පන්තියෙන් අපමණ සිසුන් එලවා ඇත.

    ඊළඟ සතියේ C ඇවිත් PM ගේ teen book එක දුන්නාය. ඌ එදා හිටියේ ලෝකය ඇල්ලුවාක් මෙනි. හනේ ඉතින් මගේ මොකෝ.
    කෙසේ නමුත් එදා පන්තිය ඇරී ගෙදර යාමට මන් සාලින්දය එහා පැත්තෙන් සිටගෙන සිටියාය. ගණේමුල්ල බස් ඉස්සර නවත්තන්නේ එතනය. (සලින්දය යනු supper market එකක් සහ book shop එකකි. එය ඇත්තේ ගණේමුල්ල පාර පටන් ගන්න තැන වම් පැත්තේය.) එතනට සුමේධ සර්ගේ මල්ලිද ආවාය. සුමේධ සර්ගේ මල්ලිද සර්ගේ class එන්නේය. මල්ලි ඇවිත් (මල්ලි කිව්වට මට වඩා වැඩිමල්ය) මට කිව්වේ "අඩෝ අන්න _ _ " උබට කතා කරනවා කියාය. මට එච්චර නිච්චියක් නැත. මන් ඇසුවේ කවුද _ _ යන්නයි. බැලින්නම් මිනිහා කියන්නේ PM ගැනය. මන් හිතුවේ C ගැන අහන්න ඇවිත් කියාය. සුමේධ සර් ගේ මල්ලි කිව්වේ PM ලා සාලින්දය ඇතුලට ගියා කියලාය. මන් ඉතින් ඔවුන් එන තුරු සාලින්දය ඉස්සරහා සිටගෙන සිටියේය. ඔවුන් සලින්දයේ උඩ තට්ටුවේ සිට බැසගෙන ආවේය. උඩ ඇත්තේ book shop එකයි. ඔවුන් මාව දැක නැවත උඩට දිව්වාය. ටික වෙලාවකින් ඔවුන් නැවතත් බිමට බැස්සාය. ඔවුන් ඉන් පසු මා ලඟට ආවාය. ඇවිත් කතා කලේ MS සහ JM ය. ඔවුන් ඇසුවේ teen book එකේ ලිව්වේ නැත්තේ ඇයි කියාය. මට වෙච්ච දේ එවෙලේ තෙරුනාය. PM අයගේ teen book එක C ට දී ඇත්තේ මටයි මගේ යාලුවටයිත් ලියන්න දෙන්න කියාය. නමුත් මූ අපිට දුන්නේ නැත, අපිට කිව්වේද නැත. මා ඔවුන්ගෙන් සමුගෙන නැවතත් bus නැවතුමට ආවය.

    ටික වෙලාවකට පසු පන්තියේ තව කොල්ලෙක් එතනට ආවේය. මිනිහා ටිකක් නම ගිය චණ්ඩියෙකි. :P නමුත් ඔහුද මාගේ මිතුරෙකි. ඔහුගේ නම I කියා කියන්නම්. අපි ගලහේන පිට්ටනියේ එකට cricket ගසයි. ( ගලහේන යනු ගණේමුල්ල පාරේ ඇති පිට්ටනියකි. දන්නෝ දනිති.) ඔහු ඇවිත් ඇසුවේ "මචං KM උඹේ යාලුවෙක් නේද?" කියාය. මන් ඔව් කිව්වාය. ඉන් පසු ඔහු කිව්වේ "මචන් මට ඒකිව set කරල දියන්කෝ.." කියාය. මුළු ලෝකයම මොහොතකට නැවතුනාක් මෙන් දැනින. මගේ හදවත හඬා වැටෙන්නට ගත්තාය. මොහු කියන්නේ මා ආදරය කරන කෙනාව ඔහුට දෙන්න කියාය. කල යුතු දෑ ගැනවත් කිව යුතු දෑ ගැනවත් මට තේරෙන්නේ නැත. මා සිටියේ වෙන ලෝකයකය. ඔහු මගේ කරට අත තබා කිව්වේ "ඒකි උඹේ යාලුවනේ මචං.. කොහොම හරි වැඩේ කරලා දියන්කෝ.." කියාය.
    මං කීවේ හා කියාය..
    මා හා කිවේ ඇයි දැයි මා දන්නේ නැත.

    මම එදා දවසම අර සින්දුව අසමින් හැඬුවාය..


    මතු සම්බන්දයි...

    part 5
     
    Last edited: