KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    6 කොටස

    උපහාර උළෙල දින පන්තියේ ගැහැණු ළමුන් සියලු දෙනාම වාගේ මාත් සමඟ කතා කළේය. එනිසා ඊළඟ සතියේ පන්තියේදී මට සමරු සටහන් තැබීමට teen book පෝලිමක් ලැබිණ. ඒ අතරතුර KM ගේ book එකද විය. එහි මම වැඩි දෙයක් නොලිව්වාය. මා ලිවේ...

    Look into my eyes – you will see
    What you mean to me.
    Search your heart, search your soul
    And when you find me there you'll search no more.
    "_ _ _ _"

    මෙය BRYAN ADAMS ගේ "(Everything I Do)" සින්දුවේ පළමු කොටසයි. මා මෙය ලිවේ මට කියාගන්න උවමනා දෙය මෙහි තිබෙන බැවිනි. එදින මුළු දවසම මා කළේ teen book වල සමරු තැබිමය. පන්තිය අවසානයේ මම I වෙනුවෙන් අවසන් වතාවට මගේ ආදරය කැප කලෙමි. මම නැවත KM ගෙන් I ගැන ඇසුවෙමි. ඇය කීවේ ඊළඟ සතියේ ඇයගේ උත්තරය දෙන්නම් කියාය. ඊළඟ සතිය යනු අන්තිම සතියයි :(

    ඒ සතියෙම KM මට sms කලාය. ඇය මගෙන් ඇසු එකම ප්‍රශ්ණය I ව ඇයට ගැලපෙනවාද යන්නයි. ඇත්තටම I ඇයට ගැලපෙන්නේ නැත. නමුත් මා කලේ I ගේ ගුණ වර්නනාවයි. ඒ අතරම KM කැමති දේවල් ගැන මම I ට කියා දුන්නෙමි. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන I ට කියා දුන්නෙමි.

    අවසන් සතිය පැමිනියේය. එනම් එයින් පසුව KM ආපසු මට දකින්නට නොලැබෙන්නේය. :( හඬනන්ද සිනාසෙන්නද කියා මා දන්නේ නැත. :(
    කෙසේ හෝ විවේක කාලයේදී KM ව සහ I ව කතාවට සෙට් කලෙමි ඔවුන්ව කතාවට set කර මා යන්නට හැදුවත් KM මට යන්නට දුන්නේ නැත. I යනු මුදු මාල පුරවගත්ත තොරොම්බල් කාරයෙකි. :baffled: KM ඒ සියල්ල ගලවන ලෙස I ට කීවාය. I ට කර කියා ගන්නට දෙයක් නැත. ඔහුට KM ගේ කීම අසන්නට සිදුවිය. ඔහු ඒ සියල්ල ඉවත් කලාය. අවසානයේ I ඇසුවේ "දැන්වත් මට කැමතිද?" කියාය. එවිට KM මගේ දිහා බැලුවාය. මගේ දිහා බලාගෙනම ඔව් කීවාය. මා දෙනෙත් පිය ගත්තෙමි. :( එවෙලෙහි මා ඇස තුලට එන කඳුළු බින්දු නවතා ගත්තේ මහත් ආයාසයකිනි. කඳුළු බින්දු බිම වැටෙන්නට නොදී මා වට පිට බැලුවෙමි. වැඩි පුරම බැලුවේ උඩය. ඒ කඳුළු බින්දු වැටීම වැලක්විමටය. එතන මා සිදු කළේ මා විසින්ම මාගේ ආදරය පාවාදීමකි. ඒ තවත් කොල්ලෙකුගේ සතුට වෙනුවෙනි. I එවෙලෙහි KM ගේ දුරකථන අංකය ඉල්ලගත්තේය. අනතුරුව KM I ට පැවසුවේ මාත් සමඟ තනිව කතා කළ යුතු බවයි. එනිසා I එතනින් පිටව ගියාය. ඉන් අනතුරුව KM මට කීවේ I ට කැමති වුනේ මාගේ ඉල්ලීම නිසා බවය. නැතිනම් ඇය I ට කැමතිනැති බව පැවසුවාය. නමුත් පෙරහැර ගිහින් අවසානය.
    ( මට දෙයක් පැවසීමට කලින් අමතක විය. එනම් පහලින් ඇති ගීතයයි. මෙහි ගීතය ආරම්භයට කලින් කුඩා දෙබසක් යයි. එහි "ඔය අහු උනේ" කියා පවසන කොටස KM ගේ කටහඩට ඉතා ආසන්නය. ඒ වගේම එහි ප්‍රධාන නිළිය KM ගේ පියාගේ පැත්තෙන් නෑදෑ අක්ක කෙනෙක් වෙනවාය.

    :( :( :( :( :( :( :( :( :( :(
    CENTIGRADZ මගේ ආදරය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කර ඇත. )

    එදින පන්තිය නිමා විය. අපි යන්නට සැරසෙන විට PM අප අසලට පැමිණියාය. ඇය කතා කළේ මටය. ඇය කිවේ O/L අවසාන වන දිනයේ හවස නැවත පන්තියට එන ලෙසයි. ඔවුන්ට අප සමග photo ගැනීමට අවශ්‍ය බව පැවසුවාය. එවිට මම C දිහා බැලුවෙමි. ඔහුගේ මුහුණ දෙක වී ඇත. PM යනු C ගේ try එකයි. නමුත් ඇය කතා කලේ මා සමඟයි.
    මා bus නැවතුමට යන අතරමග KM ඔවුන්ගේ bus නැවතුමෙහි සිටියාය. මා අද එතන නැවතුනේ නැත. ඒ දැන් KM I ගේ පෙම්වතියයි. මම ඇයව පසු කරගෙන ගියෙමි. නමුත් නැවත ඈ දෙස බලන ලෙස මගේ සිත හඬා වැටෙයි. මෙයින් පසුව නැවත KMව දකින්නට ලැබෙන්නේ නැත. මා අවසන් වතාවට ඈ දෙස හැරී බැලුවෙමි. ඒ වන විටත් ඈ මා දෙස බලා සිටියාය. ඇය මට අත වැනුවාය, මමද අත වැනුවෙමි. මා එසේ අත වනුවේ මගේ ආදරයටයි. :( අයට අත වනා මා මගේ ගමන ආවාය.
    ගෙදර ඇවිත් ඇය දුටුව පළමු දිනයේ පටන් අවසන් දිනය වන තුරුම සිදු වූ දෑ කල්පනා කරමින් පැයක් පමණ කාලයක් මම නැහැවාය. දෙවන වරටත් මම ඇයව නැති කරගත්තෙමි. මේ සියලු දෑ සිතන අතරතුර කඳුළු බින්දු කිහිපයක් වතුරට මුසු විය....... :(

    ඉන් සති දෙකකට පසු O/L පටන්ගත්තාය. ඒ සති දෙක තුලත් මා කලේ "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතය සමග මගේ දුක බෙදා ගැනීමය. විභාග දිනයන් හිද මා නිවසින් පිටවුනේ ඒ ගීතයට සවන් දීය. විභාගයට මා පැළඳ ගියේ KM විසින් ගැලවූ ඔරලෝසුවයි. මා විභාගය ලියන විට ඔරලෝසුව ගලවා එහි මුහුණත මට පෙනෙන සේ මේසය මත තබා ගත්තාය. මට දැනුනේ KM මා අසල සිටිනා සේය.

    කෙසේ හෝ O/L විභාගය අවසන් විය. අවසන් දින C මා හමුවීමට පැමිණියේය. ඒ හවස photo ගන්න එන්නැයි මතක් කිරීමටය.
    එදින හවස අපි photo shoot එකට ගියෙමු මගේ හොඳම යහළුවා පැමිණියේ නැත. C කාරයා PM ගේ පස්සෙන්මය. මට වැඩේ බෝරින්ග්ය. කට්ටිය ඔක්කොම එකට තව photo එකක් ගැනීමට සරසින. කොල්ලො 2ක් පමණි. කෙල්ලෝ 5 දෙනෙකි. මමයි Cයි මුලින් සිටි අතර ඊ ලඟට කෙල්ලන් සිටගත්තේය අන්තිමට සිටියේ PM ය. ෆොටෝ ගන්න කෙල්ල කිවේ එය නොගැලපෙන බවකි. කොල්ලන් දෙදෙනා දෙපසට යා යුතුව ඇත. C අනිත් පැත්තට යාමට සරසින. ඒ එහා කොනේ සිටියේ PM බැවිනි. එවෙලෙහි PM කිවේ Cට එතන ඉන්න මට PM ගාවට එන්න කියාය. :P
    අරූගෙ මුණ කළු විය. හොඳ වැඩේ ගොතයට මට කරපු වැඩේට. "මගේ සිත කීවාය".
    එදින PM පැවසුවේ A/L class ඇයත් සමග යාමට එන ලෙසය. ඒ PM සහ මම Bio කිරීමට සිතාගෙන සිටි බැවිනි. PM යා යුතු පන්ති සියල්ල සොයාගෙන සිටියේය.

    මාගේ O/L ජීවිතය සුන්දර මතකයන් ගොන්නක් සමඟ එසේ අවසන් විය. දැන් මට ඇත්තේ අර සින්දුවත් KM ගේ කාරබුවත් KM සමග ගෙවුණු දවස් කිහිපයක මතකයන් පමණි.

    ****************************************************************

    මා A/L පන්ති ගියේ මගේ හොඳම යහළුවත් PM සහ ඇයගේ යහළුවා වන JM සමඟත් ය. මගේ යහළුවා සහ JM කලේ maths ය. ඉතින් Physics, Chemistry class අපි 4 දෙනා එකට ගියෙමු. Bio class එකට ගියේ මම සහ PM පමණි. මා කලින් කිවා සේ PM posh කෙල්ලකි. ගෙදර ප්‍රාඩෝ දෙකකි. බසයේ යන්නේ අපිත් එක්ක class යන නිසාය. ඒ වගේම ඈ ටිකක් සරාගිය. පෙනුමෙන් ටිකක් ප්‍රියංකා චොප්රා වගේය :baffled: Bio පන්තියේදී ඈ හිදගන්නේ මගේ පිටුපසය. සමහර වෙලාවට ඈ මගේ පිටේ නියපොතු වලින් ලාවට ඉරි අදින්නේය. මගේ සිත සමහර වෙලාවට ඈ දෙසට නැවෙන්නට ගනී. නමුත් ඊළඟ මොහොතේ මට මතක් වෙන්නේ KM වය. KM ව අමතක කිරීමට මට තවමත් නොහැකිය. එමෙන්ම "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතයට මා සමුදී නැත. එම ගීතය අසන වරක් වරක් පාසා මට මතක් වන්නේ KM වය.

    ඒ අතරතුර මට KM සහ I වෙන්වුණු බව ආරංචි විය. ඉන් දින කිහිපයකට පසුව මට කඩවතදී I මුණ ගැසුණි. I පැවසුවේ KM සමඟ ඉන්නට බැරි බවය. එයට හේතුවනම් KM තනියම ඇවිදින්න එන්නෙත් නැතිවීම සහ ඇය කොයි වෙලෙත් කතා කරන්නේ මා ගැන වීමයි. අවසානයේ I පැවසුවේ KM මා ගැන සිතන බවය. එය ඇසීමෙන් මා ඉතාමත් සතුටට පත්විය. නමුත් කරුමෙකට වගේ I ට සමුදීමට ප්‍රථම KM ගේ නව දුරකථන අංකය ලබා ගැනීමට මට අමතක විය :(

    මාස කිහිපයකට පසු අපගේ O/L results නිකුත් විය. මම A6 B3 ක් ලබාගෙන තිබිණ. B2 ක් සිංහල සහ ඉංග්‍රීසිය :baffled: අනිත් එක නාට්‍යයකරණයයි. O/L ගොඩය. මට දිගටම ජීව විද්‍යාව කරගෙන යා හැකිය. නමුත් PM ගේ results අඩුය. ඇයට ජීව විද්‍යාව කිරීමට ඇයගේ ඉස්කෝලෙන් අවසර නොදුන්නේය. එනිසා ඇය commerce වලට මාරු විය.

    අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්‍රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න ආවේය. නමුත් සියලු දෙනාගේ අවසන් ප්‍රශ්නය results ය.:frown:
    ඒ results දිරවගන්න බැරි කට්ටියක් අප නිවස අසල සිටියේය. නමුත් ඔවුන් results දැනගෙන දවස් දෙකකින් මට party එකක් දුන්නේය. එහි වුයේ කැවුම්, කිරිබත්, දොදොල් ආදියයි. එසේ කලේ ඇයි දැයි පසුව මා දැනගත්තෙමි. ඔවුන් තවම සිටින්නේය. තවමත් මුනට කතා කරන්නේය. ඔවුන් කල දේ ඉදිරියට සටහන් තියන්නම්. O/L සමත් වීම නිසා මට අලුත් phone එකක් ලැබිණ. එය Nokia 3220 phone එකකි. ඒ මගේ පලවෙනි phone එකයි.

    මගේ A/L ජීවිතය O/L තරම් සුන්දර නැත. results පැමිණි දිනට පසු මගේ ජීවිතය එක තැන පල් වෙන තත්වයක් උදා විය. මා මොහොතකට හෝ KM නොමැති දුක නිවා ගත්තේ PM ට පින් සිදුවන්නටය. දැන් PM ද නැත. KM ද නැත. වෙනදා මෙන් පන්තියේ දක්ෂයා මම නෙවේ. මට වඩා දක්ෂයින් ගොඩක් දැන් පන්ති වල සිටි. ඉස්සර මා රඟපෑ චරිතය රංගන වෙනත් අය වුවාය. ඔවුන්ට ඉස්සර මට මෙන් ගැහැණු ළමයින්ගෙන් යෝජනා ගොඩකි. දැන් ඉස්සර තරම් මට ගැහැණු ළමයින්ගෙන් කරදර නැත. නමුත් නැතුවාම නොවෙයි. මාගේ රාජකාරිය පන්ති යෑම සහ ඒම පමණි.

    මෙසේ අවුරුද්දක් ගෙවින. එනම් 2006 යි. ඒ අවුරුද්ද තුල මා KM දුටුවේ නැත. නමුත් අයගේ කරබුව නොදුටු දිනයක් නැත. මා තවමත් ජිවත් වන්නේ KM ගේ මතක ගොඩක් සහිත හින ලෝකයකය. එසේ 2006 අවසන් වී 2007 ලැබුවාය.

    2007.01.03 වන දින මට අලුත් number එකකින් call එකක් ආවාය. කතා කළේ කෙල්ලකි. ඒ කටහඬ ඇසුණු සැනින් මොහොතකට සියලු දේ නැවතින..

    මතු සම්බන්දයි.

    part 7
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


    ළඟ සිටියත් අහිමි මල නුඹයි වගේ සින් එකක් තමයි වෙලා තියෙන්නේ
    උඹට හිතෙන්නෙ නැද්ද උඹේ ආදරේ වෙනුවෙන් සටනක් දෙන්න ඕනෙ කියලා
    ආශා එදිරිසිංහ :love:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


    ළඟ සිටියත් අහිමි මල නුඹයි වගේ සින් එකක් තමයි වෙලා තියෙන්නේ
    උඹට හිතෙන්නෙ නැද්ද උඹේ ආදරේ වෙනුවෙන් සටනක් දෙන්න ඕනෙ කියලා
    ආශා එදිරිසිංහ :love:
    :yes: ආශා එදිරිසිංහ තමා මචෝ...

    කොහොමද සටනක් දෙන්නේ?? :dull:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    aneeeeeeeeeeeeeeeeeeee !!!!!!!!!! dukaiiiiiiiiiiiiii !!!!!!!! papuwa gahena wegeth wadi wela... 12.39 a.m. mata mara aul ,.. dan ithn ninda yana ekakuth naaa.... parana jiwithe dewl ekin eka mawath riddanawa redda !!!! eth taniyama hinath ynawa... digatama danna aiye...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    උබම තමයි බන් වැඩේ දෙල් කරන් තියෙන්නෙ. මේ එලකිරියෙම කොල්ලෙක් කියපු දෙයක් මතක් උනා...

    සිරාවට ලව් කරන කොල්ලන්ට කෙල්ලො කැමති නැත්තෙ බූට් තියන්නෙ උන් කෙල්ලන්ට ජීවිතයේ යතාර්තය පෙන්නන නිසයි. නමුත් ෆැශන් එකට ලව් කරන උන් කෙල්ලන්ට පෙන්නන්නෙ සුන්දරත්වය විතරයි..

    ඕක තමා උබට වෙලා තියෙන්නෙ. අපරාදෙ මන් උබ උනා PMව එකෙන්ම දාගන්නව. කෙල්ලත් පට්ට නම් ප්‍රඩෝ තිබේ නම් තවත් මොනාද බන්.. අපරාදෙ යකෝව්.

    තාම වැඩ කරන නම්බර් එකක් නැද්ද බන්? I කියල හිතල සෙට් කරල දීපන්කො..:(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඕක තමා උබට වෙලා තියෙන්නෙ. අපරාදෙ මන් උබ උනා PMව එකෙන්ම දාගන්නව. කෙල්ලත් පට්ට නම් ප්‍රඩෝ තිබේ නම් තවත් මොනාද බන්.. අපරාදෙ යකෝව්.

    තාම වැඩ කරන නම්බර් එකක් නැද්ද බන්? I කියල හිතල සෙට් කරල දීපන්කො..:(

    දෑවැද්ද බැඳලා කෙල්ලව දෑවැද්දට ගන්ඩද? අනේ බo :P
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    2007.01.03 වන දින මට අලුත් number එකකින් call එකක් ආවාය. කතා කළේ කෙල්ලකි. ඒ කටහඬ ඇසුණු සැනින් මොහොතකට සියලු දේ නැවතින..

    මෙහෙමත් නවත්තනවද බන්z කතාවක්. දැන් ඉතින් රින්ග් ටෝන් එක අහගෙන අපි ඉන්න එපැයි අනිත් කොටස එනකම්. :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    දෑවැද්ද බැඳලා කෙල්ලව දෑවැද්දට ගන්ඩද? අනේ බo :P
    පිවිතුරු ආදරේ අනන් මනන් හොය හොය ඉදල හරියන්නෙ නෑ බන්.. යමක් කමක් තියෙන ඇහට කනට පේන කෙනෙක් බැද ගත්තාම ඉවරයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    patta bn. digatama liyapan.
    :) ලියන්නම් පුළුවන් තරම් ඉක්මනට.
    උබම තමයි බන් වැඩේ දෙල් කරන් තියෙන්නෙ. මේ එලකිරියෙම කොල්ලෙක් කියපු දෙයක් මතක් උනා...

    සිරාවට ලව් කරන කොල්ලන්ට කෙල්ලො කැමති නැත්තෙ බූට් තියන්නෙ උන් කෙල්ලන්ට ජීවිතයේ යතාර්තය පෙන්නන නිසයි. නමුත් ෆැශන් එකට ලව් කරන උන් කෙල්ලන්ට පෙන්නන්නෙ සුන්දරත්වය විතරයි..

    ඕක තමා උබට වෙලා තියෙන්නෙ. අපරාදෙ මන් උබ උනා PMව එකෙන්ම දාගන්නව. කෙල්ලත් පට්ට නම් ප්‍රඩෝ තිබේ නම් තවත් මොනාද බන්.. අපරාදෙ යකෝව්.

    තාම වැඩ කරන නම්බර් එකක් නැද්ද බන්? I කියල හිතල සෙට් කරල දීපන්කො..:(
    KM ව අමතක කරන්න PM ව set කරගන්න හිතුනු වාර අනන්තයි. මම class එන්න පරක්කු දාට PM එලියට වෙලා ඉන්නවා මන් එනකන්. සමහර දාට PM ගෙ අම්මත් ඇවිත් මාත් එක්ක කථා කර කර ඉන්නවා. මට උන්ගෙ ගෙදරත් අඩගහල තියෙනවා. අම්ම ලස්සනයි කෙල්ලට වඩා. :P ඒකිගෙ අම්ම ආවම මන් කියවන්නේ KM ගැන. class වල කොල්ලො කිව්වේ ඒකි එච්චර ඇගට එන එකේ ඒකිව දාගනින් කියල. මම ඒකිගෙන් ඇහැව්වනම් බඩු ශුවර් ඉතින්. one shot. ඒත් මචන් ඒකිගේ සල්ලි කෙරුවාවයි, මෙච්චර ඉක්මනට ඇගට එන්න පටන් ගැනිල්ලයි මට එච්චර ඇල්ලුවේ නැහැ මචෝ.:no:

    ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවා..... :dull:
    උත් සල්ලි කාරයෙක්.:baffled:

    11.gif

    eelaga kaalla thawath rasawath.. :P
    :rolleyes::rolleyes:;)
    Pattai machan. digatama liyapan. ochchra ubata adare kellek(KM) ubata aye hambeida danne ne ban. Ai ban uba passa gagaha hitiye.??????????
    :(:(
    මෝඩ කමට බෙහෙත් නැහැ කියනවනේ මචන්

    එළ එළ ජය වේවා! හැකි ඉක්මණින් ඊලඟ කොටස දාමු සහෝ!
    එළ මචෝ. අද දාන්නම්. ලියන්න හදන්නෙ දැන්.

    දෑවැද්ද බැඳලා කෙල්ලව දෑවැද්දට ගන්ඩද? අනේ බo :P
    :rofl::rofl:
    11.gif

    මෙහෙමත් නවත්තනවද බන්z කතාවක්. දැන් ඉතින් රින්ග් ටෝන් එක අහගෙන අපි ඉන්න එපැයි අනිත් කොටස එනකම්. :P
    :sorry::dull:
    පිවිතුරු ආදරේ අනන් මනන් හොය හොය ඉදල හරියන්නෙ නෑ බන්.. යමක් කමක් තියෙන ඇහට කනට පේන කෙනෙක් බැද ගත්තාම ඉවරයි.
    :oo::oo: