KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ade akka kenekge udaw gaththama liyana widiha wenas wenawane bn :eek: digata adunath kamak na uba liyanawanam bn :yes: :yes: hamadama rata me kathawa kiyawala nidagaddi maruma thama ithin :D :love: :love: :love:

    නැහැ මචෝ.. මට පරක්කු වෙන්නෙ සිංහල type කරන්න ගියාම. :)
    මම කතාව ලියනවා. අක්ක සිංහලට ටtype කරලා මට දෙනවා ආයි. :yes:

    මට දන්නවා මචෝ.. හිතට වදින කතාවක් කියෙව්වම මනසට මාර සැහැල්ලුවක්. ඒ කතාව දුක හිතෙන කතාවක් උනත්. ඒ නිසා මම මගේ හැගීම් එක්ක ලියන්න ගොඩක් try කරනවා. ඒකයි රෑ වෙනකන් ඉන්නෙත් නිවිසැනසිල්ලේ ලියන්න :)
     
    • Like
    Reactions: thilan_perera

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    නැහැ මචෝ.. මට පරක්කු වෙන්නෙ සිංහල type කරන්න ගියාම. :)
    මම කතාව ලියනවා. අක්ක සිංහලට ටtype කරලා මට දෙනවා ආයි. :yes:

    මට දන්නවා මචෝ.. හිතට වදින කතාවක් කියෙව්වම මනසට මාර සැහැල්ලුවක්. ඒ කතාව දුක හිතෙන කතාවක් උනත්. ඒ නිසා මම මගේ හැගීම් එක්ක ලියන්න ගොඩක් try කරනවා. ඒකයි රෑ වෙනකන් ඉන්නෙත් නිවිසැනසිල්ලේ ලියන්න :)

    ah ehenam awlk na :D sira machan danenawa godak kiyawaddi :love: :love: :love: :yes: uba liyana widihath godak balapanawa ekata :) ehenam hodata liyahan machan api balan innawa :) :yes:
     
    Last edited:

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මචං පුළුවන් නම් කතාව තියෙන page වල ලින්ක් එකක් first එකේ දාන්න. එතකොට අලුත් parts කියවන්න ලේසියි .
    Thanks ! :yes::yes::yes::yes::yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11 කොටස

    එදා KM මට දුන්නු phone එක මවට හසුවීමට නොදී තබාගැනීමට මා මහත් වෙහෙසක් ගත්තෙමි. මෙම phone එක මට කිසි සේත් ම නැති කරගත නොහැක. ඒ හේතු දෙකක් නිසාය. එකක් මට KM ට කතා කිරීමට වෙන phone එකක් නැති නිසාය. අනිත් එක මේ දුර කථනය දුන්නේ KM නිසාය. එනිසා මම බිත්තිය පැත්තේ අඳ යටින් කිරි පෙට්ටියක් ඇඳට සවි කලෙමි. මා දුරකථනය සැගවුයේ එතනයි. :cool:
    එනිසා එම දුරකථනය මවට හසු නොවී තබා ගැනීමට මට හැකි විය.

    KM සහ මම යම් විටක රණ්ඩු වුවාය. ඒ ආදරේ නැති කමට නොව, ආදරේ වැඩි කමටය. දිනක් එසේ රණ්ඩු වී මා නැවත ඇගේ දුරකථනය ඇයටම තියාගන්නා ලෙස පවසා අයට දුන්නෙමි. නමුත් ඇය ගත්තේ නැත. එවිට මම එය ඇයගේ දෙපා ළඟ තැබුවෙමි. නමුත් මෙවරත් ඇය එය ගත්තේ නැත. බස් නැවතුමේ මිනිසුන් දුරකථනය දෙස බල බල යයි. සමහර මිනිසුන් අප දෙදෙනා දිහාත්, දුරකථනය දිහාත් බලයි. මේ එන විදිහ එච්චර හොඳ නැති නිසා මම දුරකථනය නැවත ගැනීමට නැමුනෙමි. දුරකථනය ගෙන නැගිටින විට යමක මගේ ඔලුව තදින් වදින. මා බලද්දී මගේ ඔලුව වැදී තිබුනේ KMගේ මුහුණෙහි ය. :( මා නැමුණු පසු මා කරන දෙය බැලීමට අයද මදක් ඉදිරිය නැවි තිබිණ. මා යකා සේ නැගිටිද්දී මගේ ඔලුව ඇගේ මුවෙහි වැදී ඇත. එවෙලේ මට දැනුනේ මහත් දුකකි. ඇය දැතින් මුහුණ වසා සිටියාය. :( මම ඇගේ දෑත ඈත් කර බලද්දී ඇගේ යටි තොලෙන් ලේ එන්නට පටන් ගෙන ඇත. මා මගේ ලේන්සුව ගෙන ඇගේ තොලෙන් එන ලේ සැරින් සැරේ පිස දැමුව්මි. නමුත් බලා සිටියදී ඇයගේ යට තොල ඉදිමී ආවේය. මට කර කියාගන්නට දෙයක් නැති විය. වැදුණු පහර නිසා ඇයට හිසේ කක්කුමක්ද ඇවිත් තිබිණ. වැරදි සියල්ල මගේය. :( මා ඉක්මන් තරහ කාරයෙකි. මේ සියල්ල සිදු වුයේ එනිසාය. දැන් ඇයව තනිව ගෙදර යැවිය නොහැකිය. එනිසා මමද ඇය සමඟ යන්නට තීරණය කළෙමි.

    අප දෙදෙනා බසයට ගොඩ විය. ඒ මිට අවුරුදු 2 කට කලින් KM සහ C ගොඩ වැදී යනතුරු මා බලා සිටි බසයකි. අද C වෙනුවට එතන සිටින්නේ මමය. KM සහ C කිසි දිනක තනිව ගියේ නැත. ඒ සෑම දිනකම KM ගේ මව සිටියාය. අද KM සහ මම එකම අසුනක සිටි. ඇය සිටිය මගේ උරහිසට හිස තබාගෙනය. සිදු වූ දේ කෙසේ වෙතත් මට දැනුනේ ජයග්‍රාහී ස්වභාවයකි. මිට කළින් අප මෙසේ ගොස් නැත. KM සහ මම එකට ඉඳගෙන යන පළවන අවස්ථාව මෙයයි.

    අප බසයෙන් බැස KM ගේ නිවස වෙත ඇවිද ගියෙමු. මා මින් පෙර කිසි දිනක KM ගේ නිවසට ගොස් නැත. අප යන විට නිවසේ සිටියේ KM ගේ මව පමණි. අප ගෙතුලට ඇතුල් වුනෙමු. ගේ ඉතා පිලිවලට ඇත. අපේ ගේ වගේ නොව. අපේ ගේ අම්මා කොච්චර අස් කලත් මා එය හැඩි කරන්නේය. ඇයගේ නිවාස දුටු විට මට ලජ්ජා සිතින. කුමක් හෝ හදිස්සියක් වූ විට ඇයව අපගේ නිවසට ගෙන යා නොහැක. අපගේ නිවස ඇත දරුවෙකු සිටින නිවසක් බඳුය. බඩු තැන් තැන් වලය. නමුත් KM ගේ නිවස ඉතා පිලිවලය. අපේ අම්ම නිතරම කිවේ මටත් දුවෙක් සිටියානම් කියාය. ඒ කතාවේ තේරුම මට වැටහුනේ KM ගේ නිවසට ගිය පසුය.

    මා ප්‍රසිද්ධව සිටියේ කෙල්ලෙන් ගොඩක් ඇති කොල්ලෙක් ලෙසටය. එනිසා KM ගේ මව මට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත. ඇය ඇසුවේ මොකෝ මේ කියාය. ඇයගේ මව එසේ ඇසීම සාධාරණය, මා එන බව කලින් පැවසුවේ නැත. මා එදා ගියේ නිවසකට යන විදිහට නොව. අප පුරුදුව ඇත්තේ තෑගි බෝග ගෙන නිවෙස් වලට යාමටය. නමුත් මා ගියේ හිස් අතින්ය. අතේ තිබුනේ රෝල් කරපු Bio සටහන් පොතය. KM පැවසුවේ "පන්තියේදී යහළුවෙකුගේ අත බැරිවී මුනේ වැදුනා" කියාය. "ඔලුව රිදෙන්න අරගෙන කලන්තෙට ආව අම්මේ, කවි හිටියෙ නැත්තම් මට එන්න විදිහකුත් නෑ" යයි ඈ තව දුරටත් පැවසුවාය. එනිසා මවගේ කළබල ගතිය ටිකක් අඩුවුවාය. KM ගේ මව මගේ පාඩම් කටයුතු ගැන ඇසුවාය. ඇයගේ මව මා සමඟ කතා කල පලවෙනි අවස්ථාව එයයි. පසුව ඈ තේ කෝප්පයකින් මට සංග්‍රහ කලාය.

    ඉන්පසු KM මගේ අතින් අල්ලා ඇයගේ කාමරයට ගෙන ගියාය. එවිට මා දැනුනේ වෙනත් ලෝකයකට ගියාක් මෙනි. ඇයගේ කාමරයේ වුය ඇය ලඟින් නිතර දැනෙන විලවුන් සුවඳය. කාමරය ගෙයි සාලයට වඩා පිලිවලය. බිත්ති වල ආලේප කර තිබුනේ ලා රෝස පැහැයයි. තැන තැන සමනලුන් එල්ලා තිබිණ. කාමරයේ අයිනක වුයේ පර්වර්තන පොත් 100කට වඩා අධික පොත් රාක්කයයි. රෝස පැහැ ඇඳ ඇතිරිල්ලක් දමා තිබු ඇඳෙහි ඉඳගන්න ලෙස ඈ පැවසිය. මා එහි හින්ද ගත්තාය. ඉන් පසු ඈ පැවසුවේ ඇයගේ කාමරයට කොල්ලෙක් පැමිණි සහ ඇයගේ ඇන්දේ කොල්ලෙක් හිඳගත් පළමු අවස්ථාව මෙය බවයි. ඉන් පසු ඈ අල්මාරිය හැර මා දුන් චොකලට් කොළය පෙන්විය. ඇය ඒ කොළ ඇයගේ ඇඳුම් අස්සේ දමා තිබිණ." ඔයා දුන්න දේවල් මට විසි කරන්න බැහැ" කියා ඇය පැවසුවාය. එසේ පවසා ඇය මා සිප ගත්තාය. ඉන් පසු ඈ පැවසුවේ බස් නැවතුමේදී මා තරහා ගැස්සුවාට සමාවන ලෙසය. සමාව ඉල්ලිය යුත්තේ ඇය නොවේ මමයි. :(

    එදින වෙලාව යනවා මට දැනුනේ නැත. වෙනදට 6 වන විට ගෙදර යන මා අද 6 පහු වන තුරුම මා සිටියේ KM ගේ ගෙදරය. මා එදා සිටියේ මහත් සතුටකිනි. එදින සිද්ධින් කිහිපයක් පළමු වරට සිදු විය. එනම් පළමු වරට KM සහ මම බසයක එකම අසුනේ හිඳගෙන ගිය පළමු අවස්ථාවයි. අනෙක KM ගේ ගෙදරට ගිය පළමු අවස්ථාවයි. ඉන් පසු KM ගේ මව මා සමඟ කතා කල පළමු අවස්ථාවයි.

    කෙසේ හෝ 6.15 පමණ වන විට මා KMටත් ඇයගේ මවටත් සමුදී මා එන්නට පිටත්විය. මද දුරක් එන විට KM නැවත දිව ආවාය. මට කිසි දෙයක් අමතක වුනේ නැත. ඇය නැවත එන්නේ ඇයි දැයි මට සිතා ගත නොහැකි විය. මා පැත්තට හැරී ඇය ළඟට එනතුරු සිටියෙමි. ඇය ලඟට ආ පසු මා ඇසුවේ "මේ මොකෝ?" කියාය. එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. එවිට මගේ හදවත උණු වී ගියේය. මේ කෙල්ලනම් මහා පුදුම කෙල්ලකි. ඇය මෙසේ ආදරය කරන්නේ කෙසේදැයි කියා මට සිතාගත නොහැක. මීට පෙර කිසි දිනක කවුරුත් මට වැඳ තිබුනේ නැත. නමුත් මා මවකට මෙන් ආදරය කරන මේ ගැහැණු ළමයා මට දණගසා වැන්දාය. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මා කළේ සිදු වන දේ බලා සිටීමය. මගේ තත්වය ඈ තේරුම් ගත්තාය. අනිත් දවසේ වැන්දම ඔළුව අතගාන්න යැයි කියා ඈ මද සිනාවක් පෑවාය. ඉන් පසු පසු මගේ අත අල්ලා පරිස්සමින් යන්නැයි පැවසිය. මා සිටියේ වෙනත් ලොවක අතරමං වීය. ඇයට සමු දී මා ආවාය. මා එන අතර මග දෙතුන් වරක් හැරී බලුව්මි. මා නොපෙනී යන තුරුම ඈ එතන සිටගෙන සිටියාය.

    ඒ එන අතරමග මා කල්පනා කළේ සිදුවූ දේ පිළිබඳවයි. යහළු වූ දින සිට මා ඇයට දී තිබුනේ 75ක චොකලට් එකක් පමණි. එයද ඈ ඉතා වටිනාකමක් ඇති දෙයක් ලෙස අල්මාරියේ දමාගෙන සිටියාය. තෑගි අරන් දීමට මා ළඟ මුදල් නැත. ඇයගේ උපන් දිනයට සුභ පතා sms පණිවිඩයක් යවනවාට වඩා කිසි දෙයක් මට කරගත නොහැකි විය. එය එසේ තිබියදී ඇය මට අලුතින් phone එකක් අරන් දුන්නාය. දවස තිස්සේ මා පවසන අදෝනාව සාවදානව අසා සිටියාය. ඇයට පුළුවන් අයුරින් මගේ හිත හැදුවාය. ඇය මාව ඇයගේ නිවසටද ගෙන ගියාය. අවසානයේ ඇය මට දණගසා වැන්දාය. එය මට දරා ගත නොහැක. අප කෙනෙකුට වඳින්නේ කිසියම් වැදගත් හේතුවක් නිසාය, හිතෙහි ඇති ගෞරවයක් නිසාය. නමුත් මා කවරෙක්ද? මා ඈ වෙනුවෙන් කිසි දෙයක් කර නැත. කරන්නටද නොහැක. නමුත් ඈ මට වැන්දාය. එය මතක් වන සැරයක් සැරයක් පාසා මට ඈ කෙරෙහි ඇති වන්නේ කියාගත නොහැකි සෙනෙහසකි. දැන්නම් මට ඈ නොමැතිව කිසිසේත් සිටිය නොහැක. දැන් ඈ මගේ ජිවිතයේ කොටසක් වී අවසානය...


    එදින මා නිවසට යන විට රෑ 8ත් පසු වී තිබිණ..

    මතු සම්බන්දයි.

    part 12
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    11 කොටස

    එදින මා නිවසට යන විට රෑ 8ත් පසු වී තිබිණ..

    හරියට හරි..ගෙදර පලයන් පුතා..අදනම් හනසු පාර ෂුවර්:rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ බන් උඹ මාර බුවෙක් නේ
    :dull::dull::dull: ස්පිච්ලස් බන්
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    හැපී එන්ඩින් එකක් තියෙනව කියල හිතනවා සහෝ:yes:
    කෙල්ලෙක් සාමාන්‍යෙන් කොල්ලෙක්ට ඔය විදියට සලකන්නේ
    ඒ කොල්ලට කෙල්ලගේ හිතේ ලොකු ආදරයක් ඇල්මක් බැඳීමක් තියෙන නිසා
    හැබැයි සාමාන්‍යයෙන් අසාමාන්‍ය කෙල්ලොත් ඉන්නවා ඒ අතර ඒ කෙල්ල
    මැණිකක් කිව්වොත් හරි
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔප දුප හොයනවනම් නෙමේ සහෝ ..එත් දිගටම ලියන්න ..ලිවී මෙත් හොද හැකියාවක් තියෙනවා

    රේප් +5 :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අම්මෝ බන් උඹ මාර බුවෙක් නේ
    :dull::dull::dull: ස්පිච්ලස් බන්
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    හැපී එන්ඩින් එකක් තියෙනව කියල හිතනවා සහෝ:yes:
    කෙල්ලෙක් සාමාන්‍යෙන් කොල්ලෙක්ට ඔය විදියට සලකන්නේ
    ඒ කොල්ලට කෙල්ලගේ හිතේ ලොකු ආදරයක් ඇල්මක් බැඳීමක් තියෙන නිසා
    හැබැයි සාමාන්‍යයෙන් අසාමාන්‍ය කෙල්ලොත් ඉන්නවා ඒ අතර ඒ කෙල්ල
    මැණිකක් කිව්වොත් හරි
    ඒ කෙල්ලට මම අම්ම කියලත් කතා කරල තියෙනවා මචන්. ඒ කෙල්ලව එච්චරට වටිනවා මට. :) :yes:
    මරුසිරා;17166435 said:
    ඔප දුප හොයනවනම් නෙමේ සහෝ ..එත් දිගටම ලියන්න ..ලිවී මෙත් හොද හැකියාවක් තියෙනවා

    රේප් +5 :yes:
    අම්මෝ ඇති යන්තන්. මම හිතුවේ අද කථාව upset ඇති කියල. අද දවසම් වැඩ. මාර මහන්සියි. කට්ටිය බලන් ඉන්න නිසයි කතාව ලිව්වේ අමාරුවෙන් හරි. නැත්තම් අද නිවාඩුවක් දාන්නමයි හිතුනේ.
    කථාව හොඳට අවනම් ඒ ඇති මට. :)

    අගය කිරීමට ස්තුතියි :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,965
    9,491
    113
    එක තැනක නෑ
    අඩෝ මේකත් පට්ට බන්. අනිත් එක උඹ ලස්සනට ලියලා තියනවා ෆිලින්ග්ස් වලට කිසිම අවුලක් වෙන්නේ නැතුව. ඒ කෙල්ල නම් මාර කෙල්ලෙක් බන්. මට නම් හිතාගන්නවත් බැහැ. මේකේ අවසානේ සතුටක් උනොත් නම් නියමයි :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කෙල්ලට මම අම්ම කියලත් කතා කරල තියෙනවා මචන්. ඒ කෙල්ලව එච්චරට වටිනවා මට. :) :yes:
    හි හි මම නම් නංගි කියල තමයි පොඩි කාලෙ ඉඳල කතා කලේ බන්
    පස්සෙ සුදු නංගි වෙලා සුදු මැණික වුනා


     
    Last edited:

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    උබටනන් ඉන්නේ(හෝ ඉදලා තියෙන්නේ:confused:) අදහන්න වටින කෙල්ලෙක් :yes:

    මම දැන් උබේ කතාව කියවන්නමයි බන් එලකිරි එන්නේ. බුක්මාක් එහෙමත් කරගෙන ඉන්නේ.:yes: දිගටම ලියපන් :D
     
    Last edited: