මට තියෙන්නෙ ඒ ප්ලස් එකක්![]()
![]()
උඹේ කතාවත් දාපන්..අර නංගිගෙ ගෙදර ඇවිත් නැන්දම්මව ශේප් කරගන්න මිදුල් අතුගාපුව එහෙම




මචන්ලා කතාව දාන්න ටිකක් පරක්කු වෙන සීන් එකක් තියෙන්නේ
මන් පුළුවන් තරම් ට්try කරන්නම් පැයක් ඇතුලත දාන්න. එහෙම බැරි උනොත් හෙට උදේ තමයි.![]()
![]()



ඉතුරු ටික ඉක්මනට දාන්නෝ....
උබ සිරාවටම එහෙම ගෙදරින් ගියාද බන්?![]()
එක නම් අදහන්න අමාරුයි



මම එදා ගියේ KMගේ ගෙදරයි කියා අම්මා දැනගත්තේ කෙසේදැයි අද වනතුරු මම දන්නේ නැත. ඉන් පසු KM ගේ මවටත් බැන්නාය. ටිකක්වෙලා බැන නැවතුනු අම්මා ඉන් පසු සද්ද නැතුව සිටියාය. මිනිස්සු KM දිහා බලමින් සිනහා වෙයි. KM ගේ දෙනෙත් වලින් කඳුළු ගලයි. මට එවලේ සිතුනේ මම මහා පවු කාරයෙක් කියාය. අම්ම බනිද්දි මට කරන්නට දෙයක් නැත. අම්මාට බනින්නවත් අම්මාව නවත්තන්නවත් මට හැකියාවක් නැත. මට දන ගසා වඳින කෙල්ලට මගේ අම්ම බනිද්දි මා ඒ දෙස බලා සිටියෙමි. මට කළ හැක්කේ කුමක්ද? ඉන් පසු අපි KM බසින තැනටම ආවෙමු. එතනින් බැස්ස පසුව අම්මා නැවත බනිනට පටන්ගත්තාය. KMට සහ ඇයගේ මවට උඹ යැයි කියමින් බනින්නට පටන්ගත්තාය. මම දැන් ඇති කියමින් අම්මව නවත්තන්නට හැදුවත් අම්මා එය ඇසුවේ නැත. KM සහ මව කිසිත් නොකියා සියලු දේ අසාගෙන සිටියාය. සියලු දෙනා නැවතී වෙන දේ බලාගෙන සිටින්නේය. තරුණ ගැහැණු ළමයකුට කෙනෙක් එහෙම බනිද්දි ඒ ළමයා දිහා මිනිස්සු බලන්නේ කෙසේද? අනික මේ ඔවුන්ගේ ගෙවල් ප්‍රදේශයයි. අම්මා විනාඩි 15ක් පමණ එක එක දෑ කියමින් ඔවුන්ට බැන්නාය. KM කිසිත් කිවේ නැත. නමුත් ඇය කඳුළු සලමින් සිටියාය. මේ සියලු දේ සිදු වුයේ මං නිසාය. මට උදව් කිරීමට ගොස් KM සියලු දෙනා ඉදිරියේ ලැජ්ජාවට පත්විය. මට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි. මට කිරීමට කිසි දෙයක් ඉතුරු වී නැත. සියල්ල විනාස විය. මම ඇයව කාමරයකට ගෙන ගොස් අමාරුවේ දමා ඇයව බඳින්නට බැහැ කිවේ නැත. මම එසේවත් ඇයගේ ගෞරවයට හානි කළේ නැත. නමුත් සිදුවුයේ මගේම මව ඇවිත් මම දෙවනියට අම්මා කියූ යුවතියට මහ පාරේ බැනීමයි. ඇයට සිදුවූ අගෞරවය මට වචන වලින් විස්තර කිරීමට දන්නේ නැත. මිනිසුන් බලා සිටියේ KM මහා විශාල වරදක් කළා සේය. නමුත් වරද කළේ ඈ නොවේ මමයි.

රිදුනා බන් උදේ පාන්දරම




