KPZ ගැන කතාවක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Wishwasa karana eka nathiveka ube wadak macho. uba mona hithuwath mata prashnayak na. man kathawa patan gannakotama kiwwa wage aththatama wechcha de kiwwe :)

අපිටත් සෑහෙන කරදර ආවා බං 2008 විතර ඉඳං. අප්පච්චි කරපු බිස්නස් එහෙම ඔක්කොම බංකොලොත් වුනා. තිබ්බ දේවල් එකින් එක නැති වුනා. අපේ ජානවලම තියන දෙයක්ද කොහෙද ඔහොම කරදර වුනාම ඒවා අපිට නොපෙනෙන බලවේග වලට පවරන එක. ඒවට අපි එක එක බලි තොවිල් අනං මනං කලා.

ඒත් මට තේරෙන යතාර්ථය තමා අදූරදර්ශී තීරණයි නොගැලපෙන එවුං එක්ක හවුලෙ බිස්නස් කිරීමයි කියලා එහෙම වෙන්න හේතුව ;)
 
Last edited:

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;17178496 said:
    අපිටත් සෑහෙන කරදර ආවා බං 2008 විතර ඉඳං. අප්පච්චි කරපු බිස්නස් එහෙම ඔක්කොම බංකොලොත් වුනා. තිබ්බ දේවල් එකින් එක නැති වුනා. අපේ ජානවලම තියන දෙයක්ද කොහෙද ඔහොම කරදර වුනාම ඒවා අපිට නොපෙනෙන බලවේග වලට පවරන එක. ඒවට අපි එක එක බලි තොවිල් අනං මනං කලා.

    ඒත් මට තේරෙන යතාර්ථය තමා අඳුරද්ශී තීරණයි නොගැලපෙන එවුං එක්ක හවුලෙ බිස්නස් කිරීමයි කියලා එහෙම වෙන්න හේතුව ;)

    Apita notherena dewal kochchara thiyenawada ban loke. api dan karanne hamadema widyawen oppu karanakan balan inna ekane machan. uba bauddayek nam dannawa athi suthra kiyaka amanushyan gana kiyala thiyenawada kiyala budu hamuduruwo. namuth api ewa dakala na widyawen oppu une na kiyala kiyanawa. ane manda ban. matanam therenne na. namuth wechcha dein mage jiwithe godak dewal maga aruna. mage laga mata adaren hitapu minissu godak duk winda. :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    
    16 කොටස.

    2011 වන විට මගේ මව KM ගේ සහ මගේ සම්බන්ධයට කැමැත්ත දී තිබුණු නිසා පරණ දේ අමතක කර අම්මලා දෙන්නව නැවත යාලු කරමුයි කියා KM යෝජනාවක් ගෙනාවාය. KM කියන කථාව හරිය. හැමදාම මෙහෙම සිටිය නොහැක. කවදා හෝ මෙය විසඳා ගත යුතුය. නමුත් මෙය මම මවගෙන් අසන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. මෙය නිසි ආකාරව විසඳීමට නම් කොල්ලගේ ගෙදරින් කෙල්ලගේ ගෙදරට ගොස් කථා කළ යුතුය. නමුත් මගේ මව මෙයට කැමති කරවා ගැනීම කෙසේ වෙතත් මෙය අසන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැක. නමුත් මා කෙසේ හෝ මෙය කළ යුතුය. එනිසා මා හිතට දහිරිය ගෙන මවගෙන් ඇසුවෙමි. "අම්ම KM ගේ ගෙදරින් අහනවා අම්මා එයාල එක්ක කථා කරන්නෙවත් නැතුව මේක ඉස්සරහට වෙයිද කියල." මා ඇසුවේ එසේය. එවිට මව කිසිවක් කිවේ නැත. එනිසා මම නැවත වරක් එය ඇසුවෙමි. අම්ම තරහෙන් වගේ කිව්වේ දැන්ම ඕනෙ නැහැයි කියාය. නමුත් පසු දින අම්මා ඒ ගැන විස්තර අසන්නට පටන් ගත් අතර KM ගේ නිවසට ගොස් කථා කිරීමට කැමති විය. එවෙලේ මා සතුටින් පිනා ගියේය. මෙච්චර කල් තිබුණු කරදර සේරම දැන් ඉවරයි. අම්මවයි KM ගේ ගෙදරයි එකතු කලාට පස්සේ KM ටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මම සිතුවේ එලෙසයි. එහෙත් මව කීවේ ඔක්කොටම කලින් වෙලාවල් බලා ඉමුයි කියාය. ඒ අනුව මන් KM ගේ උපන් වෙලාව ඉල්ලා ගත්තෙමි. ඉන් පසු රාජගිරියේ බස්නායක ලඟට ගොස් අපි වෙලාවල් ගැලපුවෙමු. ඔහු එය පරික්ෂා කරද්දී මම සිටියේ ගැහි ගැහිය. ඔහු ඔහුගේ පොතෙහි එක එක දෑ ලියමින්, ගණන් වගයක් සදමින් මොනවදෝ කළේය. මට එය තේරෙන්නේ නැත. මා කල්පනා කරමින් සිටියේ අවසානයේ ඔහු කුමක් කියාවිද කියාය. සියල්ල ගලපා අවසානයේ ඔහු කිවේ මේ කේන්දර දෙක යෝජිත විවාහයක් නම් වෙන්න බැහැයි කියාය. මමද එහි ගිය නිසා ඔහු ඒ නිගමනයට ආවා විය හැක. යෝජිත විවාහයක් නම් එතනට යන්නේ දෙමාපියන් පමණි. කෙසේ වෙතත් ඔහු ඊළඟට පැවසු දෙයින් මගේ සතුට දෙගුණ තෙගුණ විය. ඔහු කිවේ මේ කේන්දර දෙකේ ගැළපෙන්න වුවමනා සියලු දේ ගැළපෙන බවයි. 85% ට වඩා කේන්දර දෙක ගැලපෙන බව ඔහු පැවසුවේය. දැන්ම බැන්දුවත් වරදක් නැහැයි ඔහු පැවසුවේය. අපි ගියේ කේන්දර ගැලපෙනවාද බලන්නට පමණි. බඳින්නට උවමනාවක් තිබුනේ නැත. නමුත් අප කිඑඉථ් නොකියාම ඔහු එය කිවේය. එවෙලේ මට හයියෙන් කෑ ගසන්නට සිතුණේය. නමුත් එසේ කොළ නොහැක. මා සිටියේ කියාගත නොහැකි සතුටකිනි. දැන් මවටත් මෙහි වැරද්දක් කියන්නට නොහැක. එනිසා පහුවදාම ලොකු cake එකකුත් අරගෙන මමයි අම්මයි KM ගේ නිවසට ගියෙමු. ඒ මැයි මාසයේය.

    අපි එන විට KM සහ ඇයගේ මව අපව පිළිගැනීමට ලෑස්ති වී සිටයේය. KM ගේ මව කලින් සිදු වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම වාගේ අමතක කර ඇත. ඒ KM ගේ සතුට වෙනුවෙනි. KM ගේ මව නිතරම පැවසුවේ මා ළඟ සිටින තරම් වෙන කොයි වෙලේකවත් KM සතුටින් නොසිටින බවයි. එසේ පවසන විට KM ගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙයි. එනිසා KM ගේ මව මට කැමති වී සිටියාය. එනිසා මගේ අම්මා සමඟද ඇති තරහා KM ගේ මව පසෙක දමා තිබුණාය. අම්මලා මුණ ගැසුණු පසු ඔවුන් හොඳින් කතා කළාය. ටිකකින් අපේ අම්මා එදා සිද්ධිය මතක් කළාය. අපේ අම්ම කිව්වේ "දැන් ඒවා අමතක කරමු. ඒව දැන් වෙලා ඉවරයි. අනික එදා මං බැන්නේ ඉස්කෝලේ යන ළමයෙක් ගෙදරට ගත්ත නිසයි" කියාය. ටික වෙලාවක් යන තුරු අම්මලා දෙන්නා ඒ සිද්ධිය ගැන කතා කළේය. ඉන් පසු ඔවුන් අනෙකුත් විස්තර ගැන කථා කරන්නට විය. ඒ අතර අපේ තාත්තාගේ කෙරුවාව ගැනද කථා කෙරින. නමුත් KM ට වත් ඇයගේ මවටවත් එය එතරම් වැදගත් වුයේ නැත. එදින KM වෙනදට වඩා සතුටෙන් සිටියාය. එනිසා මමද සතුටු විය. අවසානයේ KM වෙනුවෙන් යමක් කිරීමට මට හැකි විය. නැතිනම් මෙපමණ කල් සියලු දේ කළේ, සියලු දේ විසඳුවේ KM විසිනි. අපගේ සම්බන්දයෙ වැඩි බර තිබුනේ ඈ ළඟය. නමුත් අද මා මගේ පැත්තෙන් විය යුතු එක දෙයක් හෝ ඉෂ්ඨ කර දීම නිසා සතුටු විය. එදින වෙනදාටත් වඩා ආදරෙන් ඈ කථා කළා මට මතකය. අපට තේ හදාගෙන ආවේද ඇයයි. පැය 2ක් 3ක් සිටීමෙන් අනතුරුව අවසානයේ අප යෑමට සුදානම් විය. එවිට KM ඇවිත් මගේ මවට වැන්දාය. එනිසා අපේ අම්මා යම් තාක් සතුටු විය. නමුත් ඉන් අනතුරුව සිදු වූයේ අම්මා කිසි විටෙකත් නොසිතු දෙයකි. අම්මාට වඳ KM ඊ ළඟට ආවේ මා ළඟටය. මා අසලට පැමිණි KM මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා මට වැන්දාය. එවිට අපේ අම්මා පුදුමයෙන් සේ මගේ දිහා බැලු සැටි මට තාමත් මතකය. සාමාන්යෙන් බිරිඳ සැමියාට වඳිනවා මිස පෙම්වතිය පෙම්වතාට වඳින බවක් කවුරුත් දන්නේ නැත. නමුත් KM කාගෙවත් බලකිරීමකින් තොරව එය සිදු කළාය. KM වැන්ද පළමු දින මෙන් මට තාමත් කළ යුතු දෙය අමතකය. එවිට අපේ අම්මා කිවේ "බුදුසරණයි කියල ඔලුව අතගාන්න, පවුනේ" කියාය. මම ඇයගේ ඔලුව අතගෑවෙමි. ඉන් පසු ගෙදර එන්නට අපි පිටත් වුනෙමු.

    එයින් පසු KM, ඇයගේ මව, මගේ මව, මගේ යාළුවන් දෙදෙනෙකු හා මම වෙසක් බැලීමටද ගියෙමු. පසුව KM සහ ඇගේ මව නිතර නිතර අපේ දිහා ආවේය. මගේ මවද නිතරම KM බලන්නට යමු කියා KM ගේ නිවසට ගියාය. ඇත්තෙන්ම දැන් මගේ මව KM ට කැමතිය. එනිසා KM සහ මම ඉතා සතුටින් සිටියෙමු. මෙයනම් ඇත්තටම සිහිනයක් සැබෑ වීමකි. මාගේ කිසිදු බල කිරීමකින් තොරව KM බලන්න යමුයි කියා මගේ මව එහෙ යන්නට ලෑස්ති වෙයි. එවිට මට ඇති වන්නේ කියා ගත නොහැකි සතුටකි. කලින් මගේ මව KM ට කැමති නොවීම නිසා කෙතරම් දුක් වින්දාද. නමුත් දැන් මටත් වඩා උවමනාවෙන් KM බැලීමට යන්නේ අපේ අම්මාය. සමහර විටක උදේ පාන්දර යයි. යම් විටක දවල්ට යයි. සමර අවස්ථා වල මහා රෑ වී KM බලන්නට යයි. දැන් අම්මා මටත් වැඩා KM ට ආදරේ වී ඇත. මේ හේතුව නිසා KM සහ මම සිටියේ කියා ගත නොහැකි සතුටකිනි. මේ දේවල් මෙහෙම වීම නිසා මෙය ඉක්මනින් සමතයකට පත් කර ගැනීමට KM ආශා කළාය. ඉන් පසු ඇයට උවමනා වුයේ engage වන්නටය. එතකොට හිතේ බයක් නැත යැයි KM පවසයි. එනම් සදහටම KM ට සහ මට එකට සිටිය හැක. මුලින්ම KM නැති වේය කියාය බය වුයේ මමයි. ඒ O/L කාලයේය. KM C සමඟ සිටින විට මා තනිවම හැඬුවා මට තවමත් මතකය. නමුත් මේවා මෙසේ සිදු වේයැයි කියා මා කිසි දිනක සිතුවේ නැත. නමුත් දැන් KM මා නොමැතිව සිටිය නොහැකි බව පවසමින් engage විය යුතුයැයි පවසයි. දැන් මා නැති වේයැයි කියා බය වන්නේ KM ය. KM හට සැබවින්ම මා නොමැතිව සිටිය නොහැක. ඇය එය ඔප්පු කර පෙන්වුයේ එක වරක් දෙවරක් නම් නොවේ. ජිවිතයනම් මහා පුදුමාකාරය. විටෙක දරා ගත නොහැකි දුක් දෙයි. විටෙක දරා ගත නොහැකි සතුටක් ලබා දෙයි. නමුත් ජීවිතය කියන්නේ මෙයයි.

    KM නිතර නිතර කියන හෙයින් මගේ මවද engage කිරීමට කැමති විය. අපගේ වෙලාවලද ගැළපෙන හෙයින් එහි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඉන් පසු KM ගේ මව සහ මගේ මව කථා වී එය විවහයෙන්ම අවසන් කරන්නට කථා විය. එනිසා ප්‍රථමයෙන් engage වීමට KM ඉතා අසාවෙන් ලෑස්ති වුනාය. අනෙකුත් ගැහැණු ළමුන්ට මෙන් KM ද සුන්දරව එම අවස්ථාව කිරීමට අසාවෙන් සිටියි. එනිසා ඇය ලස්සන සරියක්ද ගෙන engage එකට ලෑස්ති විය. මේ දින වල KM තරමක් මහත් විය. මන්ද යත් ඇය සිටින්නේ මහත් සතුටකිනි. කෙල්ලකුගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාව වන්නේ විවාහයයි. එනිසා ඇය මහත් සතුටකින් හා උවමනාවකින් එයට ලෑස්ති විය.

    අපගේ පියා අප සමඟ නොසිටි හෙයින් ගෙදර වියදමට සල්ලි එව්වේ අපේ අයියාය. එනිසා මව මගේ විවාහය පිළිබඳ අයියාටද දැනුම් දුන්නාය. ඉන් පසු KM ගේ සහ මගේ ජිවිතයට අත දැමුවේ අයියාය.


    මතු සම්බන්දයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාව නම් නියමඉ. මට හිතාගන්නත් බෑ මේ කොඩිවින කතාව.
    දිගටම ලියන්න මචන්.
    දැන් උඹ sliit එකේ degree එක ඉවරද ?
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පැටියා;17178496 said:
    අපිටත් සෑහෙන කරදර ආවා බං 2008 විතර ඉඳං. අප්පච්චි කරපු බිස්නස් එහෙම ඔක්කොම බංකොලොත් වුනා. තිබ්බ දේවල් එකින් එක නැති වුනා. අපේ ජානවලම තියන දෙයක්ද කොහෙද ඔහොම කරදර වුනාම ඒවා අපිට නොපෙනෙන බලවේග වලට පවරන එක. ඒවට අපි එක එක බලි තොවිල් අනං මනං කලා.

    ඒත් මට තේරෙන යතාර්ථය තමා අදූරදර්ශී තීරණයි නොගැලපෙන එවුං එක්ක හවුලෙ බිස්නස් කිරීමයි කියලා එහෙම වෙන්න හේතුව ;)


    උබ දැන් නැවකට සෙට් උනාද බන්...ගියා ගියාමයි ආයි දැක්කෙත් නෑ....:rolleyes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩෝවු.. ඒකනෙ මම කිව්වේ.. ලව් 1 ඇත්තනං කොහොමහරි සැට් වෙනවා කියලා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සුභ පැතුම් සහෝදරයා.. දිගටම ලියපන්..
    :love::love::love::love:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒකනම් ඇත්ත. එළකිරි එක මුල් කාලේ හොඳට තියෙන්න ඇති බං. මං ආපු කලෙත් හොඳ හොඳ ත්‍රෙඩ් වැටුනා. ඒ උනාට දැන් නිකන්ම ගොසිප් සයිට් එකක් ගානට වැටිලා. වැදගත් දෙයක් එන්නේ ගොඩක් අඩුවෙන්. ගොඩක්ම තියෙන්නේ වලි. කුණුහරප. අනේ මන්ද බං ඕවනම් :baffled::baffled:

    mama EK ekey inne 2006 indala......danatath EK ekey active paranama member kenek mama.....me thread ekey seniorma member thamai mama

    issara EK ekey sahenne honda threads watuna....kollo gaanatama kello hitiya....dan issara hitapu kauruth me paththewath enne naha....kello me paththa balannewath

    baalpu balapu thana thiyenne kunuharupa witharai....eka buruwek innawa Scurvy kiyala...oka ennema kunuharupa kiyaa gena......oka kiyana dewal ahala mekey inne avurudu 16-17 ammagen thaththge sallie walin internet gihin dawasama mekey padinchi welaa inne evun tikath form wela thawa kunu harupa kiyanawa.......

    naththam aagam walata kunuharupen baninawa.....anthima pajaathai dan EK eka...issara mama EK ekey godak hitiya....pahugiya avurudu 3 tamam mama post 100k wath damme naha dan mekey thiyana thathtwe nisa....

    .naththam mama e kaaley vidiyata mekey post karaanam mata dan post 80,000 withara welaa thiyenne....

    Meka ahala ara avurudu 16-17 nikamo set ekata godak ridei.....magey Rep kapalath daai....api meke patan gaththu kaaley oye rep reddak thibuney naha....e wunaata EK ekey hondta wada karagena giyaa...eka hinda oye rep redde kapuwata mata thambekata gaanak naha.....

    moley thiyene evunta thamai mama me kiyanne......antih kunuharupa kiyana watti ammalatai, karaththe kaarayontai mewa therena ekak naha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මේ ලඟදි හම්බුනා එළකිරි එකේ නම කිව්වම දන්න එකෙක්
    මම ඇහුව කෝ බන් කෙල්ල දෙන්නම එකම දේවල් නේද ඉගෙන ගන්නෙ කියලා
    මූ කිව්වා එයා ගියා බන් මම ගාව සල්ලි නෑ කියලා
    මම දන්න විදියට ඌ කාලයක් ඉදලම ඒ කෙල්ලට සිරාවට කැමැත්තෙන් ඉදලා යාලු උනේ
    එත් කෙල්ල යාලු වෙලා තියෙන්නෙ උගේ සල්ලි බලල
    අම්මප ඔහොම කෙල්ලො නිසා හොඳ යහපත් කෙල්ලොනට තියෙන ප්ලේස් එකත් නැති වෙනවා
    දුකයි කියන්න ඒ කාලය තුලදී උන්ගෙ තාත්තත් නැති වෙලා හ්ම්

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැම එකාම වගේ ඌව දන්නව :yes::yes: