අපොයි_ඒ_ගැහැනු_ළමයා_හරිම_නරක_කෙනෙක්_නේද?
"ඇයි එහෙම කියන්නෙ?"
"ඔය කැලෑ පත්තරත් ගහලා තියෙන්නෙ එයා ගැන. තවම ඉස්‌කෝලේ යන වයසේ. ඒ වුණාට කොල්ලො එක්‌ක නාඩගම් නටන එකයි කරන්නෙ. උන්ගෙ ගෙවල් වලට ගල් ගහන්නයි ඕනේ. මං නම් කියන්නෙ ඔය කෙල්ල යන ඉස්‌කෝලෙට පෙත්සමකුත් යවන්නයි තියෙන්නෙ."
කෙතරම් දියුණු සමාජ සංස්‌කෘතියක ජීවත් වුවත් අපගේ ම ඇතැම් සමාජ ස්‌ථරයන්හි සැබෑ තත්ත්වය මෙබඳුයි. තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කැලෑ පත්තර ගැසීම, පෙත්සම් ලිවීම අපහාස කිරීම තවමත් බහුලව සිදුවනවා.
කැලෑ පත්තරයක් යනු කෙනෙකුට හෝ යම් ආයතනයකට එරෙහිව අපහාසාත්මකව නිර්මාණය වන ලියවිල්ලක්. මෙය අතීතයේදී නම් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස ක්‍රියාත්මක වුණා. එහෙත් එය හැමවිටම යොදාගන්නේ අයථා ක්‍රියා සඳහායි. නිර්නාමිකව ඉදිරිපත් කරන මෙවැනි ලියවිලිවල බොහෝ විට ඇතුළත් වන්නේ අසභ්‍ය පහත් පෙළේ භාෂා ව්‍යවහාරයක්.
බොහෝ අය ගැහැනුන්ට හා ගැහැනු ළමයින්ට අපහාස කිරීමට මේ කැලෑ පත්තර යොදාගන්නවා. ගම්වල මේ දුෂ්ක්‍රියාව බහුලව සිදුවනවා. නගරයක පවා මෙය විවිධ ස්‌වරූපයෙන් ක්‍රියාත්මක විය හැකියි. පෙත්සම් යෑවීම කෙනෙකුගේ චරිත ඝාතනයට යොදා ගන්නා තව උපක්‍රමයක්. සමහර විට රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවය කරන අය මේ තර්ජනයට මුහුණ දෙනවා.
මෙවැනි ගැටලුවලට පොදුවේ ගැහැනු හා පිරිමි ඕනෑම කෙනෙකු මුහුණ දුන්නත් ගැහැනියකට මෙයින් වන හානිය ප්‍රබලයි. විශේෂයෙන් ම ස්‌ත්‍රියකගේ චරිතය ගැන විශේෂ සැලකිල්ලක් දක්‌වන අපගේ වැනි සමාජ ක්‍රමයක් තුළ මෙමගින් වන හානිය ප්‍රබලයි. සමහර විට මෙවැනි කැලෑ පත්තර/පෙත්සම් ප්‍රහාරවලට ගොදුරු වූ ළඳුන් ජීවිත විනාශ කරගත් අවස්‌ථා පවා තිබෙනවා.
සමහර කාන්තාවන්ගේ රැකියාවලට පවා මෙවැනි දේ නිසා හානි පැමිණෙනවා.
සෘජුවම කෙරෙන අපහාසය ගැනත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඔබ කාර්යාල සේවිකාවක වූවත් සාමාන්‍ය ගැහැනියක් වූවත් මේ සෘජු අපහාසවලට මුහුණ දෙන්නට ඔබට සිදුවෙනවා. කෙනෙකු තර්ක කරන්නට පුළුවන් පිරිමින්ටත් අපහාස වෙනවානේ කියා. එහෙත් ස්‌ත්‍රියක වීම හේතුවෙන් පමණක් ම මෙවැනි අපහාස සිදු විය හැකියි.
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනය
=========================
ලිංගිකත්වය පදනම් කරගෙන කෙනෙකු අපහසුතාවට පත්වීම සාධාරණද? කිසිසේත්ම නැහැ. එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රකාශනයෙහි සඳහන් වෙනවා ලිංගිකත්වය ජනවර්ගය ආදි කිසිදු කරුණක් හේතුකොට ගෙන කෙනෙකු අගතියට පත් නොකළ යුතුයි කියා. පිරිමින්ට තිබෙන මූලික මානව හිමිකම් සියල්ල ස්‌ත්‍රින්ටත් පවතිනවා. පිරිමියා හා සම අයිතියක් ලෝකය හා ජීවිතය සම්බන්ධයෙන් ස්‌ත්‍රියට තිබෙනවා. එසේ නම් ඇයි ස්‌ත්‍රින් සඳහා විශේෂයෙන් මානව හිමිකම් ගැන කතා කරන්නෙ? අප පිළිගත්තත් නැතත් ලෝකයේ විශාල භූමි ප්‍රදේශයක තවමත් සෘජු හා වක්‍ර පුරුෂාධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා.
ස්‌ත්‍රියක වීම නිසා මුහුණ දෙන ගැටළු
====================
ස්‌ත්‍රියක වීම නිසාම විශේෂ අපහසුතාවලට ස්‌ත්‍රිය ලක්‌වනවා. අප අප්‍රිකාව දෙසට හැරුණොත් හොඳ නිදසුනක් ලබාදිය හැකියි. වාර්ගික/සංස්‌කෘතික හේතු මත එම රටවල ගැහැනු ළමයින් අතිවිශාල සංඛ්‍යාවක් ලිංගික චර්ම ඡේදනයට (සුන්නත්) ලක් වෙනවා. මෙය ඒ දැරියන්ගේ ශාරීරික සෞඛ්‍යයට හා මානසික සෞඛ්‍යයට විශාල තර්ජනයක්.
එසේම ස්‌ත්‍රින් වීම නිසා ඇතැමුන්ට යම් යම් රැකියා අහිමි වනවා. ඇතැම් අවස්‌ථාවල අධිකරණ ක්‍රියාමාර්ගවලට ගොස් තමයි විසඳුම් ලබාගන්න සිදුවන්නෙ.
සමහර විට කාර්යාලවලදී රැකියාව අරබයා කාන්තාවන්ට ගැටලු මතු වෙනවා. සමහර විට ප්‍රධානින් කාන්තාවන්ට බලපෑම් කරනවා. ප්‍රධානින් නොවන අය, සම තත්ත්වයේ අය, සුළු සේවකයන් ප්‍රශ්න ඇති කරනවා. ඇතැම් පිරිමින් තමන් කාන්තාවන්ට ඇති ලිංගික ආශාව හේතුකොටගෙන හිරිහැර කරනවා. ඇතැම් විට ලිංගික ආසාව නොව ද්වේශය නිසාද අපහාස කිරීම්වලින් විවිධ හිරිහැර කිරීම්වලත් යෙදෙන්නට ඉඩ තිබෙනවා.
ඔබගේ දියුණුව, ඔබගේ දක්‌ෂතාව , ඔබගේ ජනප්‍රියතාව, ඔබට සේවකයන්ගෙන් ලැබෙන ගෞරවයය නොඉවසන කෙනෙක් අපහාස හා වෙනත් කටකතා පතුරවන්නට ඉඩ තියෙනවා.
විශේෂයෙන් ම කාන්තාව යම් තැනක ප්‍රධාන තනතුරක් දරන විට ඊර්ෂ්‍යාව හේතුකොට ගෙන මෙවැනි ගැටලු මතුවිය හැකියි. සමහර විට
රැකියාවේ තනතුරු සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මූලික කරගෙන හිරිහැර කිරීම් අපහාස කිරීම් නින්දා කිරීම් පෙත්සම් යෑවීම් ඇතිවිය හැකියි.
සමහර ප්‍රධාන ආයතනවල සුදුසුකම් තිබෙන කතුන් සිටින විට ඒ තනතුරට තරග කරන පිරිමියා ඇයව බියවැද්දීම, තර්ජනය කරන්න ඉඩ තිබෙනවා. මෙවැනි පරිපාලන ගැටලුවකදී බොහෝ විට ස්‌ත්‍රියට අසාධාරණයක් විය හැකියි.
අපහාසවලට නීතිය
===========
ආයතනයෙන් අසාධාරණයක් වූ පමණින් නීතිය අසාධාරණ යෑයි සිතිය යුතු නැහැ. නීතිය ඉතා සාධාරණයි.
කාන්තා ඔබට නොපැකිළ නීති උපදෙස් ලබාගත හැකි ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කේන්ද්‍රයයි. එහිදී පරිපාලනමය හේතු නිසා මූලික අයිතිවාසිකම් කඩ වූ විට නීති ආධාරත් වෙනත් ප්‍රශ්න සම්බන්ධ නීති උපදෙස් ද ලද හැකියි.
කාන්තා ඔබට මේ ආයතනයෙන් උපදෙස් ලැබීම සහනයට කරුණක් වන්නේ එහි අධ්‍යක්‌ෂවරියද කාන්තාවක්‌ම වන නිසයි. අංක 0112-389565 ට කතා කොට අධ්‍යක්‌ෂ එස්. බෙනරගම මැතිනිය අමතා උපදෙස් ලබා ගන්නට හැකියි. අවම වශයෙන් එතුමිය ඔබව අදාළ අංශයකට යොමු කරන බව නිසැකයි.
මානව හිමිකම් කේන්ද්‍රයට අමතරව තවත් ආයතන කීපයකින්ම කාන්තා ඔබට උපදෙස්, පිහිට ලද හැකියි. කාන්තා පිහිට එවැනි එක් ආයතනයකි. එමගින් උපදේශන සේවා ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ ඇතැම් පොලිස්‌ථානවල කාන්තා පිහිට ඒකක ක්‍රියාත්මක වනවා. කොළඹට නුදුරු කිරුළපන පොලීසියේද මහනුවර ද එය ක්‍රියාත්මකයි.
කාන්තා පිහිට ආයතනයේ ප්‍රධාන මනෝ විද්‍යා උපදේශිකාව වන නන්දනී පටබැඳිගේ මහත්මිය පැවසුවේ කතුන්ට අවශ්‍ය මනෝ විද්‍යා උපදෙස්‌වලට අදාළ තොරතුරු විමසීමට 4-718585 අංකයට ඇමතිය හැකි බවයි. කාන්තා පිහිට ලිපිනය වන්නේ අංක 122, කොටා පාර, බොරැල්ලයි.
කාර්යාලයකදී හෝ වෙනත් බාහිර ස්‌ථානයකදී ස්‌ත්‍රියකට කරදරයක් හෝ අපහාසයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය සහනයක් ලබාගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි එම්. කේ. ඩී. ඩබ්ලිව්. අමරසිංහ මහතාගේ අදහසයි. මුලස්‌ථාන අපරාධ කොට්‌ඨාශ අධ්‍යක්‌ෂ ධුරය හොබවන එතුමා නීති ක්‍ෂේත්‍රයෙහි ප්‍රවීණත්වයක් ලද උගතකු වන අතර නීතිපති උපාධිධාරියෙක් ද වෙනවා. ඔහු මෙසේ පවසනවා.
"ස්‌ත්‍රියකට අපහාස කිරීම, අසභ්‍ය වචන කතා කිරීම මානසිකව අපහසුතාවට පත්වන පරිදි හිරිහැර කිරීම දුරකථනයෙන් බැණ වැදීම ආදිය දඬුවම් ලබාදිය හැකි වරදවල්. අවුරුදු පහක් දක්‌වා සිරදඬුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා.
ප්‍රකට නීතිඥවරියක වන මහේෂි ඩි අල්විස් මහත්මිය වෙතින් අප විමසා සිටියේ යම් තරුණියකට හෝ දැරියකට අපහාසාත්මක ක්‍රියාවක් සිදු වූ විට ලැබිය හැකි නීතිමය පිළිසරණ මොනවාද කියායි.
"මෙවැනි අවස්‌ථාවක දැරියකට හෝ යෞවනියකට නීතියේ පිහිට ලද හැකියි. කැලෑ පත්තරයක් පෙත්සමක් වැනි දෙයක් නිකුත් වී තිබෙනවා නම් ඒවා ගැන පොලීසියට පැමිණිලි කළ හැකියි. මේ දේවල් මෙහෙය වූ අය ගැන පොලීසියට කිව යුතුයි. නැතිනම් සාක්‌ෂි එක්‌කර ගත යුතුයි.
කාන්තාවකට ලිංගික හිරිහැර කිරීම බරපතල වරදක්. බොහෝ දෙනා දන්නේ නැහැ බාහිර අයගේ සාක්‌ෂ්‍ය නොමැතිව පවා මීට අදාළ නඩු නිමිත්තකට ගිය හැකියි. උදාහරණයක් දක්‌වනවා නම් බැල්මකින් හෝ තමාට අතවර කළා යෑයි හැඟෙනවා නම් නීතිමය පියවර ගත හැකියි. ඒ බැල්මට අදාළව යමක් කිව හැක්‌කේ එම කාන්තාවට පමණයි."
කෙසේ වෙතත් පිරිමි ඔබ හා අපට මෙහිදී විශේෂ වගකීමක් පැවරෙනවා. එය නම් කාන්තාවන් මෙවැනි අතවරවලට පත්වීමෙන් වළක්‌වා ගැනීමයි. ඔබේ නිවසේදී පාරේදී කාර්යාලයේදී කාන්තාවන් අපහසුවට පත් කරන්න එපා. සමහර විට ඔබ කාන්තාවන්ට හිරිහැර කරන්නේ එය හිරිහැරයක් යෑයි නොසිතා විය හැකියි. එහෙත් ඔබ යුවතියකගේ ඇඟට දමන තට්‌ටුවක් නිසා ඇයට විශාල හානියක් විය හැකියි. එසේම ඇය නීති මගට ගියොත් ඔබටද හානියක් විය හැකියි.