KPZ ගැන කතාවක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    Mame machn catholic.. Father kenek gawa kere.. mehamai machn mama hithana widiare oke thiyena chemicals walin brain eake ape thinking side eaka awl karanewa wage.
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ

    ඇති යන්තම් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා.
    මම ඕව විස්වාස කලේ නැහැ මචං. ඕව කියද්දී මන් කිව්වේ මොන බොරුද කියල
    අන්තිමට මටම පෝරියල් එක සෙට් උනා :(

    එක තමයි. මටනම් මේක කරගන්න බැරි උනා.:dull: ඉතින් ලෙඩ හොද උනෙත් නැහැ
    :(
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇඩෙනවා.. බලන් ගියාම කිහිප දෙනෙක්ටම කරල තියෙනවනේ. කොහෙන්ද කළේ?

    ade mageth bella pitipasse nikan pimple wage thiyanawa, matath seen ekada danne na??????????:rofl::rofl::rofl:
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    බලන්න ඕනේ බන්. කොහෙද වෙද මහත්තය ඉන්නේ? දැන් මට ඔක්කොම එපා වෙලා ඉන්නේ. BTW කතාව නම් පට්ට:D.මම තාම 16 කොටස කියවනවා. :dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    22 කොටස

    KM ගේ සහ මවගේ සිද්ධියෙන් පසු මට උවමනා වූයේ තනි වීමටය. එනිසා මවගේන්වත් KM ගෙන් වත් එන ඇමතුම් වලට මම පිළිතුරු දුන්නේ නැත. ඉන් පසු KM කිහිප වරක් ලිපි ඒවා තිබුනද මට ඒවා හම්බුනේ නැත. ඒ ලියුම් එන විට මම ගෙදර නැති නිසාත්, මගේ නමට එන ලියුම් සියල්ලම අයියා දිග ඇර බලන නිසාත්ය. මම බොහෝ විට සිටියේ ගෙදර අයගෙන් ඈත් වීය. මම රෑ 11 පමණ වනතුරු කඩයට වී සිටියෙමි. තනිවම සින්දු අසමින් කාලය ගෙවා දැමුවේ ප්‍රශ්න අමතක කිරීමටය. නමුත් මට හිතන තරම් ලේසියෙන් හිත හදාගත නොහැක. අවුරුදු ගණනක අතීතය මට නිතර සිහි වෙයි.

    college ගමනත් ටික ටික අඩු වුයේ අයියාගේ වියදම අඩු කිරීමටය. මට බොහෝ විට Networking සහ Business පාඩම් මග හැරුනේය. මම සැම දිනම චෝල්ලෙගේ නොගිය නමුත් පළවන වාරයේ Business හැරෙන්නට අනිත් සියලු විෂයන් සමත් විය. කළින් පැවසුවාක් මෙන් මම පාඩම් කලෙත්, assignment කලෙත් කඩයේ වැඩ කරන අතරතුරය. එනිසා business assignment එක සඳහා ගුරුවරුන්ගේ උපකාර ගැනීමට නොහැකි විය. නමුත් අවසානයේ business fail වීමේ වැරැද්ද මගේ උවමනාවක් නැති බව යැයි අම්මා පැවසිය. මන්ද අයියා කියා තිබුනේ college නොයන්නේ මම college ගිහින් වැඩක් නැතැයි කියා කඩයේ වැඩට යන බැවිනි.

    මේ අතර මගේ facebook ගිණුමට මම කඩයට එන යන කට්ටිය කිහිප දෙනෙක් add කරගෙන සිටියෙමි. ඒ සියලු දෙනා කොල්ලන්ය. ඒ දිනවල මා දමා තිබුනේ Kevin කියාය. මගේ ඇත්ත නම මෙහෙ කට්ටියට කියවගන්න බැරි නිසා ඔවුන් මට කීවේ Kevin කියාය. ඒ කට්ටිය ඇවිත් මෙතන පිස්සු කියවල යන කට්ටියයි. මම කොණ්ඩය කපන්න උවමනා යැයි පැවසු දිනක අයියා කිවේ කොන්ඩේ කපන්න පවුම් 15ක් පමණ යනවා කියාය. එවෙලෙහි ඔහු කී දේ මම තේරුම් ගත්තෙමි. ඉන් පසු මම කොණ්ඩය කපන්නට ඇසුවේ නැත. එනිසා මාගේ කොණ්ඩය ටිකක් දිගට වැවී තිබුණි. අපි සිටින ප්‍රදේශයේ හුඟක් සිටින්නේ බංගලාදේශ, පකිස්ථාන්, ඉන්දියන් කට්ටියයි. ඒ සියලු දෙනා ඉන්නේ කොණ්ඩය කපාය. නැතිනම් තට්ටය ඇත. නමුත් මගේ කොණ්ඩය දිගය. කඩයට එන හුගක් දෙනා කියන්නේ කොන්ඩේ ලස්සනයි කියාය. ගැහැණු ළමුන් පවා එය පවසා ඇත. මෙතන එන කොල්ලෝ කට්ටිය මගේ කොන්ඩෙන් ඇද විකාර කරයි. මේ හේතුවෙන් ඔවුන් මා සමග ගොඩක් හිතවත් විය. ඔවුන් නිතරම අසන්නේ මගේ සැබෑ රට කුමක්ද කියාය. ලංකාවේ කි විට හුඟක් අය දන්නේ නැත. එය දන්නා සමහරුන් විශ්වාස කරන්නේ නැත. නමුත් හුඟක් දෙනෙක් අසන්නේ හින්දිද කියාය. සමහර කෙල්ලන් ඔවුන් සමඟ club යන්න එනවාද කියාද අසා ඇත. මම ගැහැණු පෙරේතයෙක් නොවෙමි. එනිසා මට සිතන්නට දෙයක් නැත. මා කෙලින්ම පවසන්නේ මම club යන්න කැමති නැහැ කියාය. ඔවුන් පවසන්නේ "You look different than others, so you can get a chance" කියාය. ඔවුන් කියන දේ මට තේරෙන නමුත් මා එයට කැමති නැත.

    මේ අතර කඩයට යන එන කෙල්ලක් මාව facebook එකේ add කරගෙන තිබිණ ඇය GC ලෙස නම් කරන්නම්. ඇය මගේ යහළුවෙකුගේ යහළුවෙකි. නමුත් මා ඇයව add කරගත්තේ නැත. දින දෙක තුනකට පසු ඈ කඩයට පැමිණි විට ඇය මට facebook එකෙන් request එකක් එව්වා ඇයව add කරගන්නයි කියා පැවසීය. ඉන් පසු මා ඇයව add කරගත්තෙමි. එතැන් පටන් ඒ කෙල්ල මට කථා කරන්න ගත්තාය. ඇය වැඩ නිමවී ගෙදර ගිය සැනින් කරන්නේ මට facebook එකෙන් කතා කිරීමය. ඇය පවසන සමහර දේ මට තේරෙන්නේ නැත. හුඟක් විට මා dictionary එකක පිහිට ලබා ගත්තෙමි. ඇය කඩයට පැමිණි විට වැඩිය කතා කරන්නේ නැත. බඩු අරගෙන ඉක්මනින් පිට වෙයි. නමුත් ගෙදර ගිය පසු කියන්නේ මා බලන්න ආවා කියාය. ඉන් පසු ය එක එක දෑ පිළිබඳව කතා කරන්නට ගනී. ටික කලකින් ඈ ගොඩක් හිතවත් විය. මා සමහර දිනයන් හිදී උදේ වේලට කෑවේ බිස්කට් පමණි. මේ පිළිබඳව GC දැනගත් පසුව ඈ උදේ වරුවේ කෑමට මට සැන්විච් කොපි වැනි දෑ රැගෙන ආවාය. අපේ ගෙදර කට්ටියට නොමැති උවමනාවක් ඇයට තිබුණාය.
    ඈ කොපමණ හිතවත් වුවාද කියතහොත් ඈ ඇයගේ ඉතා පුද්ගලික දේ පවා පැවසුවාය. මම ඇයට KM සහ මගේ සම්බන්ධය ගැනද පැවසුවෙමි. ඇය ඒ ගැන අසා දුක් වුවාය. ඉන් පසු ඇය දිගටම කතා කරන්නට විය. උදේ නැගිට්ට ගමන් මට fb එකෙන් කතා කරයි. ඇය කතා නොකරන්නේ වැඩ කරන විට පමණි. වැඩ කරන අතර දහවල් ආහාරය ගනිද්දී පවා ඈ මට කථා කළාය. ඇයගේ පවුලේ තොරතුරු මවගේ, පියාගේ විස්තර සියලු දේ මා සම්ඟ පැවසිය. ඇය වරින් වර මට සින්දු එවා මේක අහන්න මේක අහන්න යැයි පැවසිය. ඇය මගේ හිතේ දුක තනිකම නැති කරන්නට මහත් වෙහෙසක් දැරීය.

    GC සමහර විට කොල්ලෙකුත් සමඟ පැමිණෙයි. ඇයගෙන් ඒ කවුද යැයි අසු විට ඈ කීවේ ඒ ඇයගේ අයියා කෙනෙක් බවයි. ඇය කියා තිබුනේ ඇය නිවසක තනියම සිටින බවත්. නිවාඩු වෙලාවක කැමතිනම් එන ලෙසත්ය. මට එහි යන්නට උවමනා නැත. මට යන්නට වේලාවක්ද නැත. අනික ඈ මගේ මිතුරියක් විතරයි. මා මෙසේ දිගින් දිගටම කතා කරන බව CCTV වලින් දුටු මාගේ අයියා ඇසුවේ කාත් එක්කද ඔච්චර කථා කරන්නේ කියාය. ඉන් පසු මම GC ගැන කීවෙමි. එවිට අයියා කිවේ මරු chance එකක් set වෙලා තියෙන්නෙ. මෙහෙ එන එවුන් සුද්දියෙක් එක්ක කතා කරන්නත් හෙන ගේමක් දෙනවා, එහෙම එකේ මට chance එකක් අතටම ඇවිල්ලා කියාය. ඉන් පසු මගෙන් fb password ඉල්ලාගෙන GC සමඟ chat කළේ මගේ අයියාය.
    එදින රෑ මා නිදාගත් පසුද ඔවුන් දෙදෙනා chat කර තිබිණ. chat කරන්නේ මම නොවේ මගේ අයියා කියා GC දන්නේ නැත. ඇය සිතන්නේ chat කරන්නේ මම කියාය. පසු දින මා chat එක දකින විට සියලු දේ වෙනස් වී ඇත. ඇය තව දුරටත් මගේ සාමාන්‍ය යහළුවෙක් නොවෙයි. අයියා ඇයගෙන් කොහේ හරි යමුද කියා අසා ඇත. GC එයට කැමති වී ඇත. ඉන් පසු අසා ඇත්තේ film එකක් බලන්න යමුද කියාය. එයටද GC කැමති වී ඇත. ඉන් අනතුරුව අයියා අසා ඇත්තේ film එක අතර තුර ඇයව සිප ගත්තොත් තරහා වෙනවාද කියා අසා ඇත. ඇය පවසා ඇත්තේ "තරහා වෙන්නෙ මොකටද මටත් ඔයාව ඉඹින්න ඕනේ" කියාය. ඉන් පසු අයියා කියා ඇත්තේ දිනයක් දාගෙන කියන්නම් කියාය.
    මෙතෙක් කල් මගේ යහළුවෙකුව සිටි ඇය තව දුරටත් එසේ නැත. ඇය මා දෙස දැන් බලනුයේ යහළුවෙක් ලෙස නොවෙයි. මගේ හිතේ තියෙන දුක තේරුම් ගත් එකම කෙනා ඇයයි. නමුත් මෙයින් පසු මේ සියලු දේ වෙනස් වනු ඇත.


    මතු සම්බන්දයි.