KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අෆ්ෆේ යන්තම් ඇති මූ ආවා,
    ඉස්සර වෙලාම මේ අවනඩුව බේරලා ඉදපං, මේ ඇත්තම KM ද කියලා. උනටත් sure නැත්නම් මොකක්හරි පිලිගන්න පුලුවන් ශාක්ශියක් ඉල්ලපන්. .
    (උපන්ලපයක් වගේ දේයක් හරි කමක් නැ ලොල්)

    මට නම් දැන් හිතෙනවා මේ ඇත්තම KM ද කියලා.

    ඒහෙම උනොත් නම් අපේ උන් ඔක්කොමල කියපු කට කැඩිච්ච කතා වෙනුවෙන් සමා වෙන්න.

    අපේ උන් ඔය කොල්ලෙක් ගෙ Fake එකවුන්ට් එකක් කියලා බැන්නට, KM කියන චරිතයට අපේ ඔක්කොම ගොඩක් ආදරෙයි. මෙතන ඉන්න හැමෝම ඔයා වෙනුවෙන් ගොඩාක් දුක් උනා, එකෙක් නැර හැම එකෙක්ම.

    (ඒ වගේම කවුරු හරි ආතල් එකක් දෙනවා නම් VGA card එක පිච්චියං.)

    එහෙනම් මට දුන්න t-shirt එකේ පාට මොකක්ද කියන්න කියල කියපන් බලන්න. :yes::yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    එහෙනම් මට දුන්න t-shirt එකේ පාට මොකක්ද කියන්න කියල කියපන් බලන්න. :yes::yes:

    ==============================================

    that's good; Answer to that KM89 !!!!!!! if you are real KM
    :yes:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එහෙනම් මට දුන්න t-shirt එකේ පාට මොකක්ද කියන්න කියල කියපන් බලන්න. :yes::yes:

    පාට මොකක් උනත් වැඩක් නෑ බන්. ඔය කෙල් මේටක ඇවිත් උබව අපහසුතාවයට පත් කරන ජාතියේ කෙල්ලෙක් නෙවෙයිනේ. ඒක උබ හොදටම දන්නවනේ. ඒ ආදරේ ගැන උබ ඔය වගේ දේවල් අහල හෑල්ලු කරන්න එපා මචන්. ඒ කෙල්ල තාම බදල නැත්නම් උබ මගුලෙ රට දාල වර මෙහෙට.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කට්ටිය කියලා ඒවා ඇත්ත

    මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්

    උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්‍රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...

    එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ :frown::frown::frown:

    කැත වැඩ කරන්න එපා බන් අයියේ.. මේ කතාව කියවල මගේ හිතට හොදටම අවුල් අර අහිංසක කෙල්ලේගේ ජීවිතේ නේද විනාස උනේ කියල.. මට මේකමයි මතක් වෙන්නේ.. ඔලුවේ වැඩ කරන්නේ මේකමයි.. මට මාර දුකයි හරියට මේක මට උන දෙයක් වගේ.. අපරාදේ මම මේක කියෙව්වේ කියල දැන් මට හිතෙනවා.. ඔයාට පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරිනම් ඔය වගේ කෙනෙක්ගෙන් මේ වගේ කෙල්ලෙක්ට කවදාවත් සෙතක් වෙන්නෙත් නෑ.. මේ අක්කව හොයාගෙන ගිහින් මල් තියල වදින්න ඕනේ ඔය වගේ කොන්දක් නැති මිනිහෙක් මත්තෙම නැහීගෙන හිටියට.. මට ඔය වගේ කෙල්ලෙක් ලැබුණානම් මම කව්රු විරුද්ද උනත් ඒ කෙල්ලව අතරින්නේවත් වෙන කෙනෙක්ගේ වෙන්නවත් ඉඩ දෙන්නේ නෑ . එහෙම නැත්නම් මේ අක්කව එපවෙන්න කව්රු හරි ඔයාට ආයෙත් ගුරුකමක් කරලා. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න ලොකුම මීහරක තමයි ඔයා. ශික්. මට මෙහෙම දුකයි නම් ඇත්තටම මේ සිද්දියට මුණ දීල ඉන්න මේ අක්කට කොඉ තරම් දුකක් ඇද්ද.. උබ මහා පව්කාරයෙක් බන් අයියේ..

    [FONT=&quot]මල්ලියේ[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]කතාව[/FONT][FONT=&quot]දිගටම[/FONT][FONT=&quot]කියෙව්වා[/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] comment [/FONT][FONT=&quot]එකක්වත්[/FONT][FONT=&quot]නොදා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ලියල[/FONT][FONT=&quot]තියන[/FONT][FONT=&quot]කොටස[/FONT][FONT=&quot]දැක්කම[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]නොකිය[/FONT][FONT=&quot]බැරි[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]කෙලින්[/FONT][FONT=&quot]තීරණයක්[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]බැරි[/FONT][FONT=&quot]මිනිහෙක්[/FONT][FONT=&quot]අර[/FONT][FONT=&quot]වටිනා[/FONT][FONT=&quot]ගැහැණු[/FONT][FONT=&quot]දරුවට[/FONT][FONT=&quot]නොලැබෙන[/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]හොඳ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්[/FONT][FONT=&quot]ගැහැණියෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]හන්ද[/FONT][FONT=&quot]එයාගේ[/FONT][FONT=&quot]පැත්ත[/FONT][FONT=&quot]ගන්නවා[/FONT][FONT=&quot]නෙවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]කොන්ද[/FONT][FONT=&quot]පන[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]මිනිහෙක්ට[/FONT][FONT=&quot]ගැහැණියෙක්ව[/FONT][FONT=&quot]ආරක්ෂා[/FONT][FONT=&quot]කරගන්න[/FONT][FONT=&quot]බැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමාපියෝ[/FONT][FONT=&quot]සහෝදරයෝ[/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot]කැප[/FONT][FONT=&quot]වීම්[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]හැමෝම[/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]පවුල්[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]මිනිස්සු[/FONT][FONT=&quot]මිල[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]බැරි[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙම[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]තමන්ගේ[/FONT][FONT=&quot]ජීවිතෙන්[/FONT][FONT=&quot]වන්දි[/FONT][FONT=&quot]ගෙවන්න[/FONT][FONT=&quot]ඕනෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]ඕනේ[/FONT][FONT=&quot]තමන්[/FONT][FONT=&quot]සමාජයේ[/FONT][FONT=&quot]හොඳ[/FONT][FONT=&quot]තැනකට[/FONT][FONT=&quot]ගිහින්[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]අයවත්[/FONT][FONT=&quot]රැක[/FONT][FONT=&quot]බලාගන්න[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයාගේ[/FONT][FONT=&quot]සහෝදරයා[/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]සමාජයේ[/FONT][FONT=&quot]ඉහල[/FONT][FONT=&quot]ස්ථරයකට[/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot]කිසිම[/FONT][FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]තියන[/FONT][FONT=&quot]බවක්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]කතාව[/FONT][FONT=&quot]ඇතුලේ[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot]පෙන්න[/FONT][FONT=&quot]නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එයා[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot]ඔයාව[/FONT][FONT=&quot]පාවිච්චි[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]තියන[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]මෙතන[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නේ[/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]තමන්ගේ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]කිසිම[/FONT][FONT=&quot]ආත්ම[/FONT][FONT=&quot]ශක්තියක්[/FONT][FONT=&quot]ආත්ම[/FONT][FONT=&quot]විශ්වාශයක්[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]කමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]අභියෝගයක්[/FONT][FONT=&quot]බාර[/FONT][FONT=&quot]අරගන්න[/FONT][FONT=&quot]සූදානම්[/FONT][FONT=&quot]නැහැ[/FONT][FONT=&quot]ඔයාගේ[/FONT][FONT=&quot]ජිවිතේ[/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]ඕනේ[/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot]කරගන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කිසිම[/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]බොහොම[/FONT][FONT=&quot]සම්ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදායික[/FONT][FONT=&quot]පිරිමියෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot]ගෙදරට[/FONT][FONT=&quot]ගැලපෙන[/FONT][FONT=&quot]ගැහැණු[/FONT][FONT=&quot]ළමයෙක්ව[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]බඳින්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]මල්ලි[/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]අම්ම[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]සලකපු[/FONT][FONT=&quot]අර[/FONT][FONT=&quot]ගැහැණු[/FONT][FONT=&quot]ළමයට[/FONT][FONT=&quot]වැඩක්[/FONT][FONT=&quot]නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]හිතන්නේ[/FONT][FONT=&quot]ඔයාගේ[/FONT][FONT=&quot]පවුලට[/FONT][FONT=&quot]මිසක[/FONT][FONT=&quot]ඔයාගේ[/FONT][FONT=&quot]ගැහැණු[/FONT][FONT=&quot]ළමයට[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot]කවදාවත්ම[/FONT][FONT=&quot]ආදරය[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]නැහැ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තරහ[/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තිත්ත[/FONT][FONT=&quot]උනත්[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]ඇත්ත[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]

    [FONT=&quot]මට කියන්න තියෙන්නෙත් මේ ටිකම තමා. කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න. :angry::angry::angry:
    [FONT=&quot]හැමදාම ගෙදර අය කියන 1 කරන්න ගියොත් උබ කවදා හරි marry කරන කෙල්ලට දෙයියන්ගේ පිහිටයි. :([/FONT]
    මට උබ ගැන දුකයි KPZ.
    ඔක්කොටම වඩා කෙල්ල(KM) පව්. :no::no::no:
    [/FONT]
    [/FONT]
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    24 කොටස

    එදින GC ගේ සිද්ධියෙන් පසු ඈ සැබෑ ලෙසම වෙනස් වුවාය. ඇය නිතර නිතර ඇයගේ photo එවන්නට විය. සමහර photo කෙනෙකුට පෙන්විය නොහැකි තරම්ය. ඇය කිවේ ඇයට මාත් සමඟ විවාහා වීමට උවමනා බවයි. ඇය කිවේ ඇය සමඟ විවාහ වී ඇයගේ ගෙදර හෝ මා කැමතිනම් මාත් සමඟ ලංකාවට වුවත් යන්නට කැමති බවයි. නමුත් මට එසේ කරන්නට උවමනා නැත. මට කෙසේවත් වෙන කෙනෙක් සමඟ විවාහ විය නොහැකිය. මම KM සමඟ යාලු වූ දිනයේ පටන් හීන දැක්කේ KM සමඟ විවාහ වීමටය. මම එය දිගින් දිගටම GCට තේරුම් කළෙමි. මම තවමත් KM ට ආදරය කරන බව කෙතරම් කිවත් ඇය කිවේ එයින් ඇයට ප්‍රශ්ණයක් නැති බවයි. කෙසේ වෙතත් ඇයගේ මෙම ඉල්ලීම කෙරෙහි මගේ සිතේ කිසිම ප්‍රසාදයක්, ආසාවක් නැත. GC මට යහළුවෙක් පමණි. කෙතරම් හිතවත් වුවත් මට KM හැර වෙන කෙනෙක්ව බඳින්නට සිතෙන්නේ නැත. මේ පිළිබඳව මම අයියාට පැවසුවේ නැත. එසේ කිවානම් අයියා මැදිහත් වී GC ව මට බන්දා දෙන බව මට විශ්වාසය. ඔහුගේ ඔලුවේ තිබෙන්නේ PR නිසා PR ගැනීමට හොඳම අවස්ථාව මෙයයි කියා ඔහු පවසාවි. මිට පෙර ඔහු කිහිප වතාවක්ම GC ව බැඳගන්නා ලෙස මට පවසා ඇත. එනිසා GC ගේ මෙමෙ ඉල්ලීම මම රහසක් ලෙස තබා ගත්තෙමි.
    මෙසේ ටික දවසක් ගෙවුණි. එක් දිනක් GC සමඟ කඩයට පැමිණි කොල්ලා තනියම කඩයට ආවේය. ඔහු කෙලින්ම පැවසුවේ මං නිසා GC වෙනස් වී ඇති බවයි. GC මට පැවසුවේ මොහු අයියා කියාය. නමුත් මේ GC ගේ පෙම්වතයි. GC සහ මොහු අවුරුදු 5ක පමණ සිට සිටින්නේ එකම නිවසකය. නමුත් ටික කලක සිට GC සැබෑ ලෙසම වෙනස් වී ඇති බවත් දැන් පෙර මෙන් ඔහුව ගණන් ගන්නේ නැති බවත් ඔහු පැවසුවේය. පෙර දිනයන් හිදී GC වැඩ නිම වී ආ පසු ඔහු සමඟ කාලය ගත කලත් දැන් ඈ laptop එකටම වී සිටින බව ඔහු පැවසුවේය. ඇය කටින් නොකීවත් ඇය කථා කරන්නේ මා සමඟ බව ඔහු හොඳාකාරවම දන්නා බව මට පැවසුවේය.
    මේ සිදු වූ දෙය ඇසු විට මා මහත් කම්පාවට පත් විය. GC මට කෙතරම් බොරුවක් කළාද? ඇය කිවේ ඔහු ඇයගේ සහෝදරයා කියාය. නමුත් ඒ ඇයගේ පෙම්වතාය. ඔහු සමඟ සිටිද්දීම ඇය මට කොතරම් දේ වලට ආරාධනා කළාද. අවසානයේ කිවේ මා සමඟ විවහා වීමටත් සූදානම් බවයි. සිදුවන්නට ගියේ කෙතරම් ලොකු වරදක්ද. මා නිසා පවුලක් කැඩෙන්නට ආසන්න විය. කුමක් හෝ පෙර පිනකට එය නැවතින. මම GC සමඟ වෙනත් දේ වලට නොගියේ තවමත් මට KM අමතක කිරීමට නොහැකි නිසාය. ඇත්තටම මට වෙන කෙනෙක් සමඟ යහළු විය නොහැක. KM ගැන සිතේ ආදරය තිබියදී වෙන කෙනෙකුට ආදරය කළ නොහැක. එසේ කරනවා නම් මා කරන්නේ අසාදාරණයකි. මට කෙදිනකවත් KMට ආදරේ කළාක් මෙන් වෙන කාටවත් ආදරේ කළ නොහැක. මේ සිද්දියෙන් පසු මට ඇති වුයේ මහත් කළකිරීමකි. සිදු වුයේ නොවිය යුත්තකි. GC ට හිතවත් වීමෙන් මා කලේ ලොකු වරදකි.
    මට මේ බැඳීම් ගැන ඇති වුයේද මහත් කළකිරීමකි. බැඳීම් යනු අපට කවදාවත් විස්වාස කළ හැකි දෙයක් නොවේ. GC ඇයගේ පෙම්වතා සමඟ එකම නිවසේ සිටියදී මා සමඟ විවහා වන්නට ඇසුවේ කෙසේද? මෙයින් මා බලවත් ලෙස කම්පාවට පත් විය. ඉන් පසු මම GC ට කෙලින්ම කිවේ නැවත මා සමඟ කතා නොකරන ලෙසයි. ඇයගේ මුහුණ දැකිමටවත් මම කැමති නැති බව ඇයට පැවසුවෙමි.
    මෙම සිද්ධිය නිසා මගේ සිත හොඳටම බිඳී තිබුණි. මගේ සිතේ ඇත්තේ මහා වරදකාරී හැඟීමකි. එකක් අම්මලාගේ පැත්ත ගෙන KM තනි කිරීමය. අනෙක නම් මා නිසා පවුලක් කැඩෙන්නට ආසන්න වීමයි. මෙසේ බිඳුණු සිත හදා ගැනීමට මා බොහෝ වෙහෙසක් දැරුවෙමි. නමුත් පෙර මෙන් ගීත වලට සවන් දීමෙන් මගේ සිත ගොඩ ගත නොහැක. මගේ අතින් සිදුවන්නට ගියේ මහා පවකි. ගෙවෙන මොහොතක් මොහොතක් පාසා මට එය මතක් විය. කළ යුතු එකම දෙයනම් සිත හදා ගැනීම පමණක් නමුත් මේ සුදුවූ දෙයත් සමඟ එය පහසු නැත. සිත සාදා ගත හැකි ක්‍රම පිළිබඳ මම internet එකේ ගොඩක් විස්තර සොයමින් කියෙව්වෙමි. mind relaxing ක්‍රම සොයාගෙන කරන්නට තැත් කලෙමි. අවසානයේ වෙනස program එකේ ගිය සංජීව හේවාපතිරණගේ magic segment එකකදී ඔහු කී දෙයක් මගේ සිතට තදබල ලෙස කා වැදුනි. ඔහු කිවේ බෞද්ධ සංකල්පයට අදාළ දෙයකි. එය මෙතන විස්තර කිරීමට මගේ කැමැත්තක් නැත. නමුත් එයින් පසුව මට අමතක වී තිබු සහ උවමනා වී තිබු පිළිතුර මට ලැබිණ. මට උවමනා වුයේ සිත හදා ගැනීමටය. සිත හදාගැනීමට ඇති ඉගැන්වීම් බෞද්ධ දර්ශණයට වඩා වෙන කොහෙවත් නැති බව මට මතක් විය. ඉන් පසු දිගින් දිගටම මම බෞද්ධ දර්ශණය ගැන ළිපි කියවන්නට විය. බෞද්ධ දේශණා වලට සවන් දෙන්නට විය. එහි ඇති භාවනා කරමින් සිත හදා ගන්නට මම වෑයම් කළෙමි. මෙනිසා මගේ සිතට සහනයක් දැනෙන්නට විය. ව්‍යාකුල වී තිබු සිත යතා තත්ත්වයට පැමිණ ඇත. තවමත් මා තුන් වන සිල් පදය බිඳ නැත. ඒ පිළිබඳව මට සතුටු විය හැක. නමුත් තව දුරටත් ලිපි කියවද්දී මට තේරුම් ගියේ මේ භාවනා ඇත්තේ ප්‍රශ්න අමතක කර සිත සාදා ගැනීමට නොවන බවයි. එහි ඊට වඩා මහා ගැඹුරක් ඇත. අප මේ ඉපදී සිටින්නේ ඇයි, මේ සංසාරෙට අපි වැටුනේ කොහොමද, සංසාරේ අපි කොපමණ දුර ඇවිත්ද, තව කොපමණ යන්න තිබේද?? මේ කිසිවකට පිළිතුර අප දන්නේ නැත. අප සැබවින්ම මේ කරන්නේ බොරුවකි. තාවකාලිකව හිත හදා ගැනීමකි. අප හම්බ කරන සියලු දේ දමා අප දිනක යා යුතුව ඇත. ඉන් පසු තවත් උපතකින් නැවත මුල සිට මේ ක්‍රියාදාමය ඇරඹිය යුතුය. නමුත් එන භවයේ මිනිසෙකුම වේයැයි හරි හැටි කියන්නේ කෙසේද? මැරෙන මොහොතේ කුමක් සිතෙවිද? එයින් ඊ ළඟ භවය කොහේ උපතක් කරා යයිද? මේවා මට නැගුනු ප්‍රශ්නයි. එනිසා කල යුත්තේ මැරෙන මොහොතේ සිහි මුළා නොවී තබා ගැනීමට නම් අවම තරමේ සොවහන් මාර්ගයටවත් පැමිණීමටය. එනිසා ඒ උදෙසා වැඩ කරන්නට මම සිතා ගත්තෙමි. රෑ වැඩ නිමවී ගෙදර ගොස් නිදිමත හැදී වැටෙනකන්ම මම භාවනා කළෙමි. නමුත් බුද්ධ දේශනා වලට අනුව භාවනා කළ යුත්තේ ශුන්‍යා ගාරයකය. එය සැබෑය. මා භාවනාවට ඉඳගත් පසු පෙර නොඇසුණු ශබ්ද පවා ඇසෙයි. අහල පහල ගෙවල් වල ශබ්ද. tv වල ශබ්ද. ලී පොළවේ අයියා අක්කා ඇවිදින ශබ්ද. පිඟන් කෝප්ප වල ශබ්ධ වැනි කලින් නොඇසෙන ශබ්ධ පවා එවෙලෙට ඇසෙන්නට ගනී. භාවනා කරගත නොහැකි තරමටම මට ඒවා ඇසෙයි. ඉන් පසු මට සිතුනේ නිවසේ සිට මෙය කළ නොහැකි බවයි. බෞද්ධ දර්ශනයට අනුව අප යා යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේය. එහි එන නිවැරදි කර්මාන්තයේ ඇති නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් නම් මත්පැන් වෙළඳාමයි. නමුත් මා උදේ සිට රෑ වෙනකම්ම එය කරයි. මේ රටවල් වල මත්පැන් යනු සාමාන්‍ය දෙයකි. සෑම කඩයකම වගේ wine, beer විකිනීමට ඇත. නමුත් මට මෙහි සිට ඒ ආර්ය මාර්ගයේ ගමන් කළ නොහැක. මෙයින් මිදීමට කළ හැකි හොඳම දෙය නම් ගුරු ස්වාමින් වහන්සේ නමක් යටතේ පැවිදි වීමයි. ඒ නිසා මම ඒ පිළිබඳව අසා එළකිරි එකේ ත්‍රෙඩ් එකක් පවා දැමුවෙමි. එයින් මා යා යුතු තැන සොයා ගත්තෙමි. ඉන් පසුව මගේ එකම අරමුණ වුයේ එයයි. මම දිනකට ගත්තේ ආහාර වෙල් දෙකක් පමණි. රෑ නිදියන විටදී පවා පිරිත්, බන ඇසුවෙමි. ඉන් පසු මගේ දවස ගෙවුනේ බණත් සමඟය. මේ වන විට මාගේ එකම අරමුණ වී තිබුනේ පැවිදි ජිවිතයට ඇතුල් වී මේ භවය නැවත්විමයි.

    **************************************************************************************************************************************

    මෙසේ දින ගෙවෙද්දී එක් දිනක් KM මට email පණිවිඩයක් ඒවා තිබිණ. එහි කිසිවක් ලියා තිබුනේ නැත. තිබුනේ අමරදේව සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතය පමණි. එය ඇසු විට මට KM සමඟ ගෙවුණු අතීතය ගැන සිහිවුයේ කිසිදු ආයාසයකින් තොරවය. ඒ අතීතය සිහිවිමත් සමඟ මට දැනුනේ වෙනත් ලොවකට ගියාක් මෙනි. ඉන් පසු මම නැවතත් Centigradz ලාගේ "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතය ඇසුවෙමි. එය අසන විට මට තව තවත් අතීතය මතක් විය. KM මුලින් දුටුව දිනය, ඇය සමඟ කථා කළ දිනය, ඇය සමඟ බස් එකේ ගිය හැටි, අපි යහළු උන හැටි... මේ හැම දෙයක්ම ඒ විනාඩි 3 තුල මට නැවත සිහිවිය. මට KM සමඟ තරහක් නැත. මම KM ට කථා නොකරන්නේ ඇය අපේ අම්මගේ Operation එකට නොගිය නිසාවෙනි. සමහර විට දැන් KM මට වෛර කරනවා විය හැක. නමුත් ඈ මේ ගීතය ඒවා ඇත්තේ යම්කිසි හේතුවක් මතය. එනිසා මම KM ට ring එකක් දුන්නෙමි. නමුත් KM ගෙන් reply එකක් නැත. මා කිහිප වරක් ඇයට ring කලත් ඇයගෙන් පිළිතුරක් නැත. ඉන් පසු මා ඇයගේ email වලට ගොස් බැලුවෙමි. කලින් කිවා මෙන් ඇයගේ email, skype සියල්ල සාදා දුන්නේ මමයි. ඇයගේ email බලන විට මා දුටුවේ ඇය facebook account එකක් සාදා ඇති බවයි. ඇයගේ email හරහා මට ඇයගේ facebook ගිණුමට යාගත හැකි විය. ඉන් පසු සුදු වී ඇති දෙය මට තේරුම් ගියේය. ඇයගේ සියලු මිතුරන් සමඟ ඇය කියා තිබුනේ මා ගැනයි. අපේ අම්මා ඇය ගැන බොරු කියා අප වෙන්කළ ආකාරයයි. දැන් ගෙදරින් ඇයව බන්දන්නට යන බවත් ඇයට වෙන කෙනෙක් සමඟ යා නොහැකි බවත් ඈ පවසා තිබිණ. එය දුටු විට මම මහත් සේ කම්පාවට පත්වුනෙමි.
    ටික වෙලාවකට පසු ඈ මට ring කළාය. මා ring කරන විට ඈ හින්ද ඇත්තේ නිදාගෙනය. ඉන් පසු සිදුවූ සියල්ල ඈ මට විස්තර කළාය. අපේ අම්මා එදා hospital එකට එන්න එපා කියූ නිසා KM ගොසින් නැත. නමුත් පසු දිනයේ KM අම්මාගේ සුවදුක් විමසීමට call කල විට KM ආවේ නැතැයි කියා බැන වැදී ඇත. ඉන් පසු KM ගේ අම්මාද අපේ අම්මට call කර අසා ඇත්තේ අපි නේද එදා hospital යන්නට කලින් දවසෙත් ආවේ කියාය. ඉන් පසු අම්මා KM ගේ අම්මටද බන වැදී ඇත. KM අපේ නිවසේ අම්මගේ තනියට නැවතුනු දිනයන් හිදීද KM ගේ හිත බිඳෙන මෙන් එක එක දෑ පවසා තිබිණ. මේ සියල්ල සිදු වී ඇත්තේ අයියාගේ කීමට බව මට සැකයක් නැත. මා අම්මා සහ අයියා ගැන කෙතරම් විස්වාස කළාද? මට පන මෙන් ආදරය කළ KM ට වඩා මා මොවුන් විස්වාස කළෙමි. නමුත් මොවුන් මට මෙසේ කළේ කුමන හේතුවක් නිසාද? මොවුන් නිසා මගෙන් KM හට සිදු වී ඇත්තේ විශාල වරදකි. මා KM ගෙන් ඇසුවේ වෙන කෙනෙක් බදින්නේ නැත්තේ ඇයි කියාය. ඇය කිවේ "මන් කොහොමද කවී වෙන කෙනෙක් බඳින්නේ? මන් ඔයාට ආදරේ කරන තරම් වෙන කාටවත් ආදරේ කරන්න බැහැ. අනික මේ කඩවත අඟලක් අඟලක් ගානේ තියෙන්නෙ ඔයත් එක්ක ගෙවුණු මතකයන්. බස් එකක නැගගත් මතක් වෙන්නේ ඔයා එක්ක බස් එකේ ගිය හැටි. ඉතින් මන් කොහොමද වෙන කෙනෙක් ගාවට යන්නේ" කියාය. මා අපේ පවුලේ පැත්ත ගැනීමෙන් සිදු වී ඇත්තේ බරපතල වරදකි. අපේ පවුලේ අයම මට මෙසේ කරාවි කියා මා සිතුවේ නැත.
    ඉන් පසු මම GC සමඟ සිදු වූ සියල්ල KM පැවසුවෙමි. GC සහ මම එකට සිට ගත photo එකක් තිබිණ. මම එය KM යැව්වෙමි. එමෙන්ම GC මට එවූ අනිත් සියලු photoද මම KM ට යැව්වෙමි. ඒ සියලු දේ අසා, බලා සිටි KM පැවසුවේ "ඒ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරන්න කවී, ඒ ඔක්කොම අමතක කරල එන්න මන් ගාවට. ඔයාට වෙන කාගෙවත් වෙන්න බැහැ. ඔයා මගේම විතරයි."
    එය කියවූ පසු මාගේ දෑස් කඳුළු වලින් තෙත් වී ගියේය. මා අතින් කෙතරම් ලොකු වරදක් සිදුවුනිද? නමුත් ඇය තවමත් මට පෙර මෙන් ආදරය කරයි. පෙර මෙන්ම මා වෙනුවෙන් බලා සිටියි. මෙනිසා මගේ සිතේ ඇය ගැන තිබු ආදරය නැවතත් පන ගැන්විය. නමුත් ඇයගේ ආදරයත් සමඟ බලන කළ මගේ ආදරයට හැරෙන්නවත් බැරිය.

    එදින රෑ මම මේ සිදුවූ දේ ගැන කල්පනා කළෙමි. සිදු වූ දේ ගැන මට ටිකෙන් ටික තේරෙන්නට පටන් ගත්තේය. මට මෙහි පැමිණීමට මුලින්ම අදහස දැමුවේ KM සහ මම විවහා ගිවිසගනිමට ගිය අවස්ථාවේදීය. එවිට අයියා කිවේ මෙහෙ ඇවිත් ඔක්කොම හදාගෙන KMව මෙහෙ ගන්න කියාය. ඉන් පසු ඔහු දිගටම පැවසුවේ මෙහෙ වාහන, ගෙවල් අරගෙන අපිට හොඳින් ජිවත් විය හැකියි කියාය. මා මෙහි පැමිණීමට තීරණය කළේ එනිසාය. එවිට මට degee එකක් ගෙන KM වත් මෙහෙට ගෙන්වාගෙන සතුටින් සිටිය හැක. මා සිතුවේ එලෙසයි . මා මෙහි පැමිණියේ ඒ බලාපොරොත්තුව මතයි. නමුත් අයියාගේ උවමනාව වී තිබුනේ වෙනත් දෙයකි. ඔහු කඩයේ වැඩ කිරීමට කෙනෙකුන් ගන්නවානම් ඔහුට ගෙවිය යුතුය. මම මල්ලි නිසා මට ගෙවිය යුතු නැත. එය ඔහුට ලාබය. මා දවස තිස්සේ කඩයට වී සිටින විට ඔහු ගෙදරට වී රූපවාහිනිය නැරඹිය. ඔහු කිවේ ඔහු ආ කාලයේ ඔහුද මා මෙන් වැඩ කළ බවයි. මා මෙහි පැමිණියේ අයියා නිසාය. නමුත් අයියාට උවමනා මා මෙසේ වැඩ කිරීමටද? මෙසේ වැඩ කිරීමටනම් මට මොහු ගාවට පැමිණීමට උවමනා නැත. වෙන රටකට වුවත් යා හැකිය. මගේ college යන දින ගන්නද ඔහු කෙමෙන් අඩුකරවිය. අවසන් වාරයේ මම college ගිහින් තිබුනේ දවස් 5ක් පමණි. නමුත් අවසන් වාරයේ සියලු විෂයන් මා සමත් විය.
    පියා නැති දිනයේ සිට අප නිවසට සැලකුවේ අයියාය. එනිසා ඒ ගෞරවය මත අයියාගේ කීම අසා මා මෙහි පැමිණියත්, ඔහුගේ කීමට කීකරු වුවත් අයියා මට සලකන්නේ මෙසේය. මම සැබවින්ම ඔහුට ගරු කලෙමි. තාත්තා අප දමා යන විට මම O/L කළා පමණි. අයියා නිවසේ බර කරට ගෙන වැඩ නොකරන්නට අද තත්ත්වය මිට වඩා වෙනස් විය හැක. සමහර විටක A/L නොකර මට රැකියාවක් සොයාගෙන යාමටද සිදු වීමට ඉඩ තිබුණි. A/L කාලයේ සියළු වියඳම් බලා ගත්තේ අයියාය. නමුත් දැන් සිටින්නේ ලංකාවෙන් පිටත් වන විට සිටි අයියා නොවෙයි. මොහු දැන් මට සලකන්නේ වැඩකාරයෙකුට මෙනි. ඔහු උදේ 10ට පමණ අවදිවී රූපවාහිනිය නරඹා මට දවල් කෑම ගෙන එන විට සමහර දිනයන් හිදී හවස 5ත් පසුවී තිබිණ. මා මෙරටට පැමිණි දින සිට අද දක්වා එක් දිනක්වත් නිවාඩු ලබාගෙන නැත. මේ පිළිබඳව අම්මාට පැවසුවත් අම්ම කියන්නේ "ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැහැනේ ඒ නිසා ටිකක් ඉවසගෙන ඔහෙටම වෙලා ඉන්න" කියාය. තවද අම්මා පැවසුවේ "ඕව කියන්නේ ලංකාවට ඇවිත් ආයි KM ගාවට යන්නද? එකක් මතක තියාගන්න පුතා ඔයා එයා ගාවට යනවනම් අම්ම නැහැ කියල මතක තියාගන්න" කියාය.

    කෙසේ නමුත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. මා අම්මාගේ කීම විශ්වාස කළ නිසා මේ සිදුවූ දේ මා නිවැරදි කළ යුතුව ඇත. නමුත් එසේ නිවැරදි කිරීමට ඉතුරුව ඇති එකම දේනම් KM සමඟ විවාහ වීමය. නමුත් මා එය කළ යුත්තේ කෙසේද?
    මා එසේ සිතමින් සිටියදී මට එයට පිළිතුරක් ලැබිණ. ඒත් බණ දේශනාවකිනි. එහි කිවේ අප මේ පැමිණි සංසාර ගමනේ මේ ලෝකයේ සියලු කාන්තාවන් තමන්ට අම්මා කෙනෙක් වී ඇති බවයි. එවෙලේ මට කල්පනා වුනේ KM පවා මට අම්මා කෙනෙක් වී සිටින්නට ඇතැයි කියාය. මම මේ භවයේ අම්මා නිසා KM ව තනි කිරීමෙන් මා කරේ වරදකි. අම්මා තව අවුරුදු 10ක් 20ක් මා සමඟ හිඳී. නමුත් KM මගේ ජිවිතයට ආවේ ජිවිත කාලයේම සිටින්නටය. බුදුරජාණන් වහන්සේ පවා මහන වෙන්නට පැමිණි අය යුතුකම් වගකීම ඉටුකොට එන්න යැයි කියා නැවත හරවා යවා ඇත. මේ ජීවිතය පවා අපට අයිති නැත. දිනක අප මේ සියලු දේ දමා යා යුතුය. ඉතින් මම අම්මා කියා මේ සිතා සිටින්නේ ඇත්තම අම්මාද? මේ පැමිණි සසර තුල මේ අම්මා මා ලැබූ තවත් එක අම්මා කෙනෙකි. අම්මා නිසා හෝ කෙනෙකුට වරදක් කිරීමට මට නොහැකිය. විශේෂයෙන් තමා සතු සියලු දේට වඩා මට ආදරේ කරපු KM හට මට මෙසේ කළ නොහැක. මා KM සමඟ විවහා වුවහොත් කාටවත් වරදක් සිදුවන්නේ නැත. මම KM සමඟ යාමෙන් අම්මාට වරදක් වන්නේ නැත. නමුත් අම්මා නිසා මම KM අත හරින්නේනම් එයින් KMට වරදක් සිදු වනු ඇත. දැනට පවා KM යන එන විට අහල පහල මිනිසුන් සිනා සෙයි. එනිසා මේ සියලු දේ ගැන සිතා මම අවසන් තීරණයකට ආවෙමි. එනම් මා වෙනුවෙන් සියලු දේ කැප කල KM හට සිදුවිය යුතු සාධාරණය ඉෂ්ඨ කරන්නටය, ලැබිය යුතු දේ ලබා දෙන්නටය.

    සියලු දෙනා මට ද්‍රෝහී වන විටදී පවා KM මගේ ළඟ සිටියාය. ඒ සියලු අවස්ථාවන් හිදී ඇය සිතුවේ ඇයට නැති වන දේ ගැන නොව, ඇය සිතුවේ මා ගැනයි. එනිසා දැන් මමද සියලු දේ ඇත හැර ඇය ගැන සිතිය යුතුව ඇත. ඈ වෙනුවෙන් යමක් කළ යුතුව ඇත. මේ සසර ගමන නවත්විමටයි කියා පවා මට ඇයව තනි කළ නොහැක. එසේ කළොත් ඒ පව පලදීමට මට තවත් භවයක් ඉතුරු වන බවට සැකයක් නැත. මා ඇයට වඩා ගෙදර අයව විස්වාස කළත් ඔවුන් කර ඇත්තේ මා රැවටීමය. එනිසා දැන් ඔවුන්ගේ කීමට වඩා KM ගැන සිතීමට කාලය උදා වී ඇත. එනිසා මම KM සමඟ විවහා වන්නට තීරණය කළෙමි.

    දැන් නැවතත් KM මා සතුය. ඇය කවදත් මා සතුය. කොතරම් බාධක ආවත්.... කොතරම් වෙන් වන්නට ගියත් අපට වෙන් වන්නට නොහැක. මේ ලියන මොහොතේ පවා KM මාගේ පෙම්වතියයි.

    මේ සිදුවූ සියලු දේ නිසා KM සහ මමත් නිතර කථා වූයේ අපගේ කථාව ලිවිය යුතු බවයි. මන්ද යත් ඉතා ලස්සන ප්‍රේම කතාවක් නොවුනත් අපට ලිවිය හැකි කතාවක් තිබේ. කෙදිනක හෝ අපගේ දරුවන්ට හෝ පෙන්විය හැක. නමුත් මට සැබවින්ම ලිවීමේ හැකියාවක් නැත. එනිසා එක වරම මට පොතක් ලිවිය නොහැක. එනිසා මේ කතාව මුලින් මෙහි බෙදා ගන්නට තීරණය කළෙමි. මම මේ කථාව ලියන බව පවා ඈ දන්නවාය. මෙහි තිබු සමහර සිද්ධීන් පවා මතක්කර දුන්නේද ඇයයි.

    අපේ අම්මා KM ගේ ගෙදර යට බැන්න නිසා KM ගේ අම්මා මා සමඟ හිත නරක්‌ කරගෙන සිටියත් KM මට ආදරේ බැවින් KM ගේ ගෙදර අය තවමත් මට කැමතිය. මා මෙහි පැමිණි දින සිට කඩේ වැඩ කලත් මට කිසිදු මුදලක් ලැබී නැත. නමුත් මේ සිදුවූ සියල්ල මම අයියාගේ බිරිඳට පැවසුවෙමි. පළමුව ඇයට මෙය විශ්වාස කරගත නොහැකි විය. නමුත් ටිකෙන් ටික ඇය මේ සියල්ල තේරුම් ගත්තාය. ඇයද පවසන්නේ පුළුවන් තරම් ඉක්මනින් KM ලඟට යන්න කියාය. එමෙන්ම ඇයගෙන් තව උදව් ලැබිණ. එනිසා මම KM ගේ ගෙදරට අලුතින් ලී බඩු අරන් දුන්නෙමි.

    මේ කථාව යන අතරමඟ කිහිප දෙනෙක් ඇසුවේ KM දැන් කුමක් කරන්නේද කියාය. එවිට මා පැවසුවේ KM කෙනෙක්ව බඳින්න ඉන්නවා කියාය. එය සැබෑවකි. KM කෙනෙක්ව බඳින්න ඉන්නවාය. ඒ වෙන කවුරුත් නොවෙයි. ඒ මාවයි. සිදු වූ සියලු දේ KM ගේ ගෙදර සියලු දෙනා දන්නේය. එනිසා මගේ පවුලේ සියලු දෙනා නැති වුවත් KM ගේ පවුලේ සියලු දෙනා අපට උපකාර කිරීමට බලා සිටියි.

    මා මගේ පවුලේ අයගෙ උදව්වෙන් ජීවිතය ගොඩ දා ගැනීමට තැත් කළෙමි. නමුත් එයින් සිදු වුයේ මට පන මෙන් ආදරය කළ KM මගෙන් දුරස් වීමයි. එනිසා මම දැන් තීරණයක් අරගෙන සිටිමි. එනම් KM හට තවත් විඳවන්නට නොදී KM හා එක්ව ජීවිතය අළුතින් පටන් ගැනීමය.

    මෙය මාගේ කතාවයි.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Thank you bro.. I'm really happy..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද අවසානයක් දුන්නට ස්තූතී සහෝ. ඔබට ජය. ගත්තු තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. සියලු ප්‍රශ්න කාලය විසින් විසදයි.