කේන්දරේ_නොවටිනා දුක

Sep 27, 2014
152
33
0
කේන්දරේ_නොවටිනා දුක

කේන්දරේ නිසා මිනිසුන් විදින නොවටිනා දුක.

2.jpg

මේ ලිපියෙන් එළකිරියේ නැකත්රාළ ට හෝ එවැනි දේවල් විස්වාස කරන්න අයට යම් අපහසුතාවයක් වේනම් සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව.

බටහිර රටවල ‍බොහෝ මිනිසුන් කේන්දර බලන්නේ නැත. එහෙත් උන් අප තරම් උන්ගේ ජීවිත අනාගන්නේ ද නැත. අපි හැම මගුලටම ‍කේන්දර බලමු. ඒ වුනාට හරියන්නේ නැති මගුල් ගාන හරි යන ගානට වඩා වැඩි ය. දික්කසාද අඩු සමාජ තහංචි හා සමාජ ආකල්ප නිසා මිසක සාම්‍යය පවුල් සංස්ථාව තුළ රජයන නිසා නම් නොවේ. ඒබ්‍රහම් ටී කොවුර් එක් කලෙක මේ වසංගතයට අභියෝග කළා අපට මතක ය. දැන් එහෙම කරන කෙනෙක් ද නැත. පාලකකාරකාදීන්ගේ සිට ඊනියා බුද්ධිමතුන් හරහා සමාජයේ පහළ ස්ථරය දක්වාම මේ මිත්‍යාවෙන් මෙහෙයවනු ලබති. බොරුකාරයින් එදාවේල හොයා ගන්නා අතර අහිංසක මිනිසුන්ගේ පොකට් එකට නිරපරාදේ තට්ටු වෙයි. මගේ කේන්දරය බැලුවහම දරු ඵල ගණන 4කි. ඇඹේනියගේ කේන්දරය බැලුවහම 3 කි. අප‍ දෙදෙනාගේ පොරොන්දම් බැලුවහම ‍2 කි. මගේ කේන්දරය අනුව මගේ ඉරණම කියවෙතත් අපේ පොරොන්දම් බැලූවිට මගේ ඉරණම ලෙස දිස්වුනේ ඊට හාත්පසින්ම වෙනත් දෑ ය.

ඉරණම කොටා ඇත්නම් මොකා බැන්දත් එකම නොවේ දැයි සිතමින් මම කේන්දරය පුච්චා නළලේ අලුගාගෙන මගේ බිරිද පෙළවහට ගත්තෙමි. තවම නම් කරදරයක් සිදු වී නැත. වෙන එකක් තියා මේ බ්ලොග් කඩමාල්ල ලියන කොටත් ඈ ඉවසීම ප්‍රගුණ කළ සෙයක් පෙන්වන්නී ය.දැන් මගේ ජීවිතය ගෙවෙන්නේ මගේම‍ කේන්දරේ අනුව ද අප දෙදෙනාගේ පොරොන්දම් අනුව දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි. ඒ වුනාට කේන්දර නිසා දුක්විදින බොහෝ දෙනා දකින මට කේන්දර කාරයින් සමග ඇතිවන්නේ පුදුම කේන්තියකි. වැඩිය ඕනෑ නැත. තුන්දෙනෙක් ළගට ගියොත් කියන්නේ තුන් කතාවකි. ඒ කතා අහන ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්නට උත්සහ ගන්නා අප මෝඩයින් විය යුතු යැයි සිතෙන්නේ එවිට ය. කියන කාරණා පමණක් නොව ඒවාට දෙන අර්ථකථන ද එක‍ක් අනෙකට පටහැනි ය. එකෙක් කියන්නේ පිරිමි කේන්දරය බලවත් හා ගැහැණු කේන්දරය සෞම්‍ය නම් ගැහැණියට අඵල බව ය.

තව එකෙක් කියන්නේ දෙන්නාම බලවන්ත නම් දෙදෙනාට එකවහලක් යට සිටිය නොහැකි බව ය. එසේ නම් විය යුත්තේ කුමක් ද?ඒ ගැන කියන්නට දන්නා නක්ෂත්‍රකරුවෙක් සිටී දැයි මම නොදනිමි. පිරිමියා සෞම්‍ය වී ගැහැණිය බලවන්තයෙක් වූවා නම් හරි යාවි ද? එතකොට පිරිමියාට එයින් අඵලයක් නොවන්නේ ද?

කියන දෙයක් අහගෙන එනවා විනා මේවා දෙස විපරමින් බලන මිනිසුන් නැත. ඒ නිසාම තවත් කාලයක් බොරුවෙන්ම ජීවත්වීමට කේන්දර කාරයින්ටත් ඒ බොරුවෙන් දුක්විදීමට ජනතාවටත් සිදුවෙනවා ඇත. ඒ නම් කරුමයක්ම තමා ය. මේ සියල්ල කිව්වේ ළගදී නෑදෑ නැගණියකට පොරොන්දම් බලන්නට ගොස් ඇගේ අම්මා (මගේ නැන්දා) වැටුනු අමාරුව දෙස බලලා ය. ඔය මොනවා වුනත් පොරොන්දම් බලන එක ඇය අත් අරින එකක් නැත. නංගීට ඒ නිසා ඉතිරි වනු ඇත්තේ නව ග්‍රහයන්ගේ පිහිට විතර ය.

අනේ කොවුර්, නැවත පහළ වෙන්නට නුඹට බැරි ද?

Beyond Frame ගේ වෙබ් අඩවියෙන්
 
Last edited:
  • Like
Reactions: solopiz
Sep 27, 2014
152
33
0
ඇත්තට කොවුර් වගෙ කෙනෙක් අපේ රටට ඕනි. අපේ මිනිස්සුන්ගෙ ගොන්කම් අභියෝගයට ලක් කරන්න .
හැබැයි කොවුර් අද හිටිය නම් “ඊනියා භෞතිකවාදී ,බටහිර බලවේග වල ඉත්තෙක්” කියල අපේ දේශප්‍රේමින් විසින් හංවඩු ගසා තිබෙන්නත් පුලුවන්

උපුටා ගන්න ලද කමෙන්ටුවක්
 
Last edited:

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කාට කියන්නද මේවා, කේන්දර බැලිල්ලට අමතරව, බෞද්ධයන්ට තව Sub ආගමකුත් තියෙනවනේ, බුදු දහම උතුම් කිය කිය දේව වන්දනාවත් කරන්නේ ඇයි? එතකොට ආගම් දෙකක් නෙමෙයිද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොවුර් මොකටද, මේ ඉන්නේ ඔක්කොම දන්නා පොරක්..:D:D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වටිනා ලිපියක් මචන්.නමුත් අපේ මිනිස්සුන්ගේ හිත් වල කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන බොරු මනස්ගාත අයින් කරන්න නම් ලේසි වෙන්නේ නැහැ.නිකම් කල්පනා කරපන් අපේ මිනිස්සු දේවල පස්සෙම කොච්චර යනවද කියලා.රටේ ඉන්න ලොකුම හොරු හොර වැඩ පටන් ගන්න කලින් යන්නේ කතරගම දේවාලෙට.ඕවගේ දෙය්යෙක් ඉන්නවනම් ඕකුන්ට දඬුවම් කරන්න ඕන නේද මුලින්ම.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කාට කියන්නද මේවා, කේන්දර බැලිල්ලට අමතරව, බෞද්ධයන්ට තව Sub ආගමකුත් තියෙනවනේ, බුදු දහම උතුම් කිය කිය දේව වන්දනාවත් කරන්නේ ඇයි? එතකොට ආගම් දෙකක් නෙමෙයිද?

    බුදු දහම ආගමක් නොව, දර්ශනයකි.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    හේතුවදියා;17225323 said:
    මට කේන්දර කාරයින් සමග ඇතිවන්නේ පුදුම කේන්තියකි.

    :P:P:P:P:P:P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    කොවුර් මොකටද, මේ ඉන්නේ ඔක්කොම දන්නා පොරක්..:D:D

    කව්ද බන් මේ
    541100 කියන්නෙ අර මෝහන පිස්ස නේද :lol: .. අර ඉන්ජෙක්ෂන් කට්ටක් කකුලෙ ඇනගෙන, ඒක කලේ මෝහනය නිසා කියපු, යූ ටියුබ් වීඩීයෝ එකක් කරල එලකිරියෙ එවුන් මෝඩයො කරන්න හැදුව එකා නේද :lol: .. මූ ලිඳේ වැටුනෙ එළකිරි එකේ එවුන්ගෙන් මෝහනය කියල දෙන්නම් හැබැයි "නිකන් බෑ" කියල කිව්වට පස්සෙ :lol: ඊට පස්සෙ අපේ එවුන් මූව සමූහ දූෂණය කළා මතකයි :lol: ... මූ දන්න දෙයකුත් නෑ, කොහෙන් හරි උඩින්පල්ලෙන් අතගාල එනව මෙතන බිස්නස් කරන්න :lol::lol: එලකිරියෙ ඉන්නෙ ගොන්නු කියල හිතුවද දන්නෙ නෑ , ලැජ්ජ නැතුව තවත් රෙදි ඇඳන් එනවනෙ මුන් :lol: . අන්තිමට උගෙ ත්‍රෙඩ් එකේ ඌම ලිඳේ ... මේ වගේ හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ... මෝහනය කියන්නෙ මිත්‍යාවක් නොවුනත්, මූ මෝහනය විෂය උඩින්පල්ලෙන් අතගාල බිස්නස් කරන්න හදන පල් හොරෙක් නිසාත් ජ්‍යෝතිෂය නමැති මිත්‍යාදෘෂ්ටියට හෝයියා කියන එක අහන්නත් දෙයක් ද .... දී කිරට බල්ලලුත් සාක්කි ... ලොල් ඕයි ... :lol: මේවා දැකල පශ්චාත් භාගයෙනුත් හිනා :lol:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    jabok :rofl::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ වෙනකන් ඔය කේන්දරේ කියන ලබ්බ ඈහෑටවත් දෑකල නෑ බන්.. ආකාසේ පාවෙන පස් ගල් ගොඩවල් වලට මිනිස්සුනේ ජීවිත වෙනස් කරන්න පුලුවන් නම් බෑරියෑ..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    කව්ද බන් මේ
    541100 කියන්නෙ අර මෝහන පිස්ස නේද :lol: .. අර ඉන්ජෙක්ෂන් කට්ටක් කකුලෙ ඇනගෙන, ඒක කලේ මෝහනය නිසා කියපු, යූ ටියුබ් වීඩීයෝ එකක් කරල එලකිරියෙ එවුන් මෝඩයො කරන්න හැදුව එකා නේද :lol: .. මූ ලිඳේ වැටුනෙ එළකිරි එකේ එවුන්ගෙන් මෝහනය කියල දෙන්නම් හැබැයි "නිකන් බෑ" කියල කිව්වට පස්සෙ :lol: ඊට පස්සෙ අපේ එවුන් මූව සමූහ දූෂණය කළා මතකයි :lol: ... මූ දන්න දෙයකුත් නෑ, කොහෙන් හරි උඩින්පල්ලෙන් අතගාල එනව මෙතන බිස්නස් කරන්න :lol::lol: එලකිරියෙ ඉන්නෙ ගොන්නු කියල හිතුවද දන්නෙ නෑ , ලැජ්ජ නැතුව තවත් රෙදි ඇඳන් එනවනෙ මුන් :lol: . අන්තිමට උගෙ ත්‍රෙඩ් එකේ ඌම ලිඳේ ... මේ වගේ හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ... මෝහනය කියන්නෙ මිත්‍යාවක් නොවුනත්, මූ මෝහනය විෂය උඩින්පල්ලෙන් අතගාල බිස්නස් කරන්න හදන පල් හොරෙක් නිසාත් ජ්‍යෝතිෂය නමැති මිත්‍යාදෘෂ්ටියට හෝයියා කියන එක අහන්නත් දෙයක් ද .... දී කිරට බල්ලලුත් සාක්කි ... ලොල් ඕයි ... :lol: මේවා දැකල පශ්චාත් භාගයෙනුත් හිනා :lol:

    541100 lidey :rofl:
     
    ඉතින් දුකද? මම නම් අදටත් සල්ලි හොයනවා මෝහනයෙන්.. ඔය සමුහ දුෂණය කතාව මම දන්නෙත් නෑ.. එලකිරියේම කීප දෙනෙම් ආව අරක්කු බොන එක නවත්ත ගන්නයි, Gay life එකෙන් අයින් වෙන්නයි, තව කුඩු නවත්ත ගන්නයි, නම් කියන්න බැහැනේ..උඹට දුක උනාට මම මොනවා කරන්නද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rolleyes::rolleyes: ඔය තුනම මොහනයෙන් නතර කරන්ඩ පුලුවන්ද , කුඩු කාරයො අල්ලල උබ ගාවට ගෙනවොත් හොද කරන්ඩ පුලුවන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කව්ද බන් මේ
    541100 කියන්නෙ අර මෝහන පිස්ස නේද :lol: .. අර ඉන්ජෙක්ෂන් කට්ටක් කකුලෙ ඇනගෙන, ඒක කලේ මෝහනය නිසා කියපු, යූ ටියුබ් වීඩීයෝ එකක් කරල එලකිරියෙ එවුන් මෝඩයො කරන්න හැදුව එකා නේද :lol: .. මූ ලිඳේ වැටුනෙ එළකිරි එකේ එවුන්ගෙන් මෝහනය කියල දෙන්නම් හැබැයි "නිකන් බෑ" කියල කිව්වට පස්සෙ :lol: ඊට පස්සෙ අපේ එවුන් මූව සමූහ දූෂණය කළා මතකයි :lol: ... මූ දන්න දෙයකුත් නෑ, කොහෙන් හරි උඩින්පල්ලෙන් අතගාල එනව මෙතන බිස්නස් කරන්න :lol::lol: එලකිරියෙ ඉන්නෙ ගොන්නු කියල හිතුවද දන්නෙ නෑ , ලැජ්ජ නැතුව තවත් රෙදි ඇඳන් එනවනෙ මුන් :lol: . අන්තිමට උගෙ ත්‍රෙඩ් එකේ ඌම ලිඳේ ... මේ වගේ හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ... මෝහනය කියන්නෙ මිත්‍යාවක් නොවුනත්, මූ මෝහනය විෂය උඩින්පල්ලෙන් අතගාල බිස්නස් කරන්න හදන පල් හොරෙක් නිසාත් ජ්‍යෝතිෂය නමැති මිත්‍යාදෘෂ්ටියට හෝයියා කියන එක අහන්නත් දෙයක් ද .... දී කිරට බල්ලලුත් සාක්කි ... ලොල් ඕයි ... :lol: මේවා දැකල පශ්චාත් භාගයෙනුත් හිනා :lol:

    :yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rolleyes::rolleyes: ඔය තුනම මොහනයෙන් නතර කරන්ඩ පුලුවන්ද , කුඩු කාරයො අල්ලල උබ ගාවට ගෙනවොත් හොද කරන්ඩ පුලුවන්ද?

    හොඳ කරන්න උන්ට ලෙඩක් නැහැ. පුරුද්ද නවත්ත ගන්න නම් පුළුවන්..උඹ විස්වාස කරනවා නම් කරපන් නැත්නම් නොකරපන්.. ගොඩක්ම කොල්ලෝ එන්නේ ඩුබායි වල ඉඳල,
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    tread aka nam mara watinawa ape sinhalayooo manda buddikai man hithanne indiawa lagin tina nisa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ කරන්න උන්ට ලෙඩක් නැහැ. පුරුද්ද නවත්ත ගන්න නම් පුළුවන්..උඹ විස්වාස කරනවා නම් කරපන් නැත්නම් නොකරපන්.. ගොඩක්ම කොල්ලෝ එන්නේ ඩුබායි වල ඉඳල,
    අපරාදෙ බන් අන්තරායකාර ඔෟෂධ පාලක මන්ඩලේ ලක්ශ ගනන් වියදම් කර කර කුඩ්ඩො පුනුරුත්තාපනය කරන්ඩ යන්නෙ , උබ ගාවට එවුවනම් අඩු වියදමින් කරන්ඩ තිබ්බනෙ. :D:D