LG G3 ගැන_සිංහලෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඉන් පසුව පසුගිය වසරේදී හඳුන්වාදුන් LG G Flex ජංගම දුරකථනය ක්ෂේත්‍රෙය් පෙරළිකාර නිර්මාණයක් වුනා. වක්‍ර තිරයත් සිරීම් ඉබේ සුවවන තාක්ෂණයත් නිසා මේ දුරකථනය ජංගම දුරකථන වෙළඳපල තුල හොඳ නමක් දිනාගත්තා.


    MVI_1988.MOV_snapshot_00.02_2014.10.13_20.14.54-790x444.jpg

    මේ සියල්ලට අමතරව Google සමාගම සමඟ එක්කාසු වී LG විසින් නිර්මාණය කළ LG Nexus 5 දුරකථනයත් වෙළඳපල තුල සීග්‍රෙයන් අලෙවි වුනා.ඉතින් අපි අද කතාකරන්නේ LG සමාගමේ අලුත්ම සුපිරි ජංගම දුරකථනය වන LG G3 ජංගම දුරකථනය පිළිබඳවයි.


    Hardware

    Tech-Guru-Episode-11-HD14-18-12.jpg


    LG G3 ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා කරන්නේ එහි display එක ගැනයි. දීප්තිමත් මෙන්ම වැඩි resolution එකක් සහිත් තිරය ක්ෂණිකව කැපී පෙනෙනවා. ඒ වගේම තිරය ජංගම දුරකතනයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි තිබීමත් නිසා තිරයට වැඩි අවධානයක් යොමු වනවා. සෑම අඟලකටම පික්සල් 538කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබෙන නිසා වැඩි පැහැදිලි බවක් දකින්නට පුළුවන්. ඇපල් අලුතින් හඳුන්වා දුන් iPhone 6 හි පවා තිබෙන්නේ අඟලකට පික්සල් 400කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඔබට කිසිසේත්ම පික්සල් වෙන්කර දැකගන්නට ලැබෙන්නේ නැති තරම්. ඒ විතරක් නෙවෙයි තිරයේ වර්ණ සංයෝජනය අතිනුත් LG G3 හි තිරය උසස් මට්ටමක තිබෙනවා.

    කෙසේ නමුත් තිරය විශාල වීමත්, පික්සල් ප්‍රමාණය වැඩි විමත් නිසා යම් තරමකට එය බැටරි ආයුකාලය අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් භාවිත කරන විට තිරයේ දීප්තිය යම් ප්‍රමාණයකට වඩා වැඩි කිරීමට නොහැකි අවස්ථාත් දැකගන්නට ලැබෙනවා. එසේ වන්නේ ජංගම දුරකථනය රත් වීම නිසයි. නමුත් එය සැලකිය යුතු තරමේ ගැටළුවක් නෙවෙයි.

    ඒ වගේම දැනට වෙළඳපලේ ඇති ජංගම දුරකථන වල තිර අතුරින් හොඳම තිරයක් මෙයට තිබුනත් එය තද අව්වේ භාවිතය සඳහා නම් සුදුසුම තිරය නෙවෙයි.මේ දුරකථනයේ තිරය ගැන ටිකකට අමතක කරොත් ඔබට දැකගන්න පුළුවන් වේවි LG G3 හි අනෙකුත් විශේෂතා ගැන.

    සිරස් අතට වක්‍ර වූ බඳ නිමවා ඇත්තේ අතට පහසු ආකාරයටයි. ඒ වගේම පසුපස ආවාරණයේ නිමාවත් උසස් තත්වයේ පෙනුමක් ජංගම දුරකථනයට එක් කිරීමට සමත්. එය බරින් අඩුයි. ඒත් ඒතරම්ම සැහැල්ලුත් නැහැ. ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දමන්නට හැකි තරම් සිහින් වගේම ටයිප් කිරීමට පහසු වන තරමට ඝනකමින්ද යුක්තයි.

    Tech-Guru-Episode-11-HD14-21-57.jpg

    පසුපස කොටසේ ඇති keys මේ නව සංස්කරණයේදී තරමක් වෙනස් කර තිබෙන අතර එය දැන් වඩාත් අතට පහසු හා පහසුවෙන් click කර හැකි ආකාරයට නිමවා ඇත. ඒ වගේම පසුපස කොටස ඇඟිල්ලෙන් සංපර්ශ කර පහසුවෙන් keys සොයාගැනීමටත් දැන් ඔබට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් ජංගම දුරකථන වලට වඩා වෙනස් ආකාරයට keys තිබෙන නිසා ඔබේ අත්ලේ ජංගම දුරකථනය රඳවාගන්නා ආකාරයේ වෙනසක් දකින්නට පුළුවන්.

    පිටුපස ඇති Volume Keys, shortcut keys ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ අනුව ඉහල key එක එබීමෙන් ක්ෂණිකව Notes app එකටද, පහළ key එක එබීමෙන් කැමරාවටද ක්ෂණිකව පිවිසිය හැකියි. කෙස් නමුත් ඒවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නටනම් හැකියාවක් නැහැ.

    පසුපස ආවාරණය mat පෙනුමකින් යුක්ත නිසා එහි ඇඟිල් සළකුණු දකින්නට නොහැකි නමුත් පහසුවෙන් සීරීම් හා පළුඳු වීම් වලට ලක්විය හැකියි. LG G Flex හි ඉඹේ සීරීම් සුවවන තාක්ෂණය මේ නව සුපිරි ජංගම දුරකථනයට ඇතුලත් නොවීම අවාසියක්.

    ඒ වගේම පසුපස ප්ලාස්ටික් ආවරණය සහ වක්‍ර වූ බඳ නිසා පහසුවෙන් ලිස්සා යා හැකියි. එබැවින් ආරක්ෂාවට case එකක් භාවිත කරන්නට ඔබට සිදු වේවි. එහෙමත් නැත්නම් original පසුපස ආවරණය පහසුවෙන් ඉවත් කර වෙනත් ආවාරණක් මිලදී ගන්නට ඔබට හැකියාව තියෙනවා. පසුපස ආවරණය ප්ලාස්ටික් වලින් නිමවා තිබුනත් එහි පෙනුම නම් ලෝහ පෙනුමකි. පසුපස ආවරණය මෙන්ම බැටරියද පහසුවෙන් ඉවත් කල හැකි අතර MicroSD card එකක් හරහා මතක ධාරිතාවය ඉහළ නංවාගන්නටත් හැකියාව තිබෙනවා.

    Tech-Guru-Episode-11-HD14-19-28.jpg

    බැටරි ආයුකාලය ගැන සලකන විටත් මේ දුරකථනයේ බැටරිය ගැන ප්‍රසංශා කළ හැකියි. 3000mA බැටරියකින් බල ගැන්වෙන මේ දුරකථකනයේ විශාල තිරය නිසා බැටරි ආයුකාලය අඩු වෙතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍ය භාවිතයේදී කිසිදු අපහසුවකින් තොරව දිනක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණයත්. Standby Time එකනම් විශිෂ්ඨයි. 100% බැටරියක් ඇතිව නිදාගෙන උදේට 99% බැටරි ආයුකාලයක් ඇතිව දවස ආරම්භ කරන්නට තරම් මේ බැටරිය ප්‍රමාණවත්. නමුත් වැඩි වේලාවක් භාවිත කරන විට රත් වීම නම් තරමක ගැටළුවක්.

    Qualcomm Snapdragon 801 ප්‍රොසෙසරය 2.5 GHz Quad Core ප්‍රො සෙසරයක්. ඒ වගේම RAM මතකය 2GB හෝ 3GB වනවා. 16GB හා 32GB සංස්කරණ වලින් මිලදී ගත හැකි මෙහි 16GB සංස්කරණයේ RAM මතකය 2GB ද 32GB සංස්කරණයේ RAM මතකය 3GB ද වනවා. මෙලෙස දැනට වෙළඳපලේ ඇති උසස්ම තත්වයේ specs ඇති නිසා මේ දුරකථනය performances අතින්ද උසස් දුරකථනයක්.

    Software

    Tech-Guru-Episode-11-HD14-17-24.jpg

    නව LG G3 දුරකථනයේ වැඩි පික්සල් ප්‍රමාණයක් ඇතුලත් වුවත් කිසිදු අපහසුවකින් තොර මෘදුකාංග ක්‍රියා කරවීමට මේ දුරකථනය සමත්. සාමාන්‍යයෙන් අනෙකුත් ජංගම දුරකථන වර්ග වලට වඩා LG හි software ඔබේ සිතැඟි පරිදි වෙනස් කරගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව ඔබට කැමති පරිදි Animations, Fonts හා Effects වෙනස් කරගැනීමට LG සහාය දක්වනවා. කොහොම වුනත් ඔබට එලෙස වෙනස්කරගැනීමට අවශ්‍යතාවයක් නම් ඇති වන එකක් නැහැ. මොකද මෙවර නව LG G3 ජංගම දුරකථනය හරහා භාවිතයට පහසු, අලංකාර user interface එකක් සපයන්නට LG සමාගමට හැකි වෙලා.

    තිරය මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් පහසුවෙන් දුරකථනය unlock කරන්නටත්, ඔබේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීමට, වෙනස් ආකාරයේ unlock කිරිමේ ආකාරත් දකින්නට පුළුවන්. Setting මෙනුව කියන්නේ සාමාන්‍යෙයන් බොහෝ දුරකථන වල අවුල් ජාලයක් ලෙස පෙනෙන තැනක්. ඒත් LG G3 හි භාවිතයට පහසු ලෙස බෙදා වෙන්කර ඇති Settings මෙනුව ඒ අතරින් කැපී පෙනෙනවා.

    Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම එකවර කාර්යයන් දෙකක් කිරීමට හැකි නිසා විශාල තිරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔබට හැකිවේවි.

    Tech-Guru-Episode-11-HD14-21-11.jpg

    Keyboard එක ගැන කතා කරන විටනම් LG සමාගමට ප්‍රසංසා කල හැකියි. සාමාන්‍යෙයන් Samsung ජංගම දුරකථන හා අනෙකුත් බොහෝමයක් ජංගම දුරකථන වල keyboard එක භාවිතයට අපහසුයි. නමුත් LG G3 හි Keyboard එකෙහි ප්‍රමාණය වෙනස් කල හැකි නිසා භාවිතයට වඩාත් පහසුයි. ඒ වගේම වේගයෙන් අකුරු හැසිරවීමටත් මේ දුරකථනය යෝග්‍යයි.

    මේ සියල්ලටම වඩා එකවර අවධානය යොමුවන්නේ නව වර්ණ එකතුවයි. ඇසට ප්‍රියමනාප වර්ණවත් නමුත් ලා පැහැ වර්ණ නිසා වැඩි වේලාවක් අපහසුවකින් තොරව ජංගම දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජංගම දුරකථනයේ නවීන පෙනුම සඳහාත් එය ඉවහල් වනවා.
    මීට අමතරව පහුගිය LG G2 හි තිබූ අමුතු වැඩ කෑලි මේ දුරකථනයේත් දකින්නට පුළුවන්. ඒ අතරින් Windows ආකාරයට එහා මෙහා ගෙනයා හැකි Calculator හා Calendar app නම් සමහර විටෙක ප්‍රයෝජනවත්. Multitasking මෙනුවනම් තරමක් අපහැදැලියි. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල හෝ කුඩා කර සකසාගැනීමට හැකි වීමනම් අගනේයි.

    පහලින් ඉහළට swip කර පහසුවෙන් Google Now වෙත පිවිසිය හැකි අතර QMemo හා QVoice සඳහාත් පහසුවෙන් පිවිසිය හැකියි. පහසුවෙන් Notes සටහන් කරගැනීමට QMemo ප්‍රයේාජනවත් වුනත් QVoice නම් ඒ තරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මන්ද වඩා නිවැරදි හා වේගවත් Google Now සඳහා පිවිසීම වඩාත් පහසු වීමයි. ඒ වගේමයි Smart Notice අංගය. LG සමාගම ඒ පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් ලබාදුන්නත් ප්‍රායෝගිකව නම් කාලගුණ වාර්ථාව සපයනවාට අමතරව දෙයක් Smart Notice හරහා සිදුවන්නේ නැහැ.

    Popup එකක් ලෙස ලැබෙන SMS Notification එක සැබැවින්ම ප්‍රයෝජනවත්. SMS එක ලැබුන සැනින් පහසුවෙන් Reply කල හැකි නිසා ක්ෂණිකව ඔබ නිරතව සිටි කාර්යයට නැවත යොමුවන්නට පුළුවන්.

    Camera



    Tech-Guru-Episode-11-HD14-22-19.jpg

    කැමරාව ගැන කතා කරන විට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඡායාරූප ලබාගත හැකි කැමරාවක් ලෙස LG G3 කැමරාව හඳුන්වන්න පුළුවන්. 13MP පසුපස කැමරාවක් හා 2.1MP ඉදිරිපස කැමරාවක් සහිත මෙහි Dual LED Flash එකක්ද ඇත.

    ඒ වගේම කැමරාවේ UI එකත් බොහෝම සරලයි. ඕනම කෙනෙකෙුට පහසුවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකි ආකාරයටයි LG කැමරාව සකසා ඇත්තේ. Manual වෙනස් කල හැකි controls නොමැති වුවත් පහසුවෙන් ඡායාරූපයේ resolution, වීඩියෝවේ ප්‍රමාණය, Image Stabilizer එක On/Off කිරීම පවා පහසුවෙන් සිදු කල හැකියි. ඒ වගේම ඉදිරිපස හා පහසුපස කැමරා 2න්ම එකවර ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. Selfie සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කර ඇති විවිධ පහසුකම් කිහිපයක්මත් මේ කැමරාව සමඟ එක්කාසු කර තිබෙනවා. ඒ අතරින් හස්ත සංඥා මඟින් shutter එක පාලනය කල හැකි වීමත්, කටහඬ මඟින් ඡායාරූප ගැනීමට හැකි වීමත් විශේෂයි.

    සාමාන්‍යෙයන් ජංගම දුරකථන කැමරා වල Auto Focus සඳහා Laser කිරණ භාවිත වන්නේ අඩුවෙන්. නමුත් මෙහි Laser Beam එක මඟින් ඡායාරූප ගන්නා වස්තුවට දුර මනින නිසා වඩා නිවැරදිව Focus කරන්නට මේ කැමරාව සමත්. ඒ වගේම වේගවත්ව focus වීමටත් එය හේතුවක් වනවා. දැනට තිබෙන ජංගම දුරකථන අතුරින් iPhone 6 හැරුණුකොට ඉක්මනින්ම focus වෙන කැමරාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පිටුපස Volume Key එක මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් සෘජුවම කැමරාව වෙත පිවිසෙන්නට පුළුවන් වුනත්, ඒ සඳහා මද වේලාවක් ගතවෙනවා. ඒ වගේම ඔබ ගීත සඳහා සවන්දෙමින් සිටින විටනම් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.

    මේ LG G3 කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප උසස් තත්වයේ ඡායාරූප ලෙස සලකන්නට පුළුවන්. මනා වර්ණ සංයෝජනයකින් හා වඩා පැහැදිලි බවකින් යුතු ඡායාරූප ලබාගන්නට මේ කැමරාව සමත්. නමුත් අනෙක් සියළුම කැමරා මෙන්ම අඳුරේදී ලබාගන්නා ඡායාරූප නම් ඒ තරම් උසස් තත්වයේ නැහැ. එසේ වුනත් HDR ඡායාරූප සඳහා නම් මේ කැමරාව අනෙක් සියළුම කැමරා වලට වඩා යෝග්‍යයි. මන්ද HDR Mode යෙදු විට අඳුරේ ඇති දේට නොගැලෙපන අලෝකයක් එක් කරනවා වෙනුවට වඩා තාත්විකව තොරතුරු උකහා පෙන්වීමට මේ කැමරාව සමත්.

    මේ කැමරාවේ ඇති Optical Image Stabilizer Feature එක වීඩියෝ රූගත කිරීම සඳහාත් අඳාල වන අතර ඒ නිසා සෙලවීම් ගැස්සීම් මඟින් සිදුවන බලපෑම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු කරනවා කියන එක මිස නැති කරනවා කියන එක නොවන බව මතක තබාගන්න. අඩු ආලෝකයේදී චලනය වන වස්තු වල යම් ප්‍රමාණයක tail එකක් දකින්නට පුළුවන්. ඒ වගේම අඩු ආලෝකයේ තිබෙන දීප්තිමත් වස්තූන් burn වීමත් මේ කැමරාවේ ඇති දෝෂයක්. කෙසේ නමුත් 4K ප්‍රමාණයේ වීඩියෝ ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.

    කෙසේ නමුත් අනෙකුත් ජංගම දුරකථන කැමරා සමඟ සසඳන විටනම් මේ කැමරාව උසස් තත්වයේ කැමරාවක්. ඒත් අඩු ආලෝක තත්ව යටතේනම් අනෙක් කැමරා සමඟ සසඳන විට මේ කැමරාව ඒ තරම් හොඳ තත්වයේ නැහැ. නමුත් වඩා වේගයෙන් ඡායාරූප ගැනීමට හැකියාව තිබීමත්, විවිධ ආකාර ගණනාවකින් හොඳ තත්වයේ ඡායාරූප පහසුවෙන් ලබාගත හැකි නිසාත් LG G3 ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීම අපූරු අත්දැකීමක්. ඔබ ජංගම දුරකථන කැමරාවකින් වැඩ දාන්න කැමති කෙනෙක් නම් මේ දුරකථනකය ඔබට කදිම තේරීමක්.

    Performance

    Tech-Guru-Episode-11-HD14-20-09.jpg

    Hardware අතින් උසස් නිසා පහසුවෙන් heavy games හා heavy apps run කරන්නට පුළුවන්. Games වලදී කිසිදු අවස්ථාවක හිරවීමක් දකින්නට ලැබුනේ නැහැ. ඒ වගේම LG customize කල android මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇති නිසා apps හා වෙබ් පිටු වලදී හොඳින් සිංහල අකුරු දර්ශණය වනවා.

    ඒ වගේම කිසිදු අපහසුවකින් තොරව apps කිහිපයක් වුවත් run කරන්න මේ දුරකථනයට හැකියාව තියෙනවා. පහසුවෙන්ම Full HD වීඩියෝ නැරඹී්මේ හැකියාව තිබෙනවා වගේම පසුපස කුඩා ස්පීකරයත් සාමාන්‍ය භාවිතය සඳහා ප්‍රමාණවත්. නමුත් එක් ස්පීකිරයක් තිබීමත්, එය කුඩා ස්පීකරයක් වීමත් තරමක අවාසියක්.

    Connectivity

    4G LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.

    Accessories

    Tech-Guru-Episode-11-HD14-23-19.jpg

    Accessories ගැන කතා කරන විට බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවුනේ මේ අපූරු වෘත්තාකාර හිඩැසක් ඇති case එකටයි. බොහෝවිට ජංගම දුරකථනය මිලදී ගන්නා විටම ලැබෙන මේ case එක original පසුපස ආවරණය ඉවත් කර සම්බන්ධ කල යුතුයි. මේ Case එක වැසූවිට ලැබෙන අලංකාර ඔරලෝසුව ක්ෂණිකව හිත් ඇදගන්නා සුළුයි. ඒ වගේම ඒ හරහා ඔබට ලැබී ඇති SMS පණිවුඩ, ඇමතුම් ආදිය පහසුවෙන් දැනගන්නට පුළුවන්.

    ඒ වගේම case එක වසා ඇති විට දකුණු පසින් touch කර ඔබට ක්ෂණිකව මෙනුව වෙත පිවිසෙන්නට පුළුවන්. ඒ හරහා ඔරලෝසු මුහුණත පහසුවෙන් වෙනස් කරන්නට වගේම විවිධ වෙනස් මුහුණත් භාවිත කළ හැකියි. ඊට අමතරව ඔබේ ඇමතුම් මෙනුවට පිවිසීමටත් ඒ හරහා ඇමතුම් ලබාගැනීමටත් පහසුවෙන් හැකියාව ලබාදී තිබෙනවා. මීට අමතරව පහසුවෙන් කැමරාවට පිවිසීමටත් මේ කුඩා වෘත්තාකාර හිඩැස ඉඩ සලසනවා. මේ ආවරණය අනෙක් පසට හැරවූ විට පවා කිසිදු බාධාවක් නොමැතිව ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. තිරය දෙවරක් ස්පර්ශ කිරීමෙන් වේලාව දැනගැනීමේදී තිරය වටා දිවෙන ආලෝක රටාව LG G3 දුරකථනයට එක්කරන්නේ අපූරු පෙනුමක්.



    Conclusion

    සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා. ඒ වගේම රුපියල් 65000 සිට රුපියල් 78000කට ආසන්න මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මේ දුරකථනය එම මිලත් සමඟ සසඳන කල අගනා දුරකථනයක්. කෙසේ වෙතත් මිලදී ගැනීමට පෙර එය 16GB ද 32GB ද යන්න පිළිබඳව සොයාබැලීමට අමතක කරන්න එපා. මන්ද 3GB RAM මතකයක් ඇත්තේ 32GB දුරකථනයේ පමණයි. ඒ වගේම මෙවැනි වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිලදී ගැනීමේදී වගකීමේ සහතිකයක් සහිතව මිලදී ගැනීමත් වැදගත්.







    Code:
    techguru.lk
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    rep+

    There are so many phones by various manufacturers. That is great. So high competition means eventually less price. . All theses companies are great. We cant say the quality is poor. Some companies keep huge profit margin for high-end phones. Soon in the future, for high-end premium quality phone, just go to the shop and select whatever phone you prefer. No need to worship one or two manufacturer paying hefty price.

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්න සිරා ෆොන් එකක් බන් පට්ට :D
    හැබයි හැමදාම බලනවා ගන්න දැවසක් නෑ :lol: