මම ජනාධිපති උනොත්........
1.
අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...
ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...
ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)
ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව
දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...
ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.
හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)
එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...
රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...
Machan good idea. eka kohoma hari kanna one. Lennin keeweth daruwanta hodama de denna kiyalayi. ape rate anagathe tiyenne minissunge buddhiya diyunu karana eka mathayi.




)