අය_නැති_වැය 2015 - Bud Jet 2015

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මාතලන් ඕනම දෙයක් ලයිව් බලන්න මනාපය. එහෙම බැලුවේ නැත්නම්, කිසි ගතියක් ඇත්තේ නැතිය. මාතලන් නිව්ස් බලන්නේත් එහෙමය. මේ ළඟදි, මාතලන්ට රෑ අටේ දෙරණ නිව්ස් එක මිස් උනේ පොඩි අඩියක් ගහන්න එළියට ගිය නිසාය. එහෙම ඇවිල්ලා බෝයිස් ටු ෆ්ලවර්ස් එකේ අන්තිම හරියත් බලලා, පියෝ ටී වී එකේ දෙරණ නිව්ස් බලන්න ගියම, එරර් මැසේජ් එකක් ආවේය. ඒ පාර 1212 ඇමතුවාම කිව්වේ දෙරණ පේන්නේ නැත්නම් රූපවාහිනි බලන්න කියලාය. එහෙම කිව්වාම බකාස් ගා හිනා ගියේය. එහ පැත්තේන් ඇහුවේ ඇයි කියලාය.

    මම කිව්වේ මට බලන්න ඕන නිව්ස් මිසක්ක, ආන්ඩුවේ ගැසට් එක නෙමෙයි කියලාය. ඒ පාර කිව්වේ එහෙනම් සෝමවාහිනිය බලන්නේයි කියලාය. එක බැලුවාම පැසොර් එක නගිනවා කිව්වම, එහෙනම් දෙරණෙම, 10.00 එක බලන්න කියා කීවාය. මම එහෙනම් එහෙමවත් කරමු කිව්වම, තව මොනවත් වෙන්න ඕනද කියා, සොඳුරු කටහඬින් ඇහුවාම. තව එකක් නම් තියෙනවා, එක්කෝ ඒත් ඕන නෑ කියා පෝන් එක තිබ්බේ, හෙට උදේම කාන්තා අපචාර යටතේ, මාව පොලෝසියට දක්කන බව දන්නා නිසාමය.

    ඒ උනාට 10.00 වෙනකන් වෙන කොරන්න මක්කත් නැති නිසා, සෝමවාහිනිය දැම්මාම පට්ට නිව්ස් දෙකක්ම ගියේය. පළවෙනි එක මෙහෙමය. ඔන්න ඔය දුර පලාතක කොල්ලෙක්ට, කෝටී දෙකහාමාරක සුවිප් එකක් ඇදිලාය. මේක ඇදුන ගමන් මූ හතර වටේම ඉන්න උන්ට සලකලාය. ලොරි අරගෙනය, කැබ් අරගෙනය, බයික් අරගෙනය, ගමටම ඇහෙන්න සෙටප් එකක් එහෙමත් අරගෙනය. ඒ වගේම පට්ට ආතල් ගන්න හැමදාම ඩ්‍රින්ක් එකත් දාලාය. ඒ අස්සේ ගෑණියෙකුත් ගෙනල්ලාය.

    ගෑණී නම්, මේ යකාගේ පිස්සු දිරවන්නේ නැතිව, අවුරුදු තුනකින් විතර මූව දාලා ගිහිල්ලාය. ඊට පස්සේ මූ කරන්නේ, යාලුවොත් එක්ක කන පැලෙන්න ගහලා, අර පත සෙටප් එකේ සින්දු දාගෙන තනියෙන් නටනා එකය. ඒ කියන්නේ තනි ආතල් එකක් ගන්නා එකය. අන්තීමට එක එක ඒවා නැතිවෙලා යද්දි, ඉතිරු වෙලා තියෙන්න, අර සෙටප් එකයි ගෙදර උනුයි විතරය. අව්සන් දවසේත් මූ යාළුවෝ තුන් දෙනෙක් එක්ක ගල් බෝතල් 7 ක් බීලා, මහ රෑ එකට විතර ගඟේ නාන්න ගිහින් ආවේ නැති නිසා හොයන කොට, ළඟම තියෙන පත ළිඳක තිබිලා මිනීය ගොඩ ගත්තේය. දැන්, මූ ළිඳට පැන්නද දැම්මාද කියා පරීක්සෝනයක් තියෙනවාය. මට ආතල් ඒක නෙමේය. කෝටි දෙකහමාරකින් පට්ට ආතල් අරගෙන මළ එකාගේ, ඉන්න ගේ තාම බ්ලොක් ගලුයි ෂීට් ටිකයි විතරක් නිසාය. ඒ කියන්නේ මූ ඔක්කෝම කරාට ගෙදරට කොරලා නැතිය.

    අනිත් එක කහවත්තේ තිරි වීලර් ඇක්සිඩොන්ට් එකය. සමාන්නියෙන් ටවුන් එකේ යන්න වෙනම් ඉස්පීඩ් ලිම්ට් එකක් තියෙනවාය. ටවුන් එකේ සොලෝ එකේ ගිහිල්ලා, ටවුම පහු උන ගමන් ආයෙත් පුල් ඉස්පීඩ් එකේ යන්න පුළුවන්ය. ඒත් කහවත්තේ වෙන්නේ ටවුමෙන් එහා යන ඉස්පීඩ් එකටහ් පහු කරගෙන රේස් ගියපු ත්‍රි වීල් එක වයසක මනුස්සයෙකුත් මරගෙන ගෑණු මනුස්සයෙකුත් යට කරගෙන නවතින එකය. බැලුවාම තිරි වීලර් ඩැයිවර්ට ලයිසන් නැතිය. ගමේ උන් ඕවාට කියන්නේ ඉක්මන් කොටයි කියලාය. කොහොම හරි ලයිසන් නැතිව පැද්දාම වගේම, ලයිසන් තිබුනත් පදින්න බැරි හරක් ත්‍රි වීල් පැද්දාම එහෙම වෙන්නේය.


    මට ඔය කතා දෙකම මතක් උනේ, ඊයේ හවස බලපු හින්ගල සෝ එක නිසාය. ඒ සෝ එකත් මේ කතා දෙක වගේමය. සමාන්නියෙන් මේ වෙලාවට ඔක්කෝම චැනල්ලොල යන්නේ හින්ගල සෝමය. 70 සෝ බලන්න අද ඉන්න උනුත් ආසාය. ඒ සෝ වල කොල්ලෙක් ඉන්නවාය, කෙල්ලෙක් ඉන්නවාය, ඒ වාගෙම දුෂ්ඨයෙකුත් ඉන්නවාය. දුෂ්ඨයා බලන්නේම කෙල්ල රේප් කොරන්නමය, ඌගේ යාළුවෝ බලන්නේ කෙල්ලගේ අම්මා රේප් කොරන්නය. සමහර සෝ වල ආච්චිත් රේප් කොරනවාය.

    ඉතින් සින්දු, ජෝක්ස් වගේම, දුෂ්ඨයගෙයි කොල්ලගෙයි විතරක් පයිට් එක්ක පැය 2.30 විතර කතාව ගිහිල්ලා, අන්තීම විනාඩි 30 දී සෝ එකේ ක්ලයිමැක්ස් එක එනවාය. ඒ කියන්නේ, ඩොමී, 150 ක විතර සෙට් එකක් එක්ක, මාලනියි, ශාන්ති ලේඛයි, දෙනවක හාමිනෙයි තුන් දෙනාම උස්සගෙන ගිහිල්ලා, රේප් කොරනා සීන් එකය. ඉතින් හැට්ට ඉරලා, රෙදි ගලවලා රේප් කොරන්න හදන කොටම. හෝල් එක දෙදරන විසිල් සද්දෙත් එක්ක ගාමිණි එනවාය.

    අර එකසිය පනහටම තනියෙන් ගහනවාය. සමහර විර දෙනවක හාමිනෙයි, ශාන්ති ලේඛයි රේප් කොලාට, මාලනීව රේප් කොරන්න හම්බ වෙන්නේ නැතිය. ඒත් ඉතින් අන්තීමට රේප් කරපු නිසාමද මන්දා, දෙනවක හාම්නිනේටයි, ශාන්තී ලේඛාටත් සන්තෝසය, මාලනිටත් සන්තෝසය. සෝ එක බලන්න ආපු උන්ටත් සන්තෝසය, ගාමිණිටත් මාර සන්තෝසොය. ඒත් එලියේ ඉන්න උන් නම් කිව්වේ ඩිෂුම් ඩිෂුම් කියලා ගැහුවාට ඔය ඔක්කෝම බොරු කියලාය.


    ඊයේ බලපු සෝ එකත් එහෙමමය. සුදු පාට නැසොනල් එකක් ඇඳලා, රතු පාට ටයි එකක් දාපු ප්‍රධාන නළුවා ඇවිල්ලා, හතර අතේ දීගෙන දීගෙන ගියේය. දුෂ්ඨයෝ ටික, ශුක්‍රාණු වැළඳු රිලව් වාගේ බලාගෙන හිටියේය. ලොක්කා ඔක්කෝටම් දුන්නේය. ඒ අරලිය දන්සැලට ආපු උන් ඉලපු දේවල්ය. දීලා දීලා අන්තීමට තැපල් කාරයන්ටත් මෝටර් සයිකලුත් දුන්නේය. ආන්ඩුවේ උන්ට පට්ටම ආතල්ය. උන් මේස පැලුවේය. අර ගම්පොල අගමැති තුමා නම්, නියඟය හේතුවෙන් සහල් අස්වැන්නට කෙල උනා කිව්වාමත්, මේසෙට තට්ටු කලේය. ඒ ඉතින්, පෝස්ට් එක බේරා ගන්න පුළුවන් නිසා වෙන්න ඇතිය. ඔහොම දෙන්න සල්ලි කොහෙන්ද කියා, එකෙක්වත් ඇහුවේ නම් නැතිය. ලොක්කා කිව්වේත් නැතිය.

    අද ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙන්න ආන්ඩුවේ වියදම පියවා ගන්න ගහන ටැක්ස් හින්දාය. දැන් එතකොට තව ආන්ඩුවට ගන්නා උන්ටයි, ඉන්න උන්ට වැඩි කරලා දීපු ඒවයි ගෙවන්න වෙන්නේ අපිටය. අපි කිව්වේ අපි ආන්ඩුවේ නොවන නිසාය. ආන්ඩුවේ උන්ට නම් මක්කා හෝ සහනයක් තියෙනවය. පාඩු පිට දුන රේල්ලුවට තව උන් කප්පරක් දැම්මාම, ඕක තවත් ලොස් වෙනවාය. ලංගමේට අළුත් බස් කෝටියක් දුන්නත්, පාරේ බස් එකක් නැතිය. අනික උන් ඒ බස් වල කෑලි ගලවා, පන්චිකාවත්තට ගෙනත් අමතර ආදයම් උපයා ගන්නවාය.

    මිනිස්සු බලාපොරොත්තු උනේ ඕවා නෙමේය. ජීවන වියදම අඩු වෙන බජට් එකක්ය. මේකෙන් නම් වෙන්නේ තවත් ජීවන වියදම වැඩි වෙන එක විතරමය. අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ටික අඩු කරලා, පැස්ටෝල්, ඩීසල් මිළ අඩු කලනම් ඔහොම දීමනා හා දන්සැල් දෙන්න ඕනත් නැතිය. දැන් කරපු වැඩෙන් වෙන්නේ මිනිස්සු උන්නාටත් වඩා දරුණු ආගාදෙකට වැටෙන එකය. ජනසවිය හය වන වටෙත් දීලා, තවම උන් හිඟන්නෝය. උන්ට සංසාරේ පුරා දුන්නත් ඔය ටිකමය.

    ආන්ඩුවේ රස්සා දුන්නාට, උන්ගේ කාරයක්සෝමතාව දැක්කම, අපේ යකසයෝ ඔළුවට වඩිනවාය. බිල්ඩින් හැදුවට වැඩක් නැත. හදන්න ඕන වැඩ කරනා සිස්ටොම්ය. ආන්ඩුවේ ඔපීස් ගැන දන්නේ ඒවායේ වැඩක් කොරගන්න ගිය එකා මිසක්, ඒවායේ ඉන්න උන්වත්, ඒවා පාළණය කොරන උන්වත් නොවේය. රාජ්‍ය සේව පිම්බීම ආන්ඩුවේ ඡන්ද ගොඩ හදා ගන්න හොඳ සිස්ටම් එකක් උනාට, දිර්ඝ කාලිනව රටට ඉතා හානිකර දායකය. මේවා තේරුම් ගන්න බැරි පාළකයන් හා නිළධාරින්ට කවදා හෝ උදාවෙන්නේ අබ සරණමය. අනික් කාරනේ නම්, ආන්ඩුවේ රස්සා කරන උන් කියන්නේ, ඔය කියපු තරම් වැඩි කරලා නැතිය, අන්තීමට වැඩි වෙලා තියෙන්නේ, රුපියල් 1000-2000 විතරයි කියලාය.

    අලි පාටිය බලේට ඇවිල්ලා බෙදන්න හිටපු ඔක්කෝම ලොක්කා කලින්ම බෙදලා අත පිහදා ගත්තේය. අලීන්ට, අළුතෙන් බෙදන්න දෙයක් හොයන්න වෙනවාය. ඔක්කෝම බෙදල අන්තීමට ලොක්කා ඇහුවේ ඇද්ද...?, තව ඕනේද...? කොහොමද බයියාගේ බජට් එක...? කියාය. අපිට නම් කියන්න තියෙන්නේ, බයියන්ට ඕක හොඳ උනාට, රටටවත්, ආර්ථිකයවටත්, ඔය බඩ් ජෙට් (Bud Jet) එකෙන් මේළෝ වැඩක් නෑ කියාය. හැබයි ඉතින් මනාප නම්, එකසිය ගානට, ෂුවර් එකටම හම්බ වෙනවාමය. මොකෝ මේ රටේ බහුතරය බයියෝ නොව, පට්ට බුද්ධිමත් ජනතාවක් නිසාමය.

    ඒ වගත් මෙසේය.


    සම්පුර්ණයෙන් උපුටා ගැනීමකි..

    උපුටා ගැනීම: මාතලන්ගේ බ්ලොග් එකෙන්
    http://maathalan.blogspot.com/2014/10/2015-bud-jet-2015.html
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඔහොම දෙන්න සල්ලි කොහෙන්ද කියා, එකෙක්වත් ඇහුවේ නම් නැතිය. ලොක්කා කිව්වේත් නැතිය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් ගිය පාර අය වැයේ කියපු ඒවා තාම දීලා නැහැ..මේ පාර බලමුකෝ දෙයිද කියලා..චන්ද ගුණ්ඩු තමා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    safe_image.php
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    Well said :)

    බම්ප්

    ඔහොම දෙන්න සල්ලි කොහෙන්ද කියා, එකෙක්වත් ඇහුවේ නම් නැතිය. ලොක්කා කිව්වේත් නැතිය.

    ලොල් ගිය පාර අය වැයේ කියපු ඒවා තාම දීලා නැහැ..මේ පාර බලමුකෝ දෙයිද කියලා..චන්ද ගුණ්ඩු තමා..



    :rolleyes::rolleyes::rolleyes::rolleyes: