මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

thanujaka

Well-known member
  • මචන් උඹ කියන දේ පැහැදිලියි..
    මහින්දට පුලුවන්ද මිනිහගෙ අවුරුදු 6 ඉවර උනාට පස්සෙ තුන්වෙනි පාරට ඉල්ලන්න? එතකොට ඔය කියන ප්‍රශ්ණය එන්නෙ නැද්ද?:rolleyes:

    එත් බෑ මචං...
    මොකද වත්මන් ජනාධිපතිතුමා පත්වෙන්නේ පෙර පවතී ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ..
    මේ අළුතෙන් ගෙනාපු සංශෝධන අදාළ වෙන්නේ අනාගත ජනාධිපතිවරුන්ට පමණයි...
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන් වරක් බෑ ඒ නිසා හරිනං...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1. ඔව්.. එහෙම තර්ක කරන්නත් පුළුවන්.. එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්න ඕනේ දෙයක්..
    නමුත් 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙනාපු පළාත් සභා උනත් සෘජුවම ජනතාවගේ ඡන්ද අයිතියට ඇතිවන බලපෑමක් කරනවා... නමුත් ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්වුනේ නෑ... ඉතින් එහෙමනං මේකට 2/3 මදි කියන එක සම්බන්ධව පොඩි ගැටළුවක් තියෙනවා...

    2. ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට පුළුවන් දෙවැනි ධූර කාලයේදී උනත් වසර 4කින් පසුව තවත් ජනාධිපතිවරණයකට යන්න.. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 2(3) ඒ බව සදහන් වෙනවා..

    1. එක හරි :yes::yes:

    2. ඉදිරියට එන ජනාධිපතිවරු සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් නෑ. නමුත් මහින්ද දිවුරුම් දිලා තියෙන්නේ ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ 17 සංශෝධනය සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 18 සංශෝධනයට අතිතයට බලපාන ලෙස නැති නිසා 17 සංශෝධනය සහිත ව්‍යවස්ථාවේ දෙවැනි වර වසර 4 කින් පසුව ජනාධිපතිවරණයක් කැදවන්න ප‍්‍රතිපාදන නෑ නේද? එහෙම නම් මහින්ද ජනාධිපතිවරයක් කැදවුවොත් අනීතික කාරණයක් වනවා නේද?

    මම නම් දකින්නේ බරපතල කාරණය ඕක නෙමේ වර්තමාන අගවිනිසුරුවරයා බලයට පත්වන්නේ අනීතික හා සාදාචාර විරෝධි පත්විමක් වශයෙන් එහෙම අනීතික රාමුවක් තුල කටයුතු කරන අගවිනිසුරුවරයෙක්ගේ තීන්දු තීරණ ගැන බරපතල ප‍්‍රශ්ණයක් මතුවෙනවා නේද? (ශිරානි බණ්ඩාරණයක ඉවත්කල ආකාරය මගේ නීතිමය දැනුම අනුව නම් අනීතිකයි)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:

    :oo: yakoo uba kiyana vidihata mu dan dinala ivarai :baffled:

    apita kisima hope ekak naa :dull:

    tava eight years mu rata kaloth saho
    mr_090209_05.jpg
    meka tama

    :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බොහොම ස්තුතියි මෙ සම්බන්ද්‍යෙන් දාපු එක ගැන, පත්තර වල tv වල මොන කිවුවත් පක්ෂග්‍රාහී නොවන කෙනෙක්ගේ මතය මගින් තමයි නිවැරදි අවබෝදයක් ගන්න පුළුවන්. මහින්ද ඉල්ලනවද නැද්ද කියන එකවත් මහින්ද දිනයිද නැද්ද කියන එකවත් නෙමයි දැනගන්න ඕනි නිතිමය රාමුව. ඔය කියන විදියට සරත් එන් සිල්වා හරී කියලා තමයි හිතෙන්නේ. මේ ගැන සරලවම පැහැදිලි කරලා දුන්නට ස්තුතියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හික්....එකටත් උබේ නම ඇද ගත්ත එහෙනම්.....කොක් කොක් කොක් ....සැහෙන රිදෙයි :P:P

    එළකිරි මචං...
    ඔන්න පොරොන්දුව ඉෂ්ට කළා...;)
    ගසා හපුට්ටෝ, ඇද්ද තොට ගල් ඉබ්බා.......
    බලාපිය නූලේ හිමිකරුවම කියන්නේ......................
    දැන් ලිඳේ පැනපිය අනාත වඳුරු මොටා.................:angry::angry:
    මහින්දගේ දත් සෙට් එක ගැන විග්‍රහයක් අලුත් නුලකින් දාන්න කියල මම ඔබතුමාට ආරාදනා කරනවා.:P
    මහින්ද තව පාරක් ආවොත් පොදු ජහමනයා ගේ දත් කුට්ටන් ගෙන නූලක් දාන්නද?:angry::dull::dull::P
     
    thanujaka

    Well-known member
  • 1. එක හරි :yes::yes:

    2. ඉදිරියට එන ජනාධිපතිවරු සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් නෑ. නමුත් මහින්ද දිවුරුම් දිලා තියෙන්නේ ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ 17 සංශෝධනය සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 18 සංශෝධනයට අතිතයට බලපාන ලෙස නැති නිසා 17 සංශෝධනය සහිත ව්‍යවස්ථාවේ දෙවැනි වර වසර 4 කින් පසුව ජනාධිපතිවරණයක් කැදවන්න ප‍්‍රතිපාදන නෑ නේද? එහෙම නම් මහින්ද ජනාධිපතිවරයක් කැදවුවොත් අනීතික කාරණයක් වනවා නේද?

    මම නම් දකින්නේ බරපතල කාරණය ඕක නෙමේ වර්තමාන අගවිනිසුරුවරයා බලයට පත්වන්නේ අනීතික හා සාදාචාර විරෝධි පත්විමක් වශයෙන් එහෙම අනීතික රාමුවක් තුල කටයුතු කරන අගවිනිසුරුවරයෙක්ගේ තීන්දු තීරණ ගැන බරපතල ප‍්‍රශ්ණයක් මතුවෙනවා නේද? (ශිරානි බණ්ඩාරණයක ඉවත්කල ආකාරය මගේ නීතිමය දැනුම අනුව නම් අනීතිකයි)

    2. ඔව්.. වසර 4කට පස්සේ වත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයක් කැදෙව්වොත් එක අනීතිකයි..
    නමුත් වැඩේ තියෙන්නේ තව පාරක් ඉල්ලන්න පුළුවන් කියල අධිකරණයෙන් දැන් ප්‍රකාශ උනොත් ඒ බාධාවත් ඉවත් වෙනවා... ඔව් හරි නං එක වැරදි තමයි..

    ඔව් බං.. මේ අගවිනිසුරු තුමාව පත්කරගත්තේ තමන්ට ඕන විදිහට වැඩටික කරගන්නම තමයි..
    ශිරානි බණ්ඩාරණයක මහත්මියව එල්ලෙව්වෙම දේශපාලන පලගනීමක් ලෙසම තමයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටපු අග විනිසුරු ගරු සරත් නන්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවේ මේ විදියට හැසිරීම, ඒ කියන්නේ එතුමාණන් ගරු අගවිනිසුරු උතුමාණන් විදිහට සේවය කල කාලයේ දීපු සමහර තීන්දු ගෙන එතුමාණන් දැන් දක්වන අදහස්, වර්තමන ගරු අධිකරණයට කරන අවමානයක් විදියට අපේ ගරු නීතිඥ තුමා දකින්නේ නෙද්ද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මම මේ ඔය විවස්ථාවේ කොපියක් හොය හොය හිටියේ කියලවලා බලන්ඩ
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්, ගොඩක් හොදට පැහැදිලි කරලා තියනවා

    +11 :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,807
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්දට බෑ කිව්වොත් කවුරු දායිද එහෙම වෙනසක් උනත් එජාපයට දිනන්න හැකිවෙයිද,ෆොන්සේක දැම්ම වගේ කික් එකකුත් නෑනෙ..අන්න පස්නෙ :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හිටපු අග විනිසුරු ගරු සරත් නන්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවේ මේ විදියට හැසිරීම, ඒ කියන්නේ එතුමාණන් ගරු අගවිනිසුරු උතුමාණන් විදිහට සේවය කල කාලයේ දීපු සමහර තීන්දු ගෙන එතුමාණන් දැන් දක්වන අදහස්, වර්තමන ගරු අධිකරණයට කරන අවමානයක් විදියට අපේ ගරු නීතිඥ තුමා දකින්නේ නෙද්ද?

    අනේද කියන්නේ බන්.... විරි ලජ්ජා නැතුව දැන් කියන හැටි. අදිකරණයට උපරිම අපහාසය කරන්නේ එයා. කපටි තීන්දු තීරණ දීලා දැන් මරු කියවනවා
     
    thanujaka

    Well-known member
  • හිටපු අග විනිසුරු ගරු සරත් නන්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවේ මේ විදියට හැසිරීම, ඒ කියන්නේ එතුමාණන් ගරු අගවිනිසුරු උතුමාණන් විදිහට සේවය කල කාලයේ දීපු සමහර තීන්දු ගෙන එතුමාණන් දැන් දක්වන අදහස්, වර්තමන ගරු අධිකරණයට කරන අවමානයක් විදියට අපේ ගරු නීතිඥ තුමා දකින්නේ නෙද්ද?

    අනිවාර්යෙන්.. අගවිනිසුරු කෙනෙක් තමන්ම දීපු තීන්දුවක් ගැන ඔහොම කියනකොට නීතිය පිළිබද විශ්වාසය මිනිස්සු අතරේ නැතිවෙන එක අහන්නත් දෙයක් ද..
    මෙතන වෙලා තියෙන්නේ සහමුලින්ම මේ හැමදෙයක්ම දේශපාලනීකරණය වෙලා..
    සරත් එන්.සිල්වා බලන් ඉන්නේ මහින්දට ගේම දෙන්න තැනක් සෙට් වෙනකං...
    දෙන්න එකට හිටියනං එයා ඔය කිසිම දෙයක් දැක්කත් කියවන්නේ නෑ නොදැක්ක වගේ ඉන්නවා මහින්දට තව පාරක් පත්වෙන්න...දැන් ගේම හින්ද මේ කාරණාව මතුකරා...
    නමුත් මේ වෙලාවේ නීතිමය වශයෙන් ඉදිරිපත් කරලා තියෙන තර්කය නං ඉතා ප්‍රබලයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නේ බන්.... විරි ලජ්ජා නැතුව දැන් කියන හැටි. අදිකරණයට උපරිම අපහාසය කරන්නේ එයා. කපටි තීන්දු තීරණ දීලා දැන් මරු කියවනවා
    එතුමාණන් දැන් කියන සමහර දේවල් වලට විලිලජ්ජාවේ සන්තෝසේ බරුවාය..............:dull::dull::dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒත් මචෙ මරාට සප් එක දෙන උන් කියනවා නේද ඔය තර්කය බලාත්මක වෙන්නේ මහින්ද දෙවෙනි පාරටත් දිවුරුම් දීලා තිබ්බ නම් විතරයි...ඔය සන්ශෝධනය ගේන වෙලාවේ මහින්ද දෙවෙනි පාරට දිවුරුම් දීලා හිටියේ නැති නිසා ඔය තර්කය වලන්ගු වෙන්නේ නෑ කියලා...:baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එතුමාණන් දැන් කියන සමහර දේවල් වලට විලිලජ්ජාවේ සන්තෝසේ බරුවාය..............:dull::dull::dull::dull:

    අපිට ලජ්ජා හිතෙනවා මුන් අපි මීහරක් කියලද හිතන් ඉන්නේ කියලා........
    අර කිවුවත් වගේ විලිලජ්ජාවේ සන්තෝසේ බරුවාය.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඔව් හරි නං එක වැරදි තමයි..

    ඔව් බං.. මේ අගවිනිසුරු තුමාව පත්කරගත්තේ තමන්ට ඕන විදිහට වැඩටික කරගන්නම තමයි..
    ශිරානි බණ්ඩාරණයක මහත්මියව එල්ලෙව්වෙම දේශපාලන පලගනීමක් ලෙසම තමයි...

    වර්තමාන අගවිනිසුරු නිතිවිරෝධි පත්විමක් නම්, අනාගතයේ දවසක මෙය නිවැරදි කරනවා නම් බරපතල ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවනවා නේද? ඒ වගේ මේ අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දු තීරණ සියල්ලම නීති විරෝධි වනවාද? මොකද ඔහුගේ පත්කිරිම නිති විරෝධි වන නිසා, මාර අවුලක් වෙනවා බං මේක නිවැරදි කරන්න ගියාම
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ගොඩාක් සරලව සිද්දිය පැහැදිලි කරලා තියෙනවා මචන් :yes: මමත් එකඟ වෙන්නේ උඹ මේ කියල තියෙන නීතිමය විග්‍රහයට තමයි. ඒ උනාට තුන් පාරක් පුළුවන් කියල කියන අය මේක වෙනස් විදිහකට අර්ථ දක්වනවා.

    අපි දන්නවා අර්ථ නිරූපණ ආඥා පනතට අනුව සම්මත කරගන්න හැම නීතියක්ම විශේෂ සඳහනක් කරලා නැත්තන් අතීතයට විතරයි බලපාන්නේ. එයාල කියන විදිහට ව්‍යවස්ථාෙව් 92 වගන්තියේ තියෙන ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගැනීමට නුසුදුසුකම් ගැන බලනකොට වර්තමාන ජනාධිපති වරයාට නැවත තරඟ කරන්න හැකියාව තියෙනවා.
    2010 ජනවාරි මාසයේ මැතිවරණය පවත්වනු තිබ්බට දෙවෙනි පාරට දිවුරුම් දීලා තියෙන්නේ 2010 නොවැම්බර් මාසේ. 2010 දී 18 වෙනි සංශෝධනයෙන් අර වගන්තිය ව්‍යවස්ථාවෙන් අයින් කරලා තියෙන නිසා දෙපාරක් ජනාධිපති උනා කියල ප්‍රශ්නෙකුත් නෑ.

    අනිත් එක තමයි අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම්කිසි නීතියක් ප්‍රශ්නයක් පැන නැඟූවොත් විතරයි අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එතුමා නීතිගරුක කෙනෙක් කියල ලෝකයට පෙන්නන්න එහෙම කරා කියල හිතන්නත් පුළුවන්. :yes:

    මම මචන් ඔය කියන අර්ථ නිරූපණ ආඥා පනත කියවල නැහැ. මම තේරුම්ගත්ත විදිහට තමයි කිව්වේ :dull:

    Section 6(3) of the Interpretation Ordinance No.21 of 1901

    Whenever any written law repeals either in whole or part a former written law, such repeal shall not in the absence of any express provision to that effect affect or be deemed to have affected
    (a) The past operation of or anything duly done or suffered under the repealed written law
    (b) Any offence committed, any right, liberty or penalty acquired or incurred under the repealed written law
    (c) Any action, proceeding or thing pending or incompleted when the repealing written law comes into operation, but every such action, proceeding or thing may be carried on and completed as if there had been no such repeal.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒත් මචෙ මරාට සප් එක දෙන උන් කියනවා නේද ඔය තර්කය බලාත්මක වෙන්නේ මහින්ද දෙවෙනි පාරටත් දිවුරුම් දීලා තිබ්බ නම් විතරයි...ඔය සන්ශෝධනය ගේන වෙලාවේ මහින්ද දෙවෙනි පාරට දිවුරුම් දීලා හිටියේ නැති නිසා ඔය තර්කය වලන්ගු වෙන්නේ නෑ කියලා...:baffled:

    මන් හිතන්නේ නැහැ මචං එ තරකය හරි කියලා....හැබැයි අපිට දැනුමක් නැහැ වැඩිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes::yes:
    වර්තමාන අගවිනිසුරු නිතිවිරෝධි පත්විමක් නම්, අනාගතයේ දවසක මෙය නිවැරදි කරනවා නම් බරපතල ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවනවා නේද? ඒ වගේ මේ අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දු තීරණ සියල්ලම නීති විරෝධි වනවාද? මොකද ඔහුගේ පත්කිරිම නිති විරෝධි වන නිසා, මාර අවුලක් වෙනවා බං මේක නිවැරදි කරන්න ගියාම

    :yes::yes: නිතිය දෙෂපාලනිකරණය උනාම වෙනදේ. පිස්සු පිකුදුවෙන්වනේ. මේ හම්දෙකිනීම් වෙන්නේ රටේ නිතිය කියන දේ විහිළුවක් වෙනවා. මිනිසුන්ට විශ්වහ්ස්ය නැතුව යනවා