ජීවිතේ_ඒකාකාරීද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවිතේ_ඒකාකාරීද?

    ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

    ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.

    කාර්යලයේ වුනත් දකින එකම පරිසරය නිසා අපිට නොදැනුවත්වම හිතට අලසකමක් දැනෙනවා නේද?ඉතින් අපි ඒ පරසරය ටිකක් වෙනස් කරගමුකෝ.අපිට පුලුවන්නේ අපි ඉන්න මේසයේ තියෙන දේවල් ටිකක් අලුත් කරගන්න.පරිගනකයක් භාවිතා කරනවනේ එකේ “Wallpaper”,”Screensaver””colorscheme” කලෙන් කාලෙට අලුත් කරගන්න.ඒවගේම පාවිච්චි කරන ජංගම දුරකථනයේ “Ring tone””wallpaper”,”theme””Ringing tone” කාලෙන් කාලෙට වෙනස් කරන්න.මේවා බොහොම පහසුවෙන්ම අපිට කරන්න පුලුවන් දේවල්.ඒවුනාට අපිට නොදනුවත්වම මෙහෙම වෙනස් කම් වලිනුත් අපේ හිතේ තෙහෙට්ටුව පහවෙලා යනවා.නිවසෙදි වුනත් අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුලුවන්.තමන්ගේ කාමරේ භාණ්ඩ තියෙන තැන් අපිට වෙනස්කරන්න පුලුවන්.ඇඳේ ඇතිරිලි කාලෙන් කාලෙට මාරුකර කර පාවිච්චි කරන්න පුලුවන්.අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්. උදේ,හවස කාර්යයන් කියලා අපිම වෙන්කරගෙන බෙදාගෙන ඉන්න කාර්යයන් වෙනස් කරගෙන කරන්න.උදාහරනයක් විදිහට අපි හවස් වරුවෙම ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්නවනම් වෙනසකටත් එක්ක උදේ ස්නානය කරලා බලන්න.හිතටයි,ගතටයි දෙකටම වෙනසක් දැනේවි.එකම විදිහේ ච්ත්‍රපට බලන්න පුරුදුවෙලා ඉන්නවනම් වෙන තේමාවන්ගෙන් යුක්ත,වෙන භාෂාවන්ගෙන් යුතු ච්ත්‍රපටයක් බලමු.කෑමක් වුනත්,බීමක් වුනත් වෙනස් විදිහකට හදාගමු.හැමදාම පුරුදු වෙලා ඉන්න විදිහටම ජීවත්වෙන්න හදන්නේ නැතුව එදිනෙදා කරන කාර්යයන් වුනත් පුංචි වෙනසක් ඇතුවම කරන්න උත්සාහ කරමු.නිවාඩු දවසට දවල් වෙනකම් නිදාගන්න පුරුදුවෙලානම් ටිකක් කලින් නැගිටලා බලමු ඒ දවසත් වෙනදා වගේම ඒකාකාරී වෙයිද කියලා.

    මේ වගේ එදිනෙදා කරන දේවල් වගේම ඉදහිට කරන දේවල් වුනත් පුරුද්දට කරන්නේ නැතුව වෙනසක් ඇතිව කරනවනම් අපිම හදාගත්ත මේ කොටුවුන ජීවිතයෙන් මිදෙන්න අපිට පුලුවන්.උදාහරනයක් විදිහට නිවසට ආලේප කරන තීන්ත වල පාට වුනත් අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ එකම විදිහටනේ.ලා පාට නම් හැමදාම ලා පාටමයි.එහෙම නැතුව අපිට පුලුවන්නේ වෙනසක් කරලා තද පාටක් තෝරගන්න.අපි පොඩි වෙනසක්වත් කරන්න කැමති නැති නිසාමයි අපි මේ සීමාවන් තුල කොටුවෙලා ඉන්නේ.ඉතින් අපි ඒ සීමාවන් ටිකෙන් ටික හරි බිඳහෙලමු ජීවිතය විදින්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වැදගත් ලිපයක් බන්.( කිසිම වැඩකට නැති එක්කෙගෙන් වැදගත් ලිපියක්)
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea




    wade naraka naha :yes:
    podi podi wenaskam walin thamai loku loku wenaskam patanganne :yes:

    බුම්ප්


    good. mage phone wallpaper ekath auto maru wenawa.
    hitapu gaman racing bike eka padagana yanawa kohe hari :rofl:

    thnx.. :D .. rep+7​
     
    මොකද මචං එක පාරටම මේ වගේ දෙයක් දැම්මේ?
    උබ කියන දේ ඇත්ත මචං, එත් සාමන්යනේ මිනිහ කියන සතාට ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ, එක නිසා කොච්චර හිතුවත් එහෙම වෙනස් වෙනවා අඩුයි. මාත් ඕක ට්‍රයි කරලා තියෙනවා මචං, එත් මටවත් මගේ සමහර පුරුදු වෙනස් කරගන්න බැරි වෙලා ටියෙනවා.
     
    • Like
    Reactions: dinuka rukshan

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    *ඇත්තටම මචන් මමනම් මේවා කාලෙක ඉදන් අත්හදා බලනවා..... තැන්ක්ස් ශෙයාර්ලාට ....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;17375718 said:
    මොකද මචං එක පාරටම මේ වගේ දෙයක් දැම්මේ?
    උබ කියන දේ ඇත්ත මචං, එත් සාමන්යනේ මිනිහ කියන සතාට ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ, එක නිසා කොච්චර හිතුවත් එහෙම වෙනස් වෙනවා අඩුයි. මාත් ඕක ට්‍රයි කරලා තියෙනවා මචං, එත් මටවත් මගේ සමහර පුරුදු වෙනස් කරගන්න බැරි වෙලා ටියෙනවා.
    අද මට හිතුන දෙයක් බන් මේක.... උදේට නැගිටිනවා. හැමදාම එකම වැඩේ කරනවා... රෑට නිදාගන්නවා...:yes:
    You must spread some
    Reputation around
    before giving it to
    dinuka rukshan again.

    :(


    *ඇත්තටම මචන් මමනම් මේවා කාලෙක ඉදන් අත්හදා බලනවා..... තැන්ක්ස් ශෙයාර්ලාට ....

    na tattayo. echchara wegen padinna. only 50 kmph :yes:

    thnx :D rep+7​
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    Patta machan ada idan ma man mewa try krala balanawa :) +4
    Matath meh epa wela hitiye nagitinawa aharenawa nidiyanawa hamadaama ekama de epawela hitiye