රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින වල සිදුකරනු ලැබීය. ඇතැම් විට, රාත්‍රී සමාජ ශාලා නීතියෙන් තහනම් කරන තැනට කටයුතු කිරීමට සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් සිතාගෙන සිටිනවා වන්නට ද පුලුවන. මෙවන් තත්ත්වයක් යටතේ රාත්‍රී සමාජ ශාලා වලට යාම ඇත්තටම “වැරදි” දෙයක්ද යන ප්රශ්නය ඉස්මතුව තිබේ.
හරි වැරැද්ද එකිනෙකින් වෙන්කර ගැනීමෙහිලා ඉවහල් වන නිර්නායකය පිළිබදව විවිධ න්‍යායන් ඇත. පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් විසින් Nicomachean Ethics නම් ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කෙරූ න්‍යාය ඉන් එකකි. මීට අමතරව, දහඅට වන සියවසේ එංගලන්තයේ විසූ දාර්ශනිකයෙකු වූ Jeremy Bentham ප්රමුඛ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කෙරූ සතුටුවාදය (Utilitatrianism) නම් න්‍යාය ද නොසළකා හැරිය නොහැකි ය. එමෙන්ම, ඉමෑනුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කෙරූ හර පද්ධතිය ද මෙහිදී වැදගත් තැනක් ගනී. Nicomachean සාරධර්ම වලට අනුව, “වැරදි” ක්‍රියාවක් යනු මානව සංහතියේ අයහපතට තුඩුදෙන ක්‍රියාවක් ය. රාත්‍රී සමාජ ශාලා මගින් මානව සංහතිය විනාශ වීම සිදු නොවේ. රාත්‍රී සමාජ ශාලා මගින් සිදුවන්නේ මානවයාගේ සතුට වැඩි කිරීම ය. එබැවින්, Nicomachean සාරධර්ම අනුව බලන කල්හි, රාත්‍රී සමාජ ශාලා වලට යාම වැරැද්දක් නොවේ. සතුටුවාදයට අනුව යම් කෙනෙකුගේ දුක වැඩිකරවන, යම් අයෙකුට කරදරයක් වන දේ වනාහී වැරදි දේයි. රාත්‍රී සමාජ ශාලා මගින් කාටවත් කරදරයක් වන්නේ ද නැත. එබැවින් සතුටුවාදය මත පදනම්ව බලන කල ද රාත්‍රී සමාජ ශාලා වල වරදක් නොමැත. ඉමෑනුවෙල් කාන්ට්ගේ හර පද්ධතියට අනුව බොරු කීම, පොරොන්දු කඩ කිරීම වැනි දේ වැරදිය. නමුත්, රාත්‍රී සමාජ ශාලා වලට යාම වරදක් යැයි කාන්ට්ගේ හර පද්ධතියේ කොතැනකවත් සදහන් නො වේ.
මේ අනුව බලන කල පෙනී යන්නේ වර්තමානයේ රාත්‍රී සමාජ ශාලා වලට ඇති විරෝධය වනාහී සම්මත සදාචාරාත්මක න්‍යායන් මත පදනම් වූවක් නොවන බවයි. සිංහලබෞද්ධ සංස්කෘතියට රාත්‍රී සාමාජ ශාලා වලට යාම “නොගැලපෙන” බව යමෙකුට තර්ක කල හැක. නමුත්, සෑමදෙනාම සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව තම ජීවන විලාසය සකසා ගත යුතු නැත. යමෙකුට සිය ජීවන විලාසය තමා කැමති (නමුත්, සදාචාරාත්මක) ලෙස සකසා ගැනීමට නිදහස තිබිය යුතුය. ඒ නැතත්, සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව ජීවත් විය යුත්තේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් පමණක් ය. අනෙක් ගෝත්‍ර වල උදවිය හා නිරාගමික ජනතාව සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව සිය ජීවිතය හැඩගස්වා ගැනීමට බැදී නැත. යම් මිනිසෙකුගේ ජීවන විලාසය තීරණය කිරීමේ ආධිපත්‍ය ඇත්තේ එම පුද්ගලයාට විනා සිංහලබෞද්ධ ගෝත්රිකයන්ටවත් බොදු බල සේනාවටවත් නොවේ.
රාත්‍රී සමාජ ශාලා වලට යන අයෙකුට “සැදැහැවත් බෞද්ධයෙකු” විය හැකිද යන්න මෙහිදී පැන නැගෙන තවත් ගැටලුවකි. මෙම ගැටලුවට පිළිතුර අප විසින් “සැදැහැවත් බෞද්ධයා” යන වදන අර්ථ දක්වන ආකාරය අනුව වෙනස් වේ. ප්‍රධාන වශයෙන්ම, අපට “සැදැහැවත් බෞද්ධයා” යන වදනට අර්ථ දැක්වීම් දෙකක් ලබාදිය හැක. පළමු අර්ථ දැක්වීම නම්, ලෞකික ජීවිතයක් ගතකරන අතරතුර බුදුදහමේ එන භාවනා කිරීම, බුදුන් වැදීම, පන්සිල් ගැනීම, මල් පහන් පූජා කිරීම යන වත් පිළිවෙත් අනුගමනය කරන තැනැත්තෙකු යන්නයි. දෙවන අර්ථදැක්වීම නම්, බුදුදහම බැරෑරුම් ලෙසම සළකන කෙනෙකු යන්නයි.
බුදුදහම වනාහී මූලික වශයෙන්ම ගූඪවාදී (mystical) සාම්ප්‍රදායකි. ගූඪවාදය යනු භාවනා, නර්තන ආදී දේ හරහා හෝ මනස් ක්‍රියාකාරී ඖෂධයන් හරහා අසාමාන්‍ය මානසික තත්ත්වයන් ඇතිකිරීමයි. සැකවින් කිවතොත්, යමෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නම් අනිවාර්යයෙන්ම බුදුදහමේ එන ගූඪවාදී පැතිකඩ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අදියර දෙක වන සම්මා සති හා සම්මා සමාධි යන පියවරවල් ගූඪවාදී ක්‍රියාකාරකම් පිළිබදව වේ. එබැවින්, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු කළ යුතු වන්නේ ආහාර, ජලය, වාසස්ථාන වැනි මූලික අවශ්‍යතා පමණක් සපයාගෙන බ්‍රහ්මචාරී දිවියක් ගතකරමින් භාවනා යනාදී ගූඪවාදී ක්‍රියාකාරකම් වල නියැලීම ය. ඒ හරහා නානාප්‍රකාර අශාවන් නැතිකිරීම ය. මින් පෙනී යන්නේ, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු රාත්‍රී සමාජ ශාලා වලට යාම නුසුදුසු බවයි. රාත්‍රී සමාජ ශාලා වලට යාම පමණක් නොව ක්‍රිකට් සෙල්ලම් කිරීම, චිත්‍රපටයක් නැරඹීම, රසවත් ආහාරයක් භුක්තිවිදීම යනාදිය පවා බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකුට නුසුදුසු ය. නමුත්, ලංකාවේ බෞද්ධයන් කිසිවෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නැත. ලංකාවේ බෞද්ධයන් බොහෝදෙනා වනාහී නාමික බෞද්ධයන් වන අතර ඇතැමෙක් ඉහත සදහන් කළ පළමු අර්ථදැක්වීමේ ආකාරයට ප්‍රධාන වශයෙන්ම ලෞකික ජීවිත ගතකරන අය වේ.
“සැදැහැවත් බෞද්ධයා” යන වදනට ඉහත දී ලබාදුන් “පළමු අර්ථදැක්වීම” යටතට ගැනෙන පිරිසට, ආගමික වත් පිලිවෙත් වලට අමතරව ලෞකික ජීවිතයක් ගත කිරීමට ද “අවසර” ඇත. එබැවින්, ඔබ වනාහී පළමු අර්ථ දැක්වීමේ සදහන් ආකාරයේ අයෙකු නම්, ඔබ රාත්‍රී සමාජ ශාලා වලට යාමේ වරදක් නැත. තවද, ඔබ වනාහී දෙවන අර්ථදැක්වීමේ සදහන් ආකාරයට බුදුදහම බැරෑරුම් ලෙස සලකන්නෙක් නම්, රාත්‍රී සමාජ ශාලා වලට යාම හරසුන් ක්‍රියාවකි. නමුත් එසේ වූ පමණින් අන් අය රාත්‍රී සමාජ ශාලා වලට යාම නැවැත්වීමට ඔබට අයිතියක් නැත.
අවසාන වශයෙන් කිවතොත්, අප ජීවිතය තුල අප විසින් ප්‍රධාන වශයෙන්ම අවධානය කල යුත්තේ අර්ථවත් ලෙස ජීවිතය රස විදීම ගැනය. ජීවිතය ඇත්තේ විදීමට විනා යම්කිසි ගෝත්‍රයක් වෙනුවෙන් කැඹිරීමට නොවේ. නිදහස් හා සාධාරණ සමාජයක් තුල පුරවැසියාට සිය ජීවිතය සතුටින්, නමුත් සාදාචාරවත් ලෙස, ගත කිරීමට අවකාශ තිබිය යුතුය. රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා, කේලි ශාලා, රංගන ශාලා වැනි දේ වනහී පුරවැසියාගේ ජීවිතය සාරවත් කරවන රටක තිබිය යුතු දේවල් ය. නමුත්, අප විසින් මේවා භුක්තිවිදිය යුත්තේ යම් යම් සීමාවන් ඇතුලත ය. සීමාවන් පැනීම නරකය.
http://goo.gl/8i5etf