මොනව නැතත් මෙන්න මේක ඇත්ත. ලන්කාවෙ සින්හල බෞද්ධයොන්ගෙ නීති තියෙන්නෙ අනුන්ට විතරයි, තමන්ට නෙමෙයි. හැම එකාම අනිත් උන්ව හදනව, අන්තිමට එකෙක්වත් හැදිලා නැහැ. පුදුමාකාර විදියට ලොල් සහගතයි.
ඒ පැත්තෙන් බැලුවම ලන්කාවට වඩා ඔය නරකයි කියල ලේබල් ගහන බටහිර රටවල් ටික හොඳයි. එහෙ එලිපිට මෙහෙ හැන්ගිහොරා වෙනස එච්චරයි. හැබැයි උන් ලඟ අවන්කකමවත් තියෙනව.
මේක සින්හල බෞද්ධ රට කියල දකින දකින සැරේට කියනවනම්, වැඩිපුර ඉන්නෙ සින්හලයොනම්. හොඳ දේවල් වලට සින්හල බෞද්ධ කියල ලකුනු දාගන්නව වගෙම මේ රටේ වෙන වැරදිවල වැඩි වගකීම ගන්නත් ඕන බෞද්ධයො. වැරදි මතක් වෙනකොට විතරයි අනිත් ජාතීන් ගැන කල්පනාවෙන්නෙ. නැත්නම් අනිත් උන්ව පන්නන්න කතාව. මම කියපු කතාව මෝඩ වෙන්න ඇති, ඒත් ඒ කතාව සාධාරණයි. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියෙනව. අපෙත් තියෙනව. හැබැයි ඒක කෙලින් කියන්න තරම් කොන්දකුත් තියෙනව.
ලන්කාවෙ මුස්ලිම් උන් අල්ලටත් වැඩිය මුස්ලිම්
ලන්කාවෙ ක්‍රිස්තියන් උන් ජේසුටත් වැඩිය ක්‍රිස්තියානි
ලන්කාවෙ හින්දු උනුත් එමම තමයි.
එතකොට බෞද්ධයො? කිසි වෙනසක් නෑ බෞද්ධයොත් බුදුහාමුදුරුවොන්ට වඩා බෞද්ධ.
හබැයි මේ සේරටම සන්ස්කෘතිය, සදාචාරෙ ආගම මතක්වෙන්නෙ කාට හරි මඩගහන්න උවමනාවුනාම විතරයි. වැරදිකරන උදවිය හිතවත්නම්,තමන්ගෙ එකෙක්නම් ඔක්කොම ශේප්.
ඒක නිසා මෙතන ආගමේ ප්‍රශ්නෙට වඩා තියෙන්නෙ සන්ස්කෘතිකමය ප්‍රශ්නයක්. අන්න ඒ ලන්කාවෙ සන්ස්කෘතික රික්තකය නිසා ලන්කාවට එන මොන දෙයක් වුනත් අවභාවිතා වෙන එක වලක්වන්න බැහැ. මෙච්චර හොඳ දර්ශනයක් වුන බුද්ධාගම වගේ දෙයක් ලන්කාවෙ තිබිලත් ලන්කාව හරි විදියට හදාගන්න බැරිවුන එක ගැන තොපි අපි ලැජ්ජා වෙන්න ඕන. එතනදි අවන්කව වැරැද්ද වැරැද්ද විදියට දැක්කෙ නැත්නම් කවදාවත් මේ නරාවලෙන් ගොඩ ඒමක් නැහැ.
Well said Machan...






