වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)

    සුදු පැහැති දිගු වලිගය සමග තුරු අතර ඒ මේ අත ගමන් කරන සුදු රෙදි හොරා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරියන් අතරින් ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. ඒෂියන් පැරඩයිස් ෆ්ලයිකැචර් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව Terpsiphone paradisi ටර්ප්සිෆෝන් පැරඩිසි සත්ත්ව විශේෂයේ උප විශේෂ 14ක් සිටිති.
    මැස්සන් වැනි කෘමි සතුන් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වන සුදු රෙදි හොරා එම විශේෂයේ එක් උප විශේෂයකි. මේ උපවිශේෂය හඳුන්වන්නේ ටර්ප්සිෆෝන් පැරඩිසි පැරඩිසි Terpsiphone paradisi paradisi යනුනේ හඳුන්වයි
    මේ විශේෂය හඳුන්වනනේ රැහැන් මාරා යනුවෙනි. ඔවුන්ගේ රැහැන් දෙකක් වැනි දිගැති වලිගය මේ නම ලැබීමට හේතුවක් වි ඇත. සුදු රෙදි හොරාගේ ගැහැනු සතාට දිගු වලිගයක් නැත. ඇත්තේ කෙටි වලිගයක් පමණි. කිරිල්ලිය සෑම විටම රතට හුරු දුඹුරු පැහැයක් ගනී. පිරිමි සතා ද කුඩා කාලයේ දී රතු දුඹුරු පැහැතිය. වයස අවුරුදු දෙකක් පමණ වූ විට වර්ණය වෙනස්වීම ආරම්භ වේ.
    සුදු රෙදි හොරා කුඩා කාලයේ දී මෙරට සෑම කාලයක ම වාසය කරන සිවුරු හොරා හෙවත් බොර ආසියා රැහැන් මාරාට පෙනුමෙන් සමානත්වයක් දක්වයි. පැරණි පිහාටු හැලී සුදු පැහැති පිහාටු වර්ධනය වෙයි. එලෙස වර්ණ විපර්යාසය සිදුවන අවස්ථාවේ දී දුඹුරු පැහැති පිහාටු මෙන් ම සුදු පැහැති පිහාටු ද මිශ්‍රව පවතී,
    රැහැන් මාරාවන් බොහෝවිර 'ක්‍රැස්' යනුවෙන් නාද කරන නිසා ගෙවත්තේ ඇසෙන කුරුළු ශබ්ද ගැන විමසිලිමත්ව සිටීමෙන් සුදු රෙදි හොරා පහසුවෙන් දැකගැනීමට හැකිවනු ඇත.
    සුදු රෙදි හොරා මුල්වරට ලෝකයට විද්‍යාත්මකව හඳුන්වාදී ඇත්තේ 1758 දී කැරොලස් ලිනියස් විසිනි. මධ්‍යම හා දකුණු දිග ඉන්දියාව නිජභූමිය කරගත් සුදු රෙදි හොරා බංග්ලාදේශයේ බටහිර මියන්මාරයේත් දැකිය හැකි කුරුලකි. ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණිය ද මෙරට දී සිය වර්ගයා බෝකරන්නේ නැත.

    flycatcher_asian_paradise_05.jpg


    asian-paradise-flycatcher-feeding-chicks.jpg


    11932426133_57c7df761a_z.jpg


    00000010741.jpg


    tchitrec.de.paradis.arde.1g.jpg












    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)


    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙයාව ජීවිතේට දෙපාරක් විතර දැකල ඇති ඉස්සර.. දැන්නන් බෙහෙතකටවත් දකින්න නැහැ..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    මෙයාව ජීවිතේට දෙපාරක් විතර දැකල ඇති ඉස්සර.. දැන්නන් බෙහෙතකටවත් දකින්න නැහැ..


    මේ කාලෙට තමයි මචන් එන්නේ.අපේ පැත්තේ නම් එනවා.ඒත් තවම නැ.