දිමිත්තා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

    ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන් මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.
    ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස් යනුවෙන් හැඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.
    ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආ‍වේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.



    sn-archerfish.jpg


    Dimiththa.jpg


    archer-fish-3.jpg


    68archerfish.jpg




    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    honda post ekak saho.. :) (+5)
    saagara sampath wage deyak sambanda wada wada karanne? naththan study karanawa da? hobby ekak da? :)
    issara mamath oya gana aasaawen kiyeuwa. :)
     
    • Like
    Reactions: djjaya