-සිසිරය-

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    -සිසිරයට ගසක් කියූ කවිය-

    පිපුණු මල් සේරම හැලුව මං
    අන්තිම කොළෙත් මියැදුනා දැන්
    කීරි ගැහෙනකොට හිත හීතලට
    කොහොම උහුලන් ඉන්නද ඉතිං ...

    දුර ඈත කඳු පල්ලම් මැදින්
    ඉර හැංගුනා දුවගෙන ගිහිං
    හිම වැස්ස රිද්දෝපු තරමට
    ආයෙ නම් එන එකක් නෑ ඉතිං...

    කිසිම ඉස්පාසුවක් නැති තරම්
    හැල්මේ දුවනවා හුළඟ නම්
    විසේ තිබුනාට මේ හුළඟට
    හිත නම් ගෙනියන්න බෑ ඉතිං...

    සුදු පාට හිම පියලි ඇවිදින්
    තුරුළු වී හාදු දුන්නත් හොරෙන්
    හිතලෙන් මිදී ගිය මගෙ හිතට
    උණුහුමක් කෝ වසන්තේ තරම්...

    කවදත් පුරුදු තනිකම දරන්
    තව මලක් පුදිනකල් බලන්
    මේ පාලු සිසිරය ගෙවෙනකල්
    ඉවසාන ඉන්නම් මං ඉතිං..
    .​

    -දෙව්රංගි-
    11.29.14
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලස්සනයි..... හැමදාමත් වගේ අපුරු නිර්මාණයක්
    කාලෙකට පස්සේ
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි..... හැමදාමත් වගේ අපුරු නිර්මාණයක්
    කාලෙකට පස්සේ

    ගොඩක් ස්තුතියි මල්ලියි. winter එක එපා වෙලා ඉන්නේ. මේ පාර කලින්ම සීතල වැඩියෙන් ආවා. ගස් වලත් වෙනදට වඩා ඉක්මනින් කොළ හැලුනා. ඒක දැක්කම ලියන්න හිතුනා :)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Thank you


    ගොඩක් ලස්සනයි :)

    ගොඩක් ස්තුතියි



    Thank you :)


    මන් මුකුත් කියන්න ඕනේ නැහැනේ™

    :D


    ලස්සනයි...

    ගොඩක් ස්තුතියි



    ලංකාවේ අපිට නම් ඉතින් වැස්ස තම‍යි.......:rofl:

    Rep+

    :D