-සිසිරයට ගසක් කියූ කවිය-
පිපුණු මල් සේරම හැලුව මං
අන්තිම කොළෙත් මියැදුනා දැන්
කීරි ගැහෙනකොට හිත හීතලට
කොහොම උහුලන් ඉන්නද ඉතිං ...
දුර ඈත කඳු පල්ලම් මැදින්
ඉර හැංගුනා දුවගෙන ගිහිං
හිම වැස්ස රිද්දෝපු තරමට
ආයෙ නම් එන එකක් නෑ ඉතිං...
කිසිම ඉස්පාසුවක් නැති තරම්
හැල්මේ දුවනවා හුළඟ නම්
විසේ තිබුනාට මේ හුළඟට
හිත නම් ගෙනියන්න බෑ ඉතිං...
සුදු පාට හිම පියලි ඇවිදින්
තුරුළු වී හාදු දුන්නත් හොරෙන්
හිතලෙන් මිදී ගිය මගෙ හිතට
උණුහුමක් කෝ වසන්තේ තරම්...
කවදත් පුරුදු තනිකම දරන්
තව මලක් පුදිනකල් බලන්
මේ පාලු සිසිරය ගෙවෙනකල්
ඉවසාන ඉන්නම් මං ඉතිං...
අන්තිම කොළෙත් මියැදුනා දැන්
කීරි ගැහෙනකොට හිත හීතලට
කොහොම උහුලන් ඉන්නද ඉතිං ...
දුර ඈත කඳු පල්ලම් මැදින්
ඉර හැංගුනා දුවගෙන ගිහිං
හිම වැස්ස රිද්දෝපු තරමට
ආයෙ නම් එන එකක් නෑ ඉතිං...
කිසිම ඉස්පාසුවක් නැති තරම්
හැල්මේ දුවනවා හුළඟ නම්
විසේ තිබුනාට මේ හුළඟට
හිත නම් ගෙනියන්න බෑ ඉතිං...
සුදු පාට හිම පියලි ඇවිදින්
තුරුළු වී හාදු දුන්නත් හොරෙන්
හිතලෙන් මිදී ගිය මගෙ හිතට
උණුහුමක් කෝ වසන්තේ තරම්...
කවදත් පුරුදු තනිකම දරන්
තව මලක් පුදිනකල් බලන්
මේ පාලු සිසිරය ගෙවෙනකල්
ඉවසාන ඉන්නම් මං ඉතිං...
-දෙව්රංගි-
11.29.14
11.29.14
Last edited:


