විමල් වීරවංශගේ MSD ආරක්ෂාව ඉවත් කරයි!
ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇමති ප්‍රභූ ආරක්ෂක සේවය (MSD) ඉවත්කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා හේතු වී ඇත්තේ වීරවංශ අමාත්‍යවරයා පලමු පෙරමුණේ නන්දන ගුණතිලක මහතා හරහා එජාපය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවට ආණ්ඩුවට සැලවීම නිසාය.
මෙම ආරංචිය ලද විගස ජනාධිපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විසින් සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ කරුණු ඇතුළත් ෆයිල් ගණනාවක් ඔහුවෙත ගෙන්වා ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට විරුද්ධව P/F 6622 Sub P.I.C. 38923013 හා පියසිරි විජේනායකට විරුද්ධව P/F 6960 Sub P.I.C. 4665568 මුසම්මිල්ට විරුද්ධව P/F 7433 Sub P.I.C. 3800315 හා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීරට විරුද්ධව P/F 7208 Sub P.I.C. 4665725 දරණ ලිපිගොනු ජනාධිපතිවරයාට බාර දී ඇත.
ඊට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් GK 6257, NA 3971 හා KD 3774 නැමති වාහන හා ඒවා ගමන්කරන ස්ථාන හමුවන පුද්ගලයන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශය තම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
Source: http://sinhala.lankanewsweb.net/news/14703-msd

Last edited: