යකෝ රුකා සයිලන්ට් වුනා නේද ශේප් එකේම.
සමාව ලබාදීම යනු
මා සියල්ල අමතක කල බව නොව
ඔබට නිවැරදි වන්නට
අවස්ථාවක් ලබා දුන් බවය
මා සියල්ල අමතක කල බව නොව
ඔබට නිවැරදි වන්නට
අවස්ථාවක් ලබා දුන් බවය
යකෝ රුකා සයිලන්ට් වුනා නේද ශේප් එකේම.
අනුන්ගේ ප්රශ්න වලට මැදිහත්කරුවෙකු නොවන්න..
මන්දයත්,
ඔවුන් ප්රශ්න විසඳාගත් පසුව
ඔබ විශාල වැරදිකරුවෙකු වීමට
බොහෝ සේ ඉඩකඩ ඇත..

පට්ටම ඇත්ත. යාලුවන්ගේ ලව් සීන් වලට අත දාල, ගෙවල් වලටත් නෝන්ඩි වෙවී ඒව ගොඩ දාල දුන්නම, උන් දෙන්න ආපහු එකතු වෙච්ච ගමන්, මම තමා වැරදිකරු වුනේ අන්තිමට... එක පාරක් දෙපාරක් නෙවේ බන්... හතරපාරක්ම. අන්තිමේ මට යාලුවෝ නැතිවෙච්ච් එක විතරයි වුනේ. උන් දැන් බැඳලා ලමයිනුත් ඉන්නව (අනේ වාසනාවන්). මට දුක උන් මාත් එක්ක තරහ වෙච්ච් එක ගැන... සමහරවිට උන් අනිත් එකාට දොස් කිව්ව මාත් එක්ක. ඒ කිසිම දෙයක් අනිත් එකාට මම කවදාවති කියල නෑ. ඒත් උන්ගේ හිත් දන්නවනේ කියපු දේවල් වල කැත. උන්ටම ලැජ්ජ ඇති.![]()
ඇඩෙන්න එන්නෙ
හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට...
" මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "
" ඇයි අයියේ... මොකක්ද ? "
" මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... "
කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරනවලු... බිම බලාගෙන..
" අව්ලක් නෑ නංගි.. ඔයා කල්පනා කරල බලල කියන්නකො... "
' නෑ නෑ අයියේ.. ඔයාට පුළුවන්ද ඇවිල්ල අපේ අම්මගෙන් අහන්න.. අම්ම කැමති නම් මම කැමතියි... "
ඒ ලව් එක එතනින් හබක්.
