යහපාලනය මහින්ද හා රටේ අනාගතය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලනය මහින්ද හා රටේ අනාගතය

    10406879_1579369238952732_7404315427526979492_n.jpg

    බිරි අලියට විනා වයනවා වගේ..හොරට නිදාගෙන ඉන්න...එකා ඇහැරවන්න බැහැ. කවදාවත් උට දැනුවත් භාවය ලබාදෙන්න බැහැ. එත් මහන්සිවෙලා දරු පවුල් නඩත්තු කරන, මහින්සි වෙලා ගොඩයන්න බලන, ජිවිතේට අඩිය තිබ්බ තරුණ පිරිස්, ඇත්ත තේරුම් ගන්න සංවේදීතාවයක් තියන මිනිසුන්ට මේක කියන්න අවශ්‍යයි. රහත් වෙලා නැති මුත් මහාචාරයවරු නොවනමුත් ඔනැ පුද්ගලයෙක්ට තේරෙනවා.අද රටේ ඇතිවෙලා තියෙන අවිනිශ්චිත හා අරාජිඅක බව.

    රටේ ඒක පුද්ගල නය වැඩිවෙලා. ඒ නය පියවන්න රටේ ආදායම් ප්රමානවත් නැහැ.එම නය වලින් කරපු ව්‍යාපෘති ඔක්කොම බංකොලොත් වෙලා. ප්‍රමාණවත් තරම් අදායමක නැහැ. පුළුවන් තරම් ආණ්ඩුවේ රස්සා දීල, කිසිම් නිෂපදනයකට දායක වෙන්නේ නැති. නිකම් රටට බරක් වෙන් රස්සා දීලා කඩේ ගිය අයට විතරක්. එයෙයගේ වැටුප් ගෙවන්න ඔනිත් මහජනතාව

    රාජ්ය දේපල , චන්ද ප්‍රචරක වැඩවලට පුළුවන්තරම් යොදාගෙන. මේවගෙන් කාටද සිදුවන්නේ පාඩුව. ලෝකේ විශාලම ආම්තිමන්ඩලය, පවුලක් වටා රටේ සියලුආර්තිකය කේන්ද්‍රගත කොට තිබීම, රටේ අය වැයෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් කරන්නේ පවුලේ කට්ටිය යටතේ තියන අමත්යන්ශ්වලට. ඒවගෙන් වැඩි හරියක් සොරකම් කිරීම තමයි සිදුවන්නේ. රටේ විදේශ සේවය පාදඩයන්ට බාරදීලා. ඔක්කෝටම නෑදෑයෝ රිංගවලා.

    පොලිසිය අදිකරණය මාද්‍ය හැමදේම පාලනට කරන්න තමගේ හෙන්චයියෝ ගෙන. තමට ඕනි වගේ කරගන්න. අදිකරණයේ ස්වදිනත්වය නැති කරලා.
    පුද්ගලික අංශයත් විනාශ කරලා අවසානයි. මහින්දට හිතවත් ඩීල් කාරයන්ට ඔකොම පවරගන්න අවස්ථව දීලා. රජය සතු ජනතා මුදල යොදලා කොටස් වෙලදපොල හරහා පුද්ගලික වියපාර පාලනය අතර අරන් තියෙනවා. පුද්ගලික බැංකු පවා පාලනයට නතු කරගෙන. ඒවා හරහා පවා නය ගන්නවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදී පෙලගැස්ම සම්පුර්ණයෙන් විනාශ කරලා තියනවා,

    අද ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා තියනවා ලංකාව. නිමල් ලන්සාගේ ගෙදර වැටලුවාම ගිහින් අර්ක්ශාව දුන්න. දුමින්ද වගේ මිනීමරු කුඩු මුදලාලිලා ආරක්ෂක ලේකම් ගේ ඔඩොක්කුවේ දාගෙන හුරතල් කරනවා. විදේශ කාන්තාවන්ට අතවර කරන තත්වෙට සංචරක කර්මන්ත්ය විනශ කරලා තියනවා. ආගන්තුක සත්කාර වලින් ලෝකේ ඉහලින්ම තිබ්බ රට. දැන් සුද්දියක් පෙන්න බහ රජාගේ ගෝලයෝ ඇවිත් දුෂණය කරනවා. පොඩි ළමුන්ගේ සිට අවුරුදු 80 මහලු කාන්ත්වන්ටත් අතවර කරන තත්වයට සමජය පිර්හෙන්න් ඉඩ දීලා තියනවා. රටේ නිදන් හාරලා අයිතිහාසික උරුමයන් වින්ෂකරලා තියනවා, කෞතුකාගාරය බිදාලා කජ්ජ නැති කතාවක් කියලා ජාමේ බේරගෙන තියනවා, තව කොච්චර තියනවද
    ඒ ඔක්කොටම වඩා මහජනතාව අඥානයෝ කියලා හිතාගෙන අතේ පැලවෙන බොරු කියනවා. ඒවාට හිනාවෙන , ඒවා ප්‍රචාරය කරන තුප්පහි කුහකයෝ පිරිසක් බිහි කරලා තියනවා. එලකිරියේත් බලාගන්න පුළුවන් ඒ වගේ අය

    මිනිස්සු කල්පනා නොකර ඉන්න තරමට මේ වගේ පාලකයො නැවත් නැවත බිහිවෙනවා. දැන් එකට ක්‍රමය හදලා එවරයි. අද ලංකාවේ ඉන්න ලොකුම බිස්නස් කාරයා සහ කාරයො...කැසිනො කාරයො, එතනොල් කාරයො, ගනිකා මඩම් කාරයො, අරක්කු මුදලාලිලා, කුඩු මුදලාලිලා. එම පුද්ගලයන් තමන්ගේ කලු සල්ලි යොදලා රටේ තිබෙන අනෙකුත් වියාපාරත් අත්පත් කරගෙන තිබෙනවා. උදාහරණ තමයි මැත ඉතිහාසය තුල ධම්මික පෙරේරා ,.රේනො සිල්ව, මාතලේ ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා , සාදාරන ව්‍යාපාර කරලා බිහිවෙච්ච සියලුම ව්‍යාපාරිකයෝ වට්ටලා තියනවා.

    මිනිසුන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකිම්, සමාජ අවබෝදය, රටේ වෙන ද පිළිබද සංවේදීතාවය, නැති වෙන තරමට මිනිසුන්ව සිහින සයුරක ගිල්වලා තියනවා..ලංකවේ මිනිසුන්නම් බහුතරය මේ තියෙන තත්වය තේරුම් ගන්නේ වාසනාව, කරුමය කියලා. බටහිර රටක මෙහෙම උනානම් ඒ රටවල් මේවගේ පාලකයෝ රටින් පිටුවහල් කරනවා. මෙහෙම ආණ්ඩු කරන්න බැහ ඒ රටවල.

    මහින්ද දින්නොත් රටේ සාමාන්ය ජනයාගේ පරාජය පරාජය වෙනවා. පරදවෙන්නේ විපක්ෂය නෙමයි. රට රටේ ජනතාව..ඒකට හේතුව මේ ක්‍රියාපටිපාටිය මේ මහින්ද ඇතුළු නඩය පෙරට වඩා වේගෙන් හා ප්‍රභල ලෙස අරන් යනවා. මේවගෙන් සිදුවන වියදම් වලට කරගහන්න ඕනි මහජන්තාව. නැත්තම් රටේ දේපල, වත්කම් විකුණන ඕනි. මෙහෙම ගිහින් ගිහින් කාලයක් යනකොට තමාගේ අරමුණු ඉටු කරගන්න රටේ කැල්ලක් වෙනත් ජාතියකට පවරන්න පවා පෙලබෙනවා. බලයට, මුදලට පැවැත්මට, ඕනි ජඩ වැඩක් කරන මිනිහෙක් රට පවා නොදෙයි කියලා තියන සහතිකය මොකද්ද? යුද්දේ දිනන් එකද? කවද හරි මමයි යුද්දේ දිනලා මෙරට බේරාගත්තේ මට ඕනි නම් විකුනනත් පුළුවන් කියනවා. එදාටත් කඩේ යන කට්ටිය පුළුවන් පුළුවන් මේ මහින්දගේ රට කියනවා.

    ඒවගේම මේවට විරුද්දව කරන නැගිටීම් මර්දනය කරන්න හමුදාව පොලිසිය හා තවත් සන්නද්ද අංශ, පාතාල කල්ඩායම්, මිනීමරුවෝ මහින්ද විසින්ම ඇතිකරනවා. දැනටමත් ඔයාලා දැකලා ඇති රතුපස්වල, හලවත ඇන්ටනි, රමේෂ් චානක, වගේ අයව නිර්දය ලෙස මර දැම්ම.

    ඒවගේම රට අසාර්ථක රාජ්ජයක් වෙනවා. රටේ අබිමානය, විදේශ පිළිගනිම අඩුවෙනාව, ස්වසිලන්ත්ය , කොන්ගෝ, වගේ රාජ්ජ මටමට වැටෙනවා. සරලව කිවුවොත් රට ලෝකය ඉදිරියේ පාච්චල් වෙන්ව. ඒ නිසා කලපනා කරලා බලන්න. තමන් කරන්න ඕනි මොකද්ද කියලා........​
     
    Last edited:
    • Like
    Reactions: Mayaratne and Troop

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙට උපදින තමගේ දරුවට අපි විදින දේවල් අපි දකින දේවල් නොලැබ හොද අනගතයක් හදන්න
    හොද රටක් හදන්න. හැමෝම එකතුවෙන්න. එහෙම කරන්න පුළුවන් එකම බලවේගය jvp
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කියල වැඩක් නෑ බං. මරාගෙ උන්ට මේවට මරු උත්තර තියෙන්නෙ.
    ලංකාවෙ මෝඩ ජාතියක් ඉන්නකන් මහින්දට හැමදාම සැප.

    avatar312790_52.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙට උපදින තමගේ දරුවට අපි විදින දේවල් අපි දකින දේවල් නොලැබ හොද අනගතයක් හදන්න
    හොද රටක් හදන්න. හැමෝම එකතුවෙන්න. එහෙම කරන්න පුළුවන් එකම බලවේගය jvp

    ජෙප්පො සුවර් නෑ 2004/2005 කාලෙ කරපු දේවල් නිසා. ආයෙ අපෙන් චන්ද අරන් අපිට පොල්ල තිබ්බොත්? අනික ජෙප්පන්ගේ ආර්තික ප්රතිපත්තිය මොකක්ද? සමාජවාදී එකද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙප්පො සුවර් නෑ 2004/2005 කාලෙ කරපු දේවල් නිසා. ආයෙ අපෙන් චන්ද අරන් අපිට පොල්ල තිබ්බොත්? අනික ජෙප්පන්ගේ ආර්තික ප්රතිපත්තිය මොකක්ද? සමාජවාදී එකද?

    බිරි අලියට විනා වයනවා වගේ..හොරට නිදාගෙන ඉන්න...එකා ඇහැරවන්න බැහැ. කවදාවත් උට දැනුවත් භාවය ලබාදෙන්න බැහැ.කොහොමත් උබ චන්දේ දෙන්න එපා. ඔය 2004 2005 ගැන උබ හැම ත්‍රෙඩ් එකම ඇවිත් දොඩවනවා. ඕකට මම ම කිප්පාරක් ක් උත්තර දීලා අතිද? මම විතරක් නෙමයි වලිගමය, ජොලි රොජර්, ඉසුරු හැමොඅම වගේ ඕකට ත්‍රෙඩ් පුරෝලා උත්තර දීල තියනව. උබෙන් චන්දේ ඉල්ලා පොල්ල තිබ්බොත් කියන්නේ උබ කවදාවත් චන්දේ දීලා තියනවද?

    විපක්ස්හෙන් ජේසු තුමා ඇවිත් ඉල්ලුවත් උබ දෙන්නේ මහින්දට එක මෙතන අමතුවෙන් කියන්න ඕනි නැහැනේ.අනික උබ ඔය සමාජවාදය ගැලපෙන්නේ නැහැ කියන්නේ මහින්දගේ හොරකම් අනුමත කරන ගමන් නේද? හොරාගේ හොරකම්වලට ලදේ යන ගමන් සම්ජවාදය ගැන ප්‍රශ්න කරද්දී උබේ නරිවඩම බෙරෙනවා රෙද්ද පල්ලෙන්.

    මේක හිතට ගනින. මෙට හදන්න මුළුම හොරකම් ටික නතර කරන්න ඕනි. සමජවාය පැත්තකින් තියලා එක කරන්න සහයෝගය දීපන්. උබලට කිසි අඩුපාඩුවක් නැතුව බඩට කම ටික වැටෙන නිසා ගානක් නැහැ. කොච්චර දුක් විදිනයද රටේ මිනිසසු.

    මම හිතන්නේ නැහැ උබට නොතේරෙනවා කියලා මහින්ද කරනදේ. උබට ඔච්ච්රම ඕනි නම් චන්දේ දීපන්. එක පර්ශ්නයක් නැහැ. මහින්ද ඉන්නකල් මෙරටේ හොරු නැති කරන්න බහ. ජ්ව්ප් තමයි හොරු නැති කරන්න පුළුවන් එකම පක්ෂය. ප්‍රදාන පෙලේ නයකයෝපවා පොඩි වැරදි නිසා අයින් කරලා තියනවා.

    තමුන් කරන මේ ජඩ වැඩේ ගැන හිතන්න. කවදාහරි මහින්දලට මිනිස්සු සාප ලරනකොට උබලත් වදින්න් පුළුවන්, සමහරවිට අම්මලට , දරුවනට...... කල්පනා කරන්න. තව තව මේ ගැන කතා කරන එක වැඩක් නැහැ
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR
    කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී
    ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය
    නිවැරදිව අධ්යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා මහින්දට JR කරපුදේවල්වලින්
    1% වත්කොරගන්න ලැබිලා නැතිබව . 77 ඡන්දෙ ඉවර වෙච්ච ගමන්ම පොලිසි වලට සතියක් නිවාඩු
    දීලා අර්ජුනලා ඇතුළු සිය දහස් ගණන් ශ්රීලංකා ක්රියාකාරීන්ගේ නිවෙස් ගිනි තියලා අහින්සකයින් සියගණනක්
    මරලා පටන් ගත්ත ධර්මිෂ්ට යුගය අහලකටවත්යන්න මැදමුලනේ මහින්ද අද වෙනකනුත් සමත්වෙලා නැහැ!. රු
    300ක් පඩිවැඩි කරන්න ඉල්ලපු වරදට ජාතික සේවක සංගමයේ මැරයෝ යොදවලා බයිසිකල් චේන් වලින්
    ගස්සලා වර්ජකයෝ මරවන්නවත් දහස් ගණනක් මහපාරට ඇදලා දාන්නවත් අඹු දරුවන් දුක්විදිනවා බලන් ඉන්න
    බැරුව වර්ජකයන් සිය ගනනක් ගෙල වැලදාගෙන කොච්චිවලට පැනලා වසබීලා මැරෙද්දීවත් කිසිම කෙනෙකුට
    නැවත රස්සාව දෙන්න හිත උණු නොවෙච්ච JR ට අලගුතියන්න මහින්දටමොනවද කොර ගන්න පුළුවන්
    වෙලා තියෙන්නේ? රජයට පවරාගත්ත නිසරු බඩවැටියක් වෙනුවට, තමන්ටත් මැති ඇමති සියල්ලටමත් සරුසාර
    වගා ඉඩම් දෙන්නත් අනාගත චන්ද වලට අත දිග ඇරලා වියදම් කරන්න ගාමිණී දිසානායක වැනි ප්රකෝටිපති
    ඇමතිවරුත් නවලෝක වැනි මුදලාලිලාත් කඩිනම් මහවැලි ව්යාපාරය ඔස්සේ බිහි කරගන්නත්, 83 දි
    තමන්ගේ කුලී මැර හමුදාවන්ට බොරු ජාත්යාලයක් ඉස්සරහට දාගෙන දෙමල මිනිස්සු කොල්ල කාලා කෘර ලෙස
    ඝාතනය කරන්නත් ඉඩදීලා, ඒක තමන්ම සමාවදීලා ශ්රීලනීපයට එරෙහිව පාවිච්චි කරන්න හිතාන එලියට දාපු
    තමන්ට විරුද්ධව සාර්ථකව සංවිධානය වෙමින් තිබුණු JVP එකපිට පටවලා JVP තහනම්
    කරලා සාමාජිකයෝ ටික කැලයට පන්නවලා LTTE එකට මුළුලෝකයේම අනුකම්පාව දිනාගෙන ලංකාව
    තුල අවි ආයුද වලිනුත් ලෝකය පුරා ආර්ථිකවත් සන්නද්ධ වෙන්නත් බටහිර ලෝකයේ ජනතා හදවත් වල අනුකම්පාව
    දිනාගන්නත් ඉඩ සැලැස්සුවේ JR. කදුළුගෑස් රබර් උණ්ඩ ගිනි නිවන හමුදා රථවල ජල ප්රහාර
    අවසානයේදී වෙඩිඋණ්ඩ සාමකාමී පිකටින්වලට හදුන්වා දුන්නේ JR උන්නැහේමයි!.. සාමකාමී රස්වීම්
    පවත්වපු ලෝකප්රකට නාට්ය වේදී සරස්චන්ද්ර පහරදීලා කානු දිගේ ඇද ගෙන යන්නෙත් විවියන් ගුණවර්ධන ට ඒ
    සමාන සැලකුම් ලැබෙන්නෙත් උන්නැහැගෙන්මයි. තමන්ටවිරුද්ධවකතාකරපු බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේපන්සල්වලට
    ඇතුළුවෙන්න බැරි වෙන්න කම්බිවැටවල් වදින්නේත්, තමන්ට විරුද්දව තීන්දු දීපු විනිශ්චයකාරවරුන්ට තුට්ටු
    දෙකේ මැරයෝ යොදවලා හූ කියවලා ගෙවල්වලට ගල් ගස්සන JR පත්තරවලට වාරණ දාලා නිසි
    බලධාරියා විසින් කපා හරින ලද හිස් පිටු සහිත පත්තර හදුන්වලා දීමත් එක්ක බලද්දී මහින්ද දනගාන පොඩි
    දරුවෙකුටත් අන්තයි. ගෝනි බිල්ලන්ගෙන් ජීවිතය් මරණය තීරණය කරන චරිත සහතිකත් විශ්ව විද්යාල
    සිසුන්ගේ කන්වලටපරාල ඇනත් අල දොළ වල මාලුන්ට දිනපතාම අලුත්ම අලුත් මිනී මසුත් පාර දිගේ අදුර
    මකන්න ටයර් සෑයවලුත් අදුන්නලා දුන්න JR එක්ක මහින්දත් මොන ජනාධිපති කෙනෙක්ද? කාට අමතක
    උනත් ඇත්ත කතාව තමයි ලාම්පු කල ගෙඩි චන්දෙ තියලා චන්ද පොතෙත් වාර්තා තියපු එක. අද ඔය
    නායකත්වයේ ඒකාධිපති වාදේ ගැන කතා කරන එව්වෝයි උන්ගේ අප්පච්චිලයි දින නොදාපු අස්වීමේ ලිපි
    ලියලා දීලා JR ලග කුක්කෝ රැලක් වගේ හිටියේ!. JR ඊලග වතාවේ ත් ඉල්ලන්න සරම කැහැපොට
    ගහගෙනයි හිටියේ. ප්රේමදාසගේ කරට්ටුව හොඳටම දන්නා JR පාර්ලිමේන්තුවේ පුපුරපු අත් බෝම්බෙන්
    පස්සේ සරම පහලට දාගෙන පල්ලම් බැස්සේ ජ්විතේ බේරගන්න. ප්රේමදාස තවත් හොදට දර්මිෂ්ට රාජ්ජය
    කරගෙන ගියා මැයි පලවෙනිදාවක සුදු ලේන්සුවක් වනලා බාබුගේ බයිසිකලේ ලගට එනකං. MY3 ට
    කතිරේ ගහලා රනිල්ට පුටුව දීලා බලමු!. රනිල් ඇරියස් අල්ලන්න ගත්තම මහින්ද මොන පීචං පොරක්ද
    කියලා ඔය යහ පාලන කයි කාර රොත්තටම තේරෙයි!. හැබැයි පසු විපරම තියන්න වෙන්නේ අනිත්
    ලෝකේ ඉදගෙන තමයි!. ඉන්ටවල් එකේදී!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    thamun. karana waradi tawath kenekta sasadala nidahas wenne ayi ban
    waradda piliganin issela
    .waradi hada ganna tanata nayakatwaya aranyanna ona
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බිරි අලියට විනා වයනවා වගේ..හොරට නිදාගෙන ඉන්න...එකා ඇහැරවන්න බැහැ. කවදාවත් උට දැනුවත් භාවය ලබාදෙන්න බැහැ.කොහොමත් උබ චන්දේ දෙන්න එපා. ඔය 2004 2005 ගැන උබ හැම ත්‍රෙඩ් එකම ඇවිත් දොඩවනවා. ඕකට මම ම කිප්පාරක් ක් උත්තර දීලා අතිද? මම විතරක් නෙමයි වලිගමය, ජොලි රොජර්, ඉසුරු හැමොඅම වගේ ඕකට ත්‍රෙඩ් පුරෝලා උත්තර දීල තියනව. උබෙන් චන්දේ ඉල්ලා පොල්ල තිබ්බොත් කියන්නේ උබ කවදාවත් චන්දේ දීලා තියනවද?

    හරි උඔලත් හැමදාව කියන්නේ, තිබ්බ ආන්ඩුවත් එක්ක ඉන්න බැරි නිසා එළියට ආව කියලනේ්. හැබැහි අපි ආපහු ජෙප්පන්ට දෙනවනන් උන් කලින් කරපු ඒවත් සලකලා බලන්න වෙනවනේ. එහෙම නැතිව නිකන් උඔල ‍වගේ උන්ගෙ පිටින් පේන දේ බලල අපිට චන්දෙ දෙන්න බැහැනේ.

    අනික උඔලට 2004/2005 කාලෙ කරපු දේ මතක් කරද්දී මළ පනිනව නේ? :P:P රිදුනාම එහෙම තමා.

    විපක්ස්හෙන් ජේසු තුමා ඇවිත් ඉල්ලුවත් උබ දෙන්නේ මහින්දට එක මෙතන අමතුවෙන් කියන්න ඕනි නැහැනේ.අනික උබ ඔය සමාජවාදය ගැලපෙන්නේ නැහැ කියන්නේ මහින්දගේ හොරකම් අනුමත කරන ගමන් නේද? හොරාගේ හොරකම්වලට ලදේ යන ගමන් සම්ජවාදය ගැන ප්‍රශ්න කරද්දී උබේ නරිවඩම බෙරෙනවා රෙද්ද පල්ලෙන්.

    මහින්දය‍ාගෙ හොරකන් අකමැත්තෙන් හරි අපිට අනුමත කරන්න වෙලා තියෙනවා මොකද උ රට පැත්තට වැඩ කරන නිසා. අපි මහින්දයා අත අරිනවානන් අත අරින්නේ උ‍ට වඩා හොද එකෙක් පත් කරගන්න මිසක් උට ව‍ඩා නරක එකෙක් පත් කරගන්න නෙමේ. අනික මේක මතක තියා ගනින් ඔය සමාජවාදෙ කරන්න පුලුවන් දෙයක් නෙමේ. රැසියාවට, වීනෙට බැරි උනදේ උඔලට කරන්න පුලුවන් කියලද හිතන්නේ?

    මේක හිතට ගනින. මෙට හදන්න මුළුම හොරකම් ටික නතර කරන්න ඕනි. සමජවාය පැත්තකින් තියලා එක කරන්න සහයෝගය දීපන්. උබලට කිසි අඩුපාඩුවක් නැතුව බඩට කම ටික වැටෙන නිසා ගානක් නැහැ. කොච්චර දුක් විදිනයද රටේ මිනිසසු.

    හොරකම 100% නතර කරන්න බැහැ. මොන රටකවත් ඒක එහෙම කරලත් නෑ.

    හරි අපි හිතමු උඔල හොරකන් නතර කරනව කියල, දැන් කියපන් කොහොමද ඒක කරන්නේ කියල. උඔල කියනදේ කරන්න පුලුවන් කියල හිතෙනවනන් මාත් උඔල එකක් එකතු වෙනවා.

    මම හිතන්නේ නැහැ උබට නොතේරෙනවා කියලා මහින්ද කරනදේ. උබට ඔච්ච්රම ඕනි නම් චන්දේ දීපන්. එක පර්ශ්නයක් නැහැ. මහින්ද ඉන්නකල් මෙරටේ හොරු නැති කරන්න බහ. ජ්ව්ප් තමයි හොරු නැති කරන්න පුළුවන් එකම පක්ෂය. ප්‍රදාන පෙලේ නයකයෝපවා පොඩි වැරදි නිසා අයින් කරලා තියනවා.

    ඔව් ඔව් 2004 දීත් ජෙප්පෝ බලේට ආවේ යුඅැන්පී ආන්ඩුවෙ හිටපු හොරැ අල්ලනවා, දූශන නැති කරනව කියල. කෝ කළාද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR
    කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී
    ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය
    නිවැරදිව අධ්යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා මහින්දට JR කරපුදේවල්වලින්
    1% වත්කොරගන්න ලැබිලා නැතිබව . 77 ඡන්දෙ ඉවර වෙච්ච ගමන්ම පොලිසි වලට සතියක් නිවාඩු
    දීලා අර්ජුනලා ඇතුළු සිය දහස් ගණන් ශ්රීලංකා ක්රියාකාරීන්ගේ නිවෙස් ගිනි තියලා අහින්සකයින් සියගණනක්
    මරලා පටන් ගත්ත ධර්මිෂ්ට යුගය අහලකටවත්යන්න මැදමුලනේ මහින්ද අද වෙනකනුත් සමත්වෙලා නැහැ!. රු
    300ක් පඩිවැඩි කරන්න ඉල්ලපු වරදට ජාතික සේවක සංගමයේ මැරයෝ යොදවලා බයිසිකල් චේන් වලින්
    ගස්සලා වර්ජකයෝ මරවන්නවත් දහස් ගණනක් මහපාරට ඇදලා දාන්නවත් අඹු දරුවන් දුක්විදිනවා බලන් ඉන්න
    බැරුව වර්ජකයන් සිය ගනනක් ගෙල වැලදාගෙන කොච්චිවලට පැනලා වසබීලා මැරෙද්දීවත් කිසිම කෙනෙකුට
    නැවත රස්සාව දෙන්න හිත උණු නොවෙච්ච JR ට අලගුතියන්න මහින්දටමොනවද කොර ගන්න පුළුවන්
    වෙලා තියෙන්නේ? රජයට පවරාගත්ත නිසරු බඩවැටියක් වෙනුවට, තමන්ටත් මැති ඇමති සියල්ලටමත් සරුසාර
    වගා ඉඩම් දෙන්නත් අනාගත චන්ද වලට අත දිග ඇරලා වියදම් කරන්න ගාමිණී දිසානායක වැනි ප්රකෝටිපති
    ඇමතිවරුත් නවලෝක වැනි මුදලාලිලාත් කඩිනම් මහවැලි ව්යාපාරය ඔස්සේ බිහි කරගන්නත්, 83 දි
    තමන්ගේ කුලී මැර හමුදාවන්ට බොරු ජාත්යාලයක් ඉස්සරහට දාගෙන දෙමල මිනිස්සු කොල්ල කාලා කෘර ලෙස
    ඝාතනය කරන්නත් ඉඩදීලා, ඒක තමන්ම සමාවදීලා ශ්රීලනීපයට එරෙහිව පාවිච්චි කරන්න හිතාන එලියට දාපු
    තමන්ට විරුද්ධව සාර්ථකව සංවිධානය වෙමින් තිබුණු JVP එකපිට පටවලා JVP තහනම්
    කරලා සාමාජිකයෝ ටික කැලයට පන්නවලා LTTE එකට මුළුලෝකයේම අනුකම්පාව දිනාගෙන ලංකාව
    තුල අවි ආයුද වලිනුත් ලෝකය පුරා ආර්ථිකවත් සන්නද්ධ වෙන්නත් බටහිර ලෝකයේ ජනතා හදවත් වල අනුකම්පාව
    දිනාගන්නත් ඉඩ සැලැස්සුවේ JR. කදුළුගෑස් රබර් උණ්ඩ ගිනි නිවන හමුදා රථවල ජල ප්රහාර
    අවසානයේදී වෙඩිඋණ්ඩ සාමකාමී පිකටින්වලට හදුන්වා දුන්නේ JR උන්නැහේමයි!.. සාමකාමී රස්වීම්
    පවත්වපු ලෝකප්රකට නාට්ය වේදී සරස්චන්ද්ර පහරදීලා කානු දිගේ ඇද ගෙන යන්නෙත් විවියන් ගුණවර්ධන ට ඒ
    සමාන සැලකුම් ලැබෙන්නෙත් උන්නැහැගෙන්මයි. තමන්ටවිරුද්ධවකතාකරපු බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේපන්සල්වලට
    ඇතුළුවෙන්න බැරි වෙන්න කම්බිවැටවල් වදින්නේත්, තමන්ට විරුද්දව තීන්දු දීපු විනිශ්චයකාරවරුන්ට තුට්ටු
    දෙකේ මැරයෝ යොදවලා හූ කියවලා ගෙවල්වලට ගල් ගස්සන JR පත්තරවලට වාරණ දාලා නිසි
    බලධාරියා විසින් කපා හරින ලද හිස් පිටු සහිත පත්තර හදුන්වලා දීමත් එක්ක බලද්දී මහින්ද දනගාන පොඩි
    දරුවෙකුටත් අන්තයි. ගෝනි බිල්ලන්ගෙන් ජීවිතය් මරණය තීරණය කරන චරිත සහතිකත් විශ්ව විද්යාල
    සිසුන්ගේ කන්වලටපරාල ඇනත් අල දොළ වල මාලුන්ට දිනපතාම අලුත්ම අලුත් මිනී මසුත් පාර දිගේ අදුර
    මකන්න ටයර් සෑයවලුත් අදුන්නලා දුන්න JR එක්ක මහින්දත් මොන ජනාධිපති කෙනෙක්ද? කාට අමතක
    උනත් ඇත්ත කතාව තමයි ලාම්පු කල ගෙඩි චන්දෙ තියලා චන්ද පොතෙත් වාර්තා තියපු එක. අද ඔය
    නායකත්වයේ ඒකාධිපති වාදේ ගැන කතා කරන එව්වෝයි උන්ගේ අප්පච්චිලයි දින නොදාපු අස්වීමේ ලිපි
    ලියලා දීලා JR ලග කුක්කෝ රැලක් වගේ හිටියේ!. JR ඊලග වතාවේ ත් ඉල්ලන්න සරම කැහැපොට
    ගහගෙනයි හිටියේ. ප්රේමදාසගේ කරට්ටුව හොඳටම දන්නා JR පාර්ලිමේන්තුවේ පුපුරපු අත් බෝම්බෙන්
    පස්සේ සරම පහලට දාගෙන පල්ලම් බැස්සේ ජ්විතේ බේරගන්න. ප්රේමදාස තවත් හොදට දර්මිෂ්ට රාජ්ජය
    කරගෙන ගියා මැයි පලවෙනිදාවක සුදු ලේන්සුවක් වනලා බාබුගේ බයිසිකලේ ලගට එනකං. MY3 ට
    කතිරේ ගහලා රනිල්ට පුටුව දීලා බලමු!. රනිල් ඇරියස් අල්ලන්න ගත්තම මහින්ද මොන පීචං පොරක්ද
    කියලා ඔය යහ පාලන කයි කාර රොත්තටම තේරෙයි!. හැබැයි පසු විපරම තියන්න වෙන්නේ අනිත්
    ලෝකේ ඉදගෙන තමයි!. ඉන්ටවල් එකේදී!

    අනේ පලයන් බන් යන්න. තමුන්ගේ පවුලේ ඉන්න ඔක්කොම ලොකු තැන වල දාගෙන හොරා කනවා. යකෝ Air Lanka සභාපති O/L fail යකෝ, ශිරන්ති පොන්නිගේ මල්ලි. ඉතින් මොන කතාද? නාමල් පොන්නි කාර් ගන්නේ අමාරුවෙන් හොයපු සල්ලි වලින් වෙන්න ඇතිනේද? යුද්දේ ඉවර කරපු එක හොඳයි හැබැයි එහෙම කළා කියල තියෙන ඔක්කොම පොඩි බැඳගෙන කාපුවම හරිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බිරි අලියට විනා වයනවා වගේ..හොරට නිදාගෙන ඉන්න...එකා ඇහැරවන්න බැහැ. කවදාවත් උට දැනුවත් භාවය ලබාදෙන්න බැහැ.කොහොමත් උබ චන්දේ දෙන්න එපා. ඔය 2004 2005 ගැන උබ හැම ත්‍රෙඩ් එකම ඇවිත් දොඩවනවා. ඕකට මම ම කිප්පාරක් ක් උත්තර දීලා අතිද? මම විතරක් නෙමයි වලිගමය, ජොලි රොජර්, ඉසුරු හැමොඅම වගේ ඕකට ත්‍රෙඩ් පුරෝලා උත්තර දීල තියනව. උබෙන් චන්දේ ඉල්ලා පොල්ල තිබ්බොත් කියන්නේ උබ කවදාවත් චන්දේ දීලා තියනවද?

    විපක්ස්හෙන් ජේසු තුමා ඇවිත් ඉල්ලුවත් උබ දෙන්නේ මහින්දට එක මෙතන අමතුවෙන් කියන්න ඕනි නැහැනේ.අනික උබ ඔය සමාජවාදය ගැලපෙන්නේ නැහැ කියන්නේ මහින්දගේ හොරකම් අනුමත කරන ගමන් නේද? හොරාගේ හොරකම්වලට ලදේ යන ගමන් සම්ජවාදය ගැන ප්‍රශ්න කරද්දී උබේ නරිවඩම බෙරෙනවා රෙද්ද පල්ලෙන්.

    මේක හිතට ගනින. මෙට හදන්න මුළුම හොරකම් ටික නතර කරන්න ඕනි. සමජවාය පැත්තකින් තියලා එක කරන්න සහයෝගය දීපන්. උබලට කිසි අඩුපාඩුවක් නැතුව බඩට කම ටික වැටෙන නිසා ගානක් නැහැ. කොච්චර දුක් විදිනයද රටේ මිනිසසු.

    මම හිතන්නේ නැහැ උබට නොතේරෙනවා කියලා මහින්ද කරනදේ. උබට ඔච්ච්රම ඕනි නම් චන්දේ දීපන්. එක පර්ශ්නයක් නැහැ. මහින්ද ඉන්නකල් මෙරටේ හොරු නැති කරන්න බහ. ජ්ව්ප් තමයි හොරු නැති කරන්න පුළුවන් එකම පක්ෂය. ප්‍රදාන පෙලේ නයකයෝපවා පොඩි වැරදි නිසා අයින් කරලා තියනවා.

    තමුන් කරන මේ ජඩ වැඩේ ගැන හිතන්න. කවදාහරි මහින්දලට මිනිස්සු සාප ලරනකොට උබලත් වදින්න් පුළුවන්, සමහරවිට අම්මලට , දරුවනට...... කල්පනා කරන්න. තව තව මේ ගැන කතා කරන එක වැඩක් නැහැ

    සරල බහුතරය දන්නේ නැති එවුන් එක්ක මොන දේශපාලනේද බං :)
     
    waligamaya

    Well-known member
  • අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම