පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

    1. කවුද මේ සර්පයෝ?


    ඒ ගැන නොදන්නෙ කවුද නේද? සර්පයෝ උරගයෝ(reptiles). පාද රහිතයි. ශරීරය කොරපොතු (scales) වලින් වැහිලා තියනවා.


    සෑම සර්පයෙක්ගේම ,පි‍ටුපසට හැරුණ දත් තිබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඛේට ග්‍රන්ථි දෙකක් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි සෑදී ඇති අතර ඒ විෂ සිය ගොදුර කරා එන්නත් කිරීමට හැකි වන ලෙසට විකසනය වූ රදනක දත් (fangs) යුගලක්ද ඔවුන් සතුව තිබෙනවා.


    පොළොව මත (කාන්තාර වල පවා) , ජලයේ, ගස් මත ආදී මිහිපිට ඇති සියළුම ස්ථාන වල සර්පයන් දක්නට ලැබෙනවා.


    2.ශ්‍රී ලංකාව තුළ සර්පයන් කීදෙනෙකු සිටීද?


    ලංකාවෙ ඉන්න සර්පයෝ සංඛ්‍යාව නම් සංගණනය කරලා නැතුව ඇති. ඒත් සර්ප විශේෂ ගණන නම් මෙසේ දක්වන්න පුළුවන්.
    ගොඩබිම වසන සර්පයන් විශේෂ 83යි
    දියෙහි වසන සර්පයන් 13 යි.


    3. සියලුම සර්පයන් විෂ සහිතද?


    පැහැදිලිවම නැහැ. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවෙ හමුවන සර්ප විශේෂ 83න් විෂ සහිත සර්පයන් හමු වන්නේ 8ක් පමණයි.


    විෂ අනුව සර්පයන් කොටස් 3කට බෙදිය හැකියි.


    • උග්‍ර විෂ සර්පයන්
    • මඳ විෂ සර්පයන්
    • නිර් විෂ සර්පයන්


    4. අපට හමු වන් උග්‍ර විෂ සර්පයන් පිළිබඳව දැන් මඳක් විමසා බලමු.


    නයා (Naja naja)
    cobra
    nalla paambu -tamil


    කුඩා දරුවෙකුට පවා පහසුවෙන් හඳුනාගත් හැකි සර්පයෙක්. මන්ද යත් පෙනය (hood) සහිතව ලංකාවේදී හමු වන එකම සර්ප විශේෂය මෙයා නිසා. පෙනයේ ඇතුළු පස ඇති සිංහල "ප" අකුරේ හැඩය නිසා කැපී පෙනෙනවා. ( 'ප' අකුර හඳුනන්නේ අපි විතරනෙ. ඒ නිසා අනිත් අයට ඒ සලකුණ පෙනෙන්නේ උපැස් යුවලක හැඩයෙන් ලු.(spectacle marking))
    හොඳින් විකසනය වූ රදනක දත් යුගල විෂ,ගොදුර තුළට පහසුවෙන් එන්නත් කරනවා.


    මේ විෂ වැඩි වශයෙන් බලපාන්නේ ස්නායු පද්ධතියටයි.(neurotoxins)
    ඒ නිසා දෂ්ඨ කිරීමකදී දෙනෙත් විවර කිරීමේ අපහසුව, ආහාර ගිලීමේ අපහසුව, සිහිය නිරවුල් නොවීම, ශ්වසන අපහසුතා ආදිය ඇති වීමට ඉඩ තිබෙනවා. දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානයේ ඉදිමීමක් ද දක්නට ලැබෙනවා. (පොළඟා සපා කෑමකදීට වඩා ඉදිමීමට කල් ගත වනවා)




    තෙල් කරවලා / මගමරුවා ( Bungarus caeruleus)
    Common krait / Indian Krait
    Yettadi virian - tamil


    සමාන්‍යයෙන් දිග මීටර් 0.9ක් පමණයි.නිල් කළු පැහැති සර්පයෙක්. ශරීරයේ සුදු පැහැති මුදු යුගල් වශයෙන් පිහිටා තිබෙනවා.(40ක් පමණ).මේ ඉරි වඩාත් පැහැදිලි වන්නේ ලාබාල අවදියේදී වන අතර වයසට යන විට ඒවා පෙනෙන නොපෙනෙන මට්ටමකට පත් වෙනවා.
    සිරුර මතුපිට තෙල් ආලේප කළ ලෙසට දිලිසෙන ස්වභාවයක් ඇති නිසා තෙල් කරවලා වශයෙන් හැඳින්වෙනවා.
    මෙයාගේ ක්‍රියාකාරීත්වය හොඳින්ම දකින්නට හැකි වන්නේ රාත්‍රී කාලයේදීයි. එනම් වැඩිපුරම දශ්ඨ කිරීම් වාර්තා වන්නේ රාත්‍රි කාලයේ




    මුදු කරවලා ( Bungarus ceylonicus)
    Ceylon krait
    Yettadi virian -tamil


    ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙක්. හොඳින් වැඩුණ වැඩිහිටි සර්පයෙකු දිගින් සෙ. මී. 75ක් පමණ වෙනවා.
    තද කලු පැහැතියි. ශරීරය වටා තනි සුදු පැහැති මුදු පිහිටා තිබෙනවා. තෙල් කරවලාගේ මෙන් නොව උදරය වටාද මෙම මුදු දිවෙනවා.



    බහුලව වාර්තා වන්නේ කඳුකර ප්‍රදේශ වලින්. මහනුවර, පේරාදෙණිය,ගම්පොල, නාවලපිටිය බලංගොඩ ආදී ප්‍රදේශ වල වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙනවා.
    මෙයාත් වැඩිපුරම දශ්ඨ කරන්නේ රාත්‍රී කාලයේදී.


    තෙල් කරවලා සහ මුදු කරවලා යන දෙන්නා දශ්ඨ කළ විටදීත් ඇති වන රෝග ලක්ෂණ බොහෝ දුරට නාගයා ගේ දශ්ට කිරීමට සමානයි. නමුත්, නාගයාගේ හෝ පොළඟාගෙ දශ්ඨ කිරීමේදී මෙන්, විශාල ඉදිමීමක් දක්නට ලැබෙන්නේ නැහැ.




    පොළඟා (viper)
    දේහය කෙටි මහත ස්වභාවයක් ගන්නවා. හිස ත්‍රිකෝණාකාර වන අතර කරවලාගේ මෙන් නොව හිස පැහැදිලි ගෙලකින් දේහයෙන් වෙන් වෙනවා.


    වැලි පොළඟා (Echis carinatus)
    Saw scaled viper.
    Surattai paabbu - tamil

    සාපේක්ෂව කුඩා සර්පයෙකි. දැති සහිත කොර පොතු නිසා " saw scaled viper" යන නම ලැබී තිබෙනවා.

    හිසෙහි මතුපිට ඇති "කුරුලු පාදයක සලකුණ" (bird foot mark) නිසා අනිකුත් පොළොඟුන් විශේෂ වලින් වෙන් කරගැනීමට හැකියි.


    බහුලව දක්නට ලැබෙන්නේ තෘණ බිම් වැනි විවෘත ප්‍රදේශ වලය. දශ්ඨ කිරීම් බහුල වන්නේ රාත්‍රි කාලයේදීය.


    දශ්ඨ කිරීමකින් පසුව රෝග ලක්ෂණ පහල වීම දශ්ඨ කළ ස්ථානය ඉදිමීමෙන් ආරම්භ වනවා.
    මොවුනගේ විෂ රුධිර කැටි ගැසීමට බාධා පමුණුවන අතර, ඒ නිසා විදිරුමස් වලින් ලේ ගැලීම, මුත්‍රා, සෙම සමග රුධිරය පිට වීම සිදු වෙනවා. දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය නරක් වී යාමට (necrosis) ඉඩ තිබෙනවා.

    මිය යාම් වලට හේතුව වන්නේ ලේ විෂ වීම, හ්රද අකර්මන්‍ය වීම, වකුගඩු අකර්මන්‍ය වීම අදියය්. සපා කෑමේ සිට සති 2ක් පමණ කාලයක් ගත වූ පසුවද මරණය සිදුවිය හැකියි.



    තිත් පොළඟා ( Duboia russelli )
    Russell's viper
    kannadi virian - tamil

    කෙටි මහත සර්පයෙක්. දේහය දුඹුරු පැහැතියි
    ගෙල සිට වල්ගය දක්වා දිවෙන තද දුඹුරු පැහැති ඉලිප්සාකර සලකුණු පේළි 3 බැගින් පිහිටයි.


    මොවුනගේ විෂද වැඩි වශයෙන් බලපාන්නේ රුධිර කැටිගැසීමේ ක්‍රියාවලියටයි


    පොළොන් තෙලිස්සා / කුණක‍ටුවා (Hypnale hypnale)
    Humped nose viper
    Komberi mukkan - tamil




    හිසේ ඉදිරි කෙලවරේ නාස් පුඬු සහ දෑස් අතර ඉහළට වක් වූ හොම්බක් (hump) වැනි කොටසක් දක්නට ලැබෙනවා.
    මෙයාගේ විෂ එතරම් ප්‍රබල නැති බව පෙරදී විශ්වාස කළත්, දැන් එය එසේ නොවන බව පැවසෙන්නේ දරුණු වකුගඩු අකර්මන වීම්, රුධිර කැටිගැසීමේ ගැටලු වාර්තා වී ඇති නිසායි.


    කැලෑ ප්‍රදේශ වල සැඟවී සිටීමට ප්‍රියතාවයක් දක්වනවා.



    පළා පොළඟා (Trimeresurus trigonocephalus)
    Green pit viper
    pachchai virian -tamil

    photo - Harsha Matharage
    ඇපල් කොල පැහැති දේහයත්, කලු සහ කහ පැහැති පුල්ලිත් නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.
    රුධිර කැටි ගැසීම ප්‍රමාද වීම්, හර්ද අකර්මණ වීම්, ස්නායු පද්ධතියට බලපෑම් ආදිය ඇති වීමේ අවධානමක් තිබුනද ඒ නිසා මරණයට පත් වීම් මෙතෙක් වාර්තා වී නැහැ.
    සියලුම දේශගුණ කලාව වල දක්නට ලැබුණත්, තේ, කෝපි, කුරුඳු ආදී වතු වල බෙහෙවින් හමුවනවා.


    5.උග්‍ර විෂ සහිත ඉහත සර්පයන් හැරුණ විට, මඳ විශ සහ නිර්විෂ සර්පයන්ද බොහොමයක් අපට හමු වනවා.
    ඒ ගැන පුංචියට හෝ සටහනක් තැබිය යුතු යි.

    මඳ විෂ



    • මාපිලා / ලේ මාපිලා (Boiga forsteni) /Cat snake
    • ඇහැ‍ටුල්ලා (Ehatulla nasuta) / eye plucker
    • දියබරියා (Cerberus rynchops rynchops) / Water snake



    නිර් විෂ


    • ගැරඬියා ( Ptyas mucosus) / Rat snake
    • දාර කරවලා (Cercaspis carinatus) / Ceylon Wolf Snake



    6.සර්පයන් දශ්ඨ කිරීම් වලක්වා ගන්නේ කොහොමද?




    • බොහෝ අවස්ථා වලදී සපා කෑමට ලක් වන්නේ දෙපා. ඒ නිසා සර්පයන් ගැවසිය හැකි ස්ථාන් වල ඇවිදීමේදී සපත්තු, බූට්ස්, දිග කලිසම් ඇඳීම සුදුසුයි.
    • රාත්‍රී කාලයේදී ඇවිදීමේදී ප්‍රබල ආලෝකයක් ගෙන යාම මගින් ඔබට සර්පයන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
    • සර්පයන් කම්පන වලට සංවේදීයි. එම නිසා කැලෑ වල ආදියේ ඇවිදීමේදී කෝ‍ටුවකින් බිමට තට්‍ටු කරමින් යාමෙන් ඔබගේ ගමන් මාර්ගයේ සිටින සර්පයන් එයින් ඈත් කර තැබිය හැකියි.
    • සර්පයන් හැසිරවීමේ විශේෂ පුහුණුවක් ඔබට නොමැති නම්, මිය ගිය හෝ, පණ ඇති සර්පයන් ඇල්ලීමට යාමෙන් වලකින්න
    • හුඹස්, ගස් බෙන, ලී කොට යටට වැනි ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.

    (මොළය පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගැනීමට පුළුවන්)


    7.සර්පයෙකු දශ්ඨ කිරීමකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද?



    • රෝගියාගේ බිය නැති කරන්න. ඔබත් කලබල වී කටයුතු කළොත් රෝගියා තවත් බියට පත් වෙනවා.
    • රෝගියා නොසොල්වා තබන්න.
    • සපා කෑම අතක හෝ කකුලක නම්,එය නොසෙල්වෙන පරිදි ආධාරකයක් මත තබා බඳින්න.
    • වේදනා නාශකයක් ලෙසට පැරසිටමෝල් හැරුණ විට වෙනත් කිසිදු ඖෂධයක් දෙන්නට එපා.
    • දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය ගලායන වතුරෙන් සෝදන්න. නමුත් එතැන අතුල්ලන්නට එපා.
    • රෝගියා නොසොල්වා හැකි ඉක්මනින් රෝහලක් කරා ‍රැගෙන යන්න. දශ්ඨ කිරීම සිදු කළ සර්පයා හැකිනම් රෝහලට ‍රැගෙන යන්න. එවිට ප්‍රතිකාර කිරීම පහසු වේ.

    http://ledakgena.blogspot.com/2012_07_01_archive.html
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෝගියාගේ බිය නැති කරන්න. ඔබත් කලබල වී කටයුතු කළොත් රෝගියා තවත් බියට පත් වෙනවා.
    මෙන්න මේක තමයි කරන්නම අමාරු :(
     
    • Like
    Reactions: crazyasa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    woodenspoon-2.gif



    THANKS Machan... REP++++++
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර