ලැජ්ජයි ඩිල්ෂාන්.........
දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක් ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප් පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු. කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය. වැඞ්ඩාගේ පන්දු රැුකීම අනර්ඝය. අපටනම් ඔබ ලොව සිටින හොඳම පන්දු රකින්නාය. ඔබ අතට පන්දුව එනතෙක් ඔබට වඩා අපි බලා සිටින්නෙමු. ඒ රැුක ගත නොහැකි උඩ පන්දු ඔබ රැුක ගන්නා බැවිනි. අන් අයට වඩා විදුලි වේගයෙන්, පන්දුව වෙත පැමිණ පිතිකරුවන් දුවද්දි දැවී යෑම්වලට හසු කරගන්නා බැවිනි. ඔබ දේශපාලකයෙකුගේ මැතිවරණ ප්රචාරක දැන්වීමකට පෙනීසිටිතැයි අප කෙදිනකවත් සිතුවේ නැත. එසේ කිරීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි ද නොසිතමු. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබාදුන්නත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නත් අපට කම් නැත. ඒ ඔබේ අයිතියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍ර‍්‍රඩා කරන කාලයක එවැනි දැන්වීමක පෙනි සිටීම අපි තරයේ හෙළා දකින්නෙමු. එසේ කළේ ඇයි ද යන්න දන්නේ ඔබ පමණි. මා මෙතෙක් දැක්කේ ඔබේ දැන්වීම පමණි. තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයකු ගැන මෙසේ ලියන්නට නොවේවායි පතමි. මහත් පසුතැවීමකින් මෙය ලියමි. අප ඔබට අත්පුඩිගැසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම්වල හෝ වෙනත් දේශපාලන කි‍්‍රයාවක නිරතවනවාට නොව, අපි සැවොම ආදරය කරන කි‍්‍රකට් කණ්ඩායමේ සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීම නිසාය. ඔබේ කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ විට, විලාසිතවලින් ඈත් වී සරල කී‍්‍රඩකයකු වීමට ඔබගත් තීරණයට අපි මහත් ගරු කරන්නෙමු. එවැනි ඔබගෙන් අපි මෙවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. කණ්ඩායමේ නායකත්වය ලබාගෙන, තුවාල ලැබූ ඇඟිල්ලක් පැලැස්තර ඔතාගෙන ලෝඞ්ස් පිටියේ ඔබ රැුස්කළ ලකුණු 193 අපට තවමත් මතකය. එවැනි කැපකිරීමක් කළ කී‍්‍රඩකයකුගේ අපි මෙවැන්නක් බලාපොරොත්තු වූවා යැයි සිතනවා නම්, ඒ ඔබ වැරැුදිලාය. නැවතත් නැවතත් කියන්නට ඇත්තේ ඔබ කාට ඡුන්දය දුන්නද අපට කම් නැත. කී‍්‍රඩාවෙන් විශ්‍රාම ගොස් දේශපාලනයට පිවිසියද අපට කම් නැත. එවැනි අවධියක දේශපාලන දැන්වීමකට පෙනිසිටියද අපට කම් නැත. එහෙත් ඔබ ලෝක කුසලානයක් පෙනෙන මානයේ මේ කළ දෙය නම් වාවන්නේ නැත. මා ඔබේ දැන්වීම දුටුවේ ඊයේ (2014.12.21* රාතී‍්‍රයේය. එතැන් පටන් මේ සටහන ලියන තෙක්, මහත් ආවේගයෙන් සහ නොඉවසිල්ලෙන් සිටියෙමි. මා දන්නා දෙයකි. ඉහත හැඟීම් දෙකෙන්ම කිසිවකුටත් පලක් නැත. ලියන්නට බොහෝ සිතා සිටියද දැන් මතක නැත. අවසානයේ ඇත්තේ මහත් පශ්චාත් තාපයකි. අපි ඔබට අසිමිතව ආදරය කළෙමු. පක්ෂ පාටවලට භෙදී සියල්ලොම් දේශපාලනයෝ නිරතවෙති. නමුත් ඒ සියල්ලෝම එක්වෙන තැනකි. ඒ ඔබ සිටින මෙරට කි‍්‍රකට් කණ්ඩායමය. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමය. අපි සැවොම ඔබ සමඟ සිටියෙමු. අවසානයේදී ඔබත් දේශපාලන ගොදුරක් වී ඇත. අප දන්නේ නැත. එහෙත් කියන්නට ඇත්තේ අපි පක්ෂ පාට භේදයකින් තොර ආදරය කළ, ශ්‍රී ලංකාවේ අභිමානය, සමඟිය, මෙරට සියලූ හොඳ යහපත් සියල්ල ලොවට පෙන්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන් බවය.
හර්ෂණ තුෂාර සිල්වා
2014.12.22