භාතියට ඇඩ්ඩ්‍රස් නෑ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බුකියෙ දැකපු පට්ටම කොමෙන්ටුව..:(

    වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..

    ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
    රෝහණ වීරසිංහ ප්‍රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
    මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
    එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
    කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
    එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
    ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..
     
    • Like
    Reactions: Dntec

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON

    තව ලියන්න තිබ්බ බන් වැඩක් නැහැ කියල හිතුන :(
     
    • Like
    Reactions: Dreams001

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ලැජ්ජයි ඩිල්ෂාන්.........
    දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක් ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප් පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු. කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය. වැඞ්ඩාගේ පන්දු රැුකීම අනර්ඝය. අපටනම් ඔබ ලොව සිටින හොඳම පන්දු රකින්නාය. ඔබ අතට පන්දුව එනතෙක් ඔබට වඩා අපි බලා සිටින්නෙමු. ඒ රැුක ගත නොහැකි උඩ පන්දු ඔබ රැුක ගන්නා බැවිනි. අන් අයට වඩා විදුලි වේගයෙන්, පන්දුව වෙත පැමිණ පිතිකරුවන් දුවද්දි දැවී යෑම්වලට හසු කරගන්නා බැවිනි. ඔබ දේශපාලකයෙකුගේ මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමකට පෙනීසිටිතැයි අප කෙදිනකවත් සිතුවේ නැත. එසේ කිරීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි ද නොසිතමු. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබාදුන්නත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නත් අපට කම් නැත. ඒ ඔබේ අයිතියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍ර‍්‍රඩා කරන කාලයක එවැනි දැන්වීමක පෙනි සිටීම අපි තරයේ හෙළා දකින්නෙමු. එසේ කළේ ඇයි ද යන්න දන්නේ ඔබ පමණි. මා මෙතෙක් දැක්කේ ඔබේ දැන්වීම පමණි. තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයකු ගැන මෙසේ ලියන්නට නොවේවායි පතමි. මහත් පසුතැවීමකින් මෙය ලියමි. අප ඔබට අත්පුඩිගැසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම්වල හෝ වෙනත් දේශපාලන කි‍්‍රයාවක නිරතවනවාට නොව, අපි සැවොම ආදරය කරන කි‍්‍රකට් කණ්ඩායමේ සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීම නිසාය. ඔබේ කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ විට, විලාසිතවලින් ඈත් වී සරල කී‍්‍රඩකයකු වීමට ඔබගත් තීරණයට අපි මහත් ගරු කරන්නෙමු. එවැනි ඔබගෙන් අපි මෙවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. කණ්ඩායමේ නායකත්වය ලබාගෙන, තුවාල ලැබූ ඇඟිල්ලක් පැලැස්තර ඔතාගෙන ලෝඞ්ස් පිටියේ ඔබ රැුස්කළ ලකුණු 193 අපට තවමත් මතකය. එවැනි කැපකිරීමක් කළ කී‍්‍රඩකයකුගේ අපි මෙවැන්නක් බලාපොරොත්තු වූවා යැයි සිතනවා නම්, ඒ ඔබ වැරැුදිලාය. නැවතත් නැවතත් කියන්නට ඇත්තේ ඔබ කාට ඡුන්දය දුන්නද අපට කම් නැත. කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගොස් දේශපාලනයට පිවිසියද අපට කම් නැත. එවැනි අවධියක දේශපාලන දැන්වීමකට පෙනිසිටියද අපට කම් නැත. එහෙත් ඔබ ලෝක කුසලානයක් පෙනෙන මානයේ මේ කළ දෙය නම් වාවන්නේ නැත. මා ඔබේ දැන්වීම දුටුවේ ඊයේ (2014.12.21* රාතී‍්‍රයේය. එතැන් පටන් මේ සටහන ලියන තෙක්, මහත් ආවේගයෙන් සහ නොඉවසිල්ලෙන් සිටියෙමි. මා දන්නා දෙයකි. ඉහත හැඟීම් දෙකෙන්ම කිසිවකුටත් පලක් නැත. ලියන්නට බොහෝ සිතා සිටියද දැන් මතක නැත. අවසානයේ ඇත්තේ මහත් පශ්චාත් තාපයකි. අපි ඔබට අසිමිතව ආදරය කළෙමු. පක්ෂ පාටවලට භෙදී සියල්ලොම් දේශපාලනයෝ නිරතවෙති. නමුත් ඒ සියල්ලෝම එක්වෙන තැනකි. ඒ ඔබ සිටින මෙරට කි‍්‍රකට් කණ්ඩායමය. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමය. අපි සැවොම ඔබ සමඟ සිටියෙමු. අවසානයේදී ඔබත් දේශපාලන ගොදුරක් වී ඇත. අප දන්නේ නැත. එහෙත් කියන්නට ඇත්තේ අපි පක්ෂ පාට භේදයකින් තොර ආදරය කළ, ශ්‍රී ලංකාවේ අභිමානය, සමඟිය, මෙරට සියලූ හොඳ යහපත් සියල්ල ලොවට පෙන්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන් බවය.
    හර්ෂණ තුෂාර සිල්වා
    2014.12.22

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් උබලා තමන් දරණ මතය වෙන අයෙක් දැරුවෙ නැහැ කියලා ලේ පුච්චන් බනින්නෙ
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(
    මිනිස්සුන්ට රිදෙනකොට උන් ඒව අමතක කරන්නෙ සින්දුවක් අහල එකේ මොකක් හරි බලල
    එකෙ ඉන්න උනුත් ආපහු රිද්දනකොට ඉන්න බැහැ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිස්සුන්ට රිදෙනකොට උන් ඒව අමතක කරන්නෙ සින්දුවක් අහල එකේ මොකක් හරි බලල
    එකෙ ඉන්න උනුත් ආපහු රිද්දනකොට ඉන්න බැහැ බන්
    :dull::dull: පඩයක් ගියත් ෆ්බ් දාන සමාජයක උන්ගෙ දෙශපාලන මතය කියන එක වරදක්ද උබලාගෙ ගෙවල් වලට ඇවිත් බල කරාද මරාට චන්දෙ දෙන්න කියලා උන්ට අයිතියක් නැද්ඩ දෙශපාලනයක් තොර ගන්න උබලාට රස විදින්න ගිත හදන එක විතරද උන් කරන්න ඔන :lol::lol::lol: එ වහල් සමජෙ ඉවරයි බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තව ලියන්න තිබ්බ බන් වැඩක් නැහැ කියල හිතුන :(
    අප්පටසිරි.. උඹද ලිව්වෙ..

    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(
    උඹගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා බං..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    උන් මයිත්‍රි ට කඩෙ ගියානම් මෙහෙම කතා අහන්න වෙන්නෑ නෙ බන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අප්පටසිරි.. උඹද ලිව්වෙ..

    උඹගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා බං..

    පක්ශ නායකයෙක් පක්ශ මන්ත්‍රි කෙනෙක් විවෙචනය කරන එක වෙනම දෙයක්
    පාක්ශියන් හා විපාක්ශිකයන් එ විවෙචන කරනාව ඔය අනුර කුමරාලා කරන්නෙ අන්න එ වගෙ අවුල නැහැ නැතිව රටෙ ඉන්න කලා කාරයො අපි වගෙම මෙයා චන්දෙ දෙනවා කියන එකට බනින එක අසාදාරණයක් බන් අපිත් මොන පක්ශෙට හරි චන්දෙ දෙනවා කියන ගමන් :frown::dull:
    Mekanam aththa habai :yes:
    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    මේ කතාවට නම් උඹත් එක්ක යම් තාක් දුරට එකඟ වෙන්න වෙනවා.......මම ජැක්සන් ඇන්තනි කියන දක්ෂ නළුවට කලාකාරයට ඉස්සරත් කැමති දැනුත් කැමති නමුත් උගේ අජූත දේශපාලනේට කොහෙත්ම කැමැත්තක් නැහැ....හැබැයි ඒකෙන් උගේ නිර්මාණ රස විදින්න බාදාවක් කරගෙනත් නැහැ

    කොහොමත් බං අපි ක්‍රීඩකයොන්ගේ කැමති ක්‍රීඩා හැකියාවට ගායකයෝන්ගේ කැමති සින්දු වලට නළුවොන්ගේ කැමති රඟපෑම් වලට ඒ මිසක් උන්ගේ පුද්ගලික මත වලටවත් දේශපාලන මත වලටවත් නෙවෙයිනේ.....උන්ගේ මත උන්ට තියාගන්න කියල හිටියම හරි.....ඒවාට බනින්න ඕනෙත් නැහැ ඒවා නිසා තමන්ගේ මත වෙනස් කරගන්න ඕනෙත් නැහැ
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    :dull::dull: පඩයක් ගියත් ෆ්බ් දාන සමාජයක උන්ගෙ දෙශපාලන මතය කියන එක වරදක්ද උබලාගෙ ගෙවල් වලට ඇවිත් බල කරාද මරාට චන්දෙ දෙන්න කියලා උන්ට අයිතියක් නැද්ඩ දෙශපාලනයක් තොර ගන්න උබලාට රස විදින්න ගිත හදන එක විතරද උන් කරන්න ඔන :lol::lol::lol: එ වහල් සමජෙ ඉවරයි බන්
    මම උබත් එක්ක කලා කාරයො සමාජය එක්ක අනුගත වෙන්න ඕනෙ කොහොමද කියල තර්ක කරන්නෙ නැහැ. මොකද උබ දකින කලාව මගේ නිර්වචනයේ උප කුලකයක්.යකෝ දේශපාලන පක්ෂයකට කඩේ යනව කියන්නෙ කරන හොද නරක දෙකටම කැමතියි කියන එක. හිතල බලපන් උබේ ඔටු මොලෙන්
    අපක්ෂපාතීව ඉන්න එක ගැටළුවක් නෙවෙයි