*** නිධන් වස්තු සොයා ***

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ela, no8 pic eka thiyenne, paanama jungle eka athule , ethana oyawage niyama place ekaka, ethna thibba hotel ekaka suddekuge, miniha ethana thibba nidhane aragena , hotel eka atha arala england gihilla kiyanawa...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    +10
    4.gif
     
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    මටද, enamiyaa ගේ Thread එකේ Reply එකක් දැමීමට ලැබීම මහත් භාග්‍යක් සේ සලකමි.
    :rofl::rofl:

    මම, මගේ පියා හෝ පවුලේ කිසිකෙනෙක් පුරාවිද්‍යාව පිලිභද කිසිදු තනතුරක් දරා නොමැති අතර, අපේ පව්ලේ කිසි කෙනෙක් නිධන් හාරා නොමැති බවද සදදහන් කිරීමට කැමැත්තෙමි,

    මම විසින් පහත කරුනු දක්වනු ලබන්නෙ 100% ක්ම මාවිසින්ම නිධන් හාරන්නන් (නිධන් හොරුන් :rofl: හා හොරුන් යැයි කිව නොහැකි සමාජ තලවල සිටින පුද්ගලයන් :P) සමඟ අවුරුදු ගනනක ගත් අද්දැකීම් (1st hand) මත පිහිටා සිට හා, මගේ වයස මෙන් කිහිප ගුනයක් අද්දැකීම් ඇති නිදන් පිලිභද ප්‍රවීන්නයන් මා සමග බෙදාගත් දැනුම හා, නිධන් හාරන අවස්තාවල මා අප නඩය සමග ගිය, පුරාවිද්‍යා ආචාර්ය වරුන්, විශ්වවිද්‍යාල දේශක වරුන් හා, නිදන් පිලිබද විශේශම දැනුමක් ඇති "ගුරන්" හා වැඩ කිරීමෙන් ලබාගත් දැනුම මත පිහිටා සිට වේ.
    (එමෙන්ම කිබුලා මාමි ලිදේ දැමීමට කිසිදු මෙව්වා එකක් මට නොමැති බවද සදහන් කල යුතුය ඇත. කිබුලා දිය ගොඩ වෙසෙන උභය ජීවියෙක් (කැත සතෙක්) නිසා මට ඌ ලිදේ දැම්මාට ලැබෙන කිසිදු මෙව්වා එකක්ද නැත :D)


    නිධන් යනු මිථ්යාවක් නොවන බව නම් 100%ක්ම සත්‍යකි. මම එය එක හෙලා පිලිගන්නෙ නිදන් වලින් ලැබුන වස්තු සහ නිදන් ගන්නා අන්දම මා හොදාකාරව දැක ඇති බැවිනි. එහෙත් සියලු නිදන් වල ඇත්තෙ වස්තුව නොවන බවද, අද සමාජයට කිසිදු වටිනාකමක් නොමැති නිදන්ද බොහෝ ඇත, එම නිසා නිදන් 100% ක් ඇත්ත වූවාට, ඒවායින් වස්තුව ලභාගෙන ගොඩ යාහැකිය යන මතය නම් වැරදි මතයකි,

    එහෙම්න නිධන් ලකුනක් සහිත ජ්යාරූපයක් දැක්ක පමනින් කිසිදු ප්‍රකාශයක් කල නොහැකි අතර, එම ස්ථානයට යාමෙන්, භූමි පිහිටීම, වෙනත් ලකුනු, අවට පරිසරය, පොලවෙ වියලි/ තෙත් ස්වභාවය, පරිසරයේ ගුප්ත භාවය, කට කතා හා ජනප්‍රවාද, වැනි දේවල් වලින් 50% ක් පමන සාර්ථකව යමක් ප්‍රකාශ කල හැකි බවද,
    ඉතිරි 40% ක් පමන pi induction Scanner එකකින් හො, Eco Scanner එකක් මගින් බලාගත හැකි අතර, පාතාල අදුනක් බලාගත හැකිනම් වඩා අගනේය.

    එහෙත් 100% ක්ම නිධානයක් ඇති බව නිධානය හාරා වස්තුව අතට ගන්නා තෙක් ප්‍රකාශ කල නොහැක.
    සමහර ඉතාශදක්ශ නිධන් කරුවන්, මන්තර හා බහිරවයන් මාර්ගයෙන් නිදානයට අතක් හො නොතබා නිධානයෙහි තිබු සියලු වස්තුව පිටට ගෙන්වා ගෙන නිදන් හිස් කරන ලද අවස්තා ද මම දැක නැතුවා නොවේ, එවැනි දෙයක් Pulse Induction Scanner එකක් මාර්ගයෙන් දැනගත හැකිවුවත් අපි බොහොදුරට පාවිච්චි කරන අධිතාක්ශනික Eco Scanner වලට කිසිලෙසකින් අසු නොවේ. එනම් නිධානයක් ගැන එය ඇස්දෙකෙන් බලන තුරු ප්‍රකාශ කල නොහැක.

    50% 50% ඔබේ කතාවට එකග විය හැක, එහෙත් මෙහි ප්‍රමානය හා, තිබෙන ස්තානය අනුව නිදන් ලකුනක් යැයිද මතයක් පහලවේ,
    එහෙත් මේවා සඟසතු වස්තු වන අතර නිදන් හාරන කිසිම කෙනෙක් මේවා පිලිභද තන්හා ඇති කරගත නොයුතුය,

    මෙවන් ලකුනක් නිධානයක් වුවත්, ඒහි අන්තර්තය බොහෝවිට රන් බුදුපිලිමයක්, පාත්තරයක්, කැම පිසින බදුන්, කරඩු වැනි දෙයක් වේ, ගෙපලක් කපන අවස්ථාවක හෝ මෙවන් නිධානයක් මතු වුවහොත් සියලු වස්තුව ලගම ඇති පංසලට පූජා කරනු මැනවි,


    මෙම රූපය නම් නිධානයක් බව 85%ක් මගේ මතයයි. බොහොවිට සැතපෙන ඇදක්, ගල්කනු, සිංහාසන වැනි ඉතා දුර්ලභ හා වටිනා නිධන් ලකුනු ඇති තැන් හැරීමෙදි පොලවෙ ඉතා ගැබුරින් මෙවැනි ගල් දොරවල් පිහිටා ඇති අවස්ථා මා දැක ඇත, මෙවැනි ගලක් කැඩීමට ලක්ශ 25-50 අතර මුදලක් වියදම් කලයුතු අතර, ඉට වඩා මුදලක් බහුරවයන්ට පිදේනි ලබා නොදුනහොත් මෙම නිදාන කිසිදිනක ලබාගත නොහැකි වන්නේ මේවාට බැද ඇති බහිරවයන් ගනන ඉතා වැඩි නිස ඔවුන් සතුටු නොමැති නම් බහිරවයන් නිධන් වෙනත් තැන් වලට ගෙන යන බැවිනි.


    ටැම්පිට විහාර හෝ ගොඩනැගිලි වල ගල විදින්නෙ පිලිවලකටය. එහෙත් නිධන් ලග මේවැනි කෝවා වලවල් පිහිටන්නෙ පිලිවලක් නොමැතිවය.
    කෝව වලක් දැනගත හැකි පහසුම ක්‍රමය ඒවා ඇතුලට ඇති සුමට බවයි. අනෙක් ක්‍රමය කෝව වල වටේ පිහිටා ඇති අනෙකුත් ගස් වර්ගයි.
    නිධාන අලවන Plaster එකසැදීමට ගන්නා ගල් වර්ග වල කොටස් හා ලංකාවෙ විවිද පාලත් වලින් ගෙනා අනෙක් ශාක කොටස් වලින් හටගත් නවශාක එම කෝව වලවල් අසල දැක ගත හැකි වනු ඇත,

    තවත් කරුනක් වන්නෙ, ටැම්පිට විහාර සැදිමට ගන්නා වලවල් වල ඇත්තෙ කොටු හැඩයකි, ඇතුලට ඉතා රලුය. :yes::yes:


    ගල් පතුරු ගැලවීම යනු නිධන් වලටම ආවේනික වු දෙයක් නොවේ, පැරන්නන් ඉතා හොද ගල් කපන්න්නන් වු අතර :dull: ඔවුන් ගල් කැපිම සිදු කරේ මේ ආකාරයට සිදුරු කර ඒවා තුලට ඉතා පිඩනයකින් ලී කූරු ඇතුල් කර ලබාදෙන පීඩනය මගින් ගල ක්‍රමානුකූලව පතුරු ගසා ගැනිමටය, මේ ලෙස ගල පතුරු කිරීමට සැම ගලකින්ම නොහැකි අතර, ගල් වැඩ කරුවන්ට කුලු ගෙඩියකින් ගලට පහර දී එම ගලෙන් එන ෂබ්දයෙන් හා මිටිය ආපසු එසවෙන ආකාරයෙන් එම ගල පතුරු කල හැකිද යන්න දැන ගත හැකිය.

    මේවා ඇති ස්ථානයක නිධානයක් ඇතැයි බොහො අය විශ්වාස කරන නිසා, නිදානය හා නිදන් ලකුනු පොලොව යට පිහිටියත් මෙම සිදුරු ගල් තලාවක් මත පිහිටන නිසා, මෙම සිදුරු ඇත්නම් බොහො විට පාතලා අදුනක් බැලිමට බොහො පිරිස් පෙලබේ, නිධානයක් වල දැමු පසු ප්ලේට් එක දැමිම සදහා මෙලෙස ගල් පතුරු කරගැනිම සිදු කරයි.



    චෛත්‍යයක හෝ වෙනත් ස්ථාන වල නිධන් තැන්පත් කරන්නෙ මෙම ගල් වලින් කරන ලද භාජනය මත ය, ප්‍රදේශයෙන් ප්‍රශේශයට මෙයට ව්‍යවහාර වන නම වෙනස් නමක් ගත්තද බොහොවිට මෙහි නමට "පෙත" යන කොටස ඇතුලත් වේ. මෙම පෙත ප්‍රයෝජනයට ගන්නෙ මැනික් සහිත නිදන් වල වන අතර...

    මෙහි එක්තරා රටාවකට නායක මැනික, ස්ත්‍රී, පුරුශ, නපුංසක මැනික් තබනු ලබයි. එම මැනික් තබන රටාවෙන් එයට බන්දනය කර තිබූ (කලින් නිදහස් වූ බහිරවයන්ද ඇතුලුව) සියලු බහිරවන්ගෙ තොරතුරු ප්‍රවීනයෙකුට කිව හැකිය.

    එහෙත් අද කාලයේ මෙවැනි මැනික් පොකුරකින් වැදගත් මැනික් ඇත්තෙ ඉතා කිහිපයක් වන අතර, බොහො විට නිල් මැනික්, රතු මැනික් හැරෙන්නට අනෙක් බොහෝ මැනික් වර්ථමාන වෙලදපොලේ ඉතා කුඩා අගයකි.

    මේ හැඩය හැරෙන්න නිධන් වල විවිද භාජන වල වස්තුව තැන්පත් කරයි. බොහො විට මෙලෙස කුඩා කාමර කාමර සහිත දෙයක මැනික් තැන්පත් කරන්නෙ ඒ මැනික් වතුරෙහි ගිලී තිබෙන්නටය, එසේ නොමැති නම් මැනික් මැරෙන බව සියලුදෙනාගේ විස්වාශයයි.



    ස්වාභාවිකව මේවා ඇතිවිය හැකි වුවත්, හරියාකාවව පේවී පුජාවල් තැබූ විට මෙවැනි ගල් දොරවල් ඇරුනු අවස්තා බොහෝවිට සමාජයේ අසන්නට ලැබෙයි,
    මෙවැනි ගල් දොරවල් ස්වභාවිකද නැද්ද යන්න බලා ගැනිමට ද කරමයක් ඇත, එනම් මෙවැනි දොරක් ඇති නිදානයක ඇතුල බලා ගැනිමට කොහෙන් හෝ සිදුරක් ඇත,
    එම සිදුරෙන් ඇතුලේ ඇතුලෙ ඇති වස්තුව දැක ගත හැකිය,

    එහෙත් අවාසනාවකට මෙන් එවැනි සිදුරු පැරැන්නන් විසින් බොහො විට වසාදමා ඇත්තෙ, නිදානය වැරදි පුද්ගලයන්ගෙන් බේරාගැනිමට විය යුතුය.

    මාස කිහිපයකට ඉහත මාහට මෙවැනි ස්ථනයක් බැලිමට යාමට අවස්ථාව ලැබුනි, එයද මේ ආකරයටම සිවභාවික ගලක් තුල විශාල ගල්දොරක් සමහ නිර්මානය කර තුබුනේ කාටත් සැක නොහිතෙන පරිදිය. එහෙත් අපි යන අවස්ථාවෙ යම් පිරිසක් නිවැරදි ක්‍රම වලට ගල් දොර විවර කර වස්තුව ගෙන ගොස් තුබුනු අතර, ඇතුලට දර්ශන අපට අදහාගත නොහැකි විය. ඇතුලට බහිරව රූප ගලින් නෙලා තිබූ අතර සැබැ භාන්ඩාගාරයක සිරි ඇතුලත පෙන්නෙන්නට තිබින, අපට විනාඩි කිහිපයකට වඩා එතැන රැදිමට අප නඩයේ ගුරන්ගෙන් අවසර නොලැබුනේ, අමනුශ්‍ය බලවේග ඒ වනවිටත් එතැන රැදී තිබෙන්නට හැකි බව නිසා සහ, ඒ වන විටත් පොලීසියෙන් එම ස්ථානයට ඒමට තිබූ අවස්ථාව නිසාය,

    සියලු තොරතුරු මගේ අද්දැකීම් මත වන අතර වැරදි තැන් නිවැරදි කරනු මැනවි, තවද, නිදන් පසුපස ගියේ ඒවාගැන තිරතුරු සෙවීමට තිබු ආසාව නිසා පමනක් බවත්, නිදන් වලින් ශත පහක හෝ දෙයක් මා ලබාගෙන නොමැති බවත් සදහන් කරනු කැමැත්තෙමි,.
    බඩේ ඇති කඩු පාරකුත්, ඇග පුරා කැලවල් වල කටු පදුරු වලින් ඇතු උනු සීරීම් පාරවලුත්, ඉතා විශ කූඩැල්ලන් 20 ක්ට අදික ප්‍රමානයක් එක වර ලේ උරා බීමෙන් ඇති වූ අවුරුදු ගනනක් ගියත් තවමත් වද දෙන තුවාල කිහිපයක් හැරෙන්නට මා නිදන් සොයා යාමෙන් ලැබුවේ ජිවිතයේ විදිය යුතු තවත් ආශ්වාදයක් පමනි.


    බොහෝම ස්තුතියි සහෝදරයා :yes::yes::yes: ...... ඔබ අනිවාර්යෙන්ම මාව නිවැරදි කල යුතුයි .... එමගින් මටත් ඔබටත් මේ ත්‍රෙඩ් එක බලන අනිත් අයටත් විශාල ප්‍රයෝජනයක් වනු ඇත ..... :yes::yes: අවන්කවම මටත් තියෙන්නේ එහෙන් මෙහෙන් ඇසුණු , එක එක අයගෙන් අහගත්ත , පිළිවෙලක් හා 100% ක් නිවැරදි නොවූ තොරතුරුයි. මචං උබ කිව්ව විස්තර නම් මමත් පිලිගන්නවා... හ්ම්ම්ම් අපේ කිබුල් සහෝදරයත් වටිනා අදහස් ගොඩක් දාල තිබුන.උබල දෙන්නටම බොහොම ස්තුතියි මචං :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    එනිමි සහෝදරයා ගේ සමහර අදහස් ඛණ්ඩනය වන ආකාරයට යමක් පැවසීමට සිදුවීම ගැන පළමුව සමාව අයදිමි. මේ කරුණු මා තිර ලෙසම පවසන්නේ මගේ පියා හිටපු පුරාවිදු අධ්‍යක්ෂවරයා බැවින් සහ ගෙර ඇති නොයෙක් පොත පත කියවීමෙන් ලද දැණුමිනි.

    පළමුව පැවසිය යුත්තේ නිදන් යනු 100%ක් මිත්‍යාවක් නොවන බවය. නමුත් මෙහි ඇති සමහර සළකුණු වල අදහස සහ තේරුම් ගැනීම මෙසේ විය යුතුය.


    scaled.php

    මේ උඩින් දක්වා ඇත්තේ නිදන් සළකුණක් නොව පිහිටි ගලක කනින ලද සදතඩ පහනක ගෙවී ගොස් ඇති නෂ්ඨාවශේෂය. මේ නුවර-ගම්පොළ යුගයට අයත් කලා ලක්ෂණ පෙන්වන්නකි. නිදසුන් සදහා ඔබ දලදා මාලියට ගියවිට එහි ඇති සදකඩ පහන් නරඹන ලෙස ඉල්ලමි.



    scaled.php

    මේ ඡායාරූපය පාෂාණ උද්ගත වීම නම් සොබාවික සංසිද්ධිය නිසා ඇතිවන කුට්ටි ඛණ්ඩනය නිසා සෑදුණු භූ රූපයකි. ක්වාර්ස්ට් පාෂාණ අතර තරමක් ජලයේ ද්‍රාව්‍ය බැසෝල්ට් හෝ ජීර්ණය වන මයිකා හෝ මෘදු සිලිකා තැන්පත් වීමෙන් පසු ස්වාභාවික ජීර්ණයකට ලක්වී මෙවැනි කුට්ටි ඛණ්ඩක රූප සෑදේ (වැඩි දුර කියවන්න මහාචාර්ය උපාලි වීරක්කොඩි විසින් ලියන ලද භූ භෞතික සහ භූ රූප පිළිබද ව පොත් පත්)


    scaled.php

    මේ ඡායාරූපය අනිවාර්යෙන් පැරණි ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයක එකකි. පිහිටි ගලේ මෙසේ කුහර විද, ඒ තුලට ලී සිටවා ඒ මත ගොඩනැගිල්ල කරවන “ටැම්පිට“ ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයකි.


    scaled.php

    මේ පැරණි මානුෂ ක්‍රියාකාරකම ගැන මත දෙකක් පවතී. පලමුවැන්න මේ ගල් කැඩීමට භාවිතා කල උපක්‍රමයක් බවය. මෙසේ දුරින් සිදුරු විද ඒ සිදුරු තුලට විශාල තෙරපීමක් ඇති කිරීමෙන් ගල් කුට්ටි කල බව පළමු මතයයි. දෙවැන්න මේ සිදුරු හාරා ඒ තුල යකඩ කම්බි ඇතුළු කොට කරවන යම් ඉංජිනේරු ක්‍රියාවක නෂ්ඨාවශේෂ බවය.



    scaled.php

    මේ චෛත්‍යයක නිදන් ගල ලෙස හැදින්වෙන නිදන් තැන්පත් කරන ලද ගලය. මේ කුඩා සිදුරු වල මැණික් ආදිය තිබෙන්නට ඇත. මෙය ගවත් හතරැස් ගල් පොත්තකින් අවරණය කොට නිදන් ගල සාදයි.


    scaled.php

    මෙය ද කුට්ටි ඛණ්ඩනයේ එක් අවස්ථාවකි. පාෂාණ වල ඇති සමහර ද්‍රව්‍ය වල තාපජ ප්‍රසාරණ සංගුණකය වෙනස් වීම නිසා රත් වීමේ දී සහ සිසිල් වීමේ දී පාෂාන වල ඇති වන අසමතුලිත ප්‍රසාරණ/සංකෝදන මේ තත්ත්වයන් නිර්මාණය කරයි.


    ඔබට බොහෝම ස්තුතියි සහෝදරයා :yes::yes: .. ඔබ අපිට කලේ විශාල උපකාරයකි ..... මම නොදැන සිටි කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඔබ ඉදිරිපත් කර තිබුනා..... ඇත්තටම kzone සහෝදරයා .... නිධන් සම්බන්දව ඔහුට ස්වකීය අත්දැකීමෙන්ම ලැබුන ත්‍රාසජනක අත්දැකීම් සහ වඩාත් ආකර්ශනීය මත රාශියක් ඉදිරිපත් කරා .... ඒ අතරම ඔබ විසින් මෙම විෂය සම්බන්දව පවතින පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉතාමත් තර්කානුකුලව අලංකාරව ඉදිරිපත් කරා...... බොහෝම ස්තුතියි.... මට අද දැනෙනවා මගේ ත්‍රෙඩ් එක අද සම්පුර්ණ උනා වගේ. :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා. කමෙන්ට්සුත් එක්කම. බ්ලොග් එකක තිබුන මගේ යාලුවෙකුට වෙච්ච කතාවක් මතක් උන්නා. පෝස්ට් කරන්නම්.

    ලින්ක් එක මේක.

    http://www.hisahasa.blogspot.com/2012/09/blog-post.html

    කතාවේ නම ලක්ෂ පනහක සුවඳ..


    ..............................................................................

    කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත මගෙන් හාර අවුස්සලා අහන එක තමා මට රුස්සනෙම නැත්තේ. එහෙම උදවියට මම මුලින්ම උත්තරයක් තියන්නම්කෝ . එක්කෝ මේක මට වෙච්ච ඇත්තම සිද්ධියක්, එකෝ මේ මම ගොතාපු කතාවක් .


    මේ හැම දේකටම මුල තමයි මම වැඩ කල ආයතනයේ පොඩි මූල්‍ය අර්බුදයක් වෙලා මගේ පඩියට තට්ටු වෙච්ච එක . එදා ඉඳන් මාස ගණනක්ම මට ජීවත් වෙන්න වුණේ අම්මගෙන් ඉල්ලගන්න සල්ලි වලින් . අතට හම්බු වෙන හැම රුපියලක්ම කොයිතරම් වටිනවාද කියලා මට තේරුම් ගියෙත් මේ සිද්ධියෙන් පස්සෙයි . ගෙදරට බරක් වෙලා ඔය විදිහට ජීවිතේ ගෙවන අතරේ ගාණක් හොයාගන්න මම නොකරපු දෙයක් නැති තරම් . කොහොමින් කොහොම හරි පහු පහු වෙද්දී රුපියල් දෙදාහකින් මාසෙ ගෙවාගන්න තරම් අති දක්‍ෂයෙක් වෙන්නත් මට පුළුවන් වෙච්ච බව නම් නොකියාම බෑ .

    ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි තැන ගමේ ගෙදරක වැඩ පලකට යාළුවෙක් එක්ක ගිහින් උදවු වෙලා ගානක් හොයාගන්නත් මම පුරුදු වුණා . පිරිත් කොටුවක් ගහලා , මගුල් ගෙදරක උදවු පදවු කර දීලා , කැඩුණු පරිගණකයක් හදලා දීලා මම මගේ ගාන හොයාගෙන ජීවිතේ ගෙවාගත්තා . මේ කියන්න යන කතාවට මුල් වුණෙත් මම සල්ලි හොයාගන්න කල එක වැඩක් .


    දවසක් මම බීඩියක් උරන්න උඩහ ඇල පැත්තට ගිහින් බිං කළුවර වැටෙන වෙලාවේ ගෙදරට එමින් හිටියා . මී හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ මූණ වටේ කරකැවෙමින් මට කරදර දෙන නිසාම මෙන්ටේරිය කොළ අත්තක් වනමිනුයි මම එන්න ආවේ . කරුණා අක්කලාගේ ගෙදර කිට්ටුව මහ සියඹලා ගහ යටට මම එනකොටම මම දන්න කියන මගේ මිත්‍රයෙක් අඩි පාරක ඉඳන් ඇවිදින් මගේ මූණටම මුණ ගැහුණා . ඒ ඇවිදින් උන්නේ මගෙ හොඳ මිත්‍රයෙක් වෙච්ච තරිඳු . අපි ඌට ආදරේට කීවේ තලයා කියලා .. !

    "සඳරුවා මම මේ උඹව හම්බුවෙන්න කියලා උඹලෑ ගෙදරත් ගිහින් එනගමන් . උඹලෑ ගෙදරින් තමා කීවේ උඹ මෙහාට ආවා කියලා ."

    තරිඳු එහෙම කීවම මම හිතුවේ සුවර් එකටම මගෙන් ගාණක් කපාගන්න මාව හොයනවා ඇති කියලයි .

    "අනේ මචං සල්ලි වලින් නම් බෑ ඕං . සෙට් වෙන්නත් බෑ මේ දවස් වල ලෙලි ගිහිං ඉන්නේ ..!"

    "කවුද යකෝ සල්ලි ඉල්ලුවේ . ? තොගෙ සල්ලිය තියාගං . තොපිට කතාකරන්න ආවට අපේ කටවල් වල හුඹස් බඳින්න් ඕනෙ ."

    තරිඳුවගේ මූණටම සල්ලි ගැන කීවට මටත් ටිකක් විතර හිතට හරි නෑ . ඌ මගෙන් කීප වංගියක් සල්ලි නම් අරගෙන තියනවග ඇත්ත ඒත් ඌ ඒවා නියම වෙලාවට පියෙවුවා . සෙට් වුණ වෙලාවට වුණත් තරිඳු මටත් එක්ක සල්ලි දාලා බජට් එක සමබර කරපු වෙලාවල් අනන්තයි .

    "කියපං තරිඳු මගෙන් මොනා වෙන්න ඔනෙ ?"

    "මචං උඹගේ ෆෝන් එකවත් වැඩ නෑනේ .."

    "ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙලා බං උඹ කියපං . මොකක්ද කේස් එක ?"

    "පොඩි වැඩකට උඹව සෙට් කරගන්න කියලා .."

    තරිඳුවා කොහොමත් හිත හොඳ එකා . මට මතකයි එක කාලයක් ඌට රස්සාවක් ඕනෙ වෙලා ඉන්නකොට මම ඌට මම දන්න කියන තැනක රියදුරු රැකියාවක් හොයලා දුන්නා . පස්සේ ඒ රැකියාවත් උගේම විසේ නිසා නැති කරගත්තා වුණාට මට කෙලවෙලා ඉන්න මේ කාලේදී තරිඳුවා මටත් වැඩ කීපයක්ම සෙට් කළා . ඉතින් තරිඳු අරගෙන ආපු මේ වැඩෙත් මොකක් වුණත් කරනවා කියලා මම හිත හදා ගත්තා .

    "මොකක්ද මචං වැඩේ .. ?"

    "පොඩි ගොඩ දැමිල්ලක් තියනවා හරියටම හරියාවි පරම්පරා හතක් ගොඩ , පොලිස් කේස් ආමි කේස් මුකුත් නෑ .."

    මම ගැස්සිලා ගියා . ගොඩ දැමිල්ලක් කියන වචනේ ආයේ මට තේරුම් බේරුම් කරන්න ඕනෙ වුණේ නෑ .. තරිඳු ඒ කීවේ නිධානයක් ගැන .

    "අනේ මචං ඔවුවට නම් එන්න බෑ උඹ යන්නත් එපා .මම උඹට යන්න දෙන්නෙත් නෑ ."

    "උඹට එන්න බැරි නම් අවුලක් නෑ ඒත් උඹ කාටවත් කියන්න එපා . උඹ නෙවේ කවුරු කීවත් මේ වැඩේ මම නම් කරනවා . මොකද මම දන්නවා මම මේ කරන්න යන්නේ හොර කමක්වත් වංචාවක් වත් නෙවෙයි කියලා ."

    "මොකද යකෝ හොර කමක් නොවෙන්නේ ?"

    "මචං මේක තියෙන්නේ එකෙක්ගේ ගෙදර වත්තේ .. ඌත් එක්ක අපි එකතු වෙලා තමයි මේක ගන්නේ .."

    "ඇයි වත්ත අයිති කාර ගොයියට තනියෙන් ගන්න බැරුවටද උඹලා යන්නේ ?"

    "මේ වැඩේට පිරිමි හයක් ඕනෙ . එක ගෑනියෙක්වත් ගන්න බෑලු . ඒකයි මේ වැඩේට අපිත් යන්නේ" . දෙලොවක් අතර හිරවෙච්ච මම කරකියාගන්න දෙයක් නැතිව ටිකක් වෙලා මොනවා කියන්නද කියලා හිතමින් උන්නා . අන්තිමේදී මම තීරණය කලා මේ ගැන තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා .

    එදා මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහාපිට ඉඳගත්තාමයි මට මතක් වුණේ මගේ අන්තර්ජාල සබඳතාවය මුදල් නොගෙවීම නිසා විසන්දි කරලා තියන විත්තිය . කන්න නැතත් බොන්න නැතත් කොහොමද අප්පා අන්තර් ජාලේ නැතිව ඉන්නේ ? . මට පිසු හැදෙන්නයි ගියේ . දැන් ඉතින් තරිඳු ගෙනාපු වැඩේට බහිනවා ඇරෙන්න ආයේ කරන්න දෙයක් නෑ . මම හිතුවාට වඩා ඉක්මනින් ලේසියෙන් මගේ තීරණය අරගත්තා . මම එවේලෙම තරිඳුවාට කෝල් එකක් දුන්නා .

    "තරිඳු කොහේ බං ඕක තියෙන්නේ ?"

    "මුලිං වචනේ දියංකෝ එනවද නැද්ද කියලා ."

    "එන්නං හැබැයි මේ මායිමේ විතරයි කැලෑ අස්සෙයි හැතැප්ම ගණං දුර ගම්මාන වලයි නම් මොනා තියනවා කීවත් මම නම් එන්නේ නෑ . අනික තමයි දැං ඔය සෙට් වෙලා ඉන්න අනික් එවුන් මට දිරෙවුවේ නැත්තම් මම ඒත් එන්නේ නෑ . "

    "තියෙන්නේ මේ ළඟපාත මම ඇරුණම උඹ තව දන්න කියන පස් දෙනෙක් තමා ඉන්නේ . තව ගුරුන්නාන්සේ කෙනෙකුයි උගේ පුතයි එනවා . උඹට මම හෙට කෝල් එකක් දුන්නාම හිච්චිලාගේ ගෙදරට වරෙන් . එතකොට සේරම දැන අඳුනගෙන කතාව කරගෙන ගිය හැකි ."

    තරිඳුගේ වැඩේ භාරගත්තාට මොකද මගේ හිතට මහ බරක් දැනෙනවා ඒත් එක්කම හිත ඇතුළෙන් අමුතු සතුටකුත් ඉඳන් හෙමිහිට හිනා වෙනවා . ඔය ඔක්කෝම නිසා ඇතිවෙච්ච පීඩනයට මන්දා මට දෙතුන් වතාවක් කක්කුස්සියට යන්නත් වුණා . ජීවිතේ තියෙන්නේ විඳින්න නම් මොකටද අපි විඳවන්නේ . කටවත් අයිති නැති දෙයක් නෙව අපි ගන්න යන්නේ . ඉතින් මොකටද තවත් කතා . ඔය වගේ කතා වලින් මම මගේ ගැහෙන හිත සනසාගත්තා .

    පහුවදා දවල් දෙක වෙනකොටත් මට තරිඳුගෙන් කෝල් එකක් නම් ආවේ නෑ . ඉවසිල්ලක් නැතිව හිටිය මම බලාන ඉඳලා බැරිම තැන ඌට කෝල් එකක් දුන්නා .

    "තරිඳු මොකෝ වැඩේ ?"

    "ආ සඳරු තව විනාඩි පහකින් විතර මම එන්නම් . ලැහැත්ති වෙලා ඉඳපන් . මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඒකයි ගන්න බැරි වුණේ ."

    ටික වෙලාවකින් තරිඳු ආවා . මමයි ඌයි දෙන්නා අපේ ගෙවල් වලට ටිකක් විතර දුරින් ඉන්න හිච්චි කියන අපේ යාලුවාගේ ගෙදරට ආවා . අපි හිච්චිලාගේ ගෙදර යනකොට ගෙයි පිළිකන්නේ තවත් කීප දෙනෙක් වාඩිවෙලා උන්නා .

    එක්කෙනෙක් තමා ගමේ කා අතරත් හොඳ නමක් තියාගෙන උන්නු රුක්මන් මහත්තයා . මිනිහා මගෙත් එක්ක නම් වැඩියෙ කතා බතා කරලා නෑ . ඒ ඇරුණාම සුනන්ද අයියත් , සේන අයියත් හිච්චිත් පිළිකන්නේ වාඩිවෙලා අපි එනකම් බලාන උන්නා . වෙනදා වගේම මමයි තරිඳුවයි තමා සෙට් එකේ බාලම එවුන් වුණේ . අපි කට්ටියම හිච්චිලගේ ගෙයි ඇතුළේ ප්ලාස්ටික් පුටුවල ඉඳගත්තාම රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

    "දැන් ඔයාලා මෙතන වෙන දේ හොඳට දන්නවා නේ .."

    "රුක්මන් මහත්තයා ඇදලා පැදලා එහෙම කියනකොට සේන අයියා අයියා කට කැඩිච්චි කතාවක් කීවා ."

    "මොනා හරි බොන ගමන් කතා කරන්න තිබුණා නම් තමා හොඳ ."

    "රුක්මන් මහත්තයාට කේන්ති ගියා වුණත් එයා ඒ වගක් නොපෙන්වා කතා කළා"

    "වැඩේ ඉවර වෙනකම් අරක්කු කටේ තියන්නෙපා . අනික තමයි මුලින්ම මම කියන දේ හොඳට අහගෙන ඉන්න"

    රුක්මන් මහත්තයා වට පිට බැලුවේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා. හිච්චිගේ අම්මා වැඩට ගිහින් නිසා ගෙදර දවල්ට ඉන්නේ හිච්චි විතරමයි ඒ නිසාමයි ගමේ කොල්ලො කවුරුත් මලක් ඔතන්න බෝතලයක් කඩන්න පැණියක් බොන්න හදිසියකට තිප්පොල කරගෙන තිබුණේ . කවුරුත් ගෙදර නැති වග සහ සුද්දෙන්ම දැන කියා ගත්ත රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

    "මල්ලිලා අපේ ගෙයි වත්තේ පහළ කෑල්ලක පොඩි ගලක් තියනවා. අපේ තාත්තා එහෙම ඔය ගලේ දේව රූප කොටලා තියන නිසා පහන් හිටන් පත්තු කළා . මම දවසක් නිකමට වගේ ගුරෙක් ගෙන්නලා පොඩ්ඩක් බැළෙවුවා ඌ කියනවා එතන සෑහෙන වටින දෙයක් නිධන් කරල තියනවා ඇති කියලා . ඊට පස්සේ අපි පාතාල අඳුනක් බැලුවා . ඒකෙන් කියවුණේ එතන වටින දෙයක් තියනවාය පිරිමි හය දෙනෙක් ඒ ගොඩ ගන්න දේට අත ගහලා ගොඩ ගන්න ඕනෙය කියලා . ඒකයි මම උඹලව සෙට් කරගත්තේ . මගේ නෑයොන්ට වඩා මට තරිඳු , සේනක , හිච්චි මල්ලියි සුනන්දයි ෂුවර් , අපි සෙට් එකම කතා වෙලා තමයි සඳරු මල්ලිව මේකට ගාව ගත්තේ .. මල්ලි උඹ මේවට අකමැති නම් ගිය හැකි . අපේ කිසි අවුලක් නෑ .."

    "නෑ රුක්මන් මහත්තයා මම වචනේ දුන්නා නේ මම ආයේ යන්නේ නෑ"

    "එහෙනම් එච්චරයි අපි ගන්න දේ මගේ ඉඩමේ තියන නිසා වටිනාකමෙන් භාගයක් මට අනික් බාගේ ඔයාලා බෙදාගන්න . ඒක සාධාරණයි නේද ?"

    ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය මහ අමුතුම වැඩකට අත ගැහුවේ මම අතගහල තියන වැඩත් එක්ක බලද්දී මේක තමා මම මගේ ජීවිතේටම කල අවදානම් වැඩිම දේ . යන්තම් වැරදුණොතින් කපෝතියි . ඒත් හරිගියොත් ගොඩම තමයි . ඒකත් නිකම්ම නිකම් ගොඩ යාමක් නෙවෙයි පරම්පරා හතක්ම ගොඩ යාමක් .
     
    Last edited:
    • Like
    Reactions: Dexter011 and ENEMY

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම කොයිතරම් හොඳද කියලා නින්දෙන් අහරින අහරින වාරයක් පාසා හිතට දැනෙනවා.

    රුක්මන් මහත්තයා සුබ නැකතක් බලලා යොදාගෙන තිබුණු දිනේ උදා වුණා . එදා උදේ රුක්මන් මහත්තයාගේ ගෙදර කිරිබතක් උයලා තිබුණා . ලුණු කිරි යහමින් දාලා තිබුණ ඒ කිරිබත උම්බලකඩ නැති කට්ට සම්බෝලයක් එක්ක මම නම් බඩ පිරෙන්නම කෑවා . "කිරිබත් කාලා වැඩේ වෙලාවට පුළුවන් නම් බුදිය ගනිං " තරිඳුවා මගේ කනට කෙඳිරුවා වුණත් මම නෙවේ කෑම අඩු කෙරුවේ .

    අපි කෑම කාලා ඉවර වෙලා වත්ත පහළට ගියා.යන අතරේ මම රුක්මන් මහත්තයාගේ සාගරයක් තරම් ලොකු වත්ත වටේම මගේ ඇහැ යැවුවා. රුක්මන් මහත්තයාගේ වත්ත සෑහෙන ලොකුයි . කලෙකට ඉහත ගම්මුළාදෑනියෙක් වෙලා උන්නු රුක්මන් මහත්තයාගේ සීයා මේ ඉඩම අල්ලගෙන වැටක් ගහලා තමුන්ගේ නමට හදාගෙන තිබුණා. පහු කාලේ ඉඩම අයිති වුණේ රුකමන් මහත්තයාට. ඒ ඉඩම තරම් ලොකු ඉඩම් ගමේ තව තිබුණ බව නම් මට මතක නෑ .

    මහ විශාල ඉඩමක හිමි කාරයෙක් වුණත් රුකමන් මහත්තයාට ඒතරම් වත්කමක් තිබුණේ නෑ . රුක්මන් මහත්තයාගේ තාත්තා පිළිකාවක් හැදිල අවුරුදු දෙකක් දුක් විඳලා මැරිලා ගියා තාත්තගේ බේත්‍ හේත් වලට මරණෙට , හද්දා දානෙට රුකමන් මහත්තයාට බරට වියදම් කරන්න සිද්ධ වුණා . ඒ නිසාම රුක්මන් මහත්තයා උන්දැගෙ මහා විශාල ඉඩම උකස් කරලා තිබුණා .ඉතින් මේ වගේ වැඩකට රුක්මන් මහත්තයා අත ගැහුවේ වෙන කරන්න දෙයක් නැති නිසාම වෙන්නැති . වත්තෙ හැදෙන පොල්, දෙහි ,දොඩම්, වලින් ලැබෙන මුදලින් තමා රුක්මන් මහත්තයා උකස් කල ඉඩමට පොලිය ගෙවුවේ ..ඒත් ඒක වුණත් හැමදාකම කරන්න පුළුවනෑ ?

    "කට බලියාගෙන මම නිකම් උන්නොත් මගෙ ඉඩමත් නෑ මට ඉන්න තැනකුත් නෑ .ඉඩම සින්න වෙලා යාවි ඔය පොළවෙ වැළලිලා තියනදේ අරන් ඉඩම බේරගත්තොත් ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ . අනික ඔවුවා වළලා තියෙන්නේ අල බහින්නැයි ! ."

    රුක්මන් මහත්තයා ඔය කතාව නිතර කීවේ තමුන්ගේ හිත සනසවා ගන්න විත්තිය මට තේරුම් ගියා.කරන්න කිසිම දෙයක් නැතිව බෙල්ල මුලින්ම හිර වෙච්ච මිනිහා කරන කොයි දේත් හරි
    අපි වත්ත කෙළවරේ තිබුණු පොඩි ගල් තලාවට ආවාම රුකමන් මහත්තයා අතේ තිබුණු ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා දැම්මා . මම දැක්කා ඒ ගල් තලාවේ කොනක අමුතු සලකුණු කීපයක් තියන හැටි .

    "මේ ගල් තලාවේ භාගයක් අයිති වෙන්නේ මගේ ඉඩමට අනික් බාගේ අයිති ඉතින් අභය භූමියට තමා . මගේ ඉඩමේ මේ කොටහේ තමා බඩු ටික තියෙන්නේ . නා කියාගෙන සූදානම් වෙලා රෑ 11:45 තියන පූජාවට වාඩි වෙමු ඊට කලියෙන් අපි මෙතන ටිකක් සුද්ද කරලා ගමු නේද ?

    රුකමන් මහත්තයා අණ කළා විතරයි අපි කඩියෝ වගේ වැඩ පටන් ගත්තා . ඇඟ පතේ පිරිලා තිබුණු අමුතුම ජවය නිසා අපි පැයෙන් දෙකෙන් ගල් තලාව සුද්ද කරලා දැම්මා. බත් පතක් වුණත් හලාගෙන කන්න පුළුවන් තරම් සුද්දෙට අපි එතන පිරිසිදු කළා . වැඩේ ඉවර කරලා අපි ගල් තලාවේ වැවුණ ලාකඩ පඳුරක හෙවනට වෙලා ඉඳගෙන බීඩි කොට දෙකකුත් දල්වාගෙන කතාවට වැටුණා .

    "මෙතන කෝටි ගානක බඩු තියන බව නම් මට හොඳාකාරවම කීව හැකි උඹලට කියන්න මෙතන මැණික් ගලින් හදාපු ඉබ්බෙකුගේ රූපයක් තැන්පත් කරලා තියනවාය කියලා පාතාල අඳුනෙන් කියවුණා .ඒක තිබුණොත් මගේ පංගුව ඇරුණාම උඹලා එකෙක්ට කොහොමත් ලක්‍ෂ පනහක් වත් වැටෙනවා සුවර් ."

    මගෙ පපුව හීතල වෙලා ගියා . ලක්‍ෂ පනහක් ? දෙයි හාමුදුරුවනේ . ! මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙන්න ගත්තා . හිච්චි ඔළුවේ අත් දෙක තියාගෙන කටින් බලාගෙන ඉන්න අතරේ සුනන්ද අයියත් සේන අයියත් දෙනට දෙන්න බදාගත්තා .

    "පොඩියක් අහගනිල්ලා !!" රුක්මන් මහත්තයා ආයේ කතා කරද්දි අපි හැමෝම ඒ හඬට බලු පැටවු වගේ කීකරු වුණා

    "දැන් ඔය ගන්න දේට අපි හතර හය දෙනාම අත ගහන්න ඕනෙලු . නැත්තම් මොනවා වෙයිද මන්දා ඒක නිසා ඔය අත් වලින් පුළුටු එහෙම අල්ලන්න එපා කිළුට තියන තැන් වලට යන්නත් එපා . හුජ්ජ කළත් අත කහ වතුරෙන් හෝද ගනිල්ලා ."

    "රුක්මන් මහත්තයා කියනවානම් හුජ්ජ කරන්නැතුං වුණත් ඉන්නං මගෙ දෙයියෝ !! සේන අයියා රුක්මන් මහත්තයාගේ කකුල් දෙක ගාව වැඳ වැටුණා ."

    ඒ සිද්ධිය දැකින ඕනෙම කෙනෙකුගේ ඇස් වලට කඳුළු එනවා ආයේ ඒකේ දෙකක් නෑ . සේන කියන්නේ කවදාකවත් කාටවත් නැවුන මිනිහෙක් නෙවෙයි ඒත් ලක්‍ෂ පනහක් නිසා ඌ අද රුක්මන් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටුණ හැටිත් මම ඇස් දෙකෙන්ම දැක්කා . ඒත් මට ඒක පුදුමයක් වුණේ නෑ . මම වුණත් ඒ දේ කරන්න හොඳටම ඉඩ තිබ්බා .

    "එහෙනම් දැන් යමු. කට්ටියම තමන්ගේ කටවල් පරිස්සම් කරගන්න . කට නිසා තමා මේක වැරදුණොත් වරදින්නේ ! හවස හය වෙද්දී පිරිසිදු වෙලා මෙතන ඉන්න ඕනෙ අනික තමා මෙතනට එනකොට තනි තනිව වරෙල්ලා .. "

    රුක්මන් මහත්තයා කීව දේට ඔළුව හොලෝලා . අපි කට්ටිය බෙදිලා ගෙවල් වලට යන්න පිටත් වුණා . ටික දුරක් යද්දී තරිඳු ටවුන් එකේ තිබුණු ෆෝන් කඩේ පැත්තට හැරුණා .

    "මොකෝ රීල් ලෝඩ් දාන්නද ?"

    "නෑ බං ෆෝන් එකක් බලන්න .. "

    "යකෝ තාම ලස්සපතියෝ වෙලා නෑ නේ තව සතියකින් විතර එමු ."

    "අද බලලා යමු ඔන්න ඔහේ ."

    තරිඳු ගැන මට දුක හිතුණා වුණත් මොහොතක හිතුණා මගේ හිතෙත් ඔය වගේ හැගීම් කීයක් නම් හැංඟිලා තියනවාද කියලා ඒ හැඟීම් එළියට එන්න කොයිතරම් දැඟලුවත් සල්ලි නැති නිසා උඩට නෑවිදින් හැංඟිලා තියනවා . සල්ලි අතට ආපුහම වතුරේ ගිල්ලාපු රබර් බෝලයක් වගේ ඒවා උඩට එන්නමයි දඟලන්නේ .

    පැය කාලක් විතර ෆෝන් තෝරාපු තරිඳුවා සිම් හතරක් දාගත හැකි එක චීන ෆෝන් එකක් තෝරගත්තා දවස් තුන හතරකින් සල්ලිත් අරගෙන ආපහු එනකම් ඒ ෆෝන් එක කාටවත් නොදී ඉන්න බවට කඩේ අයිති කාරයාව පොරොන්දු කරවාගෙන අපි ආපහු ගෙවල් පැත්තට ගෑටුවා

    "යකෝ ලස්ස පතියෙක්ට චීන ෆෝන් එකක් හරියනෑ !!" එන අතර මගදී මම එහම කීවම තරිඳුට හිනා ගියා .

    " සිම් හතරක් දාන්න පුළුවන් ෆෝන් එකක් කොච්චර වටිනවාද ?"කථාවෙන් කථාවෙන් අපි ගෙවල් වලටත් ආවා . හැන්දෑවේ හය හමාරට ඇල ගාවදී හමුවෙන්න කතා වෙලා තරිදු උගේ ගෙදර ගියා . මම මගේ ගෙදරට ගියා .

    මම ගෙදර යනකොට ගෙයි සාලේ මේසේ උඩ සල්ලි බැඳපු රිසිට් එකක් තිබුණා මම ආ හැටියෙම ඒක අරන් බැලුවේ මගේ නම ඒකේ සඳහන් වෙලා තිබුණ නිසයි . ඒ තිබුණේ මගේ අන්තර්ජාල බිල ගෙවා දාපු රිසිට් එක .

    "ඔන්න ඉන්ටර්නෙට් බිල ගෙවුවා දැන්වත් ගම වටේ ඇවිදින්නැතුව කමරේට ගිහින් වෙනදා වගේ වැඩක් බලාගෙන ඉන්න . "

    කාමරේ ඉඳන් ආපු අම්මා එහෙම කියනකොට මට දැනුණේ පුදුම දුකක් . අන්තර්ජාලේ මට කොයිතරම් වැදගත්ද කියලා අම්මා දන්නවා . ඒකයි එයා මටත් හොරෙන් බිල ගෙවාදාලා තිබුණේ . කමක් නෑ මට සල්ලි ලැබුණ ගමන්ම එයාට ලොකු ගාණක් දීලා දානවා . මම හිත හදාගත්තා .

    ******

    වෙලාව යන්තම් රෑ හත වුණා විතරයි මම නාල කරලා හෙමිහිට ගෙදරි පැනලා රුක්මන් මහත්තයාලාගේ ගෙදර වත්ත පහළට එකතු වුණා . පපුව නම් එක දිගටම ගැහෙනවා. නෑවා වුණත් මගෙ ඇඟම දාඩියෙන් තෙත් වේගෙන එනවා . සෙරෙප්පු දෙක පවා ලෙස්සනවා වගේ මට දැනුණේ මගේ යටිපතුල් වලටත් ඒ මොහොතේ දාඩිය දාලා තිබුණ නිසා වෙන්නැති .

    හතයි පහළොව වෙනකොට අපි කට්ටියම ගල් තලාව ගාව එකතු වෙලා හිටියා . අපිට අමතරව පාදාවේ ගුරුන්නාන්සේ මාමයි උන්දැගෙ පුතයි දෙන්නා ඇවිදිල්ලා හිටියා . උන් දෙන්නා කිසිම කතාවක් නැතිව හෝ ගාලා වැඩ . අපිත් හෙමි හෙමිහිට ගිහින් ඒ වැඩපල වලට උදවු වුණා .

    ටික වෙලාව ගත වුණා. වෙලාව ගත වෙන්න ගත වෙන්න අපේ හිත් වල බයත් වැඩි වුණා . "මේවා සෙල්ලම් වැඩ නෙවෙයි බහිරවයෝ එළවන්නත් එපැයි !" ගුරුන්නාන්සේ එහම කීවම කට්ටිය ටිකක් බය වුණා . බහිරවයෝ එකෙක් නෙවෙයි සීයක් මේ නිදානෙට අරක්ගෙන හිටියත් මම තනියම හරි මේක ගන්නවාමයි මම තදින්ම එහෙම හිතාගත්තා .

    හීතල හුළඟක් හැමුවා . මම ඒ වෙලාවේ ෆෝන් එකෙන් වෙලාව බැලුවා වෙලාව පාන්දර එකට කිට්ටුයි . කුරුන්නාන්සේ දිග තේඩාවක් අරගෙන ඒකට මොනවාදෝ මතුරන්න වුණා . ගුරුන්නාන්න්සේගේ පුතා ඒ තේඩාවේ එක කොනක් අල්ලා ගන්නකොට අපි කට්ටියම පිළිවෙළට ගිහින් ඒ තේඩාව අල්ල ගත්තා .පුදුමයි අපිට කරන්න ඕනෙ දේවල් කවුරුවත් කීවේ නෑ අපේ හිත් වලට කවුදෝ ඇතුළේ ඉඳන් උපදෙස් දෙනවා වගේ දැනුණා .. මට දැනුණේ මම නිකං මෝහනය වෙලා වාගේ .

    මොහොතක් ගත වුණා . තේඩාවේ අන්තිම කොන අල්ලාගෙන හිටි රුක්මන් මහත්තයා තේඩාවත් අරන් නිධානය තිබුණ ගල වටේට යන්න පටන් ගත්තා . අපිත් ඒ පිටි පස්සෙන් ගමන් කළා . විනාඩි කීපයකින් අපි ආයේ හිටපු තැන තේඩාව වළල්ලක් වගේ ගල වටේට විහිදිලා තිබුණා. ගුරුන්නාන්සේ ඇවිදින් තේඩාවේ මුල් කොනත් අග කොනත් එක්කරලා කහ පාට නූලකින් ගැට ගැහුවා ගැට දාන අතරේ නොනවත්වාම මතුරන්නත් වුණා . ඒක හරි අමුතුම මැතිරිල්ලක් . ගැටයක් දානවා මතුරනවා ආයේ ගැටයක් දානවා මතුරනවා .. ! ගැට හැත්තෑ හතක් ගහලා ඉවරවෙලා ගුරුන්නාන්සේ තේඩාව බිමින් තිවුවා .

    "කවුරුවත් මම කියනතුරු මේ තේඩාවෙන් වට වෙලා තියන රවුමෙන් පිටට යන්න එපා . ගියොත් වැරදිලාවත් ආපහු එන්න නම් එපා !! . මේ පැත්ත හැරිලාවත් බලන්න එපා ."

    ඔන්න ඒ වෙලාවේ තමයි අපි කවුරුත් අපේ ෆෝන් ඕෆ් කරල දැම්මේ . ඒ දිහා බලාන හිටපු ගුරුන්නාන්සේ ෆෝන් සේරම ඕෆ් වුණාට පස්සේ ආයෙමත් ගැඹුරු හඬින් මන්තර මතුරන්න වුණා . ටිකෙන් ටික ගල උඩ පත්තු කරලා තිබුණ තැඹිලි තෙල් පුරෝපු මැටි පහණේ එළිය වැඩි වෙන්න ගත්තා . හිච්චි යකඩ ඉන්නත් , සේන අයියා කුළුගෙඩියත් ගත්තා .

    "මම මතුරලා අන්තිමේට තු: කියනකොට කුළුගෙඩි පාර් ගහන්න ඕනෙ හරිද ?" ගුරුන්නාන්සේ සේන අයියා ළඟට කිට්ටු වෙලා කීවා . සේන අයියියා හොඳ මහතට ඇඟ පත තිබුණ එකා . ඌ කුලුගෙඩි පාරවල් විස්සෙන් මේ ගල කඩනවා ආයේ ඒකේ දෙකක් නෑ . මම හිතෙන් මිමිනුවා .

    "ඕං හාරි ජාතා හාරි තූ: !"

    සෑහෙන දිග මන්තරයක් අවසානයේදී ගුරුන්නාන්සේ විධානය දුන්නා . සේන අයියා එතකොටම කුළු ගෙඩි පාර දුන්නා මිලි තත්පරයක්වත් අඩුත් නෑ වැඩිත් නෑ නියමම ගාන . කුළු ගෙඩි පාර හෙණ ගහන්නා වාගේ ගලට වදිනකොට පොඩි ගල් කැට වැස්සක් වගේ අපේ දිහාවට විසික් වෙලා ආවා කුළුගෙඩි පාර වැදුණ තැනින් ආවේ බොල් හඬක් . හරියට බෙර හමකට තට්ටු කළා වගෙයි.

    "වැඩියෙ මහන්සි ගන්න එපා . ඇඟේ සේරෝම හයිය දාන්නත් එපා කලබල නොවී ඊළඟ පාරත් ගහන්න ."

    ගුරුන්නාන්සේ ආයේ උපදෙසක් දුන්නා සරම කැහැපට ගහගත්ත සේනක අයියා ආයෙමත් කුළුගෙඩිය අතට ගත්තා . ගුරුන්නාන්සේ ආයේ මතුරන්න ගත්තා . ඔය විදිහට කුළුගෙඩි පාරවල් තුනක් විතර ගලට වැදුණා . ගලෙන් සෑහෙන කොටසක් ඒ වෙනකොටත් කැඩිලයි තිබුණේ . අපේ අරමුණට, අපෙ අලුත්ම අළුත් ජීවිතයට තව තිබුණේ කුළු ගෙඩි පාරවල් කීපයක දුරක් ඒ කුළු ගෙඩි පාරවල් වලින් පස්සේ අපි දිහා සමාජය බලන්නේ බොහොම ගරුත්වයෙන් අද ගෙවන මේ ජීවිතයට වඩා කුළු ගෙඩි පාරින් පස්සේ උදාවෙන අළුත් ජීවිතය කොයිතරම් වෙනස් වේවිද ? මම නොනවත්වාම හිතුවා ...ඇත්තටම හැම දේම අකුරටම හරියන්න ඉඩ තිබුණා . ඒත් ....

    "කුළුගෙඩිය අතාරින්න ළමයා .. !" ගුරුන්නාන්සේ බොහොම සන්සුන් හඬකින් සේන අයියට කීවා .. ගුරුන්නාන්සෙගෙ මූණ අමුතු වෙලා .

    "මේ අපි කරන වැඩේ පොලීසියට ආරංචි වෙලා තව විනාඩි පහකින් මෙතනට පොලීසිය එනවා . සේරම දාලා යමු යන්න ."

    "කොහොමද දන්නේ ?" බය වෙලා උන්නු අය අතරින් මුල්ම ප්‍රශ්නේ ඇහුවේ මම .

    “මට ඒක දැනෙනෙවා . ඔය ඇහෙන්නේ සපත්තුවලට කොළ පෑගෙන හඬ .. හොඳට කන් දෙන්න ".

    ඇත්තටම ඒ වෙනකොට චරස් චරස් හඬ අපේ කන් වලට යාන්තමට දැනුණා .අපි දිහාට කවුරු නමුත් එනවා ඒත් ප්‍රධාන පාරෙන් නෙවෙයි අතුරු පාරකින් . තවත් මොහොතකින් ගල් තලාවේ සපත්තු ගැටෙන හඬත් ඇහෙන්න ගත්තා .

    "ඔන්න දැන් ගලට කට්ටිය ගොඩ වුණා . තව ටිකකින් අපිව දකීවි කට්ටියම මේ වතුර අරන් මූණේ ගාගන්න ආයේ මේ පැත්ත පළාතේ ඉන්න එපා දුවන්න .. එකටම දුවමු තනි වෙන්න නරකයි ."

    ගුරුන්නාන්සේ අපේ මූණුවලට වතුර ඉහලා සේරටම කලින් දුවන්න ගත්තා උන්දැගෙ පුතා ඊළඟට දුවද්දී රුක්මන් මහත්තයා සරමත් උස්සගෙන ඒ පස්සෙන් දිවුවා . අනිත් උන් දුවන පස්සෙන් මමත් දිවුවා . කවදාකවත් දුවපු නැති තරම් වේගෙන් .


    ගඳපාන කැන්ද පඳුරු අස්සෙන් අපි ඒදා හඳ එළිය නොවැටුන කළුවර මං බල බල වැටි වැටී දුවපු හැටි මැරෙනකම්ම මට මතකෙ තියේවි . එරමිණියා කටු අත්තකට මගේ යටිතොල ඉරිලා යද්දී මගේම ලේ රහ මගේ දිවට දැනුණා . ඒත් මම හයියෙන් දිවුවා මට ඉස්සරහින් පපුව අල්ලගෙන අමාරුවෙන් දුවන රුක්මන් මහත්තයාගේ සරම මට පෑගුණා . සරම කැඩිලා වැටුණත් රුකමන් මහත්තයා වේගෙ වැඩි කරලා දුවන්න ගත්තා .


    අපි කට්ටියම වෙල් යායට වැටුණා . මඩ කරලා තිබුණ වෙල් යායට අඩිය තිබ්බ හැටියෙම මගේ කකුල අඩි දෙකක් විතර යට මඩේ එරුණා . සෙරෙප්පු දෙක මඩේ අතුරුදහන් වෙද්දී මම ජීවිතේට දුවපු නැති තරම් වේගෙකින් අනික් සේරෝම දෙනා පහු කරමින් ඉදිරියෙන්ම දුවමින් හිටියා .විනාඩි ගාණක් එක දිගට දුවපු අපි කැලේට රිංගලා ලොකු තෙළඹු ගහක් අද්දර ඉඳගත්තා . දෙයියන්ගේ පිහිටෙන් කාටවත් කරදරයක් වෙලා තිබුණේ නෑ .තුවාල වෙලා තිබුණත් හැමෝම යහතින් හිටියා .


    සරම නැති නිසා ඇඳන් උන්නු සුදු කමිසේ ඉණ වටේ ඔතාගෙන හිටිය රුක්මන් මහත්තයා ඔළුවේ අත් දෙක ගහගෙන හූල්ලන්න ගත්තා . ඈත වෙල් යායේ විදුලි පන්දම් එළි සෑහෙන ගාණක් කැරකෙන හැටි අපිට පේනවා . සේන අයියගේ ඇස් දෙකෙන් සට සට ගලා කඳුළු වැටෙනවා ඒ කඳුළු වැටෙන්නේ සේන හිතින් මවාපු අහස් මාළිගාව කැඩුණට වෙන්නැති .

    "අපි නූලෙන් බේරුණා” . තරිඳු එහෙම කියද්දී රුක්මන් මහත්තයා මගේ මූණ දිහා බැලුවා .

    "මම නම් අහුවෙයි මගේ ගෙදරට දැනටමත් පොලීසිය පැනලා ඇති ."

    "බය වෙන්න එපා රුක්මන් මහත්තයා ඕනෙ දේකට අපි හැමෝම ඉන්නවා" . සුනන්ද අයියා රුක්මන් මහත්තයාව සැනසුවා .අපි පාන්දර හතර හමාර වෙනකම් ඒ තෙළඹු ගහ යට බීඩි උරමින් උන්නා . එළිවෙන්න ඔන්න මෙන්න ජාමෙට යාන්තම් ගෙදරට ගියපු මම මුකුත් නොදන්න ගානට ඇඳට වැටුණා . ඒත් මට නින්ද ගියේ නම් නෑ .. පහුවදා උදේ දහය වෙනකොටත් මම ඇඳේ දිගා වෙලා කොට්ටේ මගේ මූණ උඩින් තියාගෙන කල්පනා කරමින් උන්නා . එතකොටයි මට රුක්මන් මහත්තයාගෙන් කෝල් එකක් ආවේ

    "සඳරු මල්ලි .. ! "

    "රුකමන් මහත්තයා .. ?"

    "මල්ලිට කරදරයක් නැද්ද ?"

    "නෑ රුක්මන් මහත්තයා මහත්තයට කොහොමද ?"

    "මේ..මල්ලි කොණ්ඩ තිලක ඇමති තුමා අපේ දිහා ආවා උදේම . "

    "මොකක් ඒ ඇයි ? "

    "එයා තව කට්ටියක් එක්ක ඇවිදින් අරක අරන් ගියා .. මට ලක්‍ෂ එක හමාරක් දුන්නා කට හෙල්ලුවොත් පොලීසි ගෙනියනවා කීවා . "

    "ඉතින් .."

    "ඉතින් මම මොනා කරන්නද මල්ලි උන් ඇවිල්ලා පටවගෙන අරන් ගියා ... ! "

    "මම තියන්නම් රුක්මන් මහත්තයා "

    "උඹ තරහද සඳරු"

    "නෑ .. "

    "සඳරු ! "

    "ඇයි රුක්මන් මහත්තයා "

    "අර ඉබ්බා ඒක තුවායකින් ඔතාගෙන අරන් යනවා මම දැක්කා සඳරු .. " මම ලොකු හුස්මක් ඇද්දා ඒ හුස්මේ හඬ රුක්මන් මහත්තයාටත් ඇහෙන්න ඇති . එදා හවස අපි හැමෝම හිචිලාගේ ගෙදරදී එකතු වුණා . කාටවත් වෙච්ච දේ හිතාගන්න බැරුවයි හිටියේ හැමෝගෙම ඇස් රතුපාට වෙල තිබුණා . ඒ අඬලාද නැත්තම් නිදි මරලාද කියලා මම දන්නේ නෑ .

    අපි හැමෝම හීනයක් දැක්කා ඒ හීනය තමයි ලක්‍ෂපතියෝ වෙන එක . ඒ හීනේ හැබෑ කරගන්න අපිට බැරි වුණා . එක මොහොතකින් ඒ හැම දේම වැරදුණා . කවුරු පොලීයට ඔත්තුව දුන්නද කියලා අපිට හිතාගන්නත් බැරි වුණා . ඒත් ඒ අපේ අයගෙන් කෙනෙක් නොවන බව නම් ඉර හඳ වගේ විශ්වාසයි . රුක්මන් මහත්තයා අපි එක්කෙනාට රුපියල් තුන්දාහ ගානේ දුන්නා .

    "මේක මම විතරක් තියාගෙන හරි යන්නේ නෑ උඹලටත් මේ සොච්චමෙන් ටිකක් අයිතියි . මට ඉඩම මේ කපේටවත් බේරගන්න බැරි වේවි .. ඒ නිසා මම ඉඩමෙන් කෑල්ලක් ව්කුණනවා ." රුක්මන් මහත්තයා ඇඬුම් හඬින් කියද්දී මගෙ පපුවත් හෝස් ගලා ගියා ඒත් මම ඒ වෙලාවේ රුක්මන් මහත්තයා දුන්න සල්ලි ටික සාක්කුවේ දාගත්තා .

    "මේ කතාව අපි කාටවත් නොකියා ඉමු .." එහෙම ගිවිසගත්ත අපි ආයේ ගෙවල් බලා යන්න පිටත් වුණා . වෙනදා වගේම මමත් තරිඳුත් එකටමයි

    "තරිඳු උඹගේ ෆෝන් එක කීයද බං ?" බිම බලාගෙන හූල්ල හූල්ල යන තරිඳුගෙන් මම එහෙම ඇහුවා

    "ඒක ආයේ ගන්න වෙන්නේ නෑ ආත්ම හතකට .. ඒක රුපියල් හත් දාහයි .. !"

    "මේ තුන්දාහත් උඹ ගනින් ..එතකොට හයදාහයි නේ තව දාහක් හොයාගෙන උඹ ඒ ෆෝන් එක ගනිං බං . කොහොමත් උඹනේ මේ වැඩේට මාව හොයගෙනත් ආවේ .. තව වැඩක හම්බ වුණත් උඹ මාව හොයාගෙන එන බව මම දන්නවා ." තරිඳුවා ආලවට්ටං මොකුත් නැතුව "පින් සිද්ධ වෙනවා බං" කියලා ඒ සල්ලි සාක්කුවේ දාගත්තා

    තරිඳුට යන්තම් හරි සැනසිල්ලක් සතුටක් දැනෙන්න ඇති කියලා මට විශ්වාසයි . කවුරු මොනා කීවත් සතුට කියනදේ සල්ලි වලට ගන්න ඇහැකි බව මම දන්නවා . මේ හැම දේම වුණේ හොඳටයි කියලා මම හිත හදාගත්තා .. ඒත් මට ලක්‍ෂ පතියෙක් වෙන්න කෙස් ගහක දුරක් නේද තිබුණේ කියලා හිතනකොට බඩ පපුව දාලා යනවා.. !

    මේ හැම දේකින්ම පස්සේ මම වෙනදාටත් වඩා මහන්සිවෙලා මගේ වැඩ පල කරලා ගාන හොයන්න පටන් ගත්තා . අද වෙනකොට නම් හිතේ සැනසීම උපරිමේට තියනවා . සාක්කුවත් පිරිලා . පහුගිය ටිකේ නොලියා හිටපු නිසාම ලියන්න දේවල් බොහෝමයක් හිත ඇතුළේ කැලැත්තෙනවා . දැන් ඉතින් ආයේ පරණ ජීවිතේට වැටෙන්න කාලේ හරි .

    මේ කතාව කාටවත් කියන්නේ නෑ කියලා ගිවිස ගත්ත වග ඇත්ත .. ඒත් ලියන්නේ නෑ කියලා ගිවිස ගත්තේ නෑ නේ ..
     
    • Like
    Reactions: Dexter011

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ඔය රත්තරන් අඹ ගෙඩිය අරගෙන තියෙන්නේ මාදිවෙල ඊයම්පොරුව පන්සලෙන් කියල ඒ පැත්තේ මිනිස්සු කියනවා හබි ගත්තේ කුඩා කියල නම් දන්නේ නැතිලු
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ත්‍රෙඩ් එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා .... !!

    ************************* මෙහි අරමුණ මගේ රටට තවත් එක් නිදන් සොරෙකු බිහි කිරීම නොව , මෙය විස්වාස නොකරන අයට විස්වාස කිරීම පිණිසත් , කිසි දිනක මෙවැනි දෙයක් නොදුටු අයට දැක ගැනීම පිණිසත් බව කරුණාවෙන් සලකන්න ...........................

    1) මෙය සියයට සියයක්ම මා විසින් මහත් පරිශ්‍රමයක් දමා නිමවන ලද ත්‍රෙඩ් එකකි
    2) මෙහි අවසන් ජායාරූප කිහිපය හැර අනෙකුත් සියලුම ජායාරූප කිසිම වෙබ් අඩවියක හෝ වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යක පළ නොවූ ඒවාය ...
    3) මෙවැනි ජායාරූප ළඟ තබාගැනීම හා පළ කිරීම සම්බන්දව පවතින නීතිමය පසුබිම පිළිබඳව මා හට පුළුල් දැනුමක් නොමැති අතර විශාල අවදානමක් ගෙන මේවා එළකිරි.කොම් වෙබ් අඩවියේ පළ
    කරනු ලබන්නේ ඔබ සියලු දෙනාගේ රස වින්දනය සහ තමන් සතු දේවල් අනුන් සමග බෙදා හදා ගැනීමට මා හට සහජයෙන් ලැබුණු ඒ උතුම් ගුණාංගය නිසාවෙනි (කොහොමද මගේ ටෝක්ස් ... ලොල් ;) )
    4) තවද මෙවන් දුර්ලබ ජායාරූප එකතුවක් ශ්‍රී ලංකාවේදී ඔබට දැක ගත හැකි වන්නේ ඔබ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ද අයෙක් නම් පමණි ...
    5) අවසාන වශයෙන් , මෙමෙ දුර්ලබ ජායාරූප එකතුව මා සතුව දීර්ග කාලයක් තිබුණු අතර මේවා මා අතට පත් වූ ආකාරය යම් අයෙකුට සිතට නැගෙන රසවත් ප්‍රශ්නයක් විය හැකිය

    ......මෙහෙමයි බන් ,,
    මන් ඔය සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳන් ෆුල් පෙරේතයි , එත් මන් නිදන් හොරෙක් නෙමෙයි , එත් අපේ ගමේ මගේ ලංගම ඥාති වෙන අයිය කෙනෙක් ට ඒ වාසනාව උරුම උනා .... මිනිහ දැන් කෝටි පතියෙක් ...... ඒ විතරක් නෙමෙයි උ පොලිසිය අල්ලේ නටවනවා ... .උට නිදන් සබ්ජෙක්ට් එක වැඩ කරපු නිසා අපේ ගමේ අනික් කොල්ලොත් වැඩේට බැස්ස ..... ඔය අතරේ දවසක් අම්පාර පැත්තේ ඉන්න මගේ ඥාති අයියන්ඩි කෙනෙක් ආව අපේ ගෙදර ...අවේ එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරගෙන ..... ඔන්න ඔකේ තමා ඔව්ව තිබුනේ .... මචන්ලා .... අම්පාර කියන්නේ ලංකාවේ වැඩියෙන්ම නිදන් වස්තු තියෙන පළාත ..... එහෙ පරණ මිනිස්සු කියන කතාවක් තමයි "" අනේ මහත්තයෝ , මෙහෙ කුඹුරක් කොටන්නවත් උදලු පාරක් ගහන්න බෑ , මොකක් හරි මතු වෙනවා කියල " ........ ඉතින් හිතා ගනිල්ලා ...මන් මේවා කියන්නේ අත්දැකීමෙන් ..!! . .. ඉතින් අර මගේ ඥාති සහෝදරයා උගේ එස්.ටී.එෆ් එකේ යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින් ගත්තුවා වගයක් තමයි ඒ ...................

    නිදන් වස්තු පිළිබඳව රසවත් මති මතාන්තර , ජනප්‍රවාද , සහ කට කතා රාශියක් අප අතර පවතී ..... නමුත් නිදන් වස්තු යනු බොරුවක් නොවන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමතියි ..... පුරා විද්‍යා විෂය පිලිබඳ හසල දැනුමක් නොමැති මම , පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන්නේ ඉහත කී ජනප්‍රවාද , හා මාගේ අත්දැකීම් වලින් ලැබුණු දනුමෙන්ය .... ඒ නිසා මා විසින් යම් අසත්‍ය කරුණු දැක්වීමක් කර තිබේ නම් ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එවන් ස්ථානයක් නිවැරදි කර මා හටද නිවැරදි දෙය පෙන්වා දෙන මෙන් ඉතා නිහතමානිව ඉල්ලා සිටිමි .........


    *************************************

    1) පහතින් ඇත්තේ කිසියම් ගරාවැටුන ගොඩනැගිල්ලක අත්තිවාරමක් හෝ එහි පොලොව නොවෙයි ... මෙහි ඇත්තේ පොලොව යට වළලන ලද නිදන් ගබඩාවකි ... මෙයට උඩින් විශාල ගල් තැටි වලින් ආවරණය කර ඇති අතර එහෙ ඇති දාර දිගේ කැඩීමෙන් මෙය ඉවතට ගත හැක ... මාගේ කෝටිපති ඥාති සහෝදරයා පැවසු ආකාරයට මෙහි ඉතා විශාල වස්තු සම්බාරයක් පවතී ....

    scaled.php


    පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය

    scaled.php


    අම්පාර ප්‍රදේශයේ පන්සල් වත්තකින් මෙය හමු වූ බව මාගේ සහෝදරයා පැවසුවේය ..... මේ ඇත්තේ එම පන්සල් බුමියයි
    scaled.php



    2) . ..... පහත රුපයේ ගල්තලාව මත සලකුණු කර ඇති නාග රුපය ඔබට පෙනෙනවාද ? ..... නාග රුපයක් ලාංචනය ලෙස සලකුණු කර ඇති බොහෝ ස්ථාන වල ඇත්තේ මැණික් බව මගේ සොයුරා පවසයි ... මෙම ගල්තලාවේ ඇති තෙත් ස්වබාවය හොඳින් දැක ගත හැක ... මැණික් සහිත නිදානයක් නම් එය අනිවාර්යෙන්ම ජලය සහිත ස්ථානයක පවතී ..... හේතුව ජලය නොමැති විට "මැණික් මැරෙන බව " ප්‍රවීණයෝ පවසයි ... :yes:

    scaled.php


    3) පහත ඇත්තේ කුකුල් අඩියකි ... මෙහි ඇත්තේ නිදානයක් ද යන්න සනාත කිරීම සඳහා මෙම සලකුණ ප්‍රමාණවත් නොවේ ... මන්ද යත් , පැරැන්නන් විසින් මායිම් ගල් සහ බුමිය සලකුණු කිරීම සඳහාත් මෙවැනි ලකුණු යොදාගෙන ඇත ..... එම නිසා මෙවැනි නිදානයක් ගැනීමට නම් එහි නිදන් වදුල (map) සොයා ගැනීම සාර්ථක ක්‍රමයකි ....තවද , නිදන් සලකුණු සඳහා විශාල වශයෙන් සත්ව රුප සහ සත්ව පාද ආදී සලකුණු යොදාගෙන ඇත ... ඇත් අඩිය , කුකුල් අඩිය , අශ්ව ලාඩම , මාළුවා , ඉබ්බා , නාග රුපය , ආදී සලකුණු යොදාගෙන ඇත ...... තවද ඉබ්බාගේ රුපයේ පාද පිහිටන ආකාරය විවිද වන අතර එහි පාද පිහිටීමේ ස්වාබවයෙන්ම නිදානය ගැන ප්‍රමාණවත් විස්තරයක් කෙරේ ..... උදාහරණ වශයෙන් "පාද කට්ට තුලට පිහිටි සලකුණ " , "පාද තුනක් පමණක් ඇති රුපය " , "පාද සතරම හොඳින් දිස්වන සලකුණ " , "හිස නැති කට්ට සහ කකුල් පමණක් ඇති රුපය " ආදී වශයෙන් පවතී :yes:

    scaled.php


    4) ඉහත අංක 3 න් විස්තර කර ආකාරයටම පහත රුපයේ ඇති මාළුවාගේ සහ අශ්ව ලාඩමේ සලකුණු පිහිටා ඇත . .. .

    scaled.php


    5) පහත රුපයේ ඇති සලකුණ දිස් නොවෙන අතර එයට හේතුව , එම ස්ථානයට කලින් පැමිණි වෙනත් කණ්ඩායමක් විසින් එහි නිදානයක් ඇති බව තහවුරු කරගෙන ඉන්පසු වෙනත් කෙනෙක් එයට ලංවීම වැලැක්වීම සඳහා එහි නිදන් සලකුණ නොපෙනෙන පරිදි විනාශ කර ඇති බව මාගේ ප්‍රවීන සහෝදරයාගේ අදහසයි ... :D

    scaled.php


    6) පහත රුප වල ඇත්තේද ගල් තට්ටු වලින් ආවරණය කරන ලද මිල නොකලකි වටිනාකමකින් යුත් බුගත නිදන් සංකීර්ණයක් බව මගේ සහෝදරයා පැවසුවේය ... නමුත් මේ වන තෙක් අපට එය තහවුරු කරගත නොහැකි වුයේ එය සමීපයට ගොස් නැරබීමට නොහැකි නිසා සහ එය විටෙක නටබුන් ස්වරුපයක් ගන්න නිසා ,,,,, නමුත් මට මතක පරිදි වරක් මාගේ නිවසට පැමිණි තවත් එක් නිදන් ප්‍රවීන මගේ සහෝදරයෙක් මෙය දුටු විගසම ඔහුගේ දෙඅත හිස මත තබාගෙන "අම්මට හුඩු" යනුවෙන් කීවා මට මතකය :D ... .. ."පරම්පරා ගානකට ඇති " යනුවෙන්ද ඔහු පැවසුවේය :P

    scaled.php


    scaled.php



    7) කිසියම් පිරිසක් විසින් රැගත් නිදානයක් පහත රුපයෙන් දිස් වෙයි . .. . මෙවැනි වලවල් වලට "කෝව" වලවල් ලෙස හඳුන්වන අතර බොහෝ විට මේවා තුල කුඩා ප්‍රමාණ වලින් රත්රන් ඇති බව පැවසේ ,,, කෙසේ වෙතත් පහතින් ඇත්තේ ඉවතට ගැනීමෙන් පසු ඉතුරු උන කෝව වල මිසක් ස්වාබවිකවම එම ගල් තලාව තුල කාලයක් තිස්සේ වැසි වැටීමෙන් ඇති වූ මදුරුවන් බෝවන වතුර වලක් නොවන බව ප්‍රත්‍යක්ෂය ... හේතුව ඔබ එම රුපය ඉතා පරිස්සමෙන් නිරීක්ෂණය කෙරුවොත් , එම කුහරයට ඉහලින් වුර්තාකාර කෙලවරට එපිටින් හතරැස් ස්වබාවයක් ගන්නා හැඩයක් පෙනෙයි ...එසේ හතරැස් ස්වාබවයෙන් පෙනෙන්නේ නිදානය ගැනීමට පෙර එම කුහරය වසා ගත් ගල් තැටිය (plate) ඉවත් කිරීමෙන් ඇති වූ සලකුණයි ... නිදානය ගැනීමට පෙර එම plate එක ගල්තලාවටම සම්බන්ද වූ ආකාරයක් දිස්වෙයි ... .:)

    scaled.php


    එම කෝව වල පිහිටි ගල් තලාව

    scaled.php


    8) පැහැදිලි කිරීමට අපහසු එත් තවත් එක් නිදන් සලකුණක් යයි සැක කෙරෙන ස්ථානයක් :no:

    scaled.php


    9) කිසියම් පිරිසක් විසින් යස අගේට ගොඩ දමා ඇති නිදානයක් පහත රුප වල ඇත .. මෙයට "ඔලිඳ පෙත" ලෙස හඳුන්වන අතර ඇතැමුන් පවසන ආකාරයට මෙහි අදිකව මැණික් ඇත ,,, එත් ඇතැමුන්ගේ මතය මෙහි රත්රන් ඇති බවය .. කෙසේ වෙතත් , ජලාශ සහ කුඩා දිය පාරවල් ඇති ස්ථානවල කිරිබත් කැට රාශියක් ඇති පැදුරක් ආකාරයට ගල් තලාවක් මත සටහන් කරන ලද නිදන් සලකුණක් මා විසින් දැක ඇත .. එය ප්‍රවීනයක් විසින් "පැදුර" ලෙස නම්කරන අතර එහිද මැණික් විශාල වශයෙන් ඇත .....

    scaled.php

    scaled.php

    scaled.php


    10) පහත රුපයේ ඇත්තේ මාගේ ප්‍රියතම (සුපිරිම) ජායා රුපයයි ...... එහිද ඇත්තේ මැණික් බව එයට මදක් නුදුරෙන් ඇති කුඩා දිය පහර සනාත කරයි ...එය අනිවාර්යෙන්ම නිදානයක් බව , ඉතා අපුරුවට එම ගල්තලාව මත මදක් නෙරා පිහිටන සේ සටහන් කර ඇති මෙම සලකුණෙන් මොනවට පැහැදිලි කෙරේ (කොමද මගේ ටෝක්ස් ) ... එහි ඇති දාරය (plaster යනු ප්‍රවීනයන්ගේ වචනයයි ) දිගේ කැඩීමෙන් එම 'plate' එක කඩා නිදානය ගැනීමට හැක .... :)

    scaled.php


    11) පහත රූපයෙහි ඇත්තේ 'ගල් දොරක්' වන අතර එහි ඇති වස්තුව පිළිබඳව නිදන් වදුල හෝ එය පිළිබඳව වැඩි විස්තරයක් හෝ නොදැන ප්‍රකාශ කල නොහැක , නමුත් මේ පිලිබඳ නිසි අවබෝදයක් නොමැතිව මෙය ගැනීමට යන පුද්ගලයෙක්ට දරුණු අනතුරු වලට මුහුණ දීමට සිදු වෙන ආකාරයට යම් උගුල් ඉදි කර ඇති බව වාර්තාවේ ..... උදාහරණයක් ලෙස මෙම රූපයෙහි ඇති ගල් දොරෙහි ප්‍රමාණයෙන් විශාල එකිනෙකින් වෙන් කල හැකි ගල් 3 ක් ඇති අතැර යෙමෙක් ඒ ගැන පමණක් අවදානය යොමුකර ඇතුල් වන්න උත්සහ කරොත් එම ගල් 3 ට ඉහලින් ඇති අනෙක් විශාල ගල පහතට වැටෙනු ඇත ... මෙය සරල උදාහරනයක් පමණි ... තවද මෙවැනි ගල් ගුහා ඇතුලෙහි තවත් ගල් දොරවල් තිබීමට ඉඩ ඇති අතැර ඉන් වැරදි දොරක් ඇරියොත් විෂ වායුවක් නිකුත් වී යන ආකාරයට නිපදවා ඇති ගල් උගුල් වාර්තා වේ ..... දෙවනගල නිදානයේ ඇත්තේ එවැන්නක් බව කට කතා වල පැවසෙයි ......

    scaled.php


    12) පහතින් ඇත්තේ , පෞද්ගලිකවම මා විසින් මාගේ සියසින් දුටු දෙවනගල රජ මහා විහාරයේ ඇති නිදානයට ඇතුල් වන ගල් දොරයි ... එළකිරි.කොම් හි ඔබට දෙවනගල කියූ සැනින් මතකයට එන්නේ මුස්ලිමුන් විසින් එයට හානි පමුණුවා යයි කියවෙන මාතෘකාවකි ...... මෙහි එන ජනප්‍රවාදයකට අනුව මෙම ගල් දොර විවුර්ත කර ඇතුලට ගිය පසු තවත් ගල් දොරවල් 3 ක් හමු වන අතර එයින් එක් දොරක් පමණක් නිවැරදි වන අතර යම් හෙයකින් වැරදි දොරක් විවුර්ත කරොත් විෂ වායුවක් පැමිණ ඒ මුළු මාවනැල්ල ප්‍රදේශයම විනාස වෙන බව පැවසේ ,,,,, එහි සත්‍ය අසත්‍ය බාවය ගැන මගේ මතය ඉදිරිපත් නොකරමි ...... :)

    scaled.php

    .........

    scaled.php


    මේ මම දෙවනගල උඩට නගිද්දී .... මම නුවර කොල්ලෙක් හින්ද එච්චර දුර නෑ මට :D

    scaled.php


    *** මචන්ලා ... පහලින් තියෙන්නේ කවුරු හරි සෙට් වෙලා ගොඩ දාපු නිදානෙකින් ගත්ත බඩු වගයක් ....කීයක් වටිනවද කියල මටවත් හිතාගන්න බෑ ... ඇඩෙනවා අක්ෂි දෙකටම ... හැබැයි මේ ටික නම් හම්බුනේ ඉමේජ් සච් එකකින් ....ඒ නිසා 'source' එක අහන්න එපා .... කොහොමද පික්සු හැදෙනවා නේද..... :lol:

    scaled.php

    .
    scaled.php

    .
    scaled.php



    :shocked::shocked::shocked:


    ඉතින් මචන්ලා ඔන්න ඕකයි කතන්දරේ ......... මම එළකිරි එකට ටිකක් විතර අලුත් ...අද තමයි පලවෙනි වතාවට ටිකක් ඇඟට දැනෙන ත්‍රෙඩ් එකක් දැම්මේ ... ඉතින් මටත් සන්තෝසයි .. මන් හිතනවා උඹල මේක කියවල මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියල ... මේවා දැකල නැති ගොඩක් එවුන් ඉන්නවා කියල මන් දන්නවා ... විස්වාස කරන්නේ නැති එවුනුත් ඉන්නවා ..... ඉතින් ඒ හැමෝටම බලාගන්න මන් ගාව තිබ්බ මේ පික්ස් ටික දාන්න කියල හිතුන .... අනිත් එක මන් උඩින් දාල තියෙන විස්තර සම්පුර්ණයෙන්ම මතකයෙන් ටයිප් කරපුව මිසක් පොත් බලාගෙන ටයිප් කරපුව නෙමෙයි ... අත රෙදෙනවා සිරාවටම මේකට කොටලා ... ගොඩක් ස්තුතියි මචන්ලා උඹලගේ ටයිම් එක කැප කරගෙන මේක බැලුවට ...... රෙප් නැතුවට කමක් නෑ බන් .... එත් අනිත් අයට බලන්න අනිවා බම්ප් එකක් දාල යන්න ..... එක මට ගොඩක් වටිනවා .... ** මේක මන් කොහෙන්වත් උපුටා ගත්ත එකක් නෙමෙයි ... සම්පුර්ණයෙන්ම මගේ පික්ස් සහ මගේ අදහස් :yes:


    ...................... ගල් සහ මල් ආදරයෙන් පිලිගන්නවා .... එත් වල් එපා ...........:lol::lol:

    ********************* ඔබ සැමට දළදා සමිඳු පිහිටයි *******************

    ENEMY


    ඔය රත්තරන් අඹ ගෙඩිය අරගෙන තියෙන්නේ මාදිවෙලා ඊයම්පොරුව පන්සලෙන් කියල ඒ පැත්තේ මිනිස්සු කියනවා. හැබැයි ගත්තේ කවුද කියල නම් දන්නේ නැතිලු.

     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔය රත්තරන් අඹ ගෙඩිය අරගෙන තියෙන්නේ මාදිවෙල ඊයම්පොරුව පන්සලෙන් කියල ඒ පැත්තේ මිනිස්සු කියනවා හබි ගත්තේ කුඩා කියල නම් දන්නේ නැතිලු


    :yes::yes: thanks bro
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ibbage photo koheda gaththe machan ? oya nuwara eliye neda ? place eka mama hithannea hakgala uda paththa ehe sahenna nidhan thiyanawalu :dull:

    eka machan mata yaluwek dunna ekak.... thana nam danne na ban koheda kiyala ...... machan hakgala , nuwara eliya , seetha eliya , haawa eliya ..... kiyanne nidhan purayak ban :yes::yes: ....... wadi purama thiyenne ban oya paththe thiyenawa raja maha wihaara ehema kothmale paththeth tiyenawa .... man danna ewa tiyenawa ban et man meke ewa gana kianne na..... tiyenawa kiala danagattama athi .... rawana yugaye wada thamay machan ......... :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    රිදීමාලියද්ද කියන ගම ගැන දන්නා කවුරු හරි ඉන්නවද ?? ...... මන් මේ මුළු ලංකාවෙන්ම ආසම ගමකට තියෙන නම තමයි ඒක ......... ඒ වගේම ඒ ගමත් ලස්සනයි මචං .... කතරගම යද්දී දෙපාරක් විතර අහු උනා ......
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ibbage photo koheda gaththe machan ? oya nuwara eliye neda ? place eka mama hithannea hakgala uda paththa ehe sahenna nidhan thiyanawalu :dull:

    ඔය Photo දාලා තියෙන ඉබ්බ නම් මචො වෙන තැනක, හක්ගල ඉදන් පැයක විතර දුර, :yes:
    දැන් ඕක තියෙන තැනට යන්න බැ, හොටෙල් එකක් ගහලා ටැංකියක් ගහලා තියෙනවා ඔය ලගම, ඒ නිසා ලගට යන්න බැ :(

    හක්ගල දැන් ඉතුරු වෙලා තියෙන ඔක්කොම අපිට කරන්න බැ බං, ගොඩක් ඒවා දොරවල් තියෙන්නෙ, ඒත් අඩි පහනක් විතර යට, ඕක ගිහින් සති ගනන් හාර හාර ඉන්නකොට අනිවා බඩු මාට්ටු වෙනවා, දොරවල් තියෙන්නෙත් කෙලින් අතට නෙමෙයි, බිමට අල්ලලා, ඉතින් කොම්ප්‍රෙශර් ගහගෙන කඩද්දි අනිවා සොරි වෙනවා,

    බේබිගෙ සෙට් එකකුත් පහුගිය ටිකේ කැරකි කැරකි හිටියා, පස්සෙ උන් වැලිමඩ, රතඹ පැත්තෙ තිබ්බ පොඩි පොඩි ඒවා ටිකක අරන් ගග්ගල වැඩේ අත ඇරලා තිබ්බා.

    අනිත් එක ගග්ගල කැලෙ බයයි බං, දෙවියන්ගෙ අඩවි, හැම තැනම කෝවිල්, කැලේ මැද උනත් පරන කෝවිල් තියෙනවා,

    රාවනාගෙ බොඩිය තියෙනවා කියන්නෙත් ඔය ඒරියා එකේ නිසා දන්න එකෙක් ටිංකිරි ගාගන්න යන්නෙ නැ ගග්ගල, :rolleyes::rolleyes:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔය Photo දාලා තියෙන ඉබ්බ නම් මචො වෙන තැනක, හක්ගල ඉදන් පැයක විතර දුර, :yes:
    දැන් ඕක තියෙන තැනට යන්න බැ, හොටෙල් එකක් ගහලා ටැංකියක් ගහලා තියෙනවා ඔය ලගම, ඒ නිසා ලගට යන්න බැ :(

    හක්ගල දැන් ඉතුරු වෙලා තියෙන ඔක්කොම අපිට කරන්න බැ බං, ගොඩක් ඒවා දොරවල් තියෙන්නෙ, ඒත් අඩි පහනක් විතර යට, ඕක ගිහින් සති ගනන් හාර හාර ඉන්නකොට අනිවා බඩු මාට්ටු වෙනවා, දොරවල් තියෙන්නෙත් කෙලින් අතට නෙමෙයි, බිමට අල්ලලා, ඉතින් කොම්ප්‍රෙශර් ගහගෙන කඩද්දි අනිවා සොරි වෙනවා,

    බේබිගෙ සෙට් එකකුත් පහුගිය ටිකේ කැරකි කැරකි හිටියා, පස්සෙ උන් වැලිමඩ, රතඹ පැත්තෙ තිබ්බ පොඩි පොඩි ඒවා ටිකක අරන් ගග්ගල වැඩේ අත ඇරලා තිබ්බා.

    අනිත් එක ගග්ගල කැලෙ බයයි බං, දෙවියන්ගෙ අඩවි, හැම තැනම කෝවිල්, කැලේ මැද උනත් පරන කෝවිල් තියෙනවා,

    රාවනාගෙ බොඩිය තියෙනවා කියන්නෙත් ඔය ඒරියා එකේ නිසා දන්න එකෙක් ටිංකිරි ගාගන්න යන්නෙ නැ ගග්ගල, :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes: