මැතිවරන කොමසාරිස් ඉවරයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැතිවරන කොමසාරිස් ඉවරයි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරේ..! හදිසි අනතුරක් සිදුකරවා මැකෝ පැත්තකට කර ගමේ මිනිහා ලවා ජනාධිපතිවරණය පැවැත්වීමට කළ කුමන්ත්‍රණය මෙන්න


(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.27,ප.ව.8.30) දැඩි බලපෑම් මධ්‍යයේ වුව පසුගිය දින කිහිපය තුල මැතිවරණ කොමසාරිස් වරයා ස්වාධීන ඡන්දයක් පැවැත්වීම සඳහා ගත් ඍජු තීන්දු තීරණ වලින් දැඩි සේ කෝප වී සිටින රාජපක්ෂ රෙජීමය වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කරවා මැතිවරණ ක්‍රියාන්විතයෙන් ඉවත් කර මැදමූලන මරාගේ ගමේ මිනිහා වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් අමරදාස යටතේ එළැඹෙන ජනාධිපතිවරණ තමන්ට වාසි වන ආකාරයෙන් පැවැත්විය යුතු යැයි තීරණය කළහ.

රාජපක්ෂ වරුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී ය.

මැදමූලන මරා බොහෝ සෙයින් කිපී ඇති කාරණා තුනකි. එකක් නම් යුදහමුදාව විසින් හමුදා සාමාජිකයන් වෙත රජයේ වියදමින් මහින්ද රාජපක්ෂ පිලිබඳ පොතක් තැපැල් කර යැවීම ඊයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් වැළැක්වීමයි. දෙවැන්න නම් මහින්ද රාජපක්ෂගේ ලංකාවේ විශාලතම කටවුට් එක වූ අත්තනගල්ලේ සරණ ගුණවර්ධන විසින් ගසා තිබූ කටවුටය මැතිවරණ කොමසාරිස් වරයා මැදිහත් වී ගලවා දැමීමයි. තුන්වැන්න නම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම මෙතෙක් සිදුකළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එය ඉවත් කර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පවරා ගැනීමයි. (මැතිවරණ කොමසාරිස් ගේ මෙම තීරණයට හේතු වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අමු අමුවේ මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු වල යෙදීමයි. එහි නිල වෙබ් අඩවියේ පළවූ අමුවෙන්ම මහින්ද රාජපක්ෂට කඩේ යන වීඩියෝ පුවතක් මැතිවරණ කොමසාරිස්ගේ අණින් ඉවත් කළ අතර එය සිදුකළ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි නමැති සට්ටැඹියාගේ වැඩ තහනම් කෙළේය)

මැදමූලන මරා ඊයේ සාකච්ඡාවේදී කියා ඇත්තේ හමුදාපතිට ලියුමක් තැපැල් කරගන්නවත් බැරිනම් ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ කෙසේද කියා යුද හමුදා සාමාජිකයන් සිතන නිසා රාජපක්ෂලාට බලය පැතිරවීමට එය විශාල බාධාවක් බවයි.

මේ අනුව ඉහත කී ආකාරයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කර පැත්තකට කර තැබිය යුතු යැයි තීන්දු කෙළේය. මහින්ද දේශප්‍රිය කන බොන මිනිහෙක් නිසා වැඩේ ලේසියෙන් කළ හැකි යැයිද සාකච්ඡා කර තිබේ.

සාධාරණ මැතිවණයක් බලාපොරොත්තු වන ජනතාව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමසාරිස් වරයා ආරක්ෂා කර ගත යුතුය.

---------------------------
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    avatar494741_2.gif


    ජනාධිපතිතුමා මැකෝට ආදරෙයි.පැනලා ගිය එකාවත් හොයගෙන ඇවිල්ල ගේ අස්සෙ දා ගත්ත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මරා තුල සැකයක්‌ තියෙනවා මොනම ක්‍රමයකින් හෝ දිනුවත් හමුදාව කැරැල්ලක් ඇති කරයි කියල.
    මරා දිනුවත් සිංහලු දන්නවා ගේමක් බව
    එතකොට එතන ප්‍රශ්නයක් වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    සොන්නවංශ වේසාව මැරිලා යන්න ඉඩ හැරිය නම් හරි සෝක්
    එත් මේ සොන්නයා මැරෙන්නේ කොහෙද ඕකා ලෙමන් පෆ් කෑවා
    ඒ කන ලෙමන් පෆ් වලට සයනයිඩ් දාන්න ජාතික වීරයෙක් හිටියේ නෑ නේ :(
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10299979_834294563302377_3596742086664147593_n.jpg


    උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි
    සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
    වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.
    හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.

    https://soundcloud.com/lanka-e-ne…/hadigalle-vimalasara-himi
     

    Similar threads