Dead Sea (මළ මුහුද)

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මළ මුහුද (Dead Sea)

    මැරෙන්න කලින් බලන්න වටින තැනක්....

    මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද?

    ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ‍්‍රායලයට හෝ ජොර්දානයට යන්න ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා.

    ජෝර්දානයේ අම්මාන් වල ඉන්න අයට එකදවසෙන් ගිහින් එන විනෝද ගමනක් අවශ්‍යනම් යන්න තියන හොඳම තැන මළ මුහුද... අම්මාන් ඉඳන් කිලෝමීටර් හැත්තෑවක් විතර දකුණට වෙන්න තමා මළ මුහුදෙ නැගෙනහිර ඉවුර පිහිටල තියෙන්නෙ... බොහොම අපූරු ගමනක්... ගස්කොළන් අඩු කැනියන් (canyon ) වගේ පේන කඳු අතරින් පහළට බහින්න තමයි තියෙන්නෙ දිගටම.

    මළ මුහුදේ වෙරළ තමයි පෘථිවියේ පොළොව මතුපිට ඇති පහතම ස්ථානය... කොච්චරද කියනවනම් මුහුදු මට්ටමේ ඉඳන් අඩි එක්දාස් හාරසීයක් විතර පහතයි... ඒක නිසා තමයි මේ ගමන යද්දි දිගටම කඳු බෑවුම් පමණක් තියෙන්නෙ...


    e732c021-1eae-434c-85f6-1ae4a47d9965.jpg


    2c9443e7-b581-401c-a736-f28ba73541e3.jpg


    66e56236-f403-4541-b613-2a11e2cce048.jpg


    ඉතින් ඔය මළ මුහුදට මළ මුහුද කියන්නෙ ඇයි..? මේ මුහුදෙ තියෙන අධික ලවණ ගතිය නිසා කිසිම ජීවයක් පවතින්නෙ නෑ මේ මුහුදෙ...

    d9c97e25-3763-4e14-a36b-ae5e2b60b6e7.jpg


    00136a6b-d6cd-4ea0-8a29-1392aee38d8d.jpg


    ඒ විතරක් නෙමෙයි...මේ මුහුදෙදි අපිව ගිලෙන්නෙ නෑ... ඉබේම පාවෙනව...මේ බලන්නකො...

    b2034dd4-34e1-4543-bd82-c226a7cbaf19.jpg


    dead+sea.jpg


    මේ අත්දැකීම නම් කවදාවත් කියල පැහැදිලි කරන්න බෑ... විඳලම බලන්න ඕනැ.. ඒකයි අර මැරෙන්න කලින් බලන්න වටින තැනක් කියල සඳහන් කලේ...විසේසෙන් ගඟේ මූදෙ පැනල නාල පුරුදු කෙනෙකුට වතුරට බැස්සම පාවෙනව කියන එක හරියට හීනයක් වගේ අත්දැකීමක්...

    7bc200fa-399e-4715-8697-a6676d695dc6.jpg


    7bc200fa-399e-4715-8697-a6676d695dc6.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    පාවෙන්න නං ඉතින් ගගේ තමය අමාරු
    නැතුව ඕන මුහුදක පාවෙන එක ගින්නක් නැහැ බද ඉස්සරහට දාල ඇත දෙක දෙපත්තා දැම්මනං ඕන විදියකට පා වෙනවා..


    මේකේ තියෙනේ විසේසත්වේ කියන්නේ එම කිසි දෙයක් අවශ්‍ය නැහැ
    මේකේ අපි වාදී වෙලා හිටියාත් පවෙය්...

    ලොල්


    ඊයෙත් පනාපොත්තේ නාල කකුල තුවාල කරන ඇවිදින්න බර4උව ඉන්නේ


    අනේ උකේ
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    mamanam giyaa dead sea,,, hebei muhudata besse ne,, rasne wedi kaale giye.me dawawala patta seethalai,yanna ona April wala.giyama potos dannam seratama balanna.