මළ මුහුද (Dead Sea)
මැරෙන්න කලින් බලන්න වටින තැනක්....
මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද?
ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ‍්‍රායලයට හෝ ජොර්දානයට යන්න ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා.
ජෝර්දානයේ අම්මාන් වල ඉන්න අයට එකදවසෙන් ගිහින් එන විනෝද ගමනක් අවශ්‍යනම් යන්න තියන හොඳම තැන මළ මුහුද... අම්මාන් ඉඳන් කිලෝමීටර් හැත්තෑවක් විතර දකුණට වෙන්න තමා මළ මුහුදෙ නැගෙනහිර ඉවුර පිහිටල තියෙන්නෙ... බොහොම අපූරු ගමනක්... ගස්කොළන් අඩු කැනියන් (canyon ) වගේ පේන කඳු අතරින් පහළට බහින්න තමයි තියෙන්නෙ දිගටම.
මළ මුහුදේ වෙරළ තමයි පෘථිවියේ පොළොව මතුපිට ඇති පහතම ස්ථානය... කොච්චරද කියනවනම් මුහුදු මට්ටමේ ඉඳන් අඩි එක්දාස් හාරසීයක් විතර පහතයි... ඒක නිසා තමයි මේ ගමන යද්දි දිගටම කඳු බෑවුම් පමණක් තියෙන්නෙ...
ඉතින් ඔය මළ මුහුදට මළ මුහුද කියන්නෙ ඇයි..? මේ මුහුදෙ තියෙන අධික ලවණ ගතිය නිසා කිසිම ජීවයක් පවතින්නෙ නෑ මේ මුහුදෙ...
ඒ විතරක් නෙමෙයි...මේ මුහුදෙදි අපිව ගිලෙන්නෙ නෑ... ඉබේම පාවෙනව...මේ බලන්නකො...
මේ අත්දැකීම නම් කවදාවත් කියල පැහැදිලි කරන්න බෑ... විඳලම බලන්න ඕනැ.. ඒකයි අර මැරෙන්න කලින් බලන්න වටින තැනක් කියල සඳහන් කලේ...විසේසෙන් ගඟේ මූදෙ පැනල නාල පුරුදු කෙනෙකුට වතුරට බැස්සම පාවෙනව කියන එක හරියට හීනයක් වගේ අත්දැකීමක්...