Lancer CS1 ගැන විස්තර ටිකක්

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Lancer CS1 ගැන විස්තර ටිකක්

    මම හාහාපුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා මීට දවස් දෙක තුනකට කලින්. ගත්තේ Lancer CS1 එකක්. මේක ගන්න කලින් ලෝකේ වටේ තියෙන හැම එලකිරි, autolanka article එකම කියවල බැලුවා. වැඩේ ගොඩ දාගන්න රත්තරං අයියා, ගුනේබායි, mahesh1297 වගේ මෙකී නොකී බොහෝ දෙනෙක්ගෙන් උදව් ලැබුනා. :yes:

    මේ නූලේ අරමුණ පලවෙනි වාහනේ ගන්න හිතන් ඉන්න එකෙක්ට Lancer CS1 එක ගැන විස්තර ටිකක් කියලා දෙන එකයි. :nerd:

    මුල සිට සරලව පටන් ගත්තොත් Mitsubishi Lancer CS එකේ ප්රධාන model 3ක් තියෙනවා.

    Lancer CS1 – 1300CC
    Lancer CS2 - 1500CC
    Lancer CS3 – 1600CC, 1800CC, 2000CC

    ඔය අස්සේ Lancer Cedia කියලා එකකුත් එනවා, ඒකේ මාකට් අඩුයි, මොකද ඒවයෙන් 99%කම තියෙන්නේ ලංකාවට නොගැලපෙන GDI එන්ජින් එක. EFI එන්ජින් තියෙන ඒවත් කලාතුරකින් තිබ්බත් නොගන්න තරමට හොඳයි, මොකද Cedia කියපු ගමන් මිනිස්සු හිතන්නේ GDI කියලා, ඉතිං EFIඋනත් දීගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා. :dull:
    ඒක හන්දා මේ නූලේ මං Lancer CS Cedia ගැන කතා කරන්නේ නෑ.

    Lancer CS ගැන කතා කරන්න ගියාම දැනගන්න ඕන ප්රධානම දෙයක් තමා 2003 ට කලින් එක මොඩල් එකකුත් (shell), 2003 ඉඳන් වෙන මොඩල් එකකුත් ආවා කියන දේ.

    2000 - 2002 මොඩල් එක

    800px-2002-2003_Mitsubishi_Lancer_(CG)_LS_sedan_(2011-10-25).jpg

    CS00007693CIK7C839QE.jpg

    5_zps21d2aafe.jpg

    2003න් පස්සේ මොඩල් එකේ ඉස්සරහා grill එක දෙවිදියකට තියෙනවා මං දැකලා තියෙනවා.

    1 -

    0000001662_4.jpg

    0000006363_1.jpg

    113e37a6-fca2-415f-8188-40141c61e7a5.jpg

    b89e694e-7d12-4f8a-b5e2-81b4e573d0c2.jpg

    2 -

    0000000322_4.jpg

    CS00006713MNMSCMN7BS.jpg

    මේ දෙකේ වෙනස නං මං දන්නේ නෑ, මං කියවපු හැටියට නං වාහනේ target කරන region එක අනුව shell එක වෙනස් වෙනවා, හරියට දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මං ගත්තේ ඔය දෙවෙනියට තියෙන type එකේ මොඩල් එකක්.

    CS1 වල GL හා GLX කියලා grade දෙකක් එනවා. GLX එක full option . Power mirrors, power shutters, air bags තියෙනවා. GL එකේ Air bags නෑ. GL එකේ මොඩල් දෙකක් තියෙනවා (මං දන්න තරමින්). එකක power mirrors නෑ. අනිකේ තියෙනවා. මං හිතන්නේ CS1A කියන්නේ power mirrors තියෙන මොඩල් එක (මගේ එකත් CS1A එකක් ).
    CS1 එකේ හොඳ ගැන කිව්වොත් හොඳට ඉඩ කඩ තියෙන වාහනයක්. drive කරන එක එච්චර අමාරු නෑ (නැවක් එලවනවා වගේ feeling එකක් එන්නේ නෑ ). හොඳට සැප පහසුයි. look එකත් මට හිතෙන හැටියට ගොඩක් හොඳයි මේ ගානට තියෙන අනික් වාහන වලට වඩා. පාරේ යනකොට පොලිස් කාරයන්ගෙන් එහෙම වදයක් නෑ, නිතර දකින Alto කටු වගේ නෙමේනේ මෙවා, අඩු ගානට පොශ් විදියට යන්න පුලුවන් :lol:.

    patrol කිරිල්ල ගැන කතා කලොත් with in city limits with A/C 10km/L වගේලු කරන්නේ. Outstation with A/C 14KM/L වගේ කරයිලු. මට හරියටම check කරන්න උනේ නෑ. ඒත් figures මීට ගොඩක් ආසන්න බව නං සහතික කරන්න පුලුවන්. ඒක හන්දා තෙල් කිරිල්ල අතිනුත් ෂේප් කියල කියන්න පුලුවන් :yes: .

    ගොඩක් දෙනෙක්ට (මාත් ඇතුලුව ) තියෙන ලොකුම ප්රස්නයක් තමා 1300CC එන්ජින් එක හන්දා මේකේ pickup නැති වෙයිද කියලා. මං දැනට 400km+ මගේ CS1 එක drive කරලා තියෙනවා. 1300CC එක ලොකු ප්රස්නයක් උනේ නෑ මට නං තවම. වාහනයක් ඉස්සර කරගන්න ගියාම එහෙම හෙන ගේමක් දෙන්න වෙයි කියලා මට බයක් තිබ්බා, එහෙම කිසිම අවුලක් නෑ, ඇරලා දාලා යන්න පුලුවන්.

    underpowered කියලා තෙරුනේ දැනට එකම එක පාරයි, කන්දක 2nd එකේ වාහනයක් ඉස්සර කරගන්න ගිහින් පොඩ්ඩක් අමාරු උනා,එච්චරයි. හැබැයි මම හොයලම ගත්තේ manual එකක්, ඒකත් pickup එක ශේප් කියල හිතෙන්න හේතුවක් වෙන්න පුලුවන්. CS1 නං manual එකකට යන එක හොඳ බවයි මගේ නං අදහස. ;)

    මාකට් එක:

    මං ගත්තේ 2003 ආපු CS1 එකක් . මේ subject එක ගැන මට වඩා දන්නේ රත්තරං අයියනේ. එයා කියන හැටියට නං මෙහෙමයි.
    රත්තරං;17590680 said:

    2003 manual 1.3 eka 16-17 wage yanne. auto eka 16.50-17.50-18 wage
    පවර් ශටර්ස් එහෙම තියෙනවනම් 2003 කාර් එකක වැඩිය ග්රේඩ් හොයන්න එපා. කන්ඩිශන් එක බලන්න වැඩිපුරම

    වටිනවා කියල හිතෙනවා නං බම්පියක් දාලා රෙප් ටිකකිත් හලලා පලයව්. මොනවහරි වැරදියට දාලා/ missing කියලා එහෙම හිතෙනවා නං හොඳ බබෙක් වගේ comment එකක් දාන්න :rolleyes: .
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අඩේ ගොඩක් තැන්ක්ස් මචං මෙහෙම දෙයක් දැම්මද.. මමත් වාහනයක් ගන්න හොයනවා මේ දවස් වල..
    මචං ඇයි මචං උබ ලංකාවට ගැලපෙන engine තියෙනව.. නොගැලපෙන් ඒවා තියෙනව කියල සදහන් කලේ ? ඒවගේ ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකක් ද මචං ?
    මචං එතකොට Toyota Soluna, AE100, Nissan FB 14 වගේ ඒවගේ එන Engine වලත් ලංකාවට ගැපෙන ඒවා, නොගැලපෙන ඒවා තියෙනවද මචං :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියමයි මචන්.....

    තවත් පොඩි එකක් කියල දෙන්නම්

    වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්‍රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා:P. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න
     
    • Like
    Reactions: dj_ishan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ela ape ekath machan CS1 1300 Auto ekak
    permit genapu ekak nisa hodatama tibba api gaddi
    danata 2yrs wage wenawa aran.. tama kiyanna taram kisima awulak wela na
    api gaddi 36000k wage duwala tibbe dannam 60000+
    hari kaleta maintenance karanawanam leda na ban ona ekaka

    PS: ekama awula petrol kirillanam madi wage :/
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රත්තරං;17644406 said:
    නියමයි මචන්.....

    තවත් පොඩි එකක් කියල දෙන්නම්

    වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්‍රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා:P. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න

    mekatanam manasikawa watuna :(

    habai aththa kathawa.. kalin tibba parana 15 sri Dihatsu Charmant car ekak
    driving igena gaththeth eken.. awurudu 10k witara padala wikunaddi maara dukai :(
     
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    අඩේ ගොඩක් තැන්ක්ස් මචං මෙහෙම දෙයක් දැම්මද.. මමත් වාහනයක් ගන්න හොයනවා මේ දවස් වල..
    මචං ඇයි මචං උබ ලංකාවට ගැලපෙන engine තියෙනව.. නොගැලපෙන් ඒවා තියෙනව කියල සදහන් කලේ ? ඒවගේ ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකක් ද මචං ?
    මචං එතකොට Toyota Soluna, AE100, Nissan FB 14 වගේ ඒවගේ එන Engine වලත් ලංකාවට ගැපෙන ඒවා, නොගැලපෙන ඒවා තියෙනවද මචං :(:(

    GDI කියලා තාක්ෂණයක් තියෙන එන්ජින් සෙට් එකක් තියෙනවා මචං, ඒවා ලංකාවට සෙට් වෙන්නෙ නෑලු. ඒවා හරියට දුවන්න 98 ඔක්ටේන් patrol ඕනලු, මෙහෙ 95 එකවත් හරියට නෑනෙ:P.

    Toyota Soluna, AE100, Nissan FB 14 වගේ ඒවගේ GDI එන්නේ නෑ මචං. soluna වල තියෙන්නේ 110 වල මදේමනේ. 110 කියන්නෙ හෙන proven කාර් එකක්නේ. අනික් දෙකත් හොඳ කාර් කියලා අහලා නං තියෙනවා. :yes:
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17644406 said:
    නියමයි මචන්.....

    තවත් පොඩි එකක් කියල දෙන්නම්

    වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්‍රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා:P. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න

    බොහොම ස්තුතියි අයියේ advice වලට.

    මේක ගත්ත ගමන් විකුනන්න බයයි, මොකද මට වාහන ගැන එච්චර දැනුමක් නෑනේ තවම. මේ පාර හොඳ එකක් සෙට් උනාට කලබල වෙලා මේක විකුනල ඊලඟ එකට මරාලෙකට මම අහු උනොත් එහෙම :baffled: . ඒක හන්දා මාස කීපයක් පැදලා වාහන ගැන පොඩි knowledge එකක් අරන්ම අයියා කියන plan එක execute කරන්න කියල බැලුවෙ :) .
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    GDI කියලා තාක්ෂණයක් තියෙන එන්ජින් සෙට් එකක් තියෙනවා මචං, ඒවා ලංකාවට සෙට් වෙන්නෙ නෑලු. ඒවා හරියට දුවන්න 98 ඔක්ටේන් patrol ඕනලු, මෙහෙ 95 එකවත් හරියට නෑනෙ:P.

    Toyota Soluna, AE100, Nissan FB 14 වගේ ඒවගේ GDI එන්නේ නෑ මචං. soluna වල තියෙන්නේ 110 වල මදේමනේ. 110 කියන්නෙ හෙන proven කාර් එකක්නේ. අනික් දෙකත් හොඳ කාර් කියලා අහලා නං තියෙනවා. :yes:

    එල එල මචං.. :) :love::love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Math issara ganna asawen hitapu car ekak, 2012 hewwat ekka owa
    e ganata watinawa, look ekat decent. CS2 eke under power mukut case naha :)

    Peugeot 406 balanna giyata passe ewata waha watuna :lol:
     
    • Like
    Reactions: dj_ishan

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    රත්තරං;17644406 said:
    නියමයි මචන්.....

    තවත් පොඩි එකක් කියල දෙන්නම්

    වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්‍රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා:P. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න

    :cool::cool::cool::cool: